විකිලීක්ස් නිර්මාතෘ ලන්ඩනයේදී බොරු චෝදනා මත සිරගත කරයි

WikiLeaks founder jailed in London on bogus charges

By Patrick Martin, 8 December 2010

අඟහරුවාදා උදෑසන විකිලීක්ස්හි නිර්මාතෘ ජූලියන් අසන්ගේ බි‍්‍රතාන්‍ය පොලිසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද අතර ලන්ඩන් මහේස්ත‍්‍රාත්වරයා ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඔහු බන්ධනාගාර ගත කලේය. ගොතන ලද ලිංගික අපචාර චෝදනා යටතේ ස්වීඩන් බලධාරීන් පසුගිය සතියේ ඔහුට වරෙන්තු නිකුත්කල අතර එරටට භාරදෙන ලෙසට කරන ඉල්ලීම විභාගකිරීමට දෙසැම්බර් 14දා අසන්ගේ නඩු විභාගයකට මුහුනදීමට නියමිතය.

එක්සත් ජනපද නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිලිබඳව සතුට පලකරමින් සඳහන් කලේ පසුගිය පනස් වසර තිස්සේම වොෂින්ටනය ස්වීඩනය සමඟ රට පැටවීමේ ගිවිසුමකට එලඹ සිටින බවයි. ස්වීඩන් අත්අඩංගුවට පත්වූ වහාම අසන්ගේ ඇමරිකාවේ රැඳවුම් භාරයට පත්කිරීම සඳහා නැව්ගත කිරීමේ අන්තරායට මුහුන දීමට නියමිත බවට එය සංඥාවකි. බොහෝ වෙලාවට ඒ, ගුවන්තනාමෝ බේ හෝ මධ්‍යම රහස් ඔත්තු සේවය වන සීඅයිඒ හි ”බ්ලැක් සයිට්” බන්ධනාගාරයේ වනු ඇත.

අසන්ගේ පරීක්ෂනයේ මූලික දේශපාලන යථාර්තය එම ප‍්‍රකාශ වලින් සලකුනු කරයි. විකිලීක්ස් ප‍්‍රධානියා ඉලක්ක කර ඇත්තේ ස්වීඩනය තුල ඔහුගේ පුද්ගලික හැසිරීම නිසා නොව. එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩත්වය හා රාජ්‍යතාන්ති‍්‍රක සටකපටකම් පිලිබඳව විකිලීක්ස් විසින් කල හෙලිදරව් කිරීම් නිසා ඇතිකර තිබෙන ලෝක පරිමාන විනාශකාරී බලපෑමට පලිගැනීමක් ලෙසය.

විකිලීක්ස් මඟින් දිනපතා හෙලිදරව් කරන, මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුකල ඇමරිකානු යුද උන්මන්තක සැබෑ අපරාධකාරයින් නිදැල්ලේ සිටිය දී අසන්ගේ සිරභාරයේ පසුවෙයි.

නිව් ස්කොට්ලන්ඩ්යාඩ් හෙවත් මෙට්රොපොලිටන් පොලිසිය විසින් නිකුත්කල ප‍්‍රකාශනයකට අනුව, අත්අඬංඟුවට ගැනීමේ යුරෝපීය වරෙන්තුවක් මත රට පැටවීමේ ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඬංඟුවට ගන්නා ලදී. ”ස්වීඩන් බලධාරීන් විසින් ඔහුට විරුද්ධව නීති විරෝධී බලහත්කරය පිලිබඳ චෝදනාවක් ද ලිංගික පීඩාව පිලිබඳ චෝදනා දෙකක් ද ¥ෂනය කිරීමේ චෝදනාවක් ද නඟා ඇත. සියල්ල සිදුකර ඇත්තේ 2010 අගෝස්තු මාසයේය.” එම ප‍්‍රකාශයේ සඳහන් වෙයි.

එදින සවස පොලිසිය ඔහු වෙස්ට්මිනිස්ටර් මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ඇපදීම ප‍්‍රතික්ෂේප කර ඊලඟ නඩු දිනය තෙක් පොලිස් රිමාන්ඩ් භාරයට පමුනුවන ලදී. උසාවියේදී විකිලීක්ස් ප‍්‍රධානියා, රට පැටවීම කෙරෙහි ඔහුගේ අකැමැත්ත ද නිල වශයෙන් ඇප ලබාදෙන ලෙසට කල ඉල්ලීම ද හැරෙන්නට වැඩි යමක් ප‍්‍රකාශ කලේ නැත.

ස්වීඩන් බලධාරීන් වෙනුවෙන් පෙනීසිටි අභිචෝදක ගැමා ලින්ඩ්ෆීල්ඩ් අසන්ගේගේ ”සංචාරක ජීවිත රටාව” ගැන සඳහන් කරමින් ඇප ඉල්ලීමට විරුද්ධවූවාය. ඔහු නිතරම තැනින් තැනට මාරු වූයේ මරන තර්ජන නිසාය. ඔහු තාවකාලිකව බි‍්‍රතාන්‍යයේ නැවතී සිටි අතර මාධ්‍ය වාර්තා සඳහන් කලේ ඔහු ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරන පතනු ඇති බවය. අත්අඬංගුවට ගත් පසුව ඔහු තම ඇඟිලි සලකුනු දීම හෝ ඩීඑන්ඒ සාම්පලයක් දීම ප‍්‍රතික්ෂේප කල බව ද ඇය සඳහන් කලාය.

ඔහු රැඳවුම් භාරයේ තබාගැනීම සඳහා හේතුවක් ලෙස අභිචෝදක, සැබවින්ම අසන්ගේට එරෙහිව මරන තර්ජන විශාල සංඛ්‍යාවක් තිබෙන බව ද සඳහන් කලාය. ”නීතිය තම අතට ගන්නා ඕනෑ තරම් කලබලකාරී පුද්ගලයින්ට ඔහුට බරපතල හානියක් සිදුකල හැකිය.” අනතුරු ඇඟවීමක් ලෙස ඇය සඳහන් කලාය. මරන තර්ජන සඳහා පරිසරය නිර්මානය කල එම මිලිටරි බුද්ධි අංශ කාර්යාංශයම දැන් ස්වීඩන් පැමිනිලි පක්ෂය පිටුපසින් සිටින තත්වය තුල කෙරෙන මෙම ප‍්‍රකාශය එවන් දෙයකට උඩගෙඩි දීමේ ස්වභාවය නිසාම කැපී පෙනෙයි.

නඩුවට පෙර අසන්ගේ ස්වේච්ඡාවෙන්ම පොලිසියට භාරවීමේ කාරනය එසේ තිබියදීත් ලින්ෆීල්ඩ් කියා සිටියේ, ”මෙය කිසියම් අයෙකු සඳහා ඉතා දරුනු කොන්දේසි පවා පැනවිය හැකි තත්වයක් වුවත් කිසිදු කොන්දේසියක් නොපනවා ඇත්තේ මෙම අධිකරනයේ අනසකට යටත්වීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සඳහා” බවය.

මාර්ක් ස්ටෙෆන් යන අසන්ගේගේ නීතිඥයා මෙම සිදුවීම ”අවාසනාවක්” වුවත්, අසන්ගේට තවත් ඇප අයැදුම්පතක් ඉදිරිපත්කල හැකිබව කියා සිටියේය. ”මෙය වයිරස් ආසාධනයක් බවට පත්වීමට යන්නේය. මම ද ඇතුලු බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අසන්ගේ මහතා නිර්දෝෂ බවත් පැමිනිල්ලට දේශපාලන අභිමතාර්ථ ඇති බවත්ය.

ලන්ඩන්හි ඔහුගේ තවත් නීතිඥවරියක් වන ජෙනිෆර් රොබින්සන් ඕස්ටේ‍්‍රලියානු ගුවන්විදුලි සංස්ථාවට කියා සිටියේ ”මම සිතන්නේ ඔහුට ලන්ඩන්හිදී සාධාරන නඩු විභාගයක් ලැබෙනු ඇත කියාය. එහෙත් කිසියම් හෙයකින් ඔහු සැබෑම තර්ජනයක් වන එක්සත් ජනපදයට යොමුකලහොත් ඔහුගේ මෙන්ම අපගේ ද අපේක්ෂාවන් කිසිවක් ඉටු නොවන බව මගේ විශ්වාසයයි.”

අසන්ගේගේ අනාගතය වනුවෙන් තමන් ඇප වීමට කැමැත්තෙන් සිටින බව ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය පුරවැසියන් දුසිම් භාගයක් පමන දෙනා ප‍්‍රකාශකර තිබියදීත් මහේස්ත‍්‍රාත් හොවාඩ් බිඩ්ල් ඇප දීම ප‍්‍රතික්ෂේප කලේය. චිත‍්‍රපට අධ්‍යක්ෂ කෙන් ලොආක්, මාධ්‍යවේදී හා වාර්තා චිත‍්‍රපට තිර රචක ජෝන් පිල්ගර් හා පකිස්ථාන ක‍්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ ජෙමිමා ඛාන් ද ඇතුලු බොහෝ දෙනෙක් උසාවියට රැස්ව සිටියහ. ජොන් පිල්ගර් මාධ්‍යකරුවන්ට ප‍්‍රකාශ කලේ, ”මෙම පුද්ගලයා ඉතා හොඳ හේතු පදනම් කරගෙන ඉතාම බිහිසුනු සතුරන් ඇතිකරගත් මිනිසෙකි.” තමා අසන්ගේ පුද්ගලිකවම දන්නා බව කියාසිටි හෙතෙම, තමා ”ඔහු ඉහලින්ම අගය කරන” බව පැවසීය.

ඔහු කලායයි කියන ”වැරදි පිලිබඳව මම සාවදානව සිටින අතරම වැරදි වටා ඇති විස්තර පිලිබඳව ද බෙහෙවින් සාවදාන වන්නෙමි. අද දින මම මෙහි පැමිනියේ ස්වීඩනයේදී ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනා අභූත හා ස්වීඩන්හි ප‍්‍රධාන අභිචෝදක විසින් අභූත ලෙස විනිශ්චය කර තිබූ නිසාය. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් මැදිහත්වන තෙක් ඇය සියල්ල ඉවත දැමුවාය.”

අසන්ගේට සහාය දීම පිලිබඳව මාධ්‍යකරුවන් ඔහුගෙන් කල ප‍්‍රශ්නකිරීම් කෙරෙහි පැහැදිලිවම විවේචනශීලී වෙමින් පිල්ගර් මෙසේ පැවසීය. ”ජූලියන් අසන්ගේ අපට කර තිබෙන දැවැන්ත සේවය වටහා ගැනීමට යමෙක් කල යුත්තේ එම ලේඛන කියවීම පමනි. මා මෙහිදී අපට යනුවෙන් අදහස් කරන්නේ සමස්ත මානව වර්ගයා ද මාධ්‍යකරනය ද වේ, මෙය තමයි හොඳම වර්ගයේ මාධ්‍යකරනය. එය සත්‍ය ප‍්‍රකාශ කරයි.”

ඔහු පවුම් 20,000ක ඇපයක් තැබීමට සූදානම් බව කියා සිටයේය. ”මක්නිසාද යත් පුද්ගලිකව ජූලියන් අසන්ගේට එරෙහිව සාපරාධී අසාධාරනයක් පිලිබඳ හැකියාවක් පවතින නිසාය. ඔහු ඉටුකරමින් සිටියේ මාධ්‍යකරුවෙකුගේ රාජකාරියයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩිතාලම තොරතුරු නිදහසේ ගලායාම බව විශ්වාස කරන ජනතාවගේ සහාය ඔහුට හිමිවිය යුතුය.”

ලෑන්ඩ් ඇන්ඩ් ෆ‍්‍රීඩම්, (භූමිය හා නිදහස) බ්‍රෙඩ් ඇන් රෝසස්, (පාන් හා රෝසමල්) ද වින්ඞ් දැට් ෂේක්ස් බාර්ලි (බාර්ලි සසල කරන සුලඟ) වැනි චිත‍්‍රපටවල අධ්‍යක්ෂ වරයා වන කෙන් ලොආක්, තමන් අසන්ගේ පුද්ගලිකව නොදන්නා නමුත්, ඇපය සඳහා පවුම් 20,000ක් දීමට කැමති බව පැවසීය. ”මා සිතන්නේ ඔහු සිදුකල වැඩ මහජන සේවයක් වූ බවයි. මා සිතන්නේ අප පාලනය කරන්නාවූ සම්මුතීන් දැනගැනීමට අපට අයිතියක් ඇති බවයි.” ඔහු එසේ පැවසීය.

ඉසෙඩ්ඩීනෙට් යූකේ සමඟ කථාකරමින් ඔහු පැවසුවේ, ඇප නොදීමට ගත් විනිශ්චයකරුගේ තීරනය ”දැඩි තිගැස්මක්” ඇතිකල බවයි. ඔහු කර ඇත්තේ ලේඛන ප‍්‍රසිද්ධියට පත්කිරීම පමනක් වන කල පෙන්නුම් කරන්නේ චෝදනා සම්පාතවන ස්වභාවයයි. ලේඛන ප‍්‍රසිද්ධියට පත්කල පුද්ගලයෙකුට මේ ආකාරයෙන් සැලකීම හුදු විශ්මයට කාරනයකි.” ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ කොන්සවේටිව් පාක්ෂිකයෙක් වන සැක් ගෝල්ඩ්ස්මිත්ගේ භාර්යාව ද වන ජෙමීමා ඛාන් අධිකරනයට පැවසුවේ තමන් අසන්ගේ පුද්ගලිකව නොදන්නා නමුත් පවුම් 20,000ක් හෝ ”ඔහුට අවශ්‍ය නම් ඊටත් වැඩියෙන්” හෝ දීමට කැමති බවය. විශ‍්‍රාමලත් නීතිපති ජෙෆ්රි ෂියර්ස් හා විශ‍්‍රාමලත් මහාචා්රය පැටි‍්‍රෂියා ඩේවිස් ද එතරම්ම මුදලක් පොරොන්දු වූහ. ඒ අතර සයවෙනි නම ප‍්‍රසිද්ධ නොකල පුද්ගලයා සම්පූර්න ඇප අරමුදල පවුම් එක් ලක්ෂ හැටදහසකට ගෙන එමින් පවුම් 80,000ක් පිලිගැන්වීය. කලාව හා ජනමාධ්‍ය තුල ප‍්‍රකට පුද්ගලයින් ද ඇතුලුව විකිලීක්ස්හි ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට මෙම පුද්ගලයින් ගෙන ඇති තීරනය ප‍්‍රශංසනීය දෙයකි. එය වනාහි ලෝක පරිමානව මහජන මතයේ මාරුවක් ද ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ කෙරෙහි වැඩෙන විරුද්ධත්වය හා ඒවා හඳුනාගැනීමක් දෙසට ද වන මාරුවකි.

මහා ව්‍යාපාරිකයේ දේශපාලන පක්ෂ හා ව්‍යාපාරිකයින් අත පවතින මාධ්‍යය, විකිලීක්ස් සාර්වත‍්‍රික යක්ෂාරූඪයක් ලෙස පෙන්වද්දී එක්සත් ජනපදය තුලම ද මේ මාරුව සිදුවෙමින් තිබේ. ”වසරේ පුරුෂයා” තේරීම සඳහා පැවති ටයිම් සඟරාවේ අන්තර්ජාල මත විමසුමකදී මාර්ගස්ථ ඡන්දවලින් තුන් ලක්ෂයකට වඩා ලබාගනිමින් ජූලියන් අසන්ගේ ඉදිරියෙන්ම සිටීම වැදගත් ඇඟවුමකි.

ස්වීඩනයේ නීතිමය හිංසනය, අව්‍යාජ දූෂන චෝදනා විහිලුවක් බවට පත්කරයි. ඇත්තටම සිදුව ඇත්තේ ඔහුට හමුවූ කාන්තාවන් දෙදෙනෙකු සමඟ සිදුවූ ලිංගික සම්බන්ධතාවකි. පසුව ඔවුන් දෙදෙනාම ට්විටර් හා එස්එම්එස් හරහා මේ පිලිබඳව විචිත‍්‍රවත් ප‍්‍රකාශ පලකොට තිබුනි.

මාධ්‍ය වාර්තාවල එක එල්ලේ පලකොට තිබුන පරිදි මේ දෙදෙන ”විකිලීක්ස් ස්වේච්ඡා” සේවිකාවන්ය. අඩු තරමින් එක් අයෙක් හෝ එසේය.

ඇනා ඇඩ්රින්ට යූනියන් ලිබරල් කියුබානා නම් පිටුවහලේ සිටින කන්ඩායමක් සමඟ අනුබද්ද ස්වීඩන්-ස්පාඤ්ඤ කැස්ට්‍රෝ විරෝධී ප‍්‍රකාශනයකට නිතිපතා ආධාර සපයන දක්ෂිනාංශික සංවිධානයක් සමඟ සම්බන්ධකම් තිබේ.

මෙම ගොතන ලද සිදුවීම අසංගි බි‍්‍රතාන්‍ය බන්ධනාගාරයකට යවන ලද අතර ඔහුගේ සංවිධානයට එරෙහි තාක්ෂනික හා මූල්‍ය ප‍්‍රහාරය අඛන්ඩව පෙරට යයි. කන්ඩායමේ කටයුතුවල නීතිමය තත්වය පිලිබඳ පරීක්ෂනයක් පැවැත්වෙන තෙක් විකිලීක්ස් වෙනුවෙන් කරන සියලු ගෙවීම් අත්හිටුවන බව අඟහරුවාදා වීසා හා මාස්ටර් කාඞ් (ක්‍රෙඩිට් කාඩ්) නිවේදනය කලේය.

ඒ සමඟම, බි‍්‍රතාන්‍යයේ ගාඩියන් පුවත්පතේ තාක්ෂනික සංස්කාරක චාර්ල්ස් ආතර් පෙන්වා දුන්නේ, ”කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය සහයෝගය දෙන නයිට් පක්ෂය වැනි විවෘතවම වර්ගවාදය කරපින්නාගත් සංවිධානවලට පරිත්‍යාග කිරීම සඳහා මේ මූල්‍යායතන දෙකම සිය ගනුදෙනු කරුවන්ට පහසුකම් සලසා තිබෙන” බවය. කූ ක්ලක්ස් ක්ලෑන් වෙබ් අඩවිය ක‍්‍රිස්තියානි සංකල්ප නමැති වෙබ් අඩවියකට සිය ග‍්‍රාහකයින් යොමුකරයි. සිය වර්ගවාදී හා ක‍්‍රිස්තියානි ඇදහීම් කියාපෑමට කැමති ග‍්‍රාහකයින්ට ගෙවීම සඳහා එය වීසා හා මාස්ටර් කාඩ් පරිත්‍යාග පිලිගනියි.