ශී‍්‍ර ලංකාව: නිවාසවලින් පලවාහැරීමට එරෙහි කි‍්‍රයාකාරී කමිටුව කම්කරුවන් වෙත ආයාචනයක් නිකුත් කරයි

Sri Lanka: Action committee against evictions appeals to workers

By our correspondent , 8 November 2010

නිවාස අයිතිය රැකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුව, කොලඹ පැල්පත් වාසීන්ගේ නිවාස රැකගැනීමේ අරගලය සඳහා සහයෝගය ඉල්ලා, සියලු කම්කරුවන් හා තරුනයන් වෙත ආයාචනයක් නිකුත් කර ඇත. කොලඹ නගරයේ වෙසෙන පවුල් 66,000ක් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් වැඩ කරන ජනතාවට පැහැදිලි කිරීමේ උද්ඝෝෂනයක් දියත් කිරීමට ද එම කි‍්‍රයාකාරී කමිටුව තීන්දු කර තිබේ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන සහයෝගය ඇතිව ඔක්තෝබර් මස මුල දී මෙම කි‍්‍රයාකාරී කමිටුව තනන ලදි. කමිටුවේ සාමාජිකයෝ, සිය උදේඝෝෂනය ද කම්කරුවන් වෙත නිකුත් කරන ලිඛිත ආයාචනය ද සාකච්ඡුා කරනු වස් ඔක්තෝබර් අග දී රැුස්වූහ. ඔවුන් සිය නිවාසවලින් ඉවත් කරන බව දක්වමින් එම කමිටුවේ බොහෝ දෙනෙක් වෙත දැන් ආන්ඩුව විසින් කාඞ්පතක් නිකුත් කරනු ලැබ තිබේ.

ජනයා නිවාසවලින් පලවාහැරීමට එරෙහි නොසන්සුන්තාව වර්ධනය වන තතු තුල, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) පැල්පත් වාසීන්ගේ ආරක්ෂකයකු ලෙස මවාපෑමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. කෙසේවෙතත්, එජාප යනු අතීතයේ දී එලෙස ජනයා නිවාසවලින් පලවා හැරීමේ මෙහෙයුම් ක්ෂමාවිරහිත ලෙස ගෙනගොස් ඇති මහ ව්‍යාපාරික පක්ෂයකි. 2001 සිට 2004 දක්වා බලයේ සිටි කාලය තුල දී, කොලඹ දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිනිස මීට සමාන පැල්පත් ඉවත් කිරීමේ සැලසුමක් එජාපයට තිබුනි.

ආයාචනය ගැන කතා කරමින්, රැස්වීමට සහභාගි වූ එක් කාන්තාවක් පැහැදිලි කලේ, කොලඹ නගරයේ සිට කිලෝමීටර් 30ක් ඈතින් පිහිටි හෝමාගම වැනි ප‍්‍රදේශවලට ඔවුන් ගෙන යා හැකි බව නිවැසියන් සොයාගෙන ඇත. ”අපට කොලඹින් පිට ගිහින් ජීවත් වෙන්න බැහැ. ආන්ඩුව අපේ ගෙවල් කඩාදැම්මොත් අපට නගරයෙන් හොඳ ගෙවල් දෙන්න ඕන. නගරයෙන් පිට ගිහිං අපි කොහොමද අපේ රස්සාවල් කරන්නෙ?” යයි ඇය විමසුවාය.

”අපි මෙහේ පරම්පරා ගනනක් තිස්සේ ජීවත් වෙනවා. හැමෝම වැඩ කරන්නෙ මෙහේ. (මෙහෙන් යන්න වුනොත්) අපට ගොඩක් ප‍්‍රශ්නවලට මුහුන දෙන්න වේවි. අපේ ලමයි යන්නෙ කොලඹ ඉස්කෝලවලට. දිනපතා ආදායමක් උපයාගන්න පවා අපි දැනටමත් ගොඩක් අමාරුකම්වලට මුහුන දෙනවා. හැම කෙනකුටම කොලඹින් ගෙයක් දෙන්න ඕන කියලා අපි අවධාරනය කරන්න ඕන.”

තවත් අයෙක් මෙසේ පැහැදිලි කලේය: ”මිනිස්සු කොටසින් කොටස අයින් කරන්න ආන්ඩුව පියවර ගන්නවා. හේතුව (ආන්ඩුව) බයයි (ඔක්කොම එක පාරට අයින් කරන්න ගියොත්) මිනිස්සු කලබල වෙයි කියලා.” එකම ප‍්‍රශ්නවලට මුහුන දෙන දෙමල හා සිංහල කතා කරන ජනයා ඒකාබද්ධ කරනු වස් සිය ආයාචනය දෙමල භාෂාවෙන් ද බෙදා හැරිය යුතු යයි ඔහු යෝජනා කලේය.

ශිෂ්ඨසම්පන්න නිවාස සඳහා වන සිය අයිතිය රැුකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුවේ උද්ඝෝෂනයට සසප සහාය දෙයි. දේපොල සංවර්ධකයන් හා විදේශ ආයෝජකයන් සඳහා වටිනා ඉඩම් නිදහස් කරගනු වස් දහස් ගනන් පවුල් සිය නිවාසවලින් පලවාහැරීමේ ආන්ඩුවේ සැලසුම් සාපරාධීය. ජනයා නිවාසවලින් ඉවත් කිරීම, ගෝලීය මූල්‍ය අර්බුදයේ බර කම්කරු පන්තිය හා දුගී ජනයා මත හෙලීමේ ආන්ඩුවේ ”ආර්ථික යුද්ධයේ ” කොටසකි.

මෙම උද්ඝෝෂනයට සහාය දෙන ලෙස කම්කරු පන්තියෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ස්වාධීන කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවාගැනීම, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩෙන ආඥාදායක පාලනය හමුවේ සිය මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමට දරිද්‍ර පැල්පත් වාසීන් ගෙන ඇති ධෛර්්‍ය සම්පන්න ආරම්භක පියවරකි.

එමෙන්ම සිය රැකියාවන්ට හා ජීවන් මට්ටම්වලට එරෙහි ප‍්‍රහාරයන්ට මුහුන දෙන කම්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, නිවාස අයිතිය රැකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුව විසින් ගනු ලැබ ඇති මූලිකත්වය අනුගමනය කරමින් තමන්ගේ ම ස්වාධීන කි‍්‍රයාකාරී කමිටුව ගොඩනගන ලෙසයි. දේශපාලන සංස්ථාපිතයේ එකදු පක්ෂයක් වත් ”ආන්ඩුවේ හෝ විපක්ෂයේ වේවා” හෝ එකදු වෘත්තීය සමිතියක් වත්, වැඩ කරන ජනතාවගේ අතිමූලික අයිතීන් පවා ආරක්ෂා කරන්නේ නැත.

ධනවත් අතලොස්සකගේ ලාභ අවශ්‍යතා නොව, බහුතරයක් කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතා ඉටු කරනු පිනිස සමාජවාදී පදනමක් මත සමාජය ඉහල සිට පහලට ප‍්‍රතිසංවිධානය කරන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සසප සටන් වදී. මෙය වනාහි, සෑම රටකම දී ම කප්පාදු පිලිවෙත් පැටවීමට මුහුන දෙන කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක කොටසකි.

නිවාස අයිතිය රැකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුවේ ආයාචනය අපි පහත පල කරමු:

_ _ _

කම්කරු පන්තියට ආයාචනයක්

කොලඹ නිවාස අයිතිය රැකගැනීමේ අපගේ අරගලයට සහයෝගය දෙන්න.

විදේශීය සහ දේශීය ව්‍යාපාරිකයන්ට බදු දීම සඳහා පවුල් 66,000ක් වර්තමානයේ පදිංචිව සිටිනා දුගී නිවහන් ප‍්‍රදේශ සුද්ධ කිරීමේ පියවරයන් එක්සත් ජනතා නිදහස් සංධාන ආන්ඩුව (එජනිස) ගනිමින් සිටී.

මෙම අරමුන සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (නා.සං.අ.) සහ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මන්ඩලය (ඉගොසංම) ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගෙන ඇත. මෙම සැලසුම අපගේ ජීවිකාවෘත්තීන්ට හා ඔවුන්ගේ අධ්‍යාපනය ඇතුලුව අපගේ දරුවන් හදාවඩා ගැනීමට බලපානු ඇත.

අපට නිවාස ලබා දෙන බව ආන්ඩුව ප‍්‍රකාශ කරයි. මෙම බොරු පොරොන්දු කෙරෙහි අප තුල විශ්වාසයක් නැත. පසුගිය දශක ගනනාව තුලම බලයට පත්වූ ආන්ඩු එවන් පොරොන්දු මගින් අපව රවටනු ලැබූහ. සුලු දෙනෙකුට හැර 2008 දී සහ 2010 මැයි මාසයේ දී කොම්පඤ්ඤවීදියේ ග්ලෙනි වීදියෙන් සහ මීවුස් වීදියෙන් ඉවත් කරනු ලැබූ පවුල්වලට එජනිස ආන්ඩුව තවමත් නිවාස ලබා දී නැත. ලබා දී ඇති නිවාස ද මනුෂ්‍ය වාසයට නුසුදුසුය.

පවුල් දහස් ගනනක් ඉලක්ක කර ගනිමින් දැනටමත් ඔවුන්ව ඉවත්කරන බව ඇඟවුම් කරන කාඩ්පත් නිකුත් කර තිබේ. එහෙත් විකල්ප පදිංචි ස්ථාන සම්පාදනය කිරීම සඳහා ආන්ඩුව නගරය තුල කිසිදු නිවාස ව්‍යාපෘතියක් ගොඩනගා නැත. එසේ කිරීමේ කිසිදු සැලැස්මක් ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවක් අප දැක නැත.

අපව ඉවත් කිරීම ආයෝජකයන් සඳහා ”වානිජ මධ්‍යස්ථානයක්” බවට සහ ව්‍යාපාරිකයන්ගේ වාසිය සඳහා සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ ”ලස්සන නගරයක්” බවට කොලඹ නගරය පරිවර්තනය කිරීමේ ආන්ඩුවේ සැලසුමේ කොටසකි. එමෙන්ම මෙම සැලැස්ම වැටුප් කැටි කිරීමේ, අත්‍යවශ්‍ය බඩු මිල ඉහල දැමීමේ, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ හා සහනාධාර කැපීම මගින් කම්කරු පන්තියට එරෙහි ආන්ඩුව විසින් දියත් කර ඇති ”ආර්ථික යුද්ධයේ” කොටසකි.

දිගු කලක් පවතින කොලඹ මහ නගර සභාව අහෝසි කර, කොලඹ නගරයේ පාලනය ආරක්ෂක අමාත්‍යංශයේ අධිකාරය යටතට ගැනීමට ද ආන්ඩුව සැලසුම් කරමින් සිටී.

අපව ඉවත් කිරීම සඳහා ආන්ඩුව පොලීසිය සහ මිලිටරිය යොදාගත් අතර ඉදිරියේදී එසේ කරනු ඇත.

ග්ලෙන් වීදියේ සහ මිවුස් වීදියේ පවුල් දැනටමත් පොලිස් මෙහෙයුම්වලට ගොදුරු වී ඇත. ජුලි මාසයේ දී තරුනයෙකු අත්අඩංගුවට ගෙන පහර දීමට විරුද්ධව මට්ටක්කුලියේ ජනයා විරෝධය දැක්වීමෙන් සිය ගනනක් පොලිස් නිලධාරින් සහ හමුදා භටයන් විසින් 8,000ක් දෙනා වටලා ගාල් කරනු ලැබූහ. උතුරු-නැගෙනහිර යුද්ධයේදී යොදා ගත් මෙම ක‍්‍රමවේදය දැන් කොලඹ දී යොදා ගනු ලබයි.

”සමාජ විරෝධී කන්ඩායම්” ලෙස අපට මඩගසනු ලබන ආන්ඩුව සහ මාධ්‍ය අපි හෙලා දකිමු. අපව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සහ දුගී බවේ ගිල්වා තැබීමේ ආන්ඩුවේ සැලැස්ම මහාපරිමාන සමාජ විරෝධී කි‍්‍රයාවකි.

පහසුකම් සහිත ජීවත්වීමට සුදුසු නිවාස කොලඹ නගරය තුල අපට උවමනාය. අපගේ අරගලයට සහයෝගය දෙන ලෙස සියලුම දුගී නිවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඔබේම කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගන්න. මෙම ආයාචනයේ පිටපත් බෙදා හරින්න. නිවාස අයිතිය රැක ගැනීමේ කි‍්‍රයාකාරී කමිටුවට ඔබගේ නියෝජිතයන් එවන්න. එවිට අපගේ උද්ඝෝෂනය වඩා පුලුල් කල හැකිය.

විදුලිය නල ජලය වැනි සියලු පහසුකම් සහිත ජීවත්වීමට සුදුසු නිවාස ගොඩනැගීම සඳහා රුපියල් බිලියන සිය ගනනක් වෙන් කල යුතුය. වැඩ කරන ජනතාවගේ දැවෙන අනෙකුත් ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කිරීමට අසමත්ව ඇතිවුන් මෙන්ම ලාබ පද්ධතිය ආරක්ෂා කරන ආන්ඩුව අපට ජීවත්වීමට සුදුසු නිවාස නොසපයනු ඇත. ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුන බඳු විරුද්ධ පක්ෂ කෙරෙහි අප තුල විශ්වාසයක් නැත. කම්කරු පන්තියේ කවර හෝ මූලික අයිතියක් ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් කිරීම මගින් පමනි.

අපට කම්කරු පන්තියේ සහයෝගය අවශ්‍යයි. කොලඹ මහ නගර සභාවේ, නාගරික සංවර්ධන අධිකාරියේ සහ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ආයතනවල අපගේ සහෝදර සහෝදරියන්ගෙන් සහ සෙසු කම්කරුවන්ගෙන් සැලසුම්ගත දුගී නිවැසියන් ඉවත් කිරීමේ කිසිදු කටයුත්තකට සහයෝගය නොදෙන ලෙස අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිමු.