එක්සත් ජනපදයේ නිෂ්පාදනය හා පාරිභෝගික වියදම් තියුනු ලෙස පහත වැටේ

Sharp fall in consumer spending, manufacturing in US

By Andre Damon, 3 August 2011

මේ සතියේ නිකුත් කල ආර්ථික දත්ත එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය මුලුමනින්ම පාහේ ඇනහිට ඇති බවට තවත් සාක්ෂි සම්පාදනය කරයි. ජූනි මාසයේ පාරිභෝගික වියදම් සියයට 0.2න් පහත වැටීම 2009 සැප්තැම්බරයෙන් පසුව ප‍්‍රථම මාසික පිරිහීම බවත් පසුගිය වසරේ නොවැම්බරයෙන් පසුව අඩුම වර්ධනය පෙන්නුම් කරන පුද්ගල ආදායමේ සියයට 0.1 වැඩිවීම නොසැලකිය යුතු තරම් වන බවත් වෙලඳ දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කලේය. වැටුප් හා වේතන නොවෙනස්ව පැවතුනි.

මෙම සංඛ්‍යා ප‍්‍රකාශිත වූයේ 01දා සැපයුම් කලමනාකරන ආයතනය විසින් නිෂ්පාදනයේ ඒ හා සමානව ම විනාශකාරී දත්ත නිකුත් කිරීමෙන් පසුව ය. 2009 වසරින් පසුව පලමු වතාවට නව ඇනවුම් හැකිලී යද්දී පීඑම්අයි යන එම ආයතනයේ එක්සත් ජනපද මිලට ගැනීම් පිලිබඳ කලමනාකරුවන්ගේ දර්ශකය වසර දෙකකට පසුව ජූලි මාසයේදී එහි පහලම මට්ටමට ඇද වැටුනු බව වාර්තා කලේය

පාරිභෝගික වියදම් හා නිෂ්පාදනයේ දත්ත ජූනි 29දා වානිජ්‍ය දෙපාර්තමේන්තුව සමස්ත ආර්ථික වර්ධනය පිලිබඳව නිකුත් කල සංඛ්‍යාවන් සමග එක පෙලට සිටියි. වාර්ෂික පදනමකින් එක්සත් ජනපද දල දේශීය නිෂ්පාදිතයේ (දදෙනි) දෙවන කාර්තුවෙහි වර්ධනය සියයට 1.3 අල්ප මට්ටමකට පහත වැටී ඇති බව එම වාර්තාව පෙන්නුම් කලේය. වානිජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රථම කාර්තුවේ දදේනි වර්ධනය පිලිබඳ සිය තක්සේරුව ද සියයට 1.9 සිට නොසැලකිය යුතු තරමේ සියයට 0.4 දක්වා පහත හෙලීය.

02දා මෙම වසර තුල එක්සත් ජනපදයේ තියුනුම කොටස් විකුනා දැමීම් සඳහා පාරිභෝගික වියදම් දත්ත හේතු කාරක විය. ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 12,000නුත් පහතට ලුහුටා යමින් ඒකක 225න් හෙවත් සියයට 2.2න් පහත ගියේය. එස්ඇන්ඩ්පී 500 දර්ශකය ඒකක 32 හෙවත් සියයට 2.6න් ද නැස්ඩැක් ඒකක 75න් හෙවත් සියයට 2.8න් ද පහත වැටුනි.

එක්සත් ජනපදයේ කොටස් විකුනා දැමීම් ෆුට්සි ගනන් බැලූ අන්දමට සියයට 2.1න් පහත වැටුනු ලෝක කොටස් මිලට ද වඩා තියුනු විය. සමස්ත ලෝක දර්ශකය වන රත්රන් අවුන්සයක් ඩොලර් 1,650 දක්වා වාර්තාගත මට්ටමකට ඉහල ගියේය.

එක්සත් ජනපද දදේනි වර්ධනය රින අගයක් බවට පත්වීමේ හැකියාව අර්ථ ශාස්ත‍්‍රඥයින් අතර වඩ වඩාත් කතාබහට ලක්වෙයි. මාටින් ෆෙල්ඩස්ටීන් නම් හාවඩ් අර්ථශාස්ත‍්‍රඥයා 02දා බ්ලූම්බර්ග් ප‍්‍රවෘති සේවයට පැවසුවේ 50-50ක ”වේගවත් අවපාතයේ” අශුභ ලකුනු තමා දුටු බවයි.

වසරේ ප‍්‍රථම භාගය පුරාවට දුබල ආර්ථික තොරතුරු ගලා එද්දී ජනාධිපති බරක් ඔබාමාගේ පටන් මහ බැංකු සභාපති බෙන් බර්නාන්කෙ දක්වා වන එක්සත් ජනපද නිලධාරීහු ඒවා පටවන ලද්දේ ජපාන භූමිකම්පාව ද සුනාමිය හා තෙල් මිල නැඟීම ද වැනි කාරනා මතය.

එක්සත් ජනපද ආර්ථිකය ”පශ්චාත් අවපාත” වර්ධනයේ උච්ඡතම ලක්ෂ්‍යය සටහන් කල 2010 වසරේ පලමු කාර්තුවේ පටන් නාටකාකාරව මන්දගාමී වෙමින් තිබෙන බව තවදුරටත් ප‍්‍රතික්ෂේප කල නොහැකිය. එතැන් පටන් එරට අත්කර ගැනීමට සමත්ව ඇත්තේ සියයට 0.5ක් වැනි කාර්තුවක සාමාන්‍ය වර්ධනයක් පමනි.

එවන් වර්ධන අනුපාතයක් සහතික කරනු ඇත්තේ විරැකියාවේ පහත වැටීමක් නොව තවදුරටත් ඉහල යාමකි. එය එක්සත් ජනපදයේ දශ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ සමාජ කාලකන්නිකම ඒ හා සමානව ම උග‍්‍ර කරනු ඇත. 02දා කොන්ග‍්‍රසය විසින් සම්මත කරන ලදුව ඔබාමාගේ අත්සනින් නීතියක් බවට පත්වූ වියදම් කප්පාදුව ආර්ථික පසුබෑම තවත් තීව්ර කරනු ඇත.

වොෂින්ටන් බුද්ධි මන්ඬලයක් වන ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනය 01දා ප‍්‍රකාශ කලේ බලාපොරොත්තුවන අනෙකුත් අයවැය කප්පාදු පියවර සමගින් ෆෙඩරල් නය සීමාව වැඩිකිරීමට පලවූ එකඟත්වයේ ප‍්‍රතිපල වශයෙන් 2012 වසරේ එක්සත් ජනපද දදේනි සියයට 1.5ක අඩුවීමක් ද දශලක්ෂ 1.82ක් රැකියා නැතිවීමක් ද තමන් අපේක්ෂා කරන බවයි.

මෙහි අර්ථය තවත් දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමිවන බවත් දැනටමත් විරැකියාවට වැටී සිටින කම්කරුවන් සිය පැවැත්ම ආහාර මුද්දර හා නිවාස උනුසුම් කිරීමේ ආධාර වැනි සමාජ වැඩසටහන් කපද්දී පවා ඒවා මත රඳවා සිටි අතර ඔවුන්ට නව රැකියාවන් සොයාගැනීමේ අවස්ථා ද අහිමිවන බවයි.

නය සීමා ගිවිස්නාවට පුලුල් අයවැය කප්පාදු බැඳ තැබීමේ උත්සාහය එක්සත් ජනපද ආර්ථිකය කෙරෙහි අවධමනකාරී බලපෑමක් ඇති කරන්නේය යන කාරනය 02දා කොටස් මිලෙහි ඇතිවූ ක්ෂනික වැටීම මගින් ඉස්මතු කර තිබේ. කොටස් ඉවත දැමූ ආයෝජකයෝ ආන්ඩුවේ බැඳුම්කර වෙත හැරීමත් සමග 2010 නොවැම්බරයෙන් පසුව දස අවුරුදු බැඳුම්කර පොලිය එහි පහතම මට්ටමට ලඟාවිය.

ජූලි මාසය සඳහා පසුගිය 29දා නිකුත් කල කම්කරු දෙපාර්තමේන්තුවේ රැකියා වාර්තාව ඊනියා ආර්ථික ප‍්‍රකෘතිය කෙරෙහි තවදුරටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අර්ථශාස්ත‍්‍රඥයෝ අපේක්ෂා කරති. වාර්තාවෙන් පෙන්වන 50,000ක් වන ශුද්ධ රැකියා වර්ධනය විරැකියා අනුපාතය පහත හෙලීමට අවශ්‍ය නව රැකියා 150,000ක මට්ටමට වඩා බෙහෙවින් අඩු බව ගෝල්ඩ්මන් සැක්ස් පෙන්වාදී තිබේ.

අනෙකුත් විශ්ලේෂකයෝ ඊටත් වඩා අශුභවාදී වෙති. ජේපීමෝර්ගන් චේස්හි ඩේවිඩ් කැලී ආර්ථික වර්ධනයේ වත්මන් අනුපාතයෙහි ප‍්‍රතිපලයක් වශයෙන් ජූලි මාසයේ එක්සත් ජනපද රැකියා ලේඛනය මාස 9කට පසුව ශුද්ධ පිරිහීමක් වාර්තා කරනු ඇති බව 02දා බ්ලූම්බර්ග් නිව්ස් වෙත පැවසීය.

එක්සත් ජනපද මන්දගාමිත්වය ගෝලීය ප‍්‍රවනතාවක කොටසකි. බොහෝ රටවල් නිකුත් කර තිබෙන ව්‍යාපාරික මිලදී ගැනීමේ කටයුතු පූර්ව අනුපාතයන් වෙතින් කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කරයි. චීනය, ඉන්දියාව හා යුරෝ කලාපයේ සංඛ්‍යා දෙවසරකට පසු ඒවායේ පහතම මට්ටම් කරා සේන්දුවී තිබේ. ජේපීමෝර්ගන් චේස්හි ගෝලීය නිෂ්පාදන ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය ජූනි මාසයේ පැවති 52.3 සිට ජූලි මාසය වන විට 50.6 දක්වා පහත වැටී ඇත.

මෙම විනාශකාරී සංඛ්‍යා දත්ත හමුවේ රැකියාවලින් දොට්ට දැමීම වැඩිවී ඇත. බි‍්‍රතාන්‍ය බැංකු සමූහයක් වන එච්එස්බීසී 01දා කියා සිටියේ තමන් ලෝකය පුරා රැකියා 30,000ක් අහෝසි කිරීමටත් එක්සත් ජනපදය තුල තම ශාඛා බැංකු 195ක් විකුනා දැමීමටත් සැලසුම් කරන බවයි. එලෙසම බාක්ලේස්, ගෝල්ඩ්මන් සැක්ස් යූබීඑස් සහ ක්‍රෙඩිට් සුවිස් මෑත සති වලදී දහස් ගනන් රැකියා කප්පාදු නිවේදනය කරනු ලැබූහ.