තරුනයන්ට රැකියාවක් සඳහා අයිතියක් තිබේ!

Young people have the right to a job!

Statement of the International Students for Social Equality, 6 June 2011

ගිම්හාන පාසල් නිවාඩුව ඇරඹීමත් සහ උසස් පාසල් හා විද්‍යාලවලින් මිලියන ගනනින් ශිෂ්‍යයන් උපාධි ලබා පිටවීමත් සමග එක්සත් ජනපදයේ සෑම තැනකම තරුන ජනතාවට එක් මූලික ප‍්‍රශ්නයකට මූහුන දීමට සිදුව තිබේ: එනම්, රැකියා නොමැති කමයි.

ගිම්හාන පාසල් නිවාඩුව ඇරඹීමත් සහ උසස් පාසල් හා විද්‍යාලවලින් මිලියන ගනනින් ශිෂ්‍යයන් උපාධි ලබා පිටවීමත් සමග එක්සත් ජනපදයේ සෑම තැනකම තරුන ජනතාවට එක් මූලික ප‍්‍රශ්නයකට මූහුන දීමට සිදුව තිබේ: එනම්, රැකියා නොමැති කමයි.

තරුනයන්ගේ රැකියා විරහිත භාවයේ ප‍්‍රතිශතය විනාශකාරී ය. එය සියයට 18.4 කි. සිය ගනන් තරුනයෝ සොයා ගත හැකි කුමන හෝ රැකියා අවස්ථාවක් සඳහා ඉල්ලුම් කරති. විද්‍යාල උපාධිධාරීන් තම ඉල්ලුම් පත් ඉදිරිපත් කරන නමුත් කිසිදු ප‍්‍රතිඵලයක් නොලබන අතර අවසානයේ රැකියාවක් ලැබුනහොත් එය ද ක්ෂනික ආහාර අලෙවි කරන ආපන ශාලාවක හෝ වෙලඳසැලක අඩු වැටුපක් සඳහා සේවය කිරීමට ලැබීමට වඩා වැඩි යමක් නොවේ.

මේ අතර පාසල් වසා දැමෙමින් තිබෙන අතර විද්‍යාලවලට ඇතුලත් කිරීම සීමා කරමින් පවතී. සෑම දිනකම උසස් තත්වයේ අධ්‍යාපනයක් සඳහා ඇති අවස්ථාව බොහෝ තරුන ජනතාවකගෙන් උදුරා ගනු ලැබේ. සියදහස් ගනනින් ගුරුවරුන් හා අධ්‍යාපන ආතන සේවකයන් ඉවත් කරමින් තිබෙන අතර තවත් සියදහස් ගනනක් එම රැකියා සඳහා පිවිසීමට අපේක්ෂාවෙන් සිටිති. පන්ති කාමර උවමනාවට වඩා පිරී යාම නිසා ශිෂ්‍යයන්ට පාසල් අතහැර යාමට බල කෙරෙයි.

මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ වැඩකරන ජනතාවගේ පවුල් දිනපතා වර්ධනය වන මහා විරැකියාව, කම්හල් වසා දැමීම හා දුප්පත් කම ඉහවහායන කොන්දේසි යටතේ ය.

ලෝකය තුල තම අනන්‍යතාවයේ සලකුන තැබීමට ඇති අයිතිය සමස්ථ පරම්පරාවකටම අහිමි කර ඇත. වැඩ කිරීම, ඉගෙනීම හා නිර්මානය කිරීම වෙනුවට තරුන ජනතාවට සිදුව ඇත්තේ නිකරුනේ කාලය කා දමමින් හා අධික ශ‍්‍රමය වගුරමින් තම ශක්තීන් අපතේ හැරීමට ය. විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට රැකියාවක් සොයා ගැනීමට වාසනාව ලද්දවුන්ට සෙසු ජීවිත කාලය ම තමන් ලබා ගත් අධ්‍යාපන නය පියවීමට නො හැකිව බැංකුවලට ගිවිසුම් ප‍්‍රකාරව ගැතිකම් කිරීමට යටත් ව ජීවත් වීමට සිදු වීමේ යථාර්ථය සමග පොර බැදීමට සිදු වී ඇත.

එක්සත් ජනපද සමාගම්, මේ අතර තුර, වෙන කවරදාටත් වඩා වැඩියෙන් මුදල් උපයාගෙන තිබේ. නමුත් වසර දෙකකට පසුව වාර්තාගත ලාභ ලබා ගැනීමෙන් පසුව ද තවමත් එම සමාගම් රැකියා ලබා දීම ප‍්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට ආහාර හා ඉන්ධන මිල ඉහල දමමින් ඔවුහු මුදල් ඩොලර් ටි‍්‍රලියන ගනනින් ඒකාරාශී කරමින් හෝ සමපේක්ෂන සූදුව සඳහා මුදල් යොදා ගනිති.

වසර තුනකට පෙර මිලියන ගනනින් තරුන ජනයා බැරක් ඔබාමාට සහය පල කර ඔහුට ඡන්දය දුන්නෝ ය. එහෙත් ඔහු බලයට පත්වීමෙන් පසු තරුන ජනයාගේ අනාගතය උදුරා ගැනීම සඳහා ඔහුට ඇති බලතල යටතේ කල හැකි සෑම දෙයක් ම ඔබාමා සිදු කර තිබේ. ඔහුගේ පරිපාලනය ඩොලර් ටි‍්‍රලියන ගනනින් බැංකුවලට නය ලෙස ලබා දුන් නමුත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් වෙත ලබා දුන් නය මගින් අලුතින් රැකියා සඳහා බන්දවා ගන්නවුන් සහ තරුන ශ‍්‍රමිකයන් විසින් ද්‍රරිතා මට්ටමේ වේතන සඳහා සේවයේ නියුක්ත කිරීමට කොන්දේසි පනවන ලදී. මෙය සිදු කරනු ලැබූයේ සමස්ථ ශ‍්‍රම බලකායේම පඩි පත කප්පාදු කිරීම සඳහා ය.

ඔබාමා පරිපාලනය ඕනෑ කමින් ම ඉහල රැකියා වියුක්තියක් පිලිබඳ ප‍්‍රතිපත්තියක් අනුගමනය කලේ ය. මිලියන සංඛ්‍යාත මහජනයා විරැකියාවේ පත්ව සිටින කාලයක රැකියා තත්වයන් තවතවත් නරක අතර පත් කරනු ලැබෙන බව දැන දැනම, රිපබ්ලිකන් පක්ෂය සමග එක්වෙමින් ආන්ඩුව, සමාජ පොදු සේවා සඳහා යෙදවිය යුතු වියදම් ටි‍්‍රලියන ගනනින් කපා හරිමින් සිටිති.

ප‍්‍රාන්ත රාජ්‍යයන් හි ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකයන් යටතේ සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන වියදම් බිලියන ගනනින් කප්පාදු කිරීම මගින් අයවැය තුලනය කිරීමෙහි යෙදී සිටිය දී මධ්‍යම ආන්ඩුව ඊට සහය පල කලේ ය. පූර්ව පරම්පරාවේ තරුන ජනතාව බුක්තිවිඳි සෑම සමාජ ප‍්‍රතිලාභයක් ම කප්පාදුවට ලක් කර ඇත; ක‍්‍රීඩා හා විනෝද මධ්‍යස්ථාන, පිහිනුම් තටාක සහ ගිම්හාන වැඩසටහන් මෙන්ම පුස්තකාල ද වසා දමා ඇත.

මෙම ක‍්‍රියාමාර්ගයන් සාධාරනීකරනය කරමින් ඩිමොක‍්‍රටිකයන් මෙන්ම රිපබ්ලිකානුන් ද කියා සිටින්නේ ආන්ඩුවට මුදල් නොමැති කමයි. මෙයට හේතු ව නම්, පාසල්, විද්‍යාල හා සමාජ වැඩසටහන් සඳහා යෙදවිය යුතුව තිබු මුදල් බැංකුවලට ඇප තැබීමට, අවසානයක් නැති යුද්ධ පෙලකට සහ පෝසතුන්ට දශක ගනනාවක් තිස්සේ බදු සහන ලබා දීම යනාදියට නාස්තිකාර ලෙස වියදම් කිරීම ය. තරුන ජනතාවට අධ්‍යාපනය ලබා දීමට, පුහුනු කරවීමට හා රැකියා ලබා දීමට ප‍්‍රමානවත් මුදල් පවති. නමුත් ඒවා පාලක පන්තියේ සාක්කුවල පුස්කමින් තිබේ.

සමාජය මෙසේ විය යුත්තේ ඇයි? ආර්ථික පසුබෑමක් මධ්‍යයේ ගුරුවරුන් සේවයෙන් පහකරන්නේ ඇයි? මිලියන ගනනින් රැකියා විරහිතව පවතින විට පුස්තකාල වසා දමන්නේ ඇයි? මේ සියල්ල සිදුවන්නේ සමාජය මත පෝසතුන් ආඥාදායක්වය වන බැවිනි. සෑම මහා ප‍්‍රතිපත්තියක්ම පාලනය කරනු ලබන්නේ වෝල් විදියේ සමපේක්ෂකයන් හා සමාගම් විධායකයන් අතලොස්සක් විසිනි. මෙම පුද්ගලයන් කම්කරු පන්තිය මත සර්ව පාර්ශවීය යුද්ධයක් දිගේලි කර තිබෙන අතර, තරුන කම්කරුවන්ගේ අනාගතය අනතුරට ඇද දමා ඇත.

මෙම තත්වය ඉහලම පොහොසතුන් විසින් කර්මාන්ත ශාලා කාර්යාල සහ ගබඩා පාලනය කිරීමට සහ ඒවාට තමන් කැමති ඕනෑ දෙයක් කිරීමට හැකියාව ලබා දී ඇති ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිපලයකි; මහා රැකියා වියුක්තියක් මධ්‍යයේ වුව ද කම්කරුවන් සේවයට නො ගෙනීමට ඔවුන් තීන්දු කරන්නේ නම්, එවිට ද ධනේශ්වර ක‍්‍රමය කියා සිටින්නේ ඔවුනට ඒ සඳහා සියලු නෛතික හිමි කමක් ම පවතින බවයි.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය අවධාරනය කරන්නේ සෑම තරුනයෙකුට හා තරුනයිකට ම යහපත් අනාගතයකට, යහපත් අධ්‍යාපනය හා තම රුචිකත්වයට සරිලන හා හොඳින් වැටුප් ගෙවන රැකියාවකට අයිතිවාසිකමක් ඇති බවයි. මෙම අයිතීන් වැඩකරන පන්තියේ අන් සෑම අයිතිවාසිකමක් මෙන් ම ධනේශ්වර ක‍්‍රමය සමග පෑහෙන්නේ නැත.

සසජාශි කියා සිටින්නේ පුද්ගලික ලාභය සඳහා නොව, මෙම සමාජ අවශ්‍යතාවයන් සම්පූර්න කිරීම සඳහා සමාජය රැඩිකල් ලෙස පරිවර්තනය කල යුතු බවයි. වැඩි වශයෙන් ම වංචාවෙන් හා පරපෝෂිත භාවයෙන් කෝටිපතියන් විසින් ඒකරාශී කර ගෙන ඇති මහා ධනස්කන්ධය ඔවුන්ගේ සංතකයෙන් ගලවා ගත යුතු අතර සමාජයේ යහපත සඳහා යෙදවීමට පොදු මහජනයා වෙත පැවරිය යුතුයි. මහජනතාවට රැකියා ලබා දීම හා මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවයන් සපුරා ලීමේ පැහැදිලි අරමුනින් යුක්තව විශාල සමාගම් හා බැංකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පාලනය කිරීම හා ක‍්‍රියාත්මක කිරීම කල යුතුව ඇත.

සමාජවාදී සමාජයක් අන් කවරදාක වත් නො දුටු මහජනයා සඳහා වන ක‍්‍රියාකාරී වැඩසටහන් නිර්මානය කරනු ඇත. එය රටපුරා පාසල් ඉදිකරනු ඇති අතර දහස් ගනනින් නව ගුරුවරුන් පුහුනු කිරීම හා බඳවා ගැනීම කරනු ඇත. එය සෞඛ්‍ය සායන සහ පුස්තකාල ගොඩ නගනු ඇති අතර අබලන් වූ රටේ මාර්ග පද්ධතිය ප‍්‍රතිසංස්කරනය කරනු ඇත. එය සෑම අයෙකුට ම රැකියාවක්, සෑම අයෙකුට ම සෞඛ්‍ය ආරක්ෂනය හා සෑම අයෙකුට ම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම තහවුරු කරනු ඇත.

එවැනි සමාජයක් නිර්මානය කිරීම කල හැකිය. එහෙත් එයට සටනක් අවශ්‍යය. එක්සත් ජනපදයේ තරුන ජනතාව ඊජිප්තුව, ග‍්‍රීසිය හා ස්පාඤ්ඤ අරගල තුලින් පාඩම් ඉගෙන ගත යුතු ය. මෙම රටවල ජනතාව ද්‍රරිතාවයේ හා පොදු සේවාවන් කප්පාදු කිරීමේ ජීවන තත්වයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වීදිවලට බටහ. ඔවුන් පෙන්නුම් කලේ සෑම රටකම කම්කරුවන් හා තරුනයන් පොදු ප‍්‍රශ්න වලට හා පොදු සතුරෙකුට මූහුන දීගෙන සිටින බවයි: එනම් ධනවාදයයි. කෙසේ නමුත් ඔවුන් තවමත් ඔවුනට සහය දෙන ධනේශ්වරයට හිතවාදී පක්ෂ හා වෘත්තීය සමිති වලට එරෙහිව ස්වාධීන දේශපාලන ස්වරූපයක් නොගැනීම හේතුවෙන් ම පාලක පන්තියේ ගාමක බලය නවතා දැමීමට මේ දක්වා එම අරගලවලට නො හැකි වී ඇත.

කම්කරු පන්තියට තමන්ගේ ම දේශපාලන පක්ෂයක් අවශ්‍ය ය. එම පක්ෂය මහා ව්‍යාපාරිකයන් විසින් මිලදී ගෙන නඩත්තු කරන ඩිමොක‍්‍රටිකයන් හා රිබපබ්ලිකානුන් මත තම අයිතීන් දිනා ගැනීමට පීඩනය යෙදීමට යොමු නොවිය යුතු අතර බැංකුවල ඒකාධිපතිත්වය බිඳ සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන් වෙතට බලය දිනා ගැනීම සඳහා අරගලය කල යුතුය.

තරුන පරම්පරාවට තෝරා ගැනීම් දෙකක් තිබේ: එක්කෝ ඔවුන් සදාකාලික දුප්පත් කම හා රැකියා විරහිත භා ඉවසා සිටිය යුතුය. නො එසේ නම් එය සමාජය වෙනස් කිරීමේ සටනට පිවිසිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන සසජාශි නායකත්වය හා අරගලය සංවිධානය කරමින් සිටී. සසජාශියට බැඳී එහි කි‍්‍රයාමාර්ගය හා ඉතිහාසය අධ්‍යයනය කරන ලෙසත්, සමාජවාදය සඳහා අරගලයට උර දෙන ලෙසත් තරුන ජනයාගෙන් අපි ඉල්ලා සිටිමු.