ජාතික "උද්යෝගිතා දින" විරෝධතාවන්ට ඉරාක නිලධාරීහු බිය පලකරති

Iraqi officials fear national “day of rage” protest

By Alex Lantier , 25 February 2011

ආන්ඩු විරෝධතා රට පුරා පැතිරෙද්දී, එක්සත් ජනපද හමුදා වාඩිලාගත් ඉරාකය තුල අදට නියමිත "උද්යෝගිතා දින” විරෝධතා සූදානම්වලට සීමා පැනවීමට ප‍්‍රමුඛ ඉරාක දේශපාලනඥයෝ උත්සාහ දරති.

මැද පෙරදිග සිසාරා මතු වූ විප්ලවීය අරගල රැල්ලෙන් ආස්වාදය ලැබ ඇරඹුන මහජන විරෝධතා මගින් රැකියා, ආහාර හා විදුලිය කප්පාදුව නතර කිරීමත්, ආන්ඩු දූෂන නවතා දැමීමත් ඉල්ලුම් කරයි. මේ විරෝධතා සමස්ත ඉරාකය පුරා පැතිර ඇත. එනම් කුර්දි බහුතරය ඇති උතුරේ සුලෙයිමනියා සහ කිර්කුක්හි සිට අගනුවර වූ බැග්ඩෑඩ් වලටත් ෂියාවාදී බහුතරයක් සහිත අරාබි දකුනේ බස්රා ඇතුලු නගර කිහිපයක් පුරාත් විරෝධතා පැතිර ඇත. (කියවන්න ‘ඉරාකය පුරා විරෝධතා පැතිරේ)

ඊයේ දින උතුරේ හලබ්ජා නගරයේ පොලීසියට එරෙහිව විරෝධතා පැවතින. එහි නගරාධිපති, ගොරාන් ඇඩම්, වාර්තා කල පරිදි එක් පොලිස් නිලධාරියකු මිය ගොස් තවත් තිදෙනෙකුට තුවාල විය. විරෝධතා කරුවන් අතර සිදු වූ මරන සම්බන්ධ ගනන් ඔහු සඳහන් නොකලේ ය.

පසුගිය බ‍්‍රහස්පතින්දා විරෝධතාකරුවන් දෙදෙනකු වෙඩි පහරින් මිය ගිය තැන් සිට දේශපාලනික වෙනසක් ඉල්ලා සුලෙයිමනියා නගරය තුල පෙලපාලි කරුවෝ දිනපතා පෙලපාලි යති. රාතී‍්‍ර කාලයේ නගරය වසා දමා ඇත. සුලෙයිමනියා විශ්වවිද්‍යාලයේ සහ නගර මධ්‍යයේ දහස් ගනනක් රැස්ව සිටි අඟහරුවාදා, පෙලපාලි කරුවන් ප‍්‍රදර්ශනය කල එක් දැන්වීම් පත‍්‍රයකින් කියැවුනේ, "මේ කුසගින්නෙන් පෙලෙන මිනිසුන්ගේ රටයි. ඔවුහු යුද ටැංකිවලට බිය නැත” යනුවෙනි.

ඉහල පෙලේ ඉරාක හමුදා නිලධාරියෙක් තහ්රීර් චතුරස‍්‍රයෙන් ඉවත් වන ලෙස කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව සඳුදා, සොල්දාදුවන් බලා සිටිද්දී පිහි අමෝරා ගත් මැරවර පිරිසක් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කල බව විරෝධතා පල කල පිරිසක් පැවසුවේ ය. කෙසේ නමුත් බැග්ඩෑඩ් මොහයුම් පාලනය කිසියම් ප‍්‍රහාරයක් සිදු නොවූ බව පැවසීය. ඉරාක හමුදාව බැග්ඩෑඩ්හි තහ්රීර් චතුරස‍්‍රය අරක් ගෙන, මාර්ග බාධක ඉදිකොට එහි සිටින සියලු දෙනාගේ හැඳුනුම්පත් පරීක්ෂා කරති.

අදට නියමිත ජාතික විරෝධතාව බොහොම බලගතු විය හැක යන බලාපොරොත්තු මධ්‍යයේ ඉරාක බලධාරීහු මහජන උදහස දියාරු කිරීමට උත්සාහ දරා ඇත. බැග්ඩෑඩ්හි නිලධාරීන් පොරොන්දු වූයේ "විධායක නිලධාරීන් සේවයෙන් පහ කිරීමට අත්‍යවශ්‍ය වූ තීරන” ඔවුන් සලකා බලන බවයි.

ව්‍යවස්ථාදායකයින් ඔවුන්ගේ ඡන්ද කොට්ඨාෂවලට ගොස් ඡන්ද දායකයින්ගේ දුක්ගැනවිලි වලට සවන් දිය යුතු යැයි පවසා පාර්ලිමේන්තු කථා නායක ඔසාමා අල්-නුජායිෆි සඳුදා සතියකට පාර්ලිමේන්තුව කල් දැමීය. මලිකි පැවසුවේ ඔහු තම වේතනය සියයට පනහකින් කප්පාදු කර ගන්නා බවයි. ඔහුගේ ආන්ඩුව පැවසුවේ එක්සත් ජනපද ජෙට්යානා 18 මිලදී ගැනීම ප‍්‍රමාද කොට එම අරමුදල් දුප්පත් ජනතාවට ආහාර මිල දී ගන්නට යොදන බවයි.

ඉරාක බලධාරින්ගේ ප‍්‍රධාන අභිමතාර්ථය වී ඇත්තේ කෙසේ හෝ විරෝධතා අධෛර්ය කොට යටපත් කර දැමීමයි. ඉරාක අගමැති නූරි අල්මලිකි තම කථාවක දී පැවසුවේ, "මා ඔබට කියන්නේ සාවධානව සහ පරිස්සම්ව විරෝධතාවන්ගෙන් ඉවත්ව සිටින්නටයි” යනුවෙනි. ඔහු විරෝධතා සම්බන්ධයෙන් සදාම්වාදීන්ට, ත‍්‍රස්තවාදීන්ට සහ අල්කයිඩා වරුන්ට දොස් පැවරුවේ, "අවංකව කියනවා නම් ඔවුහු හෙට දින පෙලපාලි වලින් ඔවුන්ගේ ප‍්‍රයෝජනය සඳහා වාසි ලබා ගැනීමට සැලසුම් කරති” කියායි.

2008 වසරේ ප‍්‍රවෘත්ති සාකච්ඡා අතරතුර එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ්ට සපත්තුවකින් දමා ගසා ”බල්ලා කියා බැනවැදුනා: වාර්තාකරු වූ මුන්ටාසර් අල්-සයිඩි ලෙබනනයේ සිට ඉරාකයට ආපසු පැමින වැඩි වේලාවක් යන්නට පලමු අත් අඩංගුවට ගනු ලැබීය. බැග්ඩෑඩ්හි අධමියා දිස්ති‍්‍රක්කය තුල විරෝධතාවන් හි සහභාගි වීමට දිරිමත් කරමින් කතාවක් පවත්වමින් සිටින අතර තුර ඔහු අත් අඩංගුවට ගනු ලැබින.

බදාදා ඉරාක හමුදා නිලධාරීහු බැග්ඩෑඩ් නගරයේ පිහිටි නිදහස් මාධ්‍ය නිරීක්ෂන මධ්‍යස්ථානය වට ලා එහි තිබූ ලිපි ගොනු සහ පරිගනක රාජසන්තක කලහ. බැග්ඩෑඩ්හි ප‍්‍රධාන ඉරාක හමුදා ප‍්‍රකාශක ක්වැසි අල්-මොසාවී ඇසෝසියේටඩ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයට කීවේ කාර්යාලය වැටලූ හමුදා භටයින් කලේ "නියෝගයක් කි‍්‍රයාත්මක කිරීම” බවයි.

නිදහස් මාධ්‍ය නිරීක්ෂන මධ්‍යස්ථානයේ (ජේඑෆ් ඕ) අධ්‍යක්ෂ සියාඩ් අල්-අජීලී අද දින පැවැත්වීමට නියමිත විරෝධතාවට පක්ෂපාතී ප‍්‍රකාශන නිකුත් කොට ඇත. ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප‍්‍රකාශ කලේ, "අවිභාවිතයෙන් වෙනස්කම් ඇති කිරීමට ඔබට සිදුවූ බව මහ ජනයා කලින් සිතූහ. අපට දැන් අපගේ අදහස් හරහා වෙනස ඇති කිරීමට අවශ්‍ය යි.”

ෂියා ආගමික නායකයෝ විරෝධතාවට පටහැනිව පෙලගැසී සිටිති. ප‍්‍රධාන ෂියා පූජකවරයෙකු වූ අයතොල්ලා අලි අල් සිස්ටානි විරෝධතා කරුවන්ගේ ඉල්ලීම්වලට පක්ෂ යැයි කිවූ නමුත්, "එයින් අයුතු ප‍්‍රයෝජන ගැනීමට ඉඩ තිබෙන බව” කියා විරෝධතාකරුවන් අධෛර්ය කිරීමට උත්සාහ කලේ ය.

පූජකවරයෙකු සහ මෙහ්දි හමුදාවේ නායකයා වන මොක්ටඩා අල්- සදර් බදාදා ඉරානයේ සිට ආපසු පැමින නිකුත් කල ප‍්‍රකාශනයකින් විරෝධතා හය මසකින් කල් දැමීමට ඉල්ලා සිටියේ ය. පෙර සතියේ තම අනුගාමිකයින් දස ලක්ෂයකින් සාමකාමීව විරෝධතාවයේ යෙදෙන්නට ඉල්ලා සිටි ඔහුගේ ස්ථාවරයට පූර්න වශයෙන් පටහැනි වූ තත්වයක් මෙමගින් පෙන්නුම් කරයි. සදර්වාදී නිලධරයකු වූ හසෙම් අරාජි කීවේ ඉරාක රාජ්‍ය සේවාවේ ගුනාත්මකභාවය ගැන නිල නොවන ජනමත විචාරනයක්” සංවිධානය කල යුතු බව ය.

අල් සදාර් පසුගිය මස දෙසතියකට ඉරාකයට පැමිනි අතර පසුගිය වසර තුනේ රැඳී සිටියේ ඉරානයේ ය.

පාලක කල්ලි ෂියාවාදී සංස්ථාපිතයේ විරුද්ධත්වය නිසා පවතින විරෝධතාවලින් දේශපාලන බලපෑමක් ඇති නොවනු ඇතැයි බලාපොරොත්තු වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති උපදේශක සයිඩ් අල් අලි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පකට කීවේ, "මෙය මලිකිට විශාල සහනයක් විය: සිකුරාදා සිදුවන්නට යන්නේ කුමක් දැයි ඉරාකයේ දේශපාලනඥයන් අතර ලොකු බියක් පවතී. විශාල වශයෙන් ෂියා වාදීන්ගේ සහභාගිත්වය නොමැති වීම මගින් විරෝධතාවල බලපෑම මහත් සේ දුර්වල කරනු ඇත.”

එක්සත් ජනපද හමුදා කඳවුරු ලා ගත් මුල් වසර වලදී ඊට එරෙහිව තම සගයින් සටනේ නිරත කල අල් සදර් සම්බන්ධයෙන් අල් අලි කීවේ, "සදර් මලිකිට මෙලෙස උදව් කරන්නේ මන්දැයි අවබෝධ කර ගැනීම දුෂ්කරය. නමුත් ඔහුගේ පක්ෂය දැන් ආන්ඩුවේ කොටස් කරුවෙකි. මෙමගින් ආන්ඩුව බිඳවැටීම හෝ දුර්වල වීම දකින්නට ඔහුට උවමනා නොවනු ඇත.”

අල් මලිකිගේ ඉස්ලාමීය ඩාවා පක්ෂයේ ප‍්‍රධාන දේශපාලන විරුද්ධකාරයා ලෙස පෙනී සිටින නමුත් දැනට ආන්ඩුවේ පාර්ශවකරුවෙකු වන අනාගමික පක්ෂයක් වූ අල් ඉරකියා පක්ෂය විරෝධතාවලට පක්ෂව ප‍්‍රකාශනයක් නිකුත් කලේය. එමගින් ආරක්ෂක හමුදාවල ප‍්‍රචන්ඩත්වයට එරෙහිව අනතුරු අඟවා "පෙලපාලි කරුවන්ගේ සාධාරන ඉල්ලීම් සමග සහයෝගය” ප‍්‍රකාශ කෙරින.

කෙසේ නමුත් විරෝධතා ව්‍යාපාරය මුහුන පාන කේන්දී‍්‍රය ප‍්‍රශ්නය වන්නේ එක්සත් ජනපද වාඩි ලා ගැනීමයි. පවතින පක්ෂ එයින් ම (එක්සත් ජනපද වාඩි ලා ගැනීමෙන්ම) ඉස්මතු වූ හෙයින් ඒවාට විරෝධතාවලට ආමන්ත‍්‍රනය කල හැකි ය.

ඇත්ත වශයෙන් ම ඉරාක දූෂිත නිලධාරී තන්ත‍්‍රයට ශක්තිය සපයන ප‍්‍රධාන පාර්ශවය එක්සත් ජනපද ආන්ඩුවයි. එම ආන්ඩුව 47,000ක හමුදා භට පිරිස් සහිතව ඉරාක ගුවන් අවකාශය මෙහෙයවීම මගින් දැනටත් එරට පාලනය කරයි.

බටහිර බලශක්ති සමාගම් ඉරාකයේ තෙල්බිම් විශාල වශයෙන් අත්පත් කරගෙන සිටීම නිසා පවතින සමාජ ප‍්‍රශ්න විසඳීමට ප‍්‍රමානවත් සම්පත් එරටට නැත. (කියවන්න: ”ඉරාක මහා ඝාතනය තුල විශාල තෙල් සමාගම් ලාබ ලබයි) ලෝකයේ දෙවනු ලොකුම තෙල් නිධි සහිත ඉරාකයට එසේ නැතිනම් එම දේශයේ විශාල කොටසකට දෛනිකව විදුලිය සැපයිය හැක්කේ පැය තුනක් හෝ හතරක් වීම ඉහත සඳහන් කරුනු මගින් බිහි කොට අති හාස්‍යජනක සහ දුක්මුසු තත්වය වේ.

නීති විරෝධී ඉරාක ආක‍්‍රමනයට එරෙහි විරුද්ධත්වය රට තුල දේශපාලන ප‍්‍රශ්නයක් ලෙස විවෘතව ඉස්මතු වීමේ මූලික සලකුනු ඇත. බැග්ඩෑඩ් නාගරික ආන්ඩුව එරට මලාපවහන පද්ධතීන්ට, මහා මාර්ග ඇසුරේ ඇති මගී අඩිපාරවලට සහ එක්සත් ජනපද හමුදා බලකා මගින් මහා පිපිරීම් ඇති කොට නිර්මිත බිත්ති මගින් අනිකුත් නාගරික යටිතල පහසුකම්වලට කර ඇති හානි වලට එක්සත් ජනපද හමුදාවෙන් ඩොලර් බිලියන 1ක වන්දි ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කොට ඇත. කෙසේ නමුත් ඔවුහු එක්සත් ජනපද බෝම්බ ප‍්‍රහාර වලින් සිදු කල හානි සඳහා වන්දි ඉල්ලුවේ නැත.