එක්සත් ජනපදය හා නැටෝව ගඩාෆි ඝාතනයට උත්සාහ දරති

US, NATO attempt assassination of Gaddafi

26 April 2011

සඳුදා උදෑසන ටි‍්‍රපොලිහි බබ් අල්-අසිස්යා සංකීර්නයට එල්ල කල ප‍්‍රහාරයත් සමග ලිබියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය රාජ්‍ය-සංවිධිත ඝාතනය කිරීමේ පිලිවෙත හා බැඳුනු නව අපරාධකාරී අවධියකට එලැඹ ඇත.

සුවිසල් නියත‐මෙහෙයුම් බෝම්බ දෙකක් මගින් සංකීර්නයේ ගොඩනැගිලි සුන්නද්දූලි බවට පත් කෙරින. ප‍්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මරා දැමුනු අතර දරුනු ලෙස තුවාල ලද 15ක් ඇතුලුව 45 දෙනකු තුවාල ලද බව ලිබියානු නිලධාරීහු වාර්තා කලහ.

මෙය ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆි ජීවත්වන හා වැඩකරන නිවාස සංකීර්නයට එල්ල වූ එවැනි වර්ගයේ තෙවැනි ප‍්‍රහාරය යි. එක්සත් ජනපද-නැටෝ ප‍්‍රහාරයේ දෙවන දිනය වූ මාර්තු 20 දා නිවාස සංකීර්නයට බි‍්‍රතාන්‍ය සබ්මැරීනයකින් නිකුත් කෙරුනු කෲස් මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූ අතර වාර්තා වන ආකාරයට පොලව යට බංකරයකට ඉහලින් පිහිටි හා බබ් අල්-අසිස්යාවට යන්තමින් පිටතින් පිහිටි රථ ගාලකට යුද යානා යලිත් අපේ‍්‍රල් 23 දා ප‍්‍රහාර එල්ල කලේ ය.

ප‍්‍රහාර දෙකේ ම අභිප‍්‍රාය වඩාත් පැහැදිලිය. එනම් ගඩාෆි හා ඔහුගේ පවුල මරා දැමීම යි.

සඳුදා ප‍්‍රහාරයට ලක්වූ ගොඩනැගිල්ලේ ලිබියානු නායකයාගේ කාර්යාල හා පුස්තකාලය ද විය. ලිබියාවේ කෙරීගෙන යන සිවිල් යුද්ධයේ සටන් විරාමයක් පිලිබඳ අපි‍්‍රකානු සංගමයේ යෝජනාවක් ගැන දකුනු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සුමා හා අනෙකුත් අපි‍්‍රකානු නායකයන් සමග මේ මස මුල දී ඔහු සාකච්ඡා පැවැත්වූ රැස්වීම් කාමරය ද මෙහි පිහිටා තිබේ. එක්සත් ජනපද-නැටෝ සංධානය හා එක්සත් ජනපදය හා යුරෝපය පිටුබලය දෙනු ලබන ඊනියා කැරලිකරුවෝ යෝජනාව ක්ෂනිකව ප‍්‍රතික්ෂේප කලහ.

සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට "හැකි සියලුම පියවර” ගැනීම් බලාත්මක කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ 1973වන යෝජනාව මත පදනම්ව තම මිලිටරි කි‍්‍රයාවන්වල යුක්ති යුක්ත භාවය පිලිබඳව වොෂින්ටනය, ලන්ඩනය හා පැරීසිය කරන කියාපෑම් පසෙක තිබිය දී තම සැබෑ අරමුන වන ගඩාෆි තන්ත‍්‍රයට වඩා තමන්ගේ හා බලශක්ති බහ්වාධිකාරයන්ගේ අවශ්‍යතාවලට යටහත් රූකඩ ආන්ඩුවක් පිහිටුවීමේ "තන්ත‍්‍ර මාරුවක්” සිදු කිරීම ඔවුන් සඟවා නැත. එම අරමුන කරා යාමේ දී ඕනෑම ලේ හැලීමක් සිදු කිරීමට ඔවුන් සූදානම් ය.

බෝම්බ ප‍්‍රහාර ඇරඹී සති පහකට පසු එක්සත් ජනපද මිලිටරි විධානය ගඩාෆිට පක්ෂපාත මිලිටරි බලකායෙන් සියයට 40ක් දක්වා "උගුල්ලා දැමූ” බව -සරල සිංහලෙන් කියතොත් සංහාරයට ලක්කල බව- කියා සිටිද්දී ඔවුන් තම ඉලක්කය සඵල කරගැනීමට දුරින් සිටින බව පෙනෙන්නට තිබේ. ගඩාෆිගේ හිටපු නිලධාරීන්, ඉපැරැනි සීඅයිඒ "සම්පත්” හා ඉස්ලාමීයයන්ගෙන් සමන්විත කලහකාරී සංධානයක් වන "කැරලිකරුවෝ” ටි‍්‍රපොලි කරා බටහිර දෙසින් ලඟාවීමට මුලුමනින් අසමර්ථ බව සනාථ කොට ඇත. ඊට අමතරව ටි‍්‍රපොලි මත පතිත කරන බෝම්බ හා මිසයිල හේතුවෙන් ගඩාෆිව බලයෙන් ඉවත් කිරීමේ මාලිගා කුමන්ත‍්‍රනයක් ජනනය කරනු ඇතැයි යන අධිරාජ්‍යවාදී බලයන්ගේ විවෘතව ප‍්‍රකාශිත බලාපොරොත්තුවලට පිලිතුරු නැතිව ගොස් තිබේ.

එක්සත් ජනපද නිල ඇඳුම්ලාගත් ඉහල ම අනදෙන නිලධාරී අද්මිරාල් මයික් මුලන් එක්සත් ජනපද-නීත ලිබියානු ආක‍්‍රමනය "එකතැන පල්වෙන” තැනට ධාවනය වන බවට පසුගිය සතියේ අනතුරු ඇඟවීය.

තම උපක‍්‍රමයන්වල අසාර්ථකත්වයන් මගින් වඩ වඩා වියරු වැටෙන ඔබාමා පරිපාලනය හා එහි යුරෝපීය සහකරුවෝ එවැනි ප‍්‍රතිඵලයක් පිලිගැනීමට මැලිවෙති. ඔවුන්ගේ ගනන් බැලීම්වල හරිමැද ඝාතනයේ පිලිවෙත තබන්නේ මෙමගිනි.

මුලන්ගේ අනතුරු ඇඟවීමට සමගාමීව ලිබියාවට ඉහලින් සන්නද්ධ එක්සත් ජනපද පි‍්‍රඩේටර් යානා දියත් කරනු ලැබ ඇතැයි නිවේදනය කෙරුනි. පාකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ ජනයාට එරෙහි තම කුරිරු යුද්ධය ගෙනයාම සඳහා ඔබාමා පරිපාලනය නියමුවන් රහිත යුදයානා වැඩෙන සංඛ්‍යාතයකින් යොදාගෙන තිබේ. පසුගිය පස්වසර පුරා ඩ්‍රෝන් ප‍්‍රහාරවලින් මරා දැමුනු සිවිල් වැසියන් 2,200කගේ මරන පාකිස්තානයේ ගැටුම් අධීක්ෂන මධ්‍යස්ථානය විසින් ලැයිස්තු ගත කරනු ලැබ ඇත.

බියජනක සිවිල් මරන පිලිබඳ සාක්ෂි සරලව නො තකා හරිමින් සීඅයිඒ හා එහි ක්ෂමාලාපකයෝ ඩ්‍රෝන් ප‍්‍රහාර "ත‍්‍රස්තවාදීන්ව” අධිකරන බාහ්‍ය දුරස්ථ පාලක මරා දැමීම් ලෙස ආරක්ෂා කරති. දැන් මෙම ක‍්‍රමෝපායන් ම සිවිල් ජීවිත ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ ලිබියාව තුල ද කි‍්‍රයාවට දමනු ලැබෙමින් තිබේ.

ඒ අතර ම එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ පෙලේ සෙනෙට් සභිකයෝ රූපවාහිනී සාකච්ඡාවල යෙදෙද්දී සහ තමන් "දෙව්පියානන්ගේ” ලියවිල්ලේ සැඳහුම් නයට ගෙන ඇති වර නගද්දී නිල වොෂින්ටනය තුල ගඩාෆි ඝාතනය සඳහා අනවරත බෙර වැයීමක් කෙරීගෙන ගොස් තිබේ.

ඒ අනුව එක් වැඩසටහනක දී සෙනෙට් සන්නද්ධ සේවා කමිටු සාමාජික හා සෙනෙට් සභික ලින්ඩ්සේ ග‍්‍රැහැම් එක්සත් ජනපද-නීත ආක‍්‍රමනය "සර්පයාගේ බෙල්ල කපා දමනු” යයි ඉල්ලා සිටිමින් හා ගඩාෆි පිලිබඳව සඳහන් කරමින් "මේ මිනිහා විනාශ කරනු” යයි උනන්දු කරමින් පෙනී සිටියේ ය.

අවධානය ඩැහැ ගන්නා කාරනය වන්නේ එම භාෂාව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයෙන් හා සංගත පාලිත මාධ්‍ය වෙතින් විරුද්ධ වීම පසෙක තැබුවත් නො එකඟතාවේ අංශු මාත‍්‍රයක් හෝ ජනනය නො වීම ය.

එවැනි ක‍්‍රම ජාත්‍යන්තර නීතියේ දිගුකාලීනව පිලිගත් චර්යාධර්මයන්ගෙන් තීරනාත්මක ලෙස ඉවතට හැරීමක් බව යමෙක් සැක නො කරනු ඇත. රාජ්‍ය පාලනයේ උපකරනයක් ලෙස විදේශීය පාලකයන් ඝාතනය කිරීම මධ්‍යතන යුගයේ ප‍්‍රසිද්ධ දෙයක් වන නමුත් 18 වන ශතවර්ෂයේ හා ධනේශ්වර විප්ලවයන්ගේ අරුනෝදයේ පටන් එය සම්මත සීමාවන්ගෙන් පිටස්තර දෙයක් ලෙස සලකනු ලැබිනි.

ප‍්‍රධාන බලයන්ගේ නායකයන් ඝාතනය කිරීම්වලට යොමු වීම මගින් හා එය නීත්‍යානුකූල කිරීම මගින් තමන්මත් මරාදැමීමට කොන්දේසි නිර්මානය කෙරෙතැයි යන "පෙරලා තමන් කරා ම විපාක පැමිනීමේ” බිය වැනි මුලුමනින් ම උපයෝගිතාවාදී සලකාබැලීම් ද තිබේ. ඝාතනය යොදා ගැනීම, සන්නද්ධ බලයෙන් අඩු තම ප‍්‍රතිමල්ලවයන් සමග සටන් බිමේ දී සමවීමකට තුඩු දෙනු ඇතැයි ලෝකයේ වඩා බලවත් මිලිටරිවල තැනැත්තන් කරන ගනන් බැලීම් ද තිබේ.

එසේ ම විශේෂයෙන් ම එක්සත් ජනපදයේ ඉතිහාසය තුල ප‍්‍රජාතාන්ති‍්‍රක මූලධර්මවල මුල් බැස ඇති අනෙකුත් තර්ක කිරීම් ද තිබේ.

ඝාතනය වනාහි ”ආදිකාලීන හා නවීන ශිෂ්ටාචාරයන් අතරට වැටෙන අඳුරු යුගයන්හි දී සාධාරන මූලධර්මයක් ලෙස සැලකූ එහෙත් පසුව පුපුරා ගිය හා දහඅටවන ශතවර්ෂයේ දී සාධාරන පිලිකුලෙන් යුතුව සලකන ලද දේවලින්” එකක් යයි 1789 දී ජේම්ස් මේඩිසන්ට ලිපියක් ලියූ තෝමස් ජෙෆර්සන් විස්තර කලේ ය.

1863 සිවිල් යුද්ධයේ මුදුනත දී ඒබ‍්‍රහම් ලින්කන් විසින් අත්සන් කරන ලද එක්සත් ජනපද යුද හමුදා ව්‍යවස්ථා සංග‍්‍රහය යමෙකුගේ සතුරන් ඝාතනය කිරීම "යලි ම්ලේච්ඡත්වය කරා ඇදී යාමක්” ලෙස සලකන ”ශිෂ්ට සම්පන්න ජාතීන් පිලිකුලෙන් යුතුව දකින” විධික‍්‍රමයක් යයි අනතුරු ඇඟවීය.

"ද්‍රෝහී මරාදැමීම්” ලෙස අර්ථ දක්වන ලද ඝාතනය කිරීම කෙරෙහි මෙම පවතින ආකල්පය 1907 හේග් සම්මේලනයේ දී අනුමත කරන ලද ජාත්‍යන්තර යුද නීතියට ඇතුලත් කරන ලද අතර ඊට පසු ගිවිසුම් හා ප‍්‍රඥප්තීන්හි දී ඒ ආකාරයෙන් ම පිලිගන්නා ලදී.

කියුබාවේ ෆිදෙල් ක‍්‍රස්තෝගේ සිට කොංගෝවේ පැට්රිස් ලුමුම්බා දක්වා දිග හැරෙන ලෝක නායකයන්ට එරෙහි සීඅයිඒ සංවිධානයේ ඝාතන කුමන්ත‍්‍රන පිලිබඳ 1976 තරම් මෑත දී විමර්ශන පැවැත්වූ චර්ච් කමිටුව මෙම කුරිරු භාවිතාව "අපගේ ජීවන ක‍්‍රමවලට අතිමූලික වන සදාචාරාත්මක ශික්ෂාවන්... (හා) සාධාරනත්වය පිලිබඳ සාම්ප‍්‍රදායික ඇමරිකානු සම්මතයන් උල්ලංඝනය” කරන බව නිගමනය කලේ ය.

අද දින වොෂින්ටනයේ නිල කතිකාවේ සන්දර්භය තුල කමිටුවේ වාර්තාවන් තුල ප‍්‍රකාශනය කරන ලද දැක්ම එය 18වන ශතවර්ෂයේ ලියූ දෙයක් තරම් යල් පිනූ යයි පෙනේ.

බුෂ් විසින් අරඹනු ලැබ ඔබාමා යටතේ තීව‍්‍ර කරන ලද ඊනියා "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” දශකයකට ආසන්න කාලයකට පසු ආක‍්‍රමනික යුද්ධ, වධබන්ධනවලට ලක්කිරීම, අත්‍ය‘සාමාන්‍ය විවරන හා චෝදනා නොමැතිව රඳවා තබාගැනීම සමගින් ඝාතනය ද හුදෙක් ඇමරිකානු විදෙස් පිලිවෙතේ තවත් එක් පිලිගත් උපකරනයක් පමනක් බවට පත්ව තිබේ.

ඇත්ත වසයෙන් ම චර්ච් කමිටු පරීක්ෂනය මධ්‍යයේ එක්සත් ජනපද අනුග‍්‍රහය ලත් ඝාතනයන් තහනම් කරමින් නිකුත් කරන ලද විධායක නියෝගය ත‍්‍රස්තවාදීන් ඉවත් කිරීමේ නාමයෙන් බුෂ් පරිපාලනය විසින් ඉක්මවනු ලැබ ඔබාමා පරිපාලනය යටතේ ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට ඇති අයිතියක් දක්වා දිගු කොට තිබේ. "මානවවාදී” මෙහෙයුම් හෝ අධිරාජ්‍යවාදී මංකොල්ලය සඳහා සොයාගන්නා ඕනෑම අනෙක් ව්‍යාජයක් ලුහුබැදීම සඳහා ඝාතනය කිරීම සාධාරන උපකරනයක් බවට දැන් කරුනු ගොතනු ලැබේ.

රට තුල තම අවශ්‍යතා බලාත්මක කිරීම සඳහා මූල්‍ය සූදු, දේශපාලනික වංචාව හා රාජ්‍ය බියවැද්දීම මත පදනම් වන ඇමරිකානු පාලක ප‍්‍රභුව රටෙන් පිටත සිය ඉලක්ක කරා ලඟා වීමට මිනී මැරීමේ හා මැරවර කමේ විධික‍්‍රම වර්නනා කරමින් ගෙනයන අපරාධකාරීත්වයේ වැඩිදුර තීව‍්‍ර වීමක් ලිබියාව මත කෙරීගෙන යුද්ධය මගින් සලකුනු කරනු ලැබේ.

ඇමරිකානු පාලක ප‍්‍රභුව විසින් ඝාතනය විවෘතව වැලඳගැනීම කුදුමහත් අනතුරු ඇඟවීමක් ගැබ් කරගනී. එක්සත් ජනපදය පාලනය කරන මූල්‍ය හා සංගත කතිපයාධිකාරයේ කිසිදු කොටසක් ප‍්‍රජාතාන්ති‍්‍රක මූලධර්මයන් අවම වසයෙන් හෝ නඩත්තු නො කරයි. එය මත අසික්කිත ලෙස ධනය සමුච්ඡය වීම හා කම්කරු මහජනයා මුහුන දෙන වඩ වඩා බලාපොරොත්තු රහිත කොන්දේසි හේතුවෙන් නිර්මානය වී ඇති පෙර නොවූවිරූ ධ‍්‍රැවීකරනයක් සමග බද්ධ වූ ලෝක ධනේශ්වර පද්ධතියේ දැඩි අර්බුදයක තතු යටතේ පාලක ප‍්‍රභූවට සිය පන්ති පාලනය ආරක්ෂා කරගැනීමට නො හික්මුනු ප‍්‍රචන්ඩත්වය යොදාගැනීමට බලකෙරී තිබේ.

එක්සත් ජනපදය තුල ම යුද්ධයට විරුද්ධ අරගලය හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට එරෙහි තර්ජනයන්ට විරුද්ධ සටන දියත් කරනු ලැබිය හැක්කේ කම්කරුවන්ගේ බලය හා සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා සටන් කරන තමන්ගේ ම දේශපාලන පක්ෂය තුල කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලුගැන්වීම මගින් පමනි.

බිල් වෑන් ඕකන්