අලුත්වූ අවපාතය පිලිබඳ බියෙන් මූල්‍ය වෙලඳපොලවල් කඩා වැටේ

Financial markets plunge on fears of renewed recession

By Alex Lantier, 5 August 2011

යුරෝපය තුල මහා පරිමාන නය අර්බුදයක් පැනනැඟීම හා එක්සත් ජනපද ඩොලරය කෙරෙහි පලවන ගෝලීය ආතතියත් සමග ගෝලීය ආර්ථිකයේ තවදුර පසුබෑමක් පිලිබඳ භීතිය හමුවේ 04දා එක්සත් ජනපද හා යුරෝපීය කොටස් වෙලඳපොලවල් ඇද වැටුනි.

2008 මූල්‍ය කඩාවැටීමෙන් පසුව එක්සත් ජනපදයේ දිනක් ඇතුලත සිදුවූ විශාලම බිඳවැටීම වාර්තා කරමින් ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 512.61 හෙවත් සියයට 4.3කින් පහත වැටුනි. තාක්ෂනය මත පදනම්ව ඇති නැස්ඩැක් දර්ශකය සියයට 5.08 ද ඊට වඩා පුලුල් එස්ඇන්ඩ්පී 500 දර්ශකය එහි වටිනාකමින් සියයට 4.78ක් ද වශයෙන් අනෙකුත් එක්සත් ජනපද කොටස් දර්ශක තවත් පහත වැටුනි. ආර්ථිකයේ සියලු අංශවල තියුනු පිරිහීමක් වාර්තාවූ අතර වැඩිම අලාභ සිදුවූයේ අමුද්‍රව්‍ය, බලශක්ති, ආරක්ෂක කොන්ත‍්‍රාත් හා ප‍්‍රාග්ධන භාන්ඩ සමාගම් වලටය.

ඉතාලියේ කොටස් මිල දර්ශකය ලොකුම අලාභය එනම්, සියයට 5.16ක පහත අගයක් වාර්තා කරද්දී යුරෝපීය වෙලඳපොලවල් ද තියුනු ලෙස පහත වැටුනි. ප‍්‍රන්ස, බි‍්‍රතාන්‍ය, ජර්මානු හා ස්පාඤ්ඤ දර්ශක සියයට 3කට වැඩියෙන් පහත ගියේය. යුරෝපයේ අලුත්වන නය අර්බුදයක් පිලිබඳ භීතිය හමුවේ බැංකු කොටස් ද බෙහෙවින් කඩා වැටුනි.

ඩව් ජෝන්ස් ප‍්‍රවෘති සම්බන්ධතා කොටස්, මූල්‍ය හා පාරිභෝගික භාන්ඩ වෙලඳාම විස්තර කලේ "කුලප්පුවකට ආසන්න” තත්වයක් ලෙසය. මිලාන් කොටස් හුවමාරුව වෙලඳපොල සාමාන්‍යයෙන් වසා දමන වේලාවට කලින් පැය භාගයක් වෙලඳාම අත්හිටවූ අතර නිව් යෝර්ක් කොටස් හුවමාරුවේ යුරෝ නෙක්ස්ට් පැරිස්, බ‍්‍රසල්ස්, ඇම්ස්ටර්ඩෑම් හා ලිස්බන් කොටස් හුවමාරුවල එසැනෙන් ගෙනෙන තොරතුරු ඇනහිටුවීය.

කාර්මික හා ආර්ථික කටයුතුවල තවදුර බිඳවැටීමක් පිලිබඳ භීතිය පල කරමින් තෙල් මිල බෙහෙවින් පහත වැටුනි.

අද දිනයේ නිකුත් කිරීමට නියමිත එක්සත් ජනපද රැකියා වාර්තාව එරට ආර්ථිකයේ සැලකිය යුතු වැටීමක් පෙන්වනු ඇතැයි තෙල් වෙලඳුන් කනස්සල්ලට පත්ව සිටිති. බාක්ලේස් කැපිටල්හි තෙල් විශ්ලේෂක අම්රිටා සෙන් ගෝලීය තෙල් ඉල්ලුමේ වර්ධනය පිලිබඳ ඇගේ අනාවැකිය දිනකට තෙල් බැරල් මිලියන 1.56 සිට බැරල් මිලියන 1.1 දක්වා පහත දැමූ අතර ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත මෙසේ පැවසුවාය: "මේ මොහොතේ එක්සත් ජනපද සංඛ්‍යා බෙහෙවින් දුබලය. එය සැබවින්ම මනෝභාවයන් කෙරේ බලපායි.”

යුරෝපයේ හා එක්සත් ජනපදයේ මූල්‍ය වංශාධිපතීන් ඉතා මෑතක දී එක්සත් ජනපදයේ ඩොලර් ටි‍්‍රලියන 2.4ක අයවැය කප්පාදු ගිවිස්නාව වැනි කම්කරු පන්තියට එල්ල කරන දරුනු ප‍්‍රහාර සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්ති ගෝලීය ආර්ථික අවපාතය උග‍්‍ර කරයි.

යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) ප‍්‍රධානී ජීන් ක්ලවුඩේ ටි‍්‍රචෙට් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකින් පසුව යුරෝපීය ආන්ඩු ඉතාලිය හා ස්පාඤ්ඤය මාධ්‍ය කරගත් නය අර්බුදයේ නව වටයක් පිලිබඳව බිය පලකරති. බංකොලොත් වීමක් වලක්වා ගැනීමේ අටියෙන් ඊසීබීය යුරෝපීය ආන්ඩුවල බැඳුම්කර මිලට ගැනීම මගින් ඒවාට මුදල් සම්පාදනය කරනු ඇති බව ටි‍්‍රචෙට් පැවසීය. කෙසේ වෙතත් ඊසීබීය කොතරම් මුදල් ප‍්‍රමානයක් සපයන්නේ ද හා ඒවා ලබාදෙන්නේ කුමන රටවලට ද යන ප‍්‍රශ්න පැන නඟියි. ඊසීබීය ආන්ඩුවලට විශාල මුදල් ප‍්‍රමානයන් දීම ප‍්‍රතික්ෂේප කල හැකි බව අඟවමින් ටි‍්‍රචෙට් රාජ්‍ය බැඳුම්කර මිලට ගැනීමෙහි ලා බැංකු පාලක මන්ඩලයේ තීරනය ඒකමතික නොවූ බව පිලිගත්තේය.

නිල වශයෙන් රහසිගතව තබාගන්නා ඊසීබී ගනුදෙනුවලට සම්බන්ධ "වෙලඳපොල මූලාශ‍්‍ර” වෙතින් ලබාගත් බව සඳහන් කරමින් බ්ලූම්බර්ග් නිව්ස් හා ඒඑෆ්පී ප‍්‍රකාශ කලේ ඊසීබීය මිලට ගන්නේ අයිරිෂ් හා පෘතුගීසි බැඳුම්කර පමනක් බවය. මෙම වාර්තාවන්ට අනුව ස්පාඤ්ඤ හා ඉතාලි ආන්ඩු වලට ඊසීබී මුදල් නොලැබෙනු ඇත. ඊසීබීය ඉතාලියට හා ස්පාඤ්ඤයට අරමුදල් සම්පාදනය කරන බවක් ටි‍්‍රචෙට් සනාථ කලේ හෝ ප‍්‍රතික්ෂේප කලේ නැත.

යුරෝ කලාපයේ ආන්ඩු හා රාජ්‍ය නායකයින් "එකඟවී තිබෙන මූල්‍ය ඉලක්කයන් දැඩිලෙස සැපිරීම සඳහා අලුත් කැපවීමක්” කල යුතු බව පවසමින් ඊසීබී ප‍්‍රධානියා කම්කරු පන්තියට තවත් නව ගැඹුරු ප‍්‍රහාර එල්ල කල යුතු බව කියා සිටින මූල්‍ය වෙලඳපොලවල ඉල්ලීම් වඩාත් දැඩි ලෙස ඉදිරිපත් කලේය. "රටවල් ගනනාවක් සඳහා මෙහි අර්ථය වන්නේ අමතර හා වඩාත් සෘජු මූල්‍ය සීරුමාරු පිලිබඳ පියවර නිවේදනය කරමින් ක‍්‍රියාත්මක කල යුතු බවයි.”

මෙය ඉතාලි හා ස්පාඤ්ඤ ආන්ඩු වෙත නිතුත් කල අනතුරු ඇඟවීමේ වෙඩි මුරයකි. ස්පාඤ්ඤ අගමැති ජොසේ සපතේරෝ පසුගිය සතියේ නිවේදනය කලේ නොවැම්බරයේ මැතිවරනය කල් තියා පවත්වන බවකි. ඒ ඔහුගේ ගැඹුරින්ම අපකීර්තියට පත්ව ඇති ආන්ඩුව පැනවූ සමාජ කප්පාදු පියවරයන්ට එරෙහිව එක දිගට පැනනඟින වීදී උද්ඝෝෂන මධ්‍යයේය. මැතිවරන කාලයක් තුල තවත් සමාජ කප්පාදු පැනවීමට සපතේරෝ එඩිතර වෙයි ද යන්න තවමත් පැහැදිලි නැත.

ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි සම්බන්ධයෙන් ගත් කල පසුගිය සතියේදී ඔහුගේ ආන්ඩුව වාර්ෂික වියදමෙන් යුරෝ බිලියන 79ක කප්පාදුවක් නීතිගත කලේය. මෙය ඉටුකර ගැනීමට යන්නේ බෙහෝකොටම විශ‍්‍රාම ගන්නා වයස් සීමාව දීර්ග කිරීම වෛද්‍ය ගාස්තු ඉහල දැමීම සමාජ හා සංස්කෘතික වියදම් තවදුරටත් කැපීම ආදී කම්කරු විරෝධී පියවර තුලිනි.

එසේ ද වුවත්, අගෝස්තු 03දා, බර්ලුස්කෝනි ඉතාලි කම්කරු පන්තියේ නැඟී එන ප‍්‍රතිරෝධය හමුවේ කතාවක් පවත්වමින් කියා සිටියේ ඔහු තවත් කප්පාදු පනවන්නේ නැති බවයි. ඔහු පැවසුවේ තම කැපීම් සෑහෙන බවකි. "මෙය ඉතාලි අර්බුදයක් නොව ග‍්‍රහලෝකයම වෙලාගත් අර්බුදයකි. අපි වෙලඳපොලවල ඇතිවන නොසංසුන්තාවය සැලකිල්ලට නොගන්නෙමු.”

ආයෝජකයින් මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ ඉතාලිය හා ස්පාඤ්ඤය බංකොලොත් භාවයට ඇද දැමීමට තර්ජනය කරන මට්ටම් වලට එනම් පිලිවෙලින් ඉතාලියේ රාජ්‍ය බැඳුම්කර පොලිය සියයට 6.19ක හා ස්පාඤ්ඤයේ සියයට 6.28ක ඉහල මට්ටම් කරා නංවමිනි. ඉතාලිය දැනටමත් යුරෝ ටි‍්‍රලියන 1.6ක නය කන්දකට කරගසා සිටින අතර එය 2009 පටන් නය අර්බුදයකට මැදිවී සිටින ග‍්‍රීසිය හා අයර්ලන්තය වැනි කුඩා රටවලට වඩා බෙහෙවින් වැඩි ප‍්‍රමානයකි. යුරෝ බිලියන 440ක යුරෝපීය මූල්‍ය ස්ථාවරත්ව අරමුදලින් ඇප දී ගලවාගැනීමට තරම් ඉතාලිය විශාල වැඩිය.

ඊසීබීය ඉතාලියට අරමුදල් සැපයීම ප‍්‍රතික්ෂේප කලහොත් අවසන් වශයෙන් එය දරුනු මූල්‍ය අර්බුදයක් හටගන්වනු ඇත. සමහර විට ඉතාලියේ මහා පරිමානයේ රාජ්‍ය බංකොලොත් වීමක් හෝ ඊසීබීයෙන් ස්වාධීනව තමන්ගේම මුදලක් භාවිතයට ගතහැකිවන පරිදි එරට යුරෝවෙන් බැහැරවිය හැක.

යුරෝපීය වෙලඳපොල කඩාවැටීම එක්සත් ජනපදයේ ම ආර්ථිකය පිලිබඳවත් ඩොලරයේ තත්වය පිලිබඳවත් පලවූ නරක ආරංචි සමග අත්වැල් බැඳගත්තේය. ඒ අද නිකුත් වීමට නියමිත රැකියා වාර්තාවේ ප‍්‍රතිපල පිලිබඳ නොසංසුන්තාවයක් මධ්‍යයේය.

මේ වසරේ පලමු කාර්තු දෙක තුල එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධන අනුපාත පිලිවෙලින් 0.4ක් හා 1.3ක් වශයෙන් නොසැලකිය යුතු තරම් මට්ටම් කරා මෑතක දී පහතට සංශෝධනය කර තිබේ. ඇමරිකානු කම්කරුවන්ගේ වැටුප් හා වේතන පහත හෙලීමේ අඛන්ඩ පීඩනය හමුවේ ජූනි මාසයේ පාරිභෝගික වියදම් සියයට 0.2න් පහත වැටුනි. එක්සත් ජනපදයේ මෑත අයවැය සාකච්ඡාවන්හි ප‍්‍රතිපල වශයෙන් වැඩකරන ජනතාව සෞඛ්‍ය ආරක්ෂනය හා ආහාර මුද්දර මෙන්ම සෞඛ්‍ය පහසුකම් හා සමාජ ආරක්ෂනය වැනි තීරනාත්මක සමාජ වැඩසටහන්වල ගැඹුරු කප්පාදුවේ අනාගතයකට මුහුන දෙනු ඇත. එය ඔවුන්ගේ හා ආර්ථිකයේ පුලුල් මූල්‍ය තත්වයට තවදුරටත් වලකපනු ඇත.

සතිපතා ආරම්භක විරැකියා සහන ඉල්ලීම් 400,000ක් ලෙස 04දා නිකුත් කල දත්ත තුලින් වාර්තාවූ අතර නිල සංඛ්‍යා අනුව දැනටමත් සියයට 9.2ක් වන එක්සත් ජනපදයේ වාර්ෂික විරැකියා අනුපාතය අඩුවීමක් සිදු නොවේ. කොන්ග‍්‍රස් මන්ඩල ඒකාබද්ධ ආර්ථික කමිටු වාර්තාවක් පෙන්නුම් කලේ එක්සත් ජනපදයේ මිලියන 14.2ක් වන විරැකියා කම්කරුවන්ගෙන් සියයට 42ක් අඩුම තරමින් මාස හයක්වත් රැකියාවක් නොමැතිව සිටියි. එසේම දැන් ව්‍යාපාරිකයෝ දිගු කලක් රැකියාවක් නොකර සිටි අය බඳවා ගැනීම ප‍්‍රතික්ෂේප කරති.

යුරෝපයේ නරක ආර්ථික වාර්තා කරනකොටගෙන යුරෝවේ අගය මඳක් පහත යෑමේ එක් ප‍්‍රතිපලයක් වශයෙන් ඩොලරය තාවකාලිකව ඉහල නැංගේය. කෙසේ වෙතත් එයට හේතු වූයේ පහත් පොලී අනුපාතික හා මුදල් අච්චුගසා ඒවා බැංකු වෙත හරවා යවන "ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම්” යනුවෙන් දන්නා ඩොලරය පහත හෙලීමේ පුලූල් හා නොඉවසිලි සහගත එක්සත් ජනපද පිලිවෙත්හි ප‍්‍රතිපල වශයෙන් යෙන් හා ස්විස් ෆ‍්‍රෑන්ක් මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ අගය වේගයෙන් පහත වැටීම වැලැක්වීමට ජපාන හා ස්විස් බලධාරීහු ගත් උත්සාහයයි.

2008 ආර්ථික අර්බුදය පුපුරා යාමෙන් පසුව කම්කරු පන්තිය වෙතින් වෝල් විදියට ධනය මාරු කිරීමේ දී මෙම ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන ක‍්‍රියාකලාපයක් ඉටුකර තිබේ. එසේම එය ස්ව්ට්සර්ලන්තය හා ජපානය ද ඇතුලු අනෙකුත් බොහෝ ආර්ථිකයන් වනසා දැමීමට ද හේතුකාරක විය. එක්සත් ජනපද හා යුරෝ කලාපයේ ආයෝජකයින් සිය අරමුදල් සාපේක්ෂව ස්ථාවර යෙන් හා ෆ‍්‍රෑන්ක් මුදල් වලට මාරුකරන විට එම රටවල මුදල් අගය ඉක්මනින් ඉහල නගියි. කෙසේ වෙතත් මෙය ජපන් හා ස්විස් අපනයන කරුවන්ට වලකැපීමට තර්ජනය කරයි.

මූල්‍ය විශ්ලේෂක මසෆූමි යමාමොටෝ ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ ජපාන බලධාරීන් ලෝක වෙලඳපොලෙන් ඩොලර් මිලට ගැනීම සඳහා යෙන් ටි‍්‍රලියන 39ක් වැය කිරීමේ ඉඩකඩ පවතින නමුත් එයින් ජපානයට යෙන් මුදලේ අගය වැඩිවීම නතරකරගත හැකි වන්නේ මාසයක කාලයකට පමනි යනුවෙනි.

ස්විස් බලධාරීන් ද ඒ හා සමානව ම ඩොලර් මිලට ගැනීම සඳහා අගෝස්තු 03 දින ෆ‍්‍රෑන්ක් බිලියන 50ක් වැයකර තිබුනි. ඒ ඩොලරයක් ෆ‍්‍රෑන්ක් 0.77ක් තරම් පෙර නොවූ විරූ පහත් මිලකට ය. මිලට ගැනීම් සිදුකල ස්විස් ජාතික බැංකුව ස්විස් ෆ‍්‍රෑන්ක් මුදල "දැවැන්ත ලෙස අධිප‍්‍රමානය” වී ඇති බව සඳහන් කල ප‍්‍රකාශයක් නිකුත් කලේය. ෆ‍්‍රෑන්ක් මුදලේ ශක්තිය ස්විස් ආර්ථිකයේ දැක්ම තුල "සැලකිය යුතු පිරිහීමක්” නිර්මානය කර තිබෙන බව ද එය සඳහන් කලේය.

ඩොලරය අවප‍්‍රමානය කිරීමේ එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය ඩොලරය පාලනය කරගත නොහැකි කඩාවැටීමකට ද විවිධ රටවල මධ්‍යම බැංකු තම තමන්ගේ මුදල් අගය පහත දැමීමට තරග කරද්දී ගෝලීය අවපාතය ගැඹුරුවීමකට ද තුඩුදිය හැකි බවත් මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ ස්ටීව් බරෝ ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ "යෙන් හා ස්විස් ෆ‍්‍රෑන්ක් මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ පසුබෑම ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට මෙන්ම ජපාන මහ බැංකුව හා ස්විස් ජාතික බැංකුව පමනක් නොව අනෙකුත් මහ බැංකු ද ගිල ගැනීමේ තර්ජනය මතුකල හැකිය.”