ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව කොලඹ නාගරික සංස්ථාවක් නිවේදනය කරයි

Sri Lankan government announces a Colombo municipal corporation

By Vilani Peiris, 7 April 2011

කොලඹ හා තදාසන්න ප‍්‍රදේශවල මහජන ඡන්දයෙන් තෝරාගන්නා පලාත් පාලන ආයතන පහක් ඇතුලත් වන ලෙස කලම්බු මෙට්ට්‍රොපොලිටන් සිටි නමින් නාගරික සංස්ථාවක් ස්ථාපනය කිරීමට ශී‍්‍ර ලංකාවේ අමාත්‍ය මන්ඩලය මාර්තු 24 දා තීරනය කලේ ය.

ආයෝජක හිතවාදී පිලිවෙත් සමග ඉදිරියට යාමට සැලසුම් කරන ලද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත එල්ල කෙරෙන තවත් ප‍්‍රහාරයක් ලෙස කොලඹ හා තදාසන්න ප‍්‍රදේශවල මහජන ඡන්දයෙන් තෝරාගන්නා පලාත් පාලන ආයතන පහක් ඇතුලත් වන ලෙස කලම්බු මෙට්ට්‍රොපොලිටන් සිටි නමින් නාගරික සංස්ථාවක් ස්ථාපනය කිරීමට ශී‍්‍ර ලංකාවේ අමාත්‍ය මන්ඩලය මාර්තු 24 දා තීරනය කලේ ය. රටෙහි ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශය සම්බන්ධව ආන්ඩුවට විශාල බලතල ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරනු ලබන නාගරික ආන්ඩුකාරවරයෙකු විසින් නව අධිකාරිය පාලනය කෙරෙනු ඇත.

සතියකට වරක් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ආන්ඩුවේ තීරනය නිවේදනය කරමින් කැබිනට් ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල නව සංස්ථාව පිහිටුවීම සඳහා පනතක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියා සිටියේ ය. කොලඹ, දෙහිවල-ගල්කිස්ස හා ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ යන මහනගර සභා ද කොලොන්නාව නගර සභාව හා කොටිකාවත්ත-මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව ද නව අධිකාරිය යටතට පත් කෙරෙනු ඇත.

පෙබරවාරියේ මෙම පලාත් පාලන ආයතන විසිරවූ ආන්ඩුව ඒවා හා තවත් පලාත් පාලන ආයතන 25ක පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරන අවලංගු කලේ ය. ඒවායේ මැතිවරන පැවැත්වෙන්නේ කවදාදැයි ආන්ඩුව තවමත් ප‍්‍රකාශ කර නැත.

රඹුක්වැල්ල කියා සිටි පරිදි නව සංස්ථාව පලාත් පාලන ආයතන පහේ ප‍්‍රධානීන් නියෝජ්‍ය ප‍්‍රධානීන් හා ආයතන පහට ම විරුද්ධ පක්ෂය විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් සමන්විත වනු ඇත. පලාත් පාලන සභිකයන්ගෙන් සමන්විත උපදේශක කවුන්සිල දොලහක් ද ස්ථාපනය කෙරෙනු ඇත.

නව සංස්ථාවට හා උපදේශක ආයතනවලට ඡන්දයෙන් පත්වූ නියෝජිතයන් පත් කිරීම සැලසුමට ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුනක් දීමට සැලසුම් කරන ලද්දකි. නාගරික ආන්ඩුකාරවරයාගේ බලතල තවමත් පනත තුල නිල වශයෙන් සඳහන් කිරීමට නියමිතව තිබුනත් ඒවා පෘථුල බලතල වන බව නිශ්චිත ය. තෝරා පත් කරගන්නා නියෝජිතයන් බොහෝ සෙයින් බලරහිතව ආන්ඩුකාරවරයාගේ පාලනයට යටත් වනු ඇත.

ආන්ඩුවට අයත් සන්ඩේ ඔබ්සවර් වෙත අදහස් දක්වමින් පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය වයි. ඩී. නිහාල් ජයතිලක මෙසේ කීවේ ය: "පවරන ලද භූමි ප‍්‍රදේශය මධ්‍යම ආන්ඩුවේ අගනගර සීමා ප‍්‍රදේශය ලෙස පාලනය කිරීමට හා සංවර්ධනය කිරීමට අවශ්‍ය පුලුල් බලතල හා කි‍්‍රයාකාරකම් සහිත බලයලත් මධ්‍යම අධිකාරියක් වසයෙන් කොලඹ මහනාගරික සංස්ථාව කි‍්‍රයාත්මක වනු ඇත.”

පැල්පත් වාසීන් දසදහස් ගනනක් කොලඹින් පලවා හැර මුදා ගන්නා ඉඩම් ආයෝජකයන්ට විකිනීමේ දුරදිග යන සැලසුම් දැනට ම ත් ආන්ඩුව සතුව පවතී. පවුල් 66,000ක් ඉවත් කෙරෙනු ඇතැයි ආන්ඩුව මුල දී ප‍්‍රකාශ කලේ ය. එහෙත් ජනාධිපතිගේ සහෝදරයා හා ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ එම පවුල් ගනන 70,000 දක්වා පසුව ඉහල දැම්මේය.

අවතැන් වන ජන සංඛ්‍යාව දසදහස් ගනනින් ඉහල නැංවීමේ සියලු හැකියාවන් සහිතව කොලඹ නාගරික සංස්ථාව ස්ථාපිත කිරීම මගින් විශාල ප‍්‍රදේශයක් පුරා මෙම සැලසුම් විස්තාරනය කරනු ඇත. කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානය හා සංචාරකයන් ආකර්ෂනය වන ස්ථානයක් බවට පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව ආන්ඩුව පසුගිය වසරේ නිවේදනය කලේ ය. පැල්පත් "අනවසර ඉදිකිරීම්” යයි ප‍්‍රකාශ කරන ලද්දේ බොහෝ පවුල් ඒවායේ දශක ගනනාවක් ජීවත්ව තිබිය දී ය.

ආන්ඩුව මෙම සැලසුම කි‍්‍රයාවට දමමින් සිටින්නේ මුලුමනින් ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව ය. පලමුව ඡන්දයෙන් තේරී පත්වූ කොලඹ මහනගර සභාව විසුරුවා විශේෂ කොමසාරිස් වරයෙක් යටතට පත් කරන ලදී. ඉන්පසුව යෝජනා ක‍්‍රමයේ වගකීම දරන සිවිල් ආයතන දෙකක් වන නාගරික සංවර්ධන අධිකාරිය (යූඞීඒ) හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පාලනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නා ලදී.

පදිංචිකරුවන්ගේ පලල් විරෝධතාවට මුහුන දුන් ආරක්ෂක අමාත්‍යාංශය සමහර ප‍්‍රදේශවල ඉවත් කිරීම් සඳහා යුද හමුදාව හා පොලීසිය යොදා ගත්තේ ය. පසුගිය මැයි මාසයේ කොම්පඤ්ඤවීදියෙන් පවුල් 45ක් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබීය. සමහර පවුල් පසුව කඩාදැමීම සඳහා සලකුනු කරන ලද කොලඹ තදාසන්න ප‍්‍රදේශවල ලීවලින් තැනූ තාවකාලික පැල්පත්වලට යවනු ලැබීය. සමහර පවුල්වලට වසරකට නිවසක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂයක් (එක්සත් ජනපද ඩොලර් 895ක්) ප‍්‍රදානය කලේය.

මුදාගත් ඉඩම් ආයෝජකයන්ට විකිනීම මගින් ඍජු විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමට ආන්ඩුව දැඩිව බලාපොරොත්තු වෙයි. පසුගිය වසර සඳහා එය ඩොලර් බිලියන 1ක ඍජු විදේශ ආයෝජන ඉලක්කයක් තබාගත්තත් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය නිසා ලැබුනේ ඩොලර් මිලියන 400ක් පමනි.

"වරාය හා හෝටල් ක්ෂේත‍්‍රවල ඩොලර් මිලියන 500 බැගින් වටිනා සැලසුම් කරන ලද ව්‍යාපෘති සමගින් ශී‍්‍ර ලංකවේ ඍජු විදේශ ආයෝජන යහපත් අතට හැරෙනු ඇතැ” යි මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර මාර්තු 24 දා ලංකා බිස්නස් ඔන්ලයින් වෙත කීවේ ය. මධ්‍යම කොලඹ ප‍්‍රදේශයේ හෝටල් ඉදිකිරීම සඳහා චීන සමාගම් දෙකකට ඉඩම් විකුනා ඇති අතර චීන මර්චන්ට් හෝල්ඩ් සමාගම කොලඹ වරායේ නව පර්යන්තයක් ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 500ක තවත් ගිවිසුමක් අත්සන් කොට තිබේ.

පසුගිය සතියේ "කොලඹ නගර සංවර්ධන සැලසුම්” පිලිබඳව ඇමරිකානු වානිජ මන්ඩලය අමතා ගෝඨාභය රාජපක්ෂ කතා කලේ ය. කොලඹ නගරය මුහුන දෙන ප‍්‍රධාන ම ගැටලුව වන විශාල පැල්පත් වාසීන් සංඛ්‍යාව පිලිබඳව ආන්ඩුව වග බලාගනු ඇතැයි ඔහු ආයෝජකයන්ට සහතික විය.

"ආන්ඩුවේ ප‍්‍රධාන කටයුතුවලින් එකක් වන්නේ ජන කොටස්වල ජිවිතවල ගුනාත්මක භාවය ඉහල නැංවීම” බවත් අවතැන් වන පවුල්වලට ආන්ඩුවෙන් නිවාස සපයනු ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය. එහෙත් සැබෑ අරමුන වන පැල්පත් වාසීන්ගේ වියදමෙන් සංගත ප‍්‍රභූවට විශාල ලාභ ඉපැයීම ඔහුගේ ම අදහස් දැක්වීම්වලින් අනාවරනය විය.

රාජපක්ෂ, ආසියාවේ අනෙක් නගර කිහිපයක් සමග කොලඹ සන්සන්දනය කලේ ය. කොලඹ ශී‍්‍ර ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50ක ප‍්‍රතිපදානයක් කලත් "කොලඹ ආර්ථික ඝනත්වය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටරයකට ඩොලර් මිලියන 15කි.” මීට විපරීතව හෝ චි මිං නගරයේ එය ඩොලර් මිලියන 73ක් ද බැංකොක් හි ඩොලර් මිලියන 88ක් ද සිංගප්පූරුවේ ඩොලර් මිලියන 269ක් ද වෙයි. "විශේෂයෙන් වත්මන් සන්දර්භය තුල මෙයින් පෙනෙන්නේ කොලඹ වර්ධනය ඉලක්ක ගත කලයුතු බව යි” යයි ඔහු අවධාරනය කලේ ය.

මහජනයා ඉවත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර තිබෙන කප්පාදු පියවර කි‍්‍රයාවට දැමීම හා සේවා පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ පුලුල් න්‍යාය පත‍්‍රයේ කොටසකි.

ප‍්‍රධාන විරුද්ධ පක්ෂවන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නව සංස්ථා යෝජනාව සම්බන්ධයෙන් කියා ඇත්තේ අල්ප මාත‍්‍රයකි. එම පක්ෂ දෙක ම වෙලඳපොල ධාවිත ආර්ථික පිලිවෙත්වලට කැපවී සිටින අතර ඔවුන් පැල්පත් වාසීන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටියත් ආන්ඩුවේ සැලසුමේ සමස්ත ප‍්‍රහාරය වැලැක්වීමට කිසිවක් නො කරති.

ඉඩම් මුදාගැනීමේ සැලසුම් නැවැත්වීම සඳහා ජනතාවට ආන්ඩුවට පීඩනය යෙදිය හැකි යයි අවධාරනය කර ඇති නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි හිටපු රැඩිකල් කන්ඩායම්වල දේශපාලන බංකොලොත් භාවය ද කොලඹ නාගරික සංස්ථාව පිලිබඳ නිවේදනය මගින් හෙලිදරවු වී ඇත.

මෑතක දී දි අයිලන්ඩ් වෙත අදහස් දැක්වීමේ දී ඉවත් කිරීම් ඉදිරියට ගෙන යාම පිලිබඳව ආරක්ෂක ලේකම් රාජපක්ෂ තිරසාර විය. "සමහර අංශවලින් එන විවේචන නො තකා ආන්ඩුව සැලසුම සමග ඉදිරියට යනවා” යයි ඔහු කීවේ ය.

සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත නිවාස අයිතිය ආරක්ෂා කරගැනීමේ අරගලය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන සහයෝගය ඇතිව කොලඹ පැල්පත් වාසීහු නිවාස අයිතිය ආරක්ෂා කරගැනීමේ කි‍්‍රයාකාරී කමිටුව ගොඩනගා ඇත.

නවීන සමාජයක ජීවත් වීම සඳහා නියමිත පහසුකම් සහිත නිවාස ජනයාට අවශ්‍ය ය. පැල්පත් වාසීන් මත එල්ල කරන ප‍්‍රහාරයට කම්කරුවෝ එරෙහි විය යුතු ය- දිලින්ඳන් ඉවත් කිරීමට ආන්ඩුවට ඉඩ දිය නො හැකි ය. ඒ වෙනුවට නිවාස සඳහා රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කරනු ලැබිය යුතු ය. මෙය සිදුවනු ඇත්තේ රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන පුලුල් අරගලයක කොටසක් ලෙස පමනි.