මැද පෙරදිග නැගිටීම් පිලිබඳ ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක්

Sri Lankan SEP public meeting on Middle East uprisings

14 June 2011

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) "මැද පෙරදිග මහජන නැගිටීම් සහ නොනවතින විප්ලවය” යන මැයෙන් යාපනයේ ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාව පුරා රටවල් සමාජ කලබගෑනිවලින් සොලවාලනු ලැබ ඇත. මැයි 27 දා, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයෝ, පෙබරවාරි 11 දා මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසුව බලයට පැමිනි මිලිටරි ජුන්ටාවට එරෙහිව "දෙවන විප්ලවයක්” සඳහා කැඳවුම් කරමින් ඊජිප්තුවේ ප‍්‍රධාන නගරවල පෙලපාලි දැක්වූහ. විරෝධතාකරුවන් මිලිටරි ආන්ඩුව විප්ලවයට විවෘත තර්ජනයක් ලෙස හඳුනාගෙන සිටින බව එම පෙලපාලි මගින් පැහැදිලි විය.

ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෝ මෑත දී සිය සමිති නොතකා, සැලසුම් කෙරී ඇති විශ‍්‍රාම වැටුප් වැඩපිලිවෙලට එරෙහිව දැවැන්ත විරෝධතාවන්ට එක්වූහ. ආන්ඩුව එයට ප‍්‍රතිචාර දැක්වූයේ, බෙඳුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි දිග්ගැසුනු සිවිල් යුද්ධය තුල දී ගොඩනගන ලද හමුදාව යෙදවීමෙනි.

එක්සත් ජනපදයේ ද ගී‍්‍රසිය හා පෘතුගාලය වැනි යුරෝපීය රටවල ද කම්කරුවෝ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව විරෝධතා දක්වා තිබේ. මෙම අරගල සියල්ල ජාත්‍යන්තර පරිමානව විප්ලවවාදී නැගිටීම්වල නව අවධියක ආරම්භය සනිටුහන් කරයි.

මැද පෙරදිග සිද්ධීන් ද ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධයේ කටුක පාඩම් මෙන් ම, තහවුරු කරන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස කම්කරු පන්තිය විසින් බලය ගනු ලැබීම මගින් ම පමනි යනුවෙන් පැහැදිලි කරන ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයේ අදාලත්වයයි.

සසප රැස්වීම මැද පෙරදිග නැගිටීම්වල තීරනාත්මක දේශපාලන පාඩම් ද නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වූ විප්ලවවාදී ඉදිරිදර්ශනයක අවශ්‍යතාව ද සාකච්ඡා කරනු ඇත. එයට සහභාගි වන ලෙස අපි කම්කරුවන්ට, තරුනයන්ට, බුද්ධිමතුන්ට හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට ආරාධනා කර සිටිමු.

දිනය හා වේලාව: ජූනි 19 වන ඉරිදා සවස 3ට

ස්ථානය: යාපනයේ සමූපකාර ශාලාව

දේශක: සසප දේශපාලන කමිටු සාමාජික නන්ද වික‍්‍රමසිංහ