ශී‍්‍ර ලංකාව: නසසප දෙමල කම්කරුවන්ට හා තරුනයන්ට නව උගුලක් සූදානම් කරයි

Sri Lanka: NSSP prepares new trap for Tamil workers and youth

By Athiyan Silva and Antoine Lerougetel, 7 January 2011

නව සමසමාජ පක්ෂය (නසසප) නමැති හිටපු රැඩිකල් සංවිධානයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න පසුගිය නොවැම්බරයේ දී බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදුනි. තමන් තවමත් "සමාජවාදියකු” බවට විටින් විට කරන ඔහුගේ කියාපෑම් කෙසේවෙතත්, ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ නව-විජිතවාදී ආක‍්‍රමනික යුද්ධවල නිරතව සිටින්නා වූ ද ශී‍්‍ර ලංකාව සම්බන්ධ සිය අවශ්‍යතාව එරට මානුෂ්‍ය හා මූලෝපායික වත්කම් සූරාකෑම පමනක් වූ ද බලයන් වන බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සමීප සන්ධානයකින් කි‍්‍රයාත්මක වන ධනේශ්වර දෙමල දේශපාලන කන්ඩායම්වලට ඔහු පූර්න සහයෝගය පල කලේය.

1978 දී පක්ෂය පිහිටු වූ දා පටන් මේ දක්වා ම, වාම මුහුනක් පවත්වා ගෙන යාමට උත්සාහ දරන අතරම, නසසප, ශී‍්‍ර ලංකාවේ විවිධ ධනේශ්වර පක්ෂ සමග කැත උපාමාරුවල අනවරතයෙන් යෙදී ඇත. ඒ එම පක්ෂ නොනැවතී දකුනට ගමන් කරද්දීම ය. සිය බි‍්‍රතාන්‍ය සංචාරය පුද්ගලික එකක් යයි කරුනාරත්න කියාසිටි නමුත් ඔහු දෙසැම්බර් 7 දා ලන්ඩනයෙන් පිටත් වීමට පෙර දේශපාලන රැස්වීම් හා සාකච්ඡා 20කට සහභාගි විය.

දෙමල ධනේශ්වර ජාතිකවාදී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ සහයෝගය ලබන බි‍්‍රතාන්‍ය දෙමල සංසදය (බීටීඑෆ්) සමග "වාම පෙරමුනක්” තැනීම පිනිස කරුනාරත්න ගිවිසුමක් අත්සන් කලේය. 2009 මැයි මස ශී‍්‍ර ලංකා හමුදාව එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව එය කොටස් ගනනාවකට බිඳී ගිය අතර ඉන් එකක් බීටීඑෆ් ය.

බීටීඑෆ් විසින් සංවිධානය කරන ලද රැස්වීම්වලට කරුනාරත්න මහත් උද්යෝගයකින් සහභාගි විය. ශී‍්‍ර ලංකාවේ ඊනියා "වාම පෙරමුනේ” මේ නායකයා නොවැම්බර් 25 දා පැවති සව්ත් හැරෝ රැස්වීමේ දී මෙසේ ප‍්‍රකාශ කලේය: "අප රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙන එනු පිනිස බි‍්‍රතාන්‍ය දෙමල සංසදය සමග වැඩ කිරීමට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සහ නසසප වෙනුවෙන් අප එකඟ වී ඇත.”

එල්ටීටීඊය මෙන්ම, බීටීඑෆ් ද ස්වාධීන ධනපති රාජ්‍යයක් තැනීම පිලිබඳ ජාතිකවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන අතර බටහිර අධිරාජ්‍යවාදී බලවේගවල හොඳහිත දිනාගැනීමට විවෘතව වැඩකරයි. 2009 මැයි දිනය දා පැරිසියේ දී, ලක්ෂ සංඛ්‍යාත ප‍්‍රන්ස කම්කරුවන් සාර්කොසි ආන්ඩුවේ සමාජ වියදම් කප්පාදුවලට, රැකියා අහිමි වීමට හා වැඩෙන දරිද්‍රතාවට එරෙහිව පෙලපාලි දක්වද්දී, එල්ටීටීඊ ආධාරකරුවෝ යලිත් වරක් සිය පන්ති සහානුමතිය පවතින්නේ කා සමග ද යන්න විදහා දැක්වූහ. ඔවුන් පෙලපාලිවලට සහභාගි වූයේ "අපට සහයෝගය දෙන්න” යන්න සඳහන් ධජ සමග ඔබාමාගේ, බ‍්‍රව්න්ගේ, සාර්කොසිගේ හා ජර්මනියේ ඇන්ජෙලා මර්කල්ගේ පින්තූර ඔසවාගෙන ය.

පෙබරවාරි 24 දා, බීටීඑෆ් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ගෝලීය දෙමල සංසදය (ජීටීඑෆ්) තැනීම පිනිස මුලුමනින්ම මූලිකත්වය ගත්තේය. ජීටීඑෆ් යනු තමන් දෙමල ඩයස්පෝරාවේ "අව්‍යාජ හඬ” බවට මවා පෙන්වන නව සංවිධානයකි. එයට සමස්ත බි‍්‍රතාන්‍ය දේශපාලන සංස්ථාපිතයේ ද එක්සත් ජනපද ආන්ඩුවේ ද ආශිර්වාදය ලැබුනි.

එවකට බි‍්‍රතාන්‍යයේ ලේබර් අගමැති ගොර්ඩන් බ‍්‍රව්න් සහ විදේශ ලේකම ඩේවිඩ් මිලිබෑන්ඩ් ජීටීඑෆ් නියෝජිතයන් හමුවිය. කොන්සර්වෙටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ විලියම් හේග් සහ ඔහුගේ ලිබරල් ඩිමොක‍්‍රැටික් සමයකු වූ එඩ් ඩෙවරි ජීටීඑෆ් සම්මේලනය ඇමතීය. කොන්සර්වෙටිව් පක්ෂ නායක ඩේවිඩ් කැමරන් (වත්මන් අගමැති) සහ ශී‍්‍ර ලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපති සහ දැන් දකුනු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සම්මේලනයට සුභපැතුම් එවීය. "ජනාධිපති ඔබාමාගේ මිතුරා” ලෙස හඳුන්වා දෙනු ලැබූ පූජක ජෙසී ජැක්සන් ජීටීඑෆ් පිහිටුවීමට සුභපතමින් කතාවක් ද කලේය.

නොවැම්බරයේ දී, කරුනාරත්න ශී‍්‍ර ලංකාවේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පුනස්ථාපනය කිරීම සඳහා ධනපති-ගැති බීටීඑෆ් සමග සිය එකඟතාව ප‍්‍රකාශයට පත් කරද්දී, කොන්සර්වෙටිව්-ලිබරල් ඩිමොක‍්‍රැටික් ආන්ඩුව විසින් යෝජනා කෙරෙන, විශ්වවිද්‍යාල ගාස්තු දැවැන්ත ලෙස ඉහල දැමීමට හා ඔවුන්ගේ අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව, දහස් සංඛ්‍යාත ශිෂ්‍යයන් හා ගුරුවරු ලන්ඩන් ඇතුලු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන නගර සියල්ලේම වීදිවල පෙලපාලි දක්වමින් සිටියහ.

සිසුන්ට පහර දීම පිනිස කැරලි මර්දන පොලීසිය යොදාගත් බි‍්‍රතාන්‍ය ආන්ඩුව විසින් පෙලපාලිකරුවෝ පෙර නොවූ විරූ මෘග මර්දනයකට ලක් කරන ලදි. බි‍්‍රතාන්‍ය විරෝධතා, යුරෝපය පුරා ප‍්‍රන්සයේ, අයර්ලන්තයේ, ග‍්‍රීසියේ, පෘතුගාලයේ හා ඉතාලියේ දරුනු කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට එරෙහි කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ වර්ජන හා විරෝධතා දැක්වීම් රැල්ලක කොටසක් විය.

කරුනාරත්න මෙම පෙලපාලිවලට කොහෙත්ම සහභාගි නොවීය. ඔහුගේ එකම උත්සුකතාව වූයේ බීටීඑෆ්හි, එය හරහා, අධිරාජ්‍යවාදී බලවේගවල, හොඳහිත දිනාගැනීමයි.

නසසප නායකයා, මහා විරු දිනය සමරනු වස් බීටීඑෆ් සහ එල්ටීටීඊ ආධාරකරුවන් විසින් නොවැම්බර් 27 දා ලන්ඩනයේ සංවිධානය කරන ලද රැස්වීමක "විශේෂ අමුත්තෙක්” විය. ඔහු එහි දී කතාවක් ද පැවැත්වීය. නාමිකව, ශී‍්‍ර ලංකා හමුදාව සමග පැවති යුද්ධයේ දී මිය ගිය එල්ටීටීඊ සටන්කරුවන්ට ගෞරව දැක්වීම පිනිස, එල්ටීටීඊය සහ එයට සම්බන්ධිත කන්ඩායම්, පසුගිය වසර 26 තිස්සේ මහා විරු දින උත්සව සංවිධානය කලහ. 2009 මැයි මස සිය මරනය වන තෙක්ම, එල්ටීටීඊ නායක වී. ප‍්‍රභාකරන්, එල්ටීටීඊ දේශපාලනයේ අලුත්ම හැරීම් හා වෙනස්කම් නිවේදනය කරනු පිනිස මෙම වාර්ෂික අවස්ථාව යොදා ගත්තේය.

බීටීඑෆ්, කරුනාරත්න සමග සන්ධානයක් තනා නොවැම්බරයේ දී ලන්ඩනයේ මහා විරු දින වේදිකාවේ අන් අය සමගින් ඔහු ද ප‍්‍රවර්ධනය කලේ ය යන්න, නසසප සහයෝගී වන කොලඹ සංස්ථාපිතයේ කොටස් වෙත ඔවුන්ගේ පෙලගැස්ම පෙන්නුම් කරන දර්ශකයකි.

සිය කතාවේ දී කරුනාරත්න මෙසේ ප‍්‍රකාශ කලේය:"ශී‍්‍ර ලංකාවේ අනුප‍්‍රාප්තික සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු විසින්, අවසාන වසයෙන් එහෙත් ඊට පෙර ආන්ඩුවලට දෙවෙනි නොවන ආකාරයකින් මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රය විසින්, දෙමල ජනයා ඝාතනය කරනු ලැබ තිබේ.” ඔහු මෙසේ ද පැවසීය:"දෙමල ජනයාට එරෙහි මෙම ජනඝාතනය කි‍්‍රයාවට දමනු පිනිස තෝරාගනු ලැබූ (හිටපු හමුදාපති) සරත් ෆොන්සේකා ද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගෙදර දුක් විඳීම ඉතිහාසයේ සරදමකි.” ඔහු තව දුරටත් කියා සිටියේ, "මෙම යුද්ධය දියත් කරන ලෙස මහින්දට බල කල, එය දිරිගැන්වූ හා ඒ වෙනුවෙන් උද්ඝෝෂනය කල” ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) "දැන් එම තන්ත‍්‍රයේ ම ප‍්‍රහාරයට ලක්ව ඇති” බවයි.

ෆොන්සේකාට සිංහල ස්වෝත්තමවාදී ජවිපෙට කරුනාරත්න කල සැඳහුම හොඳින්ම හිතාමතා කල එකකි. ඔවුන් දෙමල ජනයා සමග එකම බෝට්ටුවේ සිටින අය ලෙස පින්තාරු කිරීම මගින්. ඔහු වගාදිගා කරන්නේ, කොලඹ විරුද්ධ පක්ෂ, එයට ප‍්‍රතිකූල ඔවුන්ගේ සමස්ත ඉතිහාසයම කෙසේවෙතත්, එය නොතකා, දෙමල ජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුක්ත ය යන අදහසයි.

පසුගිය ජනවාරියේ දී, ජනාධිපතිවරනයට පෙරාතුව, නසසප සහ වාම වෙස් ගත් එක්සත් සමාජවාදී පක්ෂය (එසප), දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ එහි ධනපති-ගැති සගයකු වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය (ශී‍්‍රලනිප-මපා) සමග "නිදහසේ වේදිකාව” ට එක් විය. එජාප සහ ජවිපෙ බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි "පොදු අපේක්ෂකයකු”ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දුන්නේය.

"නිදහසේ වේදිකාව” ට එක් වීම මගින්, එසප සහ නසසප, එජාපයට සහ එහි සගයන්ට "ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්”ලෙස තමන්ව ප‍්‍රවර්ධනය කර ගැනීමට ද එනයින් රාජපක්ෂට එරෙහි "ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පය” ලෙස ෆොන්සේකාට සහයෝගය දීමේ එජාප ව්‍යාපාරයට ද උදව් දී තිබුනි. ෆොන්සේකා, රාජපක්ෂ සහ ආන්ඩුවේ සිටින ඔහුගේ ඇමතිවරුන් සමග, යුද්ධයේ අවසන් මාස ගනනාව තුල දෙමල සිවිල් වැසියන් දහස් ගනනින් මරාදැමීම ඇතුලු, යුද අපරාධ සම්බන්ධයෙන් සෘජුව ම වගකිව යුතු ය. යුද්ධය අවසන් වීමෙන් පසුව, ෆොන්සේකා, රාජපක්ෂ සමග විරසක වූ අතර, රාජපක්ෂ තමන්ට දේශපාලන තර්ජනයක් වීමේ විභවයක් ඉවත් කරනු පිනිස ගෙතූ චෝදනා මත ඔහු වරදකරුවකු කලේය.

පසුගිය ඔක්තෝබරයේ දී, ජවිපෙ සරත් ෆොන්සේකා වරදකරුවකු කොට සිරගත කිරීමට විරුද්ධව කොලඹ දී විරෝධතා සංවිධානය කල අතර, එජාප, නසසප සහ එසප ඒවාට සහභාගි විය. එම මාසයේ දී ම, ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු පිනිස, නසසප සහ එසප, ජවිපෙ හා එජාප සමග එක් විය. කරුනාරත්න සහ එසප නායක සිරිතුංග ජයසූරිය කොලඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට එජාප සමග විරෝධතා ව්‍යාපාරයකට ද සහභාගි විය. ජවිපෙ සහ එජාප යනු, රාජපක්ෂගේ සාපරාධී යුද්ධයට මුලුමනින්ම සහයෝගය දුන්නා වූ ද මිලිටරිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරනු ලැබීම ආරක්ෂා කලා වූ ද, සිංහල වර්ගෝත්තමවාදයේ ගිලුනු ධනේශ්වර පක්ෂ ය.

නොවැම්බර් 25 දා, කරුනාරත්න, එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන සමග බි‍්‍රතාන්‍ය මහජන මන්තී‍්‍ර මන්ඩලයේ පැවති රැස්වීමකට ද සහභාගි විය. "යුද්ධය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ උතුරේ අවතැන් වූ ජනතාව යලි පදිංචි කිරීම ගැන සාකච්ඡා කිරීම ද ඔවුන්ගේ තත්වය වැඩි දියුනු කිරීම ද පිනිස” තමන් ජයවර්ධන හමු වූ බව ඔහු මාධ්‍යවලට පැවසීය. යථාර්ථය නම්, ඔහුගේ හමුව මෙම දක්ෂිනාංශික පක්ෂය සමග නසසප ගෙන යන උපාමාරුවල කොටසක් වීමයි.

දැන් අපකීර්තියට පත්ව කැබලිවලට කැඩී ඇති බි‍්‍රතාන්‍යයේ ධනේශ්වර දෙමල සංවිධාන විසින් සංවිධානය කරන ලද රැස්වීම්වලට හා භෝජන සංග‍්‍රහවලට කරුනාරත්න සහභාගි වීම අහම්බයක් නොවීය. එය වනාහි, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය උදෙසා හතර වන ජාත්‍යන්තරය ගෙන යන අරගලයට උග‍්‍ර ලෙස විරුද්ධ වීමේ දිගු ඉතිහාසයක් සහිත, පැබ්ලෝවාදී අවස්ථාවාදී දේශපාලනය ම අඛන්ඩව ගෙනයාමකි. මෙම ද්‍රෝහිත්වය ශී‍්‍ර ලංකාව තුල පමනක් නොව, කම්කරු පන්තිය සමාජවාදී පක්ෂය සහ සෙසු "වාම” පක්ෂවලටත් ඔවුන්ගේ වෘත්තීය සමිති සගයන්ටත් ගැටගැසීමට උත්සාහ කරන, නව ධනවාදී විරෝධී පක්ෂය (එන්පීඒ) සමග ප‍්‍රන්සය තුල ද පවතී.

ශී‍්‍ර ලංකාවේ පසුගිය ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී, හමුදා වාඩිලෑම යටතේ පවතින, උතුරේ හා නැගෙනහිර ජනගහගනයෙන් සියයට 78ක් සිය ඡන්ද අයිතිය පාවිච්චි කලේ නැත. එමගින් පෙන්නුම් කෙරුනේ, දෙමල කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවට, රාජපක්ෂ ආන්ඩුවත් එල්ටීටීඊය ඇතුලු දෙමල හා සිංහල ධනපති පක්ෂත් වාමාංශිකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා පක්ෂත් සම්බන්ධයෙන් පවතින්නේ අතිශය පිලිකුලක් පමනක් බවයි.

මෙම ධනේශ්වර පක්ෂවලින් කුමක් හෝ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුනස්ථාපනය කිරීමට” සමත් වනු ඇත යනුවෙන් කියාපෑම මගින් නසසප නායකයා නිර්මානය කරන්නේ භයානක උගුලකි. ශී‍්‍ර ලංකාවේ සහ එතෙර සිංහල හා දෙමල කම්කරුවන් සහ ශිෂ්‍යයන්, සමාජ සමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උදෙසා අරගලයට බාධාවන් වන එවන් පන්ති-සහයෝගිතාවාදී සංවිධාන පිලිකුලෙන් යුක්තව ප‍්‍රතික්ෂේප කල යුතුය. සමාජ සමානතාව හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සාක්ෂාත් කල හැකි වනුයේ, ජාත්‍යන්තරවාදී සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත දුගී ගොවීන් සමග සන්ධානයකින් කම්කරු පන්තිය ස්වාධීනව විප්ලවවාදී ලෙස බලමුලු ගැන්වීම මගින් පමනි.

the WSWS | Contact Us | Privacy Statement | Top of page