ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රසිද්ධ රැස්වීම: ජුලියන් අසන්ගේ සහ විකිලීක්ස් ආරක්ෂා කරනු!

SEP Sri Lanka public meeting: Defend Julian Assange and Wikileaks!

15 December 2010

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), විකිලීක්ස් වෙබ් අඩවියේ ද එහි නිර්මාතෘ ජුලියන් අසන්ගේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සහ විකිලීක්ස් විසින් සිදු කර ඇති එලිදරව් කිරීම්වල ශී‍්‍ර ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියට පවත්නා දේශපාලන අර්ථභාරය සාකච්ඡා කිරීම පිනිස, දෙසැම්බර් 21 දා කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

එක්සත් ජනපද හා සෙසු ආන්ඩුවල සාපරාධී කි‍්‍රයාකාරකම් සහ දේශපාලන කුමන්ත‍්‍රන එලිදරව් කිරීම නිසා විකිලීක්ස් සහ අසන්ගේ දුෂ්ඨ ජාත්‍යන්තර දඩයමකට ලක් කෙරෙමින් පවතින්නේ, එම ආන්ඩු එකිනෙකා සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව ස්වකීය ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා තතු තුලය.

ශී‍්‍ර ලංකාවට සම්බන්ධිත එක්සත් ජනපද කේබල් පනිවිඩ, කොලඹ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි සිය යුද්ධය තුල දී සිදු කල අපරාධවලට ඔබාමා පාලනාධිකාරයේ සහයෝගය එලිදරව් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සෙසු ඉහල පෙලේ නායකයන් දෙමල සිවිල් වැසියන් දහස් ගනනකගේ මරන සම්බන්ධයෙන් වගකිව යුතු බව වොෂිංටනය හොඳින් දන්නා නමුදු ඔවුන් ඒ පිලිබඳව ප‍්‍රසිද්ධියේ නම් කිරීමක් එය කිසිදාක කලේ නැත.

විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි නෛතික දඩයම් ව්‍යාපාරය නිදහස් භාෂනය, අන්තර්ජාලයට විවෘතව ප‍්‍රවිෂ්ට වීම සහ සෙසු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත එල්ල කෙරෙන ගැඹුරු වන ජාත්‍යන්තර ප‍්‍රහාරයක කොටසකි. එක්සත් ජනපද සහ සෙසු ආන්ඩු, යුද්ධය සඳහා සූදානම ගැන සාකච්ඡා කරමින් කම්කරු පන්තිය මත මූල්‍ය අර්බුදයේ බර හෙලන කල, මහජනතාව අඳුරේ තබා ගැනීමට අධිෂ්ඨානවත්ව සිටිති.

එබැවින් විකිලීක්ස් සහ ජුලියන් අසන්ගේ ආරක්ෂා කිරීම ලොව වටා වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහ සමාජ අවශ්‍යතා ආරක්ෂා කරගැනීමේ වඩා පුලුල් අරගලයක කොටසකි. එම කාරනා සාකච්ඡා කරනු වස් කොලඹ රැස්වීමට පැමිනෙන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් සහ සසප ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්ථානය: ජයවර්ධන කේන්ද්‍රය, නගර ශාලාව අසල, කොලඹ.

දිනය හා වේලාව: දෙසැම්බර් 21 සවස 4.00

the WSWS | Contact Us |