සති දහයක බිහිසුනු අත්දැකීමෙන් පසු චිලී පතල් කම්කරුවෝ මුදා ගැනෙති

Chilean miners rescued after ten-week ordeal

By Patrick Martin , 14 October 2010

ටොන් ගනනක් බර ගල් හා සුන්බුන් යට වැලලී සිටි චිලී පතල් කම්කරුවන් 33 දෙනාගේ ජීවිත සාර්ථක ලෙස බේරා ගැනීම කැල්ඩෙරා සහ කොපියාවො ඇතුලු චිලිය පුරා සහ ලෝකය පුරා විශේෂයෙන්ම චිලියේ තම සහෝදරවරු මුහුන දුන් තත්වයට සමාන අනතුරුවලට දිනපතා මුහුන දෙන පතල් කැනීම් ප‍්‍රදේශවල කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වලට උත්සවාකාරයෙන් සැමරීමට හේතුවක් වීය.

අවට ලෝකය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිව තමන් බේරා ගැනීමේ ප‍්‍රයත්නයක් ඇති බව ගැන නොදැන ගෙවී ගිය මුලුමනින්ම හුදකලා වූ දින 17 කින් ආරම්භ කෙරුනු ඔවුන්ගේ බිහිසුනු අත්දැකීම් තිබියදී ම දින 69 ක් පොලව යට හිරවී සිටි පතල් කම්කරුවෝ යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වූහ.

ජීවිත බේරා ගැනීමේ අවසාන දිනය, ආරක්ෂක කැප්සූලය ඇනහිටීමකින් තොරව සෑම විනාඩි 40 ක ම ගමන් වටයක දී ම තවත් පතල් කම්කරුවකු ඔහුව බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ නෑදෑයන්ට හා මිතුරන්ට ලබා දුන්නේය. පසුව තවත් දින දෙකක් සමීප ව පරීක්ෂා කිරීම සඳහා සියලු දෙනාම යවනු ලැබූ රෝහල වෙත වහාම ඔහු රැගෙන ගියේය.

ඉතා උසස් තාක්ෂනයක් භාවිතා කරමින් ගෙන ගිය ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම, විද්‍යාඥයන් ඉංජිනේරුවන් සහ පතල් කම්කරුවන්ගේ ජාත්‍යන්තර එකමුතුවේ දැවැන්ත ජයග‍්‍රහනයකි. පතල විනාශ කෙරුනු ආරම්භක පිපිරීමෙන් පසු කම්කරුවන් විසින් සොයාගනු ලැබූ ආරක්ෂක ස්ථානය වෙත සාර්ථක ලෙස ඇතුලු වීමට එක් විදීමක් සමත් වන තෙක් වෙන වෙනම විදීම් තුනක් කරගෙන ගියේය.

අඩි 2,000 කට වඩා ඝන පස් තට්ටුවක් පසා කරගෙන ගිය අඟල් 28 ක විශ්කම්භයෙන් යුතු මාර්ගය ඔස්සේ කම්කරුවන් ගෙන ඒම සදහා භාවිතා කල කැප්සූලය නිර්මානය කිරීම සඳහා චිලී නාවික හමුදාව සමග නාසා ආයතනයේ ඉංජිනේරුවෝ වැඩ කලහ.

පස් තට්ටුවේ ස්වභාවය හා එහි විශාල ප‍්‍රදේශයක පතල් කැනීම් නිසා විදීමේ කටයුත්ත අතිශය අසීරු විය. එක් අවස්ථාවක දී ග‍්‍රීල් කටුවක් කිසිදු සිතියමක සටහන් නොවූ අත් හරින ලද උමගකට යොදන ලද ලෝහ මුක්කුවක වැදී කැඩී ගියේ ය.

මින් පෙර කිසිදු කන්ඩායමකට වඩා වැඩි කාලයක් මෙම පතල් කම්කරුවෝ පොලොව යට දී ජීවිතය රැක ගත්හ. අන්තිමට පිට වීමට සිටියේ, හුදකලා මුල් දින 17 තුල සෝල් සෝස් ප්‍රෝටීන් හා ටින්කල ටූනා අවුන්ස 2 බැගින් ආහාර සෑම පැය 48ට ම වරක් සලාක ක‍්‍රමයට ආහාර බෙදා දෙමින් හිරව සිටි පතල් කම්කරුවන්ගේ දිවි ගලවා ගැනීමට කටයුතු කල සම්මානනීය වැඩ මුර පාලක ලුයිස් උර්ෂුවාය.

දිවි ගලවා ගත් කම්කරුවන් එක් අයෙකුගෙන් තවකෙක් කුහරයෙන් පිටතට පැමිනීමේ සිද්ධිය ලෝකය වැලඳගත්තේය. ලෝකයේ සෑම දෙසකම රූපවාහිනී සේවා දිවි ගලවා ගැනීම පිලිබඳ සජීවී වැඩසටහන් ප‍්‍රචාරය කලේය. විශාල තිර මත ප‍්‍රදර්ශනය වූ මෙම දර්ශන දැක ගැනීම සඳහා මහජනතාව නිව් යෝක්හි ටයිම්ස් චතුරස‍්‍රයට හා තවත් බොහෝ තැන්වලට රැස් වූහ.

”මා හිතන්නේ එය විශිෂ්ටයි, මෙය හරිම පුදුම සහගතයි. පතල් කම්කරුවන් චිලියේ ද චීනයේ ද නැතිනම් වෙනත් තැනක ද යන්න ප‍්‍රශ්නයක් නොවේ. පොලව යටදී අප සියලු දෙනාම අනතුර හඳුනන අතර එකිනෙකා කෙරේ බැඳීමක් ඇතිවෙනව.

”සියලු දෙනාම ඔවුන් වෙනුවෙන් බෙහෙවින් සතුටට පත් වෙනවා. පතල් කම්කරුවන් පොලව යට දී මිය යා යුතු නැති බව මෙයින් පෙන්නුම් කරනවා. ප‍්‍රශ්නය වන්නේ සමාගම් වලට ආරක්ෂාව යනු කාලය සහ මුදල් කා දැමීමක්. සියලුම මැසේ පතල් හිමියන් උනන්දු වන්නේ ගල් අඟුරු කපා ගැනීම ගැන පමනයි.” බටහිර වර්ජිනියා සිට පැමිනි රැකියාවෙන් දොරට වැටුන තරුන මැසේ ගල් අඟුරු ආකර කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේය.

මුල් විනාශයෙන් චිලී කම්කරුවන් රැක ගත් ආරක්ෂක උපකරන ඇමෙරිකානු ගල් අඟුරු ආකරවල නැතැ යි මැසේ කම්කරුවා පෙන්වා දුන්නේය. මේවා ඉහල බිග් ශාඛාවේ මිනිස්සුන්ට තිබුනේ නැහැ.අනතුරෙන් විනාඩියක් ඇතුලත ඔවුන් මියගියා. ආරක්ෂක බහලුම් තිබුන නම් සැගෝනි කම්කරුවන් 12දෙනා අදත් ජීවතුන් අතර.”

දෙවියන් වහන්සේ සම්බන්ධ හේතු දැක්වීම් කෙසේ වුවද ජීවිත ගලවා ගැනීම ආගමික විශ්වාසයේ නොව, විද්‍යාවේ හා ඉංජිනේරු ශිල්පයේ මානුෂික සහයෝගිතාවේ සහ සංවිධානාත්මක, ක‍්‍රමානුකූල සාමූහික ශ‍්‍රමයේ නිෂ්පාදනයකි.

අගෝස්තු 5 දා පතල් කම්කරුවන් සැතපුම් බාගයක් පමන පොලව යට වැලලී යාමට හේතු වුයේ කෝටිපති පතල් කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් මහ පොලවෙන් උපයා ගන්නා තඹ, ගල් අඟුරු, නිකල් හෝ රත්රංවලට වඩා ලාභ සහ විනාශය උරුම කර ගත් භාන්ඩයක් ලෙස පතල් කම්කරුවන්ට සැලකීම නිසාය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ආකර සමාගම්වල සාපරාධී නොතැකීම සැන් එන්ටේබැන් ප‍්‍රයිවීරා මැනවින් ලේඛන ගත කර ඇත. 2007 සිදු වූ පිපිරීමකින් විශාල අලාභහානිවලට ගොදුරු වූ සැන් ජෝස් පතල වැසීමට නියමිතව තිබුන. ආරක්ෂාව නොතකා හැරීම නිසා වසා දැමීමට කෙරුනු නියෝග ද නොතකා පතල් හිමිකරුවෝ නැවත පතලේ වැඩ ආරම්භ කලහ. මෑත වසරවලදී කම්කරුවෝ 12 දෙනෙක් පතල තුල මිය ගියහ.

බිඳ වැටීමෙන් පසු හදිසි ආරක්ෂක දොරටුව හරහා එම ස්ථානයෙන් ඉවත් වීමට කම්කරුවන්ට හැකියාව තිබුනත් ඒ සදහා නීත්‍යානුකූලව යෝග්‍ය වූ හදිසි ඉනිමගක් නොතිබිනි. පැය 48කට පසුව සිදු වූ දෙවන බිඳ වැටීමෙන් පිටවීමේ දොරටුව වැසී ගියේ ය. ශක්තිමත් යකඩ මුක්කුවලට වඩා ලී මිල අඩු නිසා පතලේ භූගත ගමන් මාවත් සඳහා මුක්කු ගසා තිබුනේ ලී වලිනි.

සිය වසරක් පැරනි පතලකට අවසර දුන්නේ ආන්ඩුවේ නියාමකයන්ට පගාව දීම නිසාම පමනක් යැයි පතල් කම්කරුවන්ගෙන් ගහන කුඩා නගරයක නගරාධිපති බ‍්‍රැනිල්ඩා ගොන්සාලේස් චෝදනා කලේය. මේ දක්වා කම්කරුවකුගේ මරනයට තුඩු දෙන නොතැකීම නිසා මෙතෙක් කිසිදු ව්‍යාපාරිකයකු සිරගත කර නැති බව පෙන්වා දෙමින්, අයිතිකරුවන්ට එරෙහිව පරීක්ෂන පැවැත්විය යුතු යයි ඇය ඉල්ලා සිටියා ය. ඉන්ටර්ප්‍රෙස් සේවයට අනුව 2009 වසර තුල මරනයට පත්වීම් 443ක් ද ඇතුලුව වැඩපොලවල අනතුරුවල එකතුව 191,685කි.

පොලොව මතට ගෙන එමින් සිටි 2වන කම්කරුවා වූ මාරියෝ සෙපුල්වෙඩා පතල් කම්කරුවන් මුහුන දෙන කොන්දේසි හෙලා දුටුවේය. ”අපි වැඩ කරන ලෝකය තුල වෙනස්කම් සිදුකල යුතු බව මෙම රට සදහටම තේරුම් ගත යුතු යි ඒ සඳහා අප බොහෝ දේ වෙනස් කල යුතුයි” ඔහු කීවේය. ”අප සිටින තැනම අපට රැඳී සිටිය නොහැක. මා හිතන්නේ ව්‍යාපාරිකයා පරිපාලනයට අවශ්‍ය දෑ ලබා දිය යුතුයි. එවිට වැඩ කිරීමේ ක‍්‍රම වෙනස් කිරීමට ඔවුනට හැකි වෙනවා. හිරවී සිටි කම්කරුවන්ගෙන් වැඩි දෙනෙක් දශක ගනනාවක් තිස්සේ අමානුෂික කොන්දේසි තුල වැඩ කර ඇත. දැනට වයස 63 ක් වන මාරියෝ ගෝමස් පතල් වැඩට පිවිසෙන්නේ ඔහුට වයස 12 දීය.

වික්ටර් සැගෝවියා (48) තම පියාගේ සහායකයා ලෙස වැඩ කිරීමට පටන් ගන්නේ වයස 8 දී ය. සැන් ජෝස් කම්කරුවන්ගෙන් වැඩිදෙනෙක් 50 විය ඉක්ම වූවෝ වෙති. විශාල පතල් වල වැඩ සඳහා ඉල්ලුම පවතින්නේ ශක්තිමත් තරුන කම්කරුවන් වෙත නිසා වැඩිමහල් කම්කරුවන්ට කුඩා පතල් වල වඩාත් අනාරක්ෂිත රැකියා සොයා යන්නට බල කෙරී ඇත.

පතල් කම්කරුවන් 33 දෙනාගේ ජීවිත බේරා ගැනුන ද මේ වසරේ මේ වන විට චිලියේ පතල් කම්කරුවන් 33 දෙනෙක් මරනයට පත්ව ඇත. 2009 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව අනුව ලෝකයේ වඩාත් අසමානතාවය සහිත රටවල අතර චිලිය 19වන ස්ථානයේ සිටී. පොහොසත් 10% විසින් චිලියේ ආදායමෙන් සහ වියදමෙන් 40% ක් අත්පත් කරගන්නා අතර දුගී කොටසට ලැබෙන්නේ 1.6%ක් පමනි.

මෙම අසමානතාවය, කම්කරු පන්තිය කෲර ලෙස පීඩාවට ලක් කරමින් සහ එක්සත් ජනපදයේ පුහුනු දක්ෂිනාංශික මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අනුගාමිකයකු වන ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ‍්‍රීඩ්මාන් විසින් සම්පාදනය කල නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති මහජනයා මත හෙලූ ජෙනරාල් ඔගස්ටෝ පිනෝචෙට් යටතේ පැවති දශක දෙකක ඒකාධිපති පාලනයෙහි නිපැයුමකි. මෙම ආර්ථික ප‍්‍රතිපත්ති පිනෝචෙට්ගේ සිවිල් අනුප‍්‍රාප්තිකයන්වූ තත්වාරක්ෂක ලිබරල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විසින් ද නොකඩවා ඉදිරියට ගෙනවිත් ඇත.

කාර්මික අනපනත් ඉවත දැමීම මෙම ප‍්‍රතිපත්තීන්ගේ ප‍්‍රධාන අංශයකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ විශාලම අපනයන ඉපයුම්කරුවා වන සමස්ථ පතල් කර්මාන්තය සඳහා ම ආරක්ෂාව සම්බන්ධ පරීක්ෂකවරු 16ක් පමනි. සැන් ජෝන්ස් පතල පිහිටි ඇටකාමා ප‍්‍රදේශයේ මධ්‍යම හා කුඩා පරිමානයේ පතල් 88 ක් සඳහා පරීක්ෂකයන් 3දෙනෙකුට පමනක් වගකීම පැවරී ඇත.

කෝටිපති ව්‍යාපාරිකයකු වන චිලියේ ජනපති සෙබෙස්තියන් පිනෙරා පිනෝචෙට්ගේ දේශපාලන උරුමක්කාරයන් නියෝජනය කල පක්ෂයෙහි අපේක්ෂකයා වන ඔහුට එම තන්ත‍්‍රය සමග විවෘත සබදතා පවතී. ඔහුගේ සහෝදරයා වන ජෝසප් පිනෙරා පිනෝචෙට්ගේ මුදල් ඇමති වූ අතර 1981 දී ව්‍යවස්ථාමය පතල් නීතිය ඉදිරිපත් කලේය. එම නීතිය චිලියානු පතල් බොහොමයක් පුද්ගලීකරනය සඳහා මග පෑදූ අතර එමගින් ආරක්ෂක තත්වයේ තියුනු පරිහානියක් ඇතිවිය.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් සෙබෙස්තියන් පිනෙරා ගලවා ගැනීමේ ව්‍යායාමයේ උපදේශකයා ලෙස තමන්ම පෙනී සිටිමින් පසුගිය සතිවල මාධ්‍ය අවධානය තමන් යොමු කර ගත් අතර ඔහුගේ වාසනාව එක එල්ලේම ගොඩ නැගී ඇත්තේ ව්‍යසනයට මග පෑදූ ප‍්‍රතිපත්ති මතය.

සන්තියාගෝ අගනුවර සිට පැයක ගමන් දුරක පිහිටි ප‍්‍රාදේශීය නගරයක් වන මෙලිපිල්ලා හි විශ‍්‍රාමික ගුරුවරියක වන මාර්තා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් ප‍්‍රකාශ කිරීමේ දී පිනෙරාට සහාය වන චිලියානු මාධ්‍යයන් හි ප‍්‍රචාරක ව්‍යාපාරය විවේචනය කලාය.

පතල් කම්කරුවන් සම්බන්ධ මෙහි පවතින තත්වය අතිශය අසාමාන්‍ය එකකි යි සඳහන් කල ඇය තවදුරටත් මෙසේ කීවාය: ”ලමයින්ට රූපවාහිනීවල සජීව වැඩසටහන් දැක බලා ගැනීම සඳහා ප‍්‍රදේශීය වසයෙන් බොහෝ පාසැල් වසා දමා ඇත. මාධ්‍ය වාර්තා විශ්වාසයෙන් තොරයි. අවදියෙන් සිටින සෑම විනාඩියක්ම කැප කරනු ලැබ ඇත්තේ මෙහි ජනපති සහ ඔහුගේ බිරින්දෑ විසින් කෙරෙන අභූත සහ පිලිකුල් සහගත ප‍්‍රකාශ ප‍්‍රචාරය කිරීම සඳහා ය. චිලියානු මාධ්‍ය ජනාධිපති සාධනීය බවත් කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔහු පෙනී සිටින බව පෙන්වීමේ චිලී මාධ්‍ය වල මෙම ව්‍යායාමය මුලුමනින්ම සර්කස් එකකි. විනාශයට හේතු වූ මෙම පතල් අනාරක්ෂිත බව මෙම කම්කරුවන් කියා සිටි විට ඔවුන්ට කන්දීමට ජනපති ඇතුලු මාධ්‍ය සහ පතල් සමාගම් යන මේ කිසිවෙක් සිටියේ නැත.

”තමන්ට සහභාගී වී දැක බලා ගැනීමට නොහැකිවූ පතල් කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුමෙහි වාසිය ලබා ගැනීමට පිනෙරාගේ උත්සාහය නිසා ජනතාව මහත් කම්පනයට පත්ව සිටිති. අප රූපවාහිනී ක‍්‍රියාත්මක කලේ ප‍්‍රථම කම්කරුවා බේරා ගැනීම දැන ගැනීමෙන් පසුවය. ඉක්බිතිව එය වසා දැමීමු. ආකරයේ විනාශය සිදු නොවුනා නම් මේ වන විට දරුනු දුගීභාවයේ ජීවිත ගතකරමින් සිටිනු ඇති මේ මිනිසුන් ගලවා ගැනීමේ ව්‍යායාමයේ වාසිය ගැනීමට ඔහු දරන හිස් උත්සුකතාවයන් නිසා ඔහු වෙතම කැරකී ඇතැයි මම සිතමි.

”මෙම පතල් පවතින්නේ ඉතාම නරක තත්වයක ය. කම්කරුවන්ට ඇත්තේ සුලු ආරක්ෂාවකි. නමුත් සමාගම්වලට තමන්ගේ කැමැත්ත පරිදි වසර ගනන් මෙම පතල් පවත්වා ගෙන යාමට ඉඩ දී ඇත. පතල් අනාරක්ෂිත බව ඉතා හොඳින් දන්නා නමුත් ඇත්ත වශයෙන්ම මෙම කම්කරුවන්ට ඔවුන්ගේ ජීවිත පරදුවට තැබීමට සිදුවූයේ මුදල් අවශ්‍ය වූ නිසා ය.

”වෙනත් රටවල මිනිස්සු මෙම ගලවා ගැනීමේ තාක්ෂනයේ කොටස්කරුවන් වීමත් ලොව පුරා ජනයා එය නැරඹීමත් ගැන අපට මහත් ආඩම්බරයක් දැනෙනවා. නමුත් ජුගුප්සා ජනක ජනපති දෙස බැලීම අපට ඇති කරන්නේ කනස්සල්ලකි.”

මාධ්‍ය ප‍්‍රසිද්ධියේ කොටස්කරුවකු වීමට එක්සත් ජනපද ජනපති ඔබාමාගේ උත්සාහය ද ඒ හා සමානව ම නින්දිතය. සාර්ථක ගලවා ගැනීමේ ව්‍යාපාරය හාස්කමක් ලෙස වගවර්නනා කරමින් ඔහු බදාදා සවස ටෙලිවිශන් කැමරා ඉදිරියේ පෙනී සිටියේය. කම්කරුවන් සිටි තැනට කුහරයක් සෑදූ විදින යන්ත‍්‍රයේ ක‍්‍රියාකරු ඇමරිකානුවකු වන බවද ඔහු ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන සඳහා ලිං හෑරීමේ කලින් යෙදී සිටි අතර ඇමරිකන් මිලිටරි කොන්ත‍්‍රාත්කරු ලෙස ඇෆ්ගනිස්ථානයේ නැවතත් එම තනතුරෙහි පිහිටුවා ඇති බවද ජනපති කිසිදු වැදගැම්මකට නැතිව ප‍්‍රකාශ කලේය.