ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව ප‍්‍රධාන පලාත් පාලන ආයතනවල මැතිවරන වලක්වයි

Sri Lankan government blocks key local elections

By K. Ratnayake, 1 February 2011

මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට තවත් ප‍්‍රහාරයක් එල්ල කරමින්, ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව, කොලඹ අගනුවර සහ ප‍්‍රාදේශීය සභා 15ක් ඇතුලු මූලික පලාත් පාලන ආයතන 19ක මැතිවරන "කල් දමා” ඇත. පලාත් පාලන මැතිවරන මාර්තු 17 දා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාරගැනීම පසුගිය සතියේ අවසන් විය. එහෙත් ආන්ඩුව විසුරුවා හැර ඇත්තේ පලාත් පාලන ආයතන 335න් 301ක් පමනි.

මෙම කල්දැමීම සඳහා ඉදිරිපත් කර ඇති තුනී කඩතුරාව වන්නේ පෙබරවාරි හා මාර්තු මාසවල නගර හතරක -- කොලඹ, මහනුවර, ගාල්ල සහ හම්බන්තොට -- ලෝක කුසලාන කි‍්‍රකට් තරග පැවැත්වීමට නියමිතව තිබීමයි. කෙසේවෙතත්, ආන්ඩුවේ ප‍්‍රකාශක සුසිල් පේ‍්‍රමජයන්තට අනුව, ලෝක කුසලාන තරග හමාර වීමෙන් පසුව පවා, "තව වසරකට පලාත් පාලන ආයතන කි‍්‍රයාත්මක වීමට ඉඩ දෙනු” වස් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය හදිසි නීති බලතල යොදාගනු ඇත.

කොලඹ සම්බන්ධයෙන් ගත හොත්, එහි මහ නගර සභාව කි‍්‍රයාත්මක වන්නේ නැත. අගනුවර මධ්‍යයේ පිහිටි පැල්පත්වලින් පවුල් 66,000ක් ඉවත් කිරීමේ සැලසුම් මධ්‍යයේ කොලඹ මහ නගර සභාව විසුරුවා හැර එය ආන්ඩුවෙන් පත් කරන ලද කොමසාරිස්වරයකුගේ පාලනයට යටත් කර ඇත. සාම්ප‍්‍රදායිකව විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් බලය දරන ලද කොලඹ නගරය සඳහා මැතිවරනයක් නොපැවැත්වීමේ තීන්දුවේ එල්ලය වන්නේ විරුද්ධත්වයක් ප‍්‍රකාශ වීමේ මොන යම් හෝ ඉඩකඩක් අවුරුවාලීමයි.

ජනයා ඉවත් කිරීම අධීක්ෂනය කිරීමට බලමුලු ගැන්වුනු ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර දැනටමත් ගැටුම් හටගෙන ඇත. ආන්ඩුව, එලෙස නිවාසවලින් ඉවත් කිරීම කි‍්‍රයාවට දැමීම සඳහා වගකිව යුතු නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන මන්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

පොලීසියේ පිටුබලය ද සහිතව, නාගරික සංවර්ධන අධිකාරිය පදික වෙලඳුන්ට ද තහංචි පනවා, කොලඹ, මහනුවර, ගාල්ල, රත්නපුරය සහ නුවර එලිය ඇතුලු මහ නගර සභා බල ප‍්‍රදේශ ගනනාවකින් ඔවුන් ඉවත් කර ඇත. විශේෂයෙන් කොලඹ නගරය දකුනු ආසියාවේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ද සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇද ගැනීමට ද ආන්ඩුව උත්සාහ කරයි.

මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩීම සමස්තයක් ලෙස ආන්ඩුවේ ආර්ථික න්‍යාය පත‍්‍රයේ කම්කරු පන්ති-විරෝධී ස්වභාවය සමග බැඳී පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අනුව යමින්, ජනාධිපති රාජපක්ෂ, මිල සහනාධාර, සුභසාධන සේවා, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය කප්පාදු කිරීම ඇතුලු, වැඩ කරන ජනතාව මත අලුත් බර පටවන, රුදුරු කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් සිටී.

ආයතන 301ක් සඳහා පලාත් පාලන මැතිවරන පැවැත්වෙනු ඇතත්, මෙම අභ්‍යාසය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් නම් නොවේ. මීට මාස 18කට ඉහත දී මිලිටරිය බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කලා වුවත්, රාජපක්ෂ හදිසි නීති පාලනය පවත්වා ගෙන විත් තිබේ. වර්ජන හා විරෝධතා තහනම් කිරීම ඇතුලු, පුලුල් බලතල ජනාධිපතිට ලබා දෙන, හදිසි නීතිය යුක්තියුක්ත කරනු වස් ආන්ඩුව කියා සිටින්නේ, "විදේශ කුමන්ත‍්‍රනයක” සහාය ලබමින් එල්ටීටීඊය යලි සංවිධානය වීමේ යෙදී සිටින බවයි.

එමෙන් ම, පාලක සභාගය, මැතිවරන ව්‍යාපාරය තුල දී සිය වාසිය වෙනුවෙන්, රාජ්‍ය-සතු මාධ්‍ය හා සෙසු රාජ්‍ය සම්පත් මත තමන්ට පවත්නා පාලනය ලැජ්ජා විරහිත ලෙස ගසාකනු ඇත. පසුගිය වසරේ ජනාධිපතිවරනයෙන් පසුව, විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා ගෙතූ චෝදනා මත සිරගත කොට වරදකරු කරනු ලැබීම මගින් ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය අවධාරනය කෙරෙයි.

පාලන තන්ත‍්‍රයේ මහත්ම භීතියට හේතු වී ඇත්තේ, බඩු මිල ඉහල යාම, විරැකියාව හා පොදු සේවාවන්ගේ කප්පාදුව අරබයා සාමාන්‍ය වැඩ කරන ජනතාව අතර වැඩෙන අසන්තෘප්තිය පුපුරා යනු ඇත යන්නයි. රාජපක්ෂ සහ පාලක සභාගය, පසුගිය වසරේ ජනාධිපතිවරනය හා මහ මැතිවරනය තුල දී ඔවුන් දුන් සියලු පොරොන්දු බිඳ දමා ඇත. ආන්ඩුව වෙතින් පමනක් නොව සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතය වෙතින් ම පුලුල්ව පැතුරුනු මහජන විරසකවීමක් පවතී.

පලාත් පාලන ආයතන සියල්ලේම මැතිවරන පැවැත්වුව හොත් තමන් පරාජයට පත් වෙතැයි ආන්ඩුව බිය වී ඇතැයි එජාප මහ ලේකම් තිස්ස අත්තායක ප‍්‍රකාශ කලේය. එහෙත් ශී‍්‍ර ලංකාවේ වත්මන් නිදහස් වෙලඳ පොල න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීමට මූලිකත්වය ගත් දක්ෂිනාංශික එජාපයට මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හෝ ඔවුන්ගේ ජීවන මට්ටම් කඩාවැටීම ගැන හෝ කිසිදු සහානුමතියක් නැත. ජනයා නිවාසවලින් ඉවත් කිරීමට විරුද්ධ බව එය කියාපාන නමුදු, අතීතයේ දී එජාපය එලෙස පැල්පත් කඩාදැමීමේ තමන්ගේ ම වැඩපිලිවෙලවල් ක්ෂමාවිරහිත ලෙස කි‍්‍රයාවට දැමීය.

අනෙක් ප‍්‍රධාන විරුද්ධ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), කි‍්‍රකට් ලෝක කුසලානය නිසා මැතිවරන කල්දැමීමේ ආන්ඩුවේ තීන්දුව සමච්චලයට ලක් කලේ, ආන්ඩුවට "තමන්ගේ ම වැඩකටයුතු කලමනාකරනය කර ගැනීමට පවතින නොහැකියාව” එමගින් පෙන්නුම් කෙරෙන බව ප‍්‍රකාශ කරමිනි. "රැවටිල්ලට නිමාවක්, මහජනතාවට නව ආරම්භයක්” යන පක්ෂයේ මැතිවරන තේමාව නිවේදනය කරමින්, ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කලේ, ආකාරගත නිදහසේ සිට මේ දක්වා වසර 63ක් තිස්සේ විවිධ පොරොන්දු මගින් මහජනතාව රවටනු ලැබ ඇති බවයි.

එහෙත් සිංහල ස්වෝත්තමවාදයේ කර වටක් ගිලී සිටින, එල්ටීටීඊයට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්, ජවිපෙ, විකල්පයක් නොවේ. 1960 ගනන්වල පක්ෂය ආරම්භක කල අවස්ථාවේ සිට මේ දක්වා ම, ජවිපෙ ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකෙන් ඒ හෝ මේ පක්ෂය සමග සහයෝගී වී තිබේ. එහි මන්තී‍්‍රවරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවේ කැබිනට් මන්ඩලයේ සේවය කල අතර, 2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයට ගෙන ඒම සම්බන්ධයෙන් එය සෘජුවම වගකිව යුතු විය.

ජවිපෙ 2006 මැද එල්ටීටීඊයට එරෙහිව රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට සහාය දුන් අතර, එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කොටසක් ලෙස සිටියේය. එය පසුගිය වසරේ දී සිය පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති ෆොන්සේකාට සහාය දෙනු වස් එජාප සමග එක් විය. ඉන් පසුව ජවිපෙ පසුගිය අපේ‍්‍රල් මහ මැතිවරනය තරග කරනු වස් ෆොන්සේකාගේ ආධාරකරුවන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය (ප‍්‍රජාස) තැනීය.

ප‍්‍රජාස දැන් බිඳී යමින් තිබෙන බවත් පෙනී යයි. එහි මන්තී‍්‍රවරු දෙදෙනෙකු වන, ෆොන්සේකාගේ ආධාරකරුවන් ද වන, ටිරාන් අලස් සහ අර්ජුන රනතුංග, තමන්ට හා ෆොන්සේකාට එජාපයේ සාමාජිකත්වය ලබාගනු වස් එජාප සමග සාකච්ඡා පවත්වා තිබේ. ජවිපෙ තමන්ගේ ම පක්ෂයේ සලකුන යටතේ පලාත් පාලන මැතිවරනයට තරග වදින නමුත් තමන් ප‍්‍රජාස සමග වැඩ කරන බව ද දිගටම ප‍්‍රකාශ කරයි.

ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), කොලඹ පාලනය තුල සිය කේවල් කිරීමේ හැකියාව ශක්තිමක් කරගනු වස් මැතිවරන යොදාගැනීමට උත්සාහ කරයි. අයිලන්ඩ් පත‍්‍රයට කතා කරමින්, ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් මෙසේ ප‍්‍රකාශ කලේය: "ජාතික ගැටලුවට විසඳුමක් ලබාගැනීම පිනිස ආන්ඩුව සමග ගෙන යන සාකච්ඡා සඳහා එලඹෙන පලාත් පාලන මැතිවරනවල දී පක්ෂයේ අත ශක්තිමත් කිරීම දෙමල ජනතාවට තීරනාත්මක වනු ඇත. . . .”

කලින් එල්ටීටීඊයේ හොරනෑව ලෙස කි‍්‍රයා කල ටීඑන්ඒ රාජපක්ෂ ආන්ඩුව සමග දේශපාලනික සංහිඳියාවක් ඇති කරගැනීමේ උත්සාහයක යෙදී සිටී. එය යුද්ධයට "දේශපාලන විසඳුමක්” සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමග සාකච්ඡා පවත්වා ඇත. එල්ටීටීඊයේ පරාජයෙන් පසුව සාමාන්‍ය දෙමල ජනයා අත්විඳින ඉරනම සම්බන්ධයෙන් උත්සුකතා මතුරන නමුදු, ටීඑන්ඒ සංවිධානයේ මූලික අරමුන වන්නේ, දෙමල පාලක ප‍්‍රභූව සඳහා සීමිත සහන සහතික කරගැනීමයි.

ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ වටා කැරකෙන තවත් කොටසක් නම් නව සමසමාජ පක්ෂයේ (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) හිටපු රැඩිකලුන් ය. නසසප සමහර පලාත් පාලන ආයතන තරග කරනු වස් එසප සමග එක සන්ධානයක් තනා ඇති අතර දෙමල කතා කරන වතු කම්කරුවන් අතර ප‍්‍රධාන වසයෙන් පාදකව සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්), එක්සත් කම්කරු පෙරමුන (යූඩබ්ලිව්එෆ්) සහ කඳුරට මහජන පෙරමුන (යූපීඑෆ්) සමග තවත් එකමුතුවක් ද ගොඩනගාගෙන තිබේ.

පසුව සඳහන් සන්ධානයේ තුච්ඡ ස්වභාවය අවධාරනය වන්නේ, මෑතක් වන තුරුම යූඩබ්ලිව්එෆ් හා යූපීඑෆ් රාජපක්ෂ ආන්ඩුවේ කොටස්කරුවන් වූ අතර ඞීපීඑෆ් දක්ෂිනාංශික එජාප සමග සන්ධානයක කොටස්කරුවන් වී ය යන කාරනාවෙනි. පසුගිය වසරේ මහ මැතිවරනයේ දී, නසසප, ටීඑන්ඒ වෙතින් බිඳී ගිය එම්.කේ. ෂිවාජිලිංගම් සමග පෙරමුනක් තැනීය. දැන් ඔහු යලිත් වරක් ටීඑන්ඒ ධජය යටතේ මැතිවරනය තරග කරයි.

ඉරිදා ලක්බිමනිව්ස් පත‍්‍රයට ලියමින්, නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න, "සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවනතාවක උපත” ලෙස නව සන්ධානයට හුරේ දැමීය. තමන් ට්‍රොට්ස්කිවාදියකු බවට කලින් සාවද්‍ය ලෙස කියාපා ඇති කරුනාරත්න, දැන් තමා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, එනම් ප‍්‍රතිසංස්කරනවාදී, කන්ඩායමක කොටසක් බව විවෘතවම ප‍්‍රකාශ කරයි. මෙම සන්ධානය වනාහි, කම්කරු පන්තිය දේශපාලන සංස්ථාපිතයේ ඒ හෝ මේ කන්ඩායමට ගැටගැසීමේ එල්ලය ඇතිව නසසප හා එසප විසින් සිදු කරන ලද දීර්ඝ අවස්ථාවාදී උපාමාරු රැල්ලේ හුදෙක් නවතම පියවර පමනි.

පලාත් පාලන මැතිවරන කල්දැමීමේ තීන්දුව, වැඩ කරන ජනතාව මත නව බර පටවමින් සිටින රාජපක්ෂ තන්ත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ මෑතම සනාතනයයි. මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගැනීමේත් ශිෂ්ඨ සම්පන්න ජීවන මට්ටම් සඳහා සටන් වැදීමේත් එකම මාවත වැටී ඇත්තේ, පාලක පන්තියේ සියලු කන්ඩායම් වෙතින් මුලුමනින්ම දේශපාලනිකව බිඳීම හරහාය. අවශ්‍යව ඇත්තේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය උදෙසා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දැමීම පිනිස කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම සහ ඔවුන් පිටුපස නාගරික හා ගම්බද ජනයා බලමුලුගැන්වීමයි. සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය එයයි.