එක්සත් ජනපද ප‍්‍රතිපත්ති, ලෝක මූල්‍ය හා වෙලඳ ගැටුම් උනුසුම් කරයි

US policies intensify world currency, trade conflicts

By Barry Grey, 18 October 2010

ඔක්තෝබර් 09 හා 10 යන දින වල වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම තුල හටගත් ඉරිතැලීම් මධ්‍යයේ, එක්සත් ජනපදය ඉටුකරන ප‍්‍රමුඛ උල්පන්දම්කාරයාගේ ක‍්‍රියාකලාපය නිසා, ගෝලීය මූල්‍ය හා වෙලඳ යුද්ධය වැඩි දියුනුවන කොන්දේසි නිර්මානය වී තිබේ.

එක්සත් ජනපදය සිය ප‍්‍රමුඛ ප‍්‍රතිවාදීන්ගේ සාපේක්ෂ විනිමය අනුපාතික ඉහලට තල්ලු කිරීම අරමුනු කරගෙන, ඔවුන් එක්සත් ජනපදයට කරන නිර්යාතයන්ගේ මිල වැඩි කරන අතර එක්සත් ජනපදය ඔවුන්ගේ වෙලඳපොලට කරන අපනයන ලාභ කිරීම පිනිස, ජාත්‍යන්තර වෙලඳපෙලේ හිතා මතාම තම ඩොලර් අලෙවි කිරීම දිරිගන්වමින් සිටියි.

වැඩෙන මූල්‍ය අපස්මාරයේ වැඩි බර දරා සිටින අතරම වොෂින්ටනය, විශේෂයෙන්ම වීනය, රෙන්මින්බි හෙවත් යුවාන් මුදලේ විනිමය අනුපාතිකය ඉක්මනින් වැඩිකිරීම ප‍්‍රතික්ෂේප කිරීම මඟින් ගෝලීය ආර්ථික ප‍්‍රති වර්ධනය කඩාකප්පල් කරන්නේ යයි චෝදනා කරයි. ඩොලරයේ අගය පහත හෙලීමට කටයුතු කරන අතරතුර එක්සත් ජනපද ආන්ඩුව හා එහි මහ බැංකුව, මුදලේ අගය ක්ෂනිකව ඉහල නැංවීම මඟින් තොග පිටින් දොට්ට දැමීම් හා සමාජ නොසංසුන්තාවයට මඟ පාදමින්, තම අපනයන කර්මාන්තයට හානි කරනු ඇතැයි යන චීනයේ අනතුරු ඇඟවීම් නොතකා චීනය, සිය මුදල යලි අගය කල යුතු යයි කරන බලපෑම තීව්ර කර තිබේ.

ආරක්ෂනවාදී ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය, දේශීය දේශපාලනයේදී ද වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටු කරයි. රැකියා සම්පාදනය හෝ සේවා වියුක්තිකයන්ට සැලකිය යුතු සහන සැලසීම ආන්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳව වැඩෙන මහජන කෝපය, ඔබාමා පාලනයෙන් හා කොන්ග‍්‍රසයෙන් ඉවතට හරවා චීනය හා වඩාත් පොදුවේ ”විදේශිකයන්” වෙත හරවා යැවීම එහි අරමුන වී තිබේ. එහි වඩා උද්යෝගිමත් ආධාරකරුවන් වන්නේ වෘත්තීය සමිති නිලධරයයි.

ප‍්‍රධානකොටම චීනය සමඟ වෙලඳාමේදී එක්සත් ජනපදයේ වෙලඳ ශේෂය වාර්තාගත ඩොලර් බිලියන 28 ක් දක්වා වැඩිවීම නිසා අගෝස්තුවේ එරට වෙලඳ ශේෂය සියයට 9කට ආන්නව පුලුල් වී ඇතැයි 14 දින එක්සත් ජනපද වෙලඳ දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාව තවදුරටත් චීනයට එරෙහිව වෙලඳ යුද්ධයේ තෙරපීම යුක්තිසහගත කිරීම පිනිස නිමිත්ත කරගනු ඇත.

එක්සත් ජනපදයේ පිලිවෙත හා ජාත්‍යන්තර ආතතීන් වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම තුල පූර්න ලෙසින් ප‍්‍රදර්ශනය විය. චීනයේ මුදල පහත අගයකින් පවතින බවත්, සිය මුදල යලි අගැයීම හා තම නිර්යාත සීමාකර ගැනීමට අපොහොසත්ව ඇති චීනය වැනි අතිරික්තයන් සහිත රටවලට එරෙහිව ජාමූඅ දැඩි පිලිවෙතක් අනුගමනය කල යුතු බවත් එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර් එහිදී පැවසීය.

එක්සත් ජනපද මහ බැංකුව, ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම් තුලින් වෙලඳපොලවල් තුලට තව තවත් ඩොලර් පොම්ප කරනු ඇති බවට පවත්නා විශ්වාසය, අසමතුලිතතා උත්සන්න කර, නැඟී එන ආර්ථිකයන් අස්ථායී ප‍්‍රාග්ධන සංචලනයෙන් පුරවාලනු ඇතැයි චීන මහ බැංකු ප‍්‍රධානී ෂෝවූ සිආචුවෝන් චෝදනා කලේය.

ලෝකයේ ප‍්‍රධාන හා දෙවන විශාලතම ආර්ථිකයන් අං පටලවා ගැනීමත් සමඟ මූල්‍ය අර්බුදය පිලිබඳව කිසිදු එකඟතාවකට පැමිනීමට ජාමූඅ අසමත් විය. ජර්මනිය හා ජපානය වැනි වොෂින්ටනයේ සගයන් රෙන්මින්බි යලි අගැයීමට සහාය පලකරන බව ඇඟවුම්කර ඇතත් බීජිනයට එරෙහි එක්සත් ජනපදය මෙහෙයවන ස්වදේශික ප‍්‍රහාරය සමඟ පෙලගැසීම මඟහැරියේය.

මෙය අනෙක් අතට, එක්සත් ජනපද-චීන ගැටුම නොවැම්බර් 11-12 දිනවල දකුනු කොරියාවේ සියෝල් නුවරදී පැවැත්වීමට නියමිත ප‍්‍රධාන ආර්ථිකයන්ගේ ජී 20 සමුලුව තෙක් කල් දැමීය.

ඊලඟට එලඹි සතියේ දක්නට ලැබුනේ වොෂින්ටනයේ ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය තව දුරටත් මුල් විහිදුවන ආකාරයයි. නොවැම්බර් 2-3 දිනවල පැවැත්වීමට යන තමන්ගේ ඊලඟ ප‍්‍රතිපත්ති තීන්දු කරන රැස්වීම අවසන්වූ වහාම ඊනියා ”ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම්” යනුවෙන් හඳුන්වන, බිලියන සිය ගනනක ඩොලර් නෝට්ටු අච්චු ගැසීම ආරම්භ කිරීමේ සැලසුම් පිලිබඳ තවත් විස්තර ෆෙඩරල් මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ එය දැකගත හැකි විය. රැකියා උත්පාදනය උත්තේජනය කිරීමේ නාමයෙන් එසේ කරන අතර තුර මහ බැංකුව, එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් මිලට ගැනීමෙහි මුඛ්‍ය බලපෑම වනු ඇත්තේ, ප‍්‍රමුඛ එක්සත් ජනපද බැංකු හා සමාගම් වලට නොමිලයේම පාහේ නය සම්පාදනය හා ව්‍යපාරික ලාභ හා කොටස් අගය තවදුරටත් ඉහල නැඟීමයි.

මහ බැංකුව අගෝස්තුවේ පටන්, මහා පරිමානයෙන් නය මිලට ගැනීම පටන්ගත් විට, එක්සත් ජනපදයේ කම්කරු පඩි ලැයිස්තු අඛන්ඩව පහත වැටෙද්දී ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය සියයට 10 ටත් වඩා ඉහල ගොස් තිබේ.

බොස්ටන් ප‍්‍රාන්ත මහ බැංකුවේ පැවැත්වීමට නියමිතව තිබූ බොහෝ බලාපොරොත්තු තබා සිටි සභාපති බෙන් බර්නාන්කේගේ කථාවේදී ඔහු පුලුල්ව අඟවා සිටියේ, තමන් ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් හැකිතාක් කලින් පටන් ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. බැංකුවේ ප‍්‍රතිපත්ති සම්පාදක විවෘත ෆෙඩරල් කමිටුව වෙනුවෙන් කථා කරමින් ඔහු කියා සිටියේ, ”කමිටුවේ අරමුනු එලි දැක්වීමේදී, සියලු දේ සමාන වන, තව දුර ක‍්‍රියා කිරීම සඳහා අවස්ථාවන් දක්නට ලැබෙනු ඇති” බවයි.

මූල්‍ය උත්තේජක මාධ්‍ය කරගෙන උද්ධමන අනුපාතය සියයට දෙකක මට්ටමට නැංවීම සඳහා මහ බැංකුවේ ප‍්‍රතිපත්තිය සකස්වනු ඇතැයි පැහැදිලි කරමින් බර්නාන්කේ, බෙහෙවින් අසාමාන්‍ය පියවරක් තබමින් වර්තමාන උද්ධමන අනුපාතිකය අවශ්‍ය තරමට වඩා පහතින් පවතින බව කියා සිටියේය.

”මහ බැංකුවේ ද්විත්ව වරපත‍්‍රයට අනුව එනම්, මිල ස්ථාවරත්වය පවත්වාගන්නා අතරම විරැකියාව පාලනය කිරීම, කමිටුවේ විනිශ්චයකරුවන් නිතරම අවධාරනය කල මට්ටමට වඩා සාපේක්ෂ වශයෙන් උද්ධමනය, පහත මට්ටමක පවතියි” ඔහු සඳහන් කලේය.

බර්නාන්කේ ප‍්‍රසිද්ධියේ විශ්වාස කල පරිදි උද්ධමනකාරී මූල්‍ය පිලිවෙතක් සඳහා වන කැඳවුම, විරැකියා අනුපාතිකය සැලකිය යුතු පරිදි පහත හෙලීමේ අභිලාෂය මගින් පෙරට ආවා නොවේ. අඛන්ඩව පවත්නා ඉහල විරැකියාව සිය වැටුප් කප්පාදුව හා වැටුප් යථා තත්වයට පැමිනීම වැලැක්වීමේ පිලිවෙත ඔස්සේ මහා ව්‍යාපාරිකයන්ට ඉදිරියට යාමේ හැකියාව අත්කරදී තිබෙන බව මහ බැංකුවට හොඳින්ම වැටහී නැත්නම් එය, උද්ධමනය ඕනෑවට වඩා පහතින් තිබෙන බවක් කියා සිටින්නේ නැත.

සිය කථාව පවත්වද්දී බර්නන්කේ, ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් හා ප‍්‍රතිධමනයේ ප‍්‍රතිපත්ති පිලිබඳ හුදු කථාව පමනක් වුවත් එක්සත් ජනපද ඩොලරය තවදුරටත් විකුනා දැමීමේ තදියමක් ජනනය කරන බව මනාව දැන සිටියේය. මේ අතර ජාමූඅ රැස්වීමෙන් පසුව ආරම්භවූ ඩොලරය අලුත් වටයකින් ලුහුටා යාම, 15 දිනයේදී වේගවත් විය.

වෙලඳාමට බර තැබූ පදනමකින් ඩොලරය, බර්නන්කේගේ කථාවෙන් පසුව වසරේ නව පහත් අඩියකට ඇද වැටුනි. ඕස්ටේ‍්‍රලියානු ඩොලරය, 1983 එය නිදහසේ පාවීමට හැරීමෙන් පසුව ප‍්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරයට සමානුපාතික විය. කැනේඩියානු ඩොලරය ද එයට සම විය.

ඊට අමතරව, ග‍්‍රීන් බෑක් මුදල (එක්සත් ජනපද ඩොලරය) ස්විස් ෆ‍්‍රෑන්ක් මුදලට පටහැනි ලෙසින් නව පහල මට්ටමකට වැටුනි. ඩොලරයට සමානුපාතිකව සියලුම පාහේ ආසියානු මුදල් අගය ද ඉහල ගිය අතර රත්රන් නව වාර්තාගත මට්ටමකට වැඩි විය. රිදී තඹ හා බඩඉරිඟු වැනි අනෙකුත් භාන්ඩ මිල ද ඒවායේ ඉහලට නැඹුරු සර්පිලයට අනුකූල විය.

ඩොලරය දැන් යෙන් මුදලට සාපේක්ෂව 15 වසරක පහතම අගය කරා ද යුරෝවට සාපේක්ෂව නව මාසයකට පසු පහතම අගයට ද ලුහුටා ගොස් තිබේ.

16දා වෝල් ස්ට්‍රීට් ජර්නලය, බර්නන්කේගේ කථාවේ අඩංඟු මූල්‍ය හා වෙලඳ යුද්ධයේ ඇඟවීම් එක එල්ලේම සාරාංශගත කරමින් ප‍්‍රහාරාත්මක කතුවැකියක් පල කලේය. ”1970 ගනන්වල ඩොලර් කලබැගෑනිය මධ්‍යයේ භාන්ඩාගාර ලේකම් ජෝන් කොනලි, නොරිස්සුම් සහගත යුරෝපීයන් කන්ඩායමකට පැවසූ බවට ප‍්‍රකටව ඇති පරිදි, ග‍්‍රීන්බෑක්, ‘අපගේ මුදලයි. එහෙත් ඔබගේ ගැටලුවයි.’ ඔබ පේලි අතර කියවන්නේ නම්, මහ බැංකු සභාපති බෙන් බර්නාන්කේ තවදුරටත් මහ බැංකුවේ මූල්‍ය ලිහිල්භාවය වෙනුවෙන් සිය පිලිවෙත ඉදිරිපත් කිරීමේදී ඊයේ කියා සිටියේ ද අඩු වැඩි වශයෙන් ඒ දෙයමය.”

කතුවැකිය තව දුරටත් මෙසේ පවසයි. ”වචන 4,000 න් යුත් සිය කථාවේදී බර්නන්කේ, ඩොලරයේ අගය පිලිබඳව එක් වරක් හෝ සඳහන් නොකලේය. මහ බැංකුවේ වැඩිමනත් ලිහිල් කිරීම් අපේක්ෂාවෙන් ඩොලරයේ අගය පහත වැටෙද්දී ලෝක මුදල් වෙලඳපොලවල හටගෙන ඇති කලබැගෑනිය හමුවේ පවා ඔහු, විනිමය අනුපාතික ගැන කිසිවක් සඳහන් නොකලේය. සභාපතිගේ පනිවිඩය වන්නේ, ප‍්‍රතිධමන පියවර ගනිද්දී එක්සත් ජනපදයේ දේශීය ආර්ථිකය වෙත මහ බැංකුව සිය මුලු අවධානය යොමුකර ඇති බවයි. අවශේෂ ලෝකය එයටම අතහැර දමා ඇති අතර විවිධ රටවල් තමන්ට ගැලපෙන ආකාරයට සිය ප‍්‍රතිපත්ති සකස්කරගත යුතුව ඇත. ඩොලරයට සාපේක්ෂව අනෙකුත් මුදල් වර්ග ඉහල නඟින්නේ නම් එය ඔවුන්ගේ ගැටලුවයි.”

සතිය මුලදී ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ තීරු රචක මාටින් වුල්ෆ් ඊට සමාන ආකාරයෙන්, එක්සත් ජනපද ප‍්‍රතිපත්තියේ ඒක පාර්ශවික හා ජාතිකවාදී සාරය පෙන්නුම් කරන තීරුවක් ලියා තිබුනි. ”කෙටියෙන් කිවහොත්, එක්සත් ජනපද ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධමනයක් මඟහැර ගැනීම පිනිස අවශ්‍ය සියලුදේ කරනු ඇත. සැබවින්ම මහ බැංකුව, එක්සත් ජනපදය සතුටුදායක පරිදි ප‍්‍රතිධමනය වන තෙක් එය ගෙනයනු ඇත. එම උත්සාහය ලෝකයට සිදුකරනු ඇත්තේ කුමක් ද යන්න ඔවුන්ගේ උත්සුකය නොවේ....

”විනිමය අනුපාත හා බාහිර ගිනුම සීරුමාරු කර ගැනීමේ සහයෝගිතාව වෙනුවට එක්සත් ජනපදය උත්සාහ කරන්නේ, මුද්‍රනාලය තුලින් සිය අභිමතය පැටවීමටයි. අර්බුදයේ නරකම අදියරේදී නායකයෝ එකට එල්ලී සිටියහ. දැන් මහ බැංකුව ඔවුන් වෙන වෙනම එල්ලා තැබීමට සූදානම්වේ.”

15දා ෆිනෑන්ෂල් ටයිම්ස්, මහ බැංකුවේ ප‍්‍රතිපත්තිය ”වගකීම් විරහිත” බව කියා සිටි ”ජ්‍යෙෂ්ඨ යුරෝපීය ප‍්‍රතිපත්ති සම්පාදකයෙක්” උපුටා දක්වමින්, එක්සත් ජනපදයේ මූල්‍ය ප‍්‍රතිපත්තිය මත යුරෝපය තුල වර්ධනය වන කෝපය පිලිබඳ යම් ඇඟවීමක් කලේය. එම ලිපිය, විනිමය අනුපාතික පලහිලව්වට එක් හේතුවක් ලෙස රුසියානු මුදල් ඇමති ඇලෙක්සි කුඩ්රින් කියන දෙයක් සඳහන් කරයි. එනම්, ”සිය ව්‍යුහාත්මක ගැටලු මේ ආකාරයට විසඳාගැනීමට උත්සාහ කරන සමහර සංවර්ධිත රටවල, සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ, උත්තේජක මූල්‍ය පිලිවෙතයි.”

15දා බර්නාන්කේගේ කථාවෙන් පසුව ඔබාමා පරිපාලනය, චීනය සමඟ සිය ගැටුමේ තවත් ඉදිරි පියවර දෙකක් නිවේදනය කලේය. භාන්ඩාගාර දෙපාර්තමේන්තුව, තම ප‍්‍රකාශය, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජී 20 සමුලුව නිමාවන තෙක් එලි නොදක්වන බව කියා සිටිමින් එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ වෙලඳ සහකරුවන්ගේ මූල්‍ය පිලිවෙත් පිලිබඳ සිය අර්ධ වාර්ෂික තක්සේරුව නිකුත් නොකලේය.

පරිපාලනය පසුවන්නේ, චීන ආනයනයන්ට එරෙහි ප‍්‍රති ප‍්‍රහාරාත්මක බදු හා තීරුබදු පැනවිමට තුඩුදිය හැකි පියවරක් වන, එක්සත් ජනපද මූල්‍ය තක්සේරුවෙහි, චීනය තම මුදල දුෂ් පරිහරනයේ යෙදී සිටින්නෙකු ලෙස නම්කරන ලෙස, වෘත්තීය සමිතිවල පිටුබලය සහිතව ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටික නීති සම්පාදකයන් යොදන පීඩනය හමුවේය. කෙසේ වෙතත් පරිපාලනය, විවෘතව සතුරු වනවා පමනක් නොව, මූල්‍ය ප‍්‍රශ්නය පිලිබඳ ජී 20 සාකච්ඡාවන්ට පූර්ව භංග ප‍්‍රහාරයක් ද වනු ඇති එවන් පියවරක් ගැනීමට ප‍්‍රතිරෝධය දක්වයි. එය කැමැත්ත දක්වන්නේ චීනයට විරුද්ධව, යුරෝපීය හා ආසියානු රටවල සන්ධානයක් ගොඩනඟා ගැනීමටයි.

කෙසේ වෙතත් ඒ සමඟම, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආරක්ෂනවාදී උකුස්සන් පිනවීම සඳහා එක්සත් ජනපද වෙලඳ නියෝජිතයා නිවේදනය කලේ, තම හරිත බලශක්ති කර්මාන්තයට අසාධාරන හා නීති විරෝධී සහන සලසන බවට චීනයට එරෙහිව එක්සත් වානේ කම්කරුවන්ගේ සංඟමය විසින් ගොනුකොට තිබෙන පැමිනිල්ල පිලිබඳව පරීක්ෂනයක් පවත්වන බව ය.

එක්සත් ජනපද මූල්‍ය ප‍්‍රතිපත්තියේ ගෝලීය බලපෑම

වොෂින්ටනයේ ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය, චීනය, ජර්මනිය හා ජපානය වැනි අතිරික්තයක් සහිත ප‍්‍රධාන රටවල් මෙන්ම ආසියාවේ හා ලතින් ඇමරිකාවේ නැඟී එන ආර්ථිකයන් මත, පහත වැටෙන මුදල් අගයන් සහිත ප‍්‍රතිවාදීන්, පලමුව ද ප‍්‍රමුඛව ද එක්සත් ජනපදය, වෙලඳ වාසි ගැනීම වැලැක්වීම සඳහා තම මුදල අවප‍්‍රමානය කිරීමෙන් ප‍්‍රතිචාර දැක්වීම පිනිස යෙදෙන පීඩනය දැඩි කරයි.

මෙය වනාහි, අවසානයේදී දෙවන ලෝක සංග‍්‍රාමයට මඟ පෑදූ, ලෝක වෙලඳපොල සතුරු මූල්‍ය හා වෙලඳ කඳවුරු වශයෙන් බෙදී යාමක් නිර්මානය කල 1930 ගනන්වල මහා අවපාතයේ තරගකාරී අවප‍්‍රමානය හා ”අසල් වැසියා හිඟමනට දමනු” යනුවෙන් අංඟ ලක්ෂිත ප‍්‍රතිපත්ති පිලිබඳ සම්භාවනීය වාතාවරනයයි.

2008 වසරේ සැප්තැම්බරයේ මූල්‍ය අර්බුදය පුපුරා යාමෙන් පසුව පැවැත්වූ ජාත්‍යන්තර රැස්වීම් තුල සියලු ප‍්‍රධාන බලවතුන් සේම නැඟීඑන ආර්ථික ජාතීන් ද හරියටම මෙම ක‍්‍රියා පටිපාටියේ ගමන් ම‍ගෙහිදී ඒ සමඟ ගාම්භීර ලෙස පොරබදා තිබේ. බෙහෙවින් කේවෙල් කරන ලද මෙම ගෝලීය සම්බන්ධීකරනය දෙවසරක් යෑමට ද මත්තෙන් අන්‍යොන්‍ය තර්ජන හා පූර්න ආර්ථික රනකාමයක් තුලට ඇද වැටී තිබේ.

චීනයේ විනිමය අනුපාතිකය ඉහල දැමීමට කරන බලපෑම කෙරෙහි ජර්මනිය හා ජපානය ඕනෑවටත් වඩා සතුටු වන අතර, ඒ අර්ථයෙන් චීනයේ ඇනිය හරහා වෙඩිමුර කිහිපයක් තැබීමට පවා සූදානම්ව සිටින නමුත්, මහ බැංකුවේ ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය මඟින් තමන් ද ඉලක්ක කෙරෙනු ඇතැයි ඔවුන් දැන සිටිනතාක් දුරට, වොෂින්ටනයේ චීන විරෝධී කුරුස යුද්ධයට මුලුමනින්ම පෙලගැසීම කෙරෙහි දක්වන්නේ මැලිකමකි.

2009 වසර තුල සිය මුදල ඩොලරයට සාපේක්ෂව සියයට 10 ටත් වඩා අධිප‍්‍රමානය වී තිබෙන ජපානය, පසුගිය මාසයේදී ඒක පාර්ශවිකව, දිනක් ඇතුලත දැවැන්ත ප‍්‍රමානයකින් යෙන් මුදල අලෙවි කරමින් පෙරලා පහර දුන් අතර මේ මාසයේදී තවදුරටත් තම ප‍්‍රධාන පොලී අනුපාතික අඩු කරමින් ඩොලර් බිලියන 60ක ජපාන ආන්ඩුවේ බැඳුම්කර මිලට ගන්නා බව හා තමන්ගේම ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩ පිලිවෙල ක‍්‍රියාවට නඟන බව ජපාන මහ බැංකුව නිවේදනය කලාය.

දකුනු කොරියාව, තායිලන්තය, ඉන්දියාව, තායිවානය හා බ්‍රෙසීලය වැනි නැඟීඑන ආර්ථිකයන්, එම රටවල ව්‍යාපාරික හා ආන්ඩුවේ බැඳුම්කර මිලට ගැනීම මඟින් ඉහල ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් ඇදී එන සමපේක්ෂනාත්මක ඩොලර් දහරාවන් දහනය කර සිය හුවමාරු අනුපාතික මත පතිත කරන උඩු සර්පිලාකාර පීඩනයෙන් සොලවා දමා ඇත.

ප‍්‍රධාන බැංකු වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර මූල්‍ය ආයතනය, 2009 වසරට වඩා සියයට 42 කටත් වඩා වැඩි, ඩොලර් බිලියන 825ක් මේ වසර තුල සංවර්ධනය වන රටවලට ගලා යනු ඇතැයි ගනන් බලා තිබේ. නැඟී එන ආර්ථිකයන්හි නය මත කරන ආයෝජන පමනක් බිලියන 272ක් වශයෙන් තෙගුනයකින් ඉහල නඟිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

පසුගිය මාසයේදී බ්‍රසීලයේ මුදල් ඇමති ගෝලීය මූල්‍ය යුද්ධයක් පිලිබඳව අනතුරු අඟවා තිබුනු අතර මේ මාසය මුල එම ආන්ඩුව, විදේශ ප‍්‍රාග්ධනයේ කඩා වැදීම හා එරට රියල් මුදලේ සාපේක්ෂ අගය ඉහලට තල්ලු කිරීම වැලැක්වීමේ උත්සාහයක් ලෙස විදේශිකයින් මිලට ගන්නා බ‍්‍රසීල බැඳුම්කර මත අයකරන බද්ද දෙගුන කරන බව නිවේදනය කලාය.

පසුගිය සතියේදී තායිලන්තය ද එවැනිම පියවරක් ගනිමින්, මේ වසරේ ඩොලරයට පටහැනිව සියයට 10න් දැනටමත් ඉහල නැඟී ඇති බාට් මුදලේ අගය පාලනය කිරීමේ වෑයමක් ලෙස, තායි බැඳුම්කරයන්ගේ ආයෝජනය කරන විදේශිකයන් උපයන පොලී හා ප‍්‍රාග්ධන ප‍්‍රතිලාභ මත සියයට 15ක රඳවාගැනීමේ බද්දක් පනවන බව නිවේදනය කලාය.

1930 ගනන්වලට පසුව ඇතිවූ ගැඹුරුතම පසුබෑමෙන් කිසිදු අව්‍යාජ ප‍්‍රකෘතිමත් වීමක හැකියාව දුරුකොට ඇති, රක්ත හීනතාවයේ මට්ටම් කරා ආර්ථික වර්ධනය පොදුවේ ලිස්සා යාම මඟින් මූල්‍ය හා වෙලඳ යුද්ධ හටගැනීමට තල්ලුව සැපයේ. එක් අතකින් කොර ගසන දේශීය ඉල්ලුමත් අනෙක් අතින් එකතැන පල්වෙන විදේශ වෙලඳපොලවල් හෝ එක්සත් ජනපදයේදී ප‍්‍රශ්නය මතුවී ඇති ආකාරයට දෙකේම එකතුවකට, මුහුනපා සිටින ප‍්‍රධාන ආර්ථිකයන් සියල්ල, සිය විදේශ විකිනුම් වැඩිකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. පසුබෑමේ පූර්ව මට්ටම් කරා ආර්ථික වර්ධනය පුනර්ජීවනය කිරීමේ බලාපොරොත්තු අඳුරුව පවතිද්දී, දෙවන ලෝක යුද්ධාවසානයේ ඇතිකරගන්නා ලද ගිවිසුම් දක්වා ආපස්සට දිවෙන බහුපාර්ශවික මූල්‍ය හා වෙලඳ සම්බන්ධතා පද්ධතිය බිඳ වැටෙමින් තිබේ. එසේම අව්‍යාජ බහු පාර්ශවීය සම්බන්ධීකරනයක් පිලිබඳ අවස්ථාවන්ද ගිලිහී තිබේ.

අවසානයේදී, පශ්චාත් යුද්ධ අවධියේ ප‍්‍රධාන බලවතුන් අතර ආර්ථික පිලිවෙත මුල්කරගෙන ඇතිකරගත් ගෝලීය සම්බන්ධීකරනය ලැගුම්ගෙන තිබුනේ, ලෝක වෙලඳාම හා සංචිත මුදල ලෙස එක්සත් ජනපද ඩොලරයේ වරප‍්‍රසාදිත තත්වය මඟින් මූර්තිමත් කල එරට සුපිරි ආර්ථික බලය තුලය. මෙය, එක්සත් ජනපද ආර්ථික තත්වයේ පැහැදිලිව හඳුනාගත හැකි පරිහානියත් සමඟ, යලිත් පිලිසකර කල නොහැකි පරිද්දෙන් බිඳ වැටී ඇත.

ප‍්‍රතිපලය වන්නේ, වැටුප් කැපීම හා කප්පාදු වැඩ සටහන්වල රූපයෙන් ගෝලීය ධනපති ආර්ථික පර්යායේ බිඳ වැටීමේ සියලු බරට කරගැසීමට සිදුව තිබෙන කම්කරු පන්තියට එරෙහිව, රටක් රටක් පාසා පොදුවේ එල්ල කරන ප‍්‍රහාරය සමඟ අත්වැල් බැඳගෙන, එකිනෙකා සියල්ලන්ට එරෙහිව අරගලයට පිවිසීමයි.