ශ‍්‍රී ලංකා වෘත්තීය සමිතිය දඩයමට ලක් වූ කම්කරුවන් අතහැර දමයි

Sri Lankan union abandons victimised workers

By W.A. Sunil , 2 May 2011

පෙබරවාරි මාසයේදී සේවයෙන් නෙරපනු ලැබූ සහ ආන්ඩුවේ අනුදැනුම ඇතිව කෙරුන පොලිස් මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් කටුනායක නිදහස් වෙලෙඳ කලාපයේ කම්කරුවන් ඔවුන්ව ආරක්ෂා කරනවායයි කියනු ලබන වෘත්තීය සමිතිය විසින් හුදෙකලා කොට අතහැරදමා ඇත.

ශ‍්‍රී ලංකා ආන්ඩුව පෙබරවාරි 14 වෙනිදා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි හොංකොංවලට අයිති බ‍්‍රාටෙක්ස් යටැඳුම් කම්හල වට ලා වර්ජිත කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයවීය. අත් අඩංගුවට ගැනීමට විරුද්ධව වර්ජිතයන් ප‍්‍රදේශයේ පොලිසිය අසල විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමෙන් පසු තවත් කම්කරුවෝ ගනනාවක් අත්අඩංගුවට ගනු ලැබූහ.

රුපියල් 3,000 මාසික වැටුප් වැඩිවීමක්, වෘත්තීය සමිති අයිතීන් පිලිගැනීම හා බෝනස් හිඟ මුදල් ඉල්ලා අඩු වැටුපක් ගෙවනු ලබන හා බහුතරය කාන්තාවන් වන බ‍්‍රාටෙක්ස් කම්කරුවෝ 1,700 ක් පමන පෙබරවාරි 11 වෙනිදා වර්ජනය කලහ. කිසිදු වෘත්තීය සමිතියක් වර්ජනය නො කැඳවූහ. ඒ වෙනුවට ඔව්හූ වර්ජනය බිඳ දැමූහ. මක් නිසාද යත්, වෘත්තීය සමිති රුපියල් 15,000 ට වඩා අඩු මට්ටමක මාසික සමාන්‍ය වැටුප තබා ගැනීම සඳහා වසර ගනාවක් ආන්ඩුවට සහ හාම්පුතුන්ට සහයෝගය දුන්හ.

පොලීසිය කැඳවීමෙන් පසුව පාලකයෝ පෙබරවාරි 21 දක්වා වර්ජිත කම්කරුවන් ලොක් අවුට් කලහ. පසුව ඔවුන්ගෙන් 38 දෙනෙකු එකවර නෙරපූහ. අත්අඩංගුවට ගත් කම්කරුවන්ගෙන් පස් දෙනෙකු, නිලධාරීන් කිහිප දෙනකුට පහර දුන්නායයි කියනු ලබන චෝදනා යටතේ මැයි 20 වෙනිදා නඩුවකට මුහුන දෙති.

දඩයමට ලක් වූ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා 250,000 පමන වන නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට හා කම්කරු පන්තියේ සෙසු කොටස් වලට කිසිදු කැඳවීමක් කිරීම ප‍්‍රතික්ෂේප කල නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙක හා පොසේසේසං) හා එහි ප‍්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් බ‍්‍රාටෙක්ස් වර්ජනය හුදකලා කලේය.

ඒ වෙනුවට චුදිත කම්කරුවන්ට පොලීසියට බාර වන ලෙස උපදෙස් දුන් මාකස්, "ජාතික හා ජාත්‍යන්තර උද්ඝෝෂනයක්” ආරම්භ කරන බවත්, ආරාවුල, ආන්ඩුව හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල කෝපරේට්වාදී සංවිධානයක් වන ජාතික කම්කරු උපදේශක සභාවට යොමු කරන බවත් කීවේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ ආකාරයට ආරවුල ජාතික කම්කරු උපදේශක සභාවට යොමු කිරීම ගැන මාකස්ගේ සඳහන දඩයමට ලක්වූ කම්කරුවන් සම්බන්ධ වගකීමෙන් අත සෝදා ගැනීමට පවතින ඔහුගේ සූදානම පිලිබඳ අනතුරු ඇඟවීමක් විය. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ශ‍්‍රී ලංකා අපනයනවලට, විශේෂයෙන්ම ඇඟලුම්වලට පහර වැදුන විට, හාම්පුතුන්ගේ අවශ්‍යතාවලට අනුව රැකියා හා වැටුප් කප්පාදුව සඳහා වෘත්තීය සමිතිවල සේවය ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ 2008 දී ජාතික කම්කරු උපදේශක සභාව යලි කැඳවීය.

බ‍්‍රාටෙක්ස් වර්ජනය පාවාදීමෙන් මාස දෙකකට පසුව මාකස් සහ නිවෙක සහ පොසේසේසං නෙරපූ සහ දඩයමට ලක්වූ කම්කරුවන් අත්හැර දමා තිබේ. කෝපයට පත් බ‍්‍රාටෙක්ස් කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවේය: ”මමත් මෙම වෘත්තීය සමිතියේ සාමාජිකයෙක්. නමුත් අපව ආරක්ෂා කිරීම නො කරන විට ඉන් ඇති ප‍්‍රයෝජනය මොකක්ද? දැන් අපිට අපේ සහෝදර සේවකයන් නැතිව වැඩ කරන්න වෙලා තියෙනවා.”

නිවෙක හා පොසේසේසං අනුබද්ධ බ‍්‍රසල්ස් - පාදක කරගත් ජාත්‍යන්තර රෙදිපිලි, ඇඟලුම් හා සම්භාන්ඩ කම්කරු සමේලනය (අයිජිටීඑල්ඩබ්ලිව්එෆ්) විසින් ජනාධිපති රාජපක්ෂ, පොලිස්පති සහ බ‍්‍රාටෙක්ස් සභාපතිගෙන් කම්කරුවන්ට හිරිහැර කිරීම නතර කිරීමට මැදිහත් වෙන ලෙස ඉල්ලීම මගින් මාකස්ගේ "ජාත්‍යන්තර උද්ඝෝෂනයේ” අර්ථය පැහැදිලිය.

කම්කරුවන් එනම් නිවෙක හා පොදුසේසේසං සමග "වහාම සංවාදයක්” ආරම්භ කරන ලෙස අයිජිටීඑල්ඩබ්ලිව්එෆ් ය සමාගමට ආයාචනා කලේය. නෙරපන ලද කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා ආන්ඩුවට සහ සමාගමට පීඩනය යෙදිය හැකියයි සාවද්‍ය මිත්‍යාවක් මෙමගින් ප‍්‍රවර්ධනය කරනු ලබයි.

යථාර්තය නම් බ‍්‍රාටෙක්ස් වර්ජකයන්ට එරෙහි පොලිස් මැදිහත් වීම ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා නිවෙක කම්කරුවන්ගේ වැටුප් පහල මට්ටමක තබා ගැනීමේ ආන්ඩුවේ අධිෂ්ටානය පෙන්නුම් කරයි. රෙදිපිලි කර්මාන්තය රටේ අපනයනවලින් සියයට 45 ට වගකියන තතු තුල ඇඟලුම් කම්කරුවන්ගේ කවර හෝ විරුද්ධත්වයක් වෘත්තීය සමිතිවල ආධාරය ඇතිව කුඩු කර දැමීමට තරම් ආන්ඩුව මංමුලාසහගත තත්වයකට පත්ව ඇත.

බ‍්‍රාටෙක්ස් නිෂ්පාදන මිලදී ගනු ලබන, එක්සත් ජනපදය පදනම් කරගත් වැනිටි ෆෙයා, වියානියා, රෙඩ්කැට්යුඑස්ඒ, සහ ෆ්රුට් ඔෆ් ද ලූම් වැනි බහුජාතික සමාගම් වියරු තරගයක යෙදී සිටින වධකාගාර බඳු, එකිනෙකාට සතුරු බංග්ලාදේශය, වියට්නාමය සහ සෙසු ලාබ ශ‍්‍රම වේදිකාවලින් ගෝලීයව සුපිරි ලාබ මිරිකාගනිති.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නිවෙක හතර තුල වෘත්තීය සමිති තුනක් ”නිවෙක හා පොදුසේසේසං, ජනතා විමුක්ති පෙරමුනේ (ජේවීපී) නිදහස් වෙලඳ කලාප සේවක සංගමය හා ප‍්‍රගතිශීලී කම්කරු සංගමය”ක‍්‍රියාත්මක වෙති.

නිවෙකවල කම්කරුවන්ට වෘත්තීය සමිති සංවිධානය කිරීම නීතියෙන් තහනම් ය. ඒ වෙනුවට සමාගම්වල අධීක්ෂනය යටතේ තෝරා පත්කරනු ලබන ඊනියා උපදේශක කමිටුවලට බැඳීමට ඔවුන්ට බල කරනු ලබයි. සමහර ෆැක්ටරිවල වෘත්තීය සමිති පිහිටුවා ඇතත් එක්කෝ පිලිගෙන නැත, එසේත් නැතිනම් උපදේශක කමිටු හරහා පාලනාධිකාරය සමග සම්බන්ධකම් වගා කරගෙන ඇත.

නිවෙක කම්කරුවන් අතර වැටුප් වැඩිවීමක් සම්බන්ධ ඉල්ලීම වර්ධනය වනවිට ඉහල නිෂ්පාදනය සහ ලාබය සඳහා මාධ්‍යයක් ලෙස වැටුප් වැඩිවීමක් ප‍්‍රදානය කරන ලෙස මාකස් හාම්පුතුන්ට ආයාචනය කර තිබේ. පසුගිය වසර අග දී නිවෙක සහ පොදුසේසේසං කම්කරුවන්ට බීබීබී (වඩා ලොකු වැටුපක්, බී ඕඅයි සමග වඩා ලොකු ලාබයක්* සහිත කහ පටියක් අතේ පලඳින ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක් දියත් කලේය.

මාකස් ඔහුගේ වෘත්තීය සමිතියේ ‘25 වසරක උරුමය’ ගැන කයිවාරු ගහයි. නමුත් එය පාවාදීමේ හා හාම්පුතුන් සහ ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වාර්තාවකි. ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස සාවද්‍යව ප‍්‍රකාශ කරන, පලපුරුදු දේශපාලන අවස්ථාවාදියෙකු වන බාලා තම්පෝ විසින් මෙහයවනු ලබන ලංකා වෙලඳ සේවක සංගමය (සීඑම්යූ* තුලින් ඔහු, ඔහුගේ වෘත්තීය සමිති රැුකියාව ආරම්භ කලේය. දැන් අකි‍්‍රය වී ඇති තම්පෝගේ විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයට (විමාප* ද ඔහු සම්බන්ධ විය.

1980 වේ වැඩ වර්ජනයට සීඑම්යූ ව සම්බන්ධ කිරීම ප‍්‍රතික්්ෂේප කිරීම මගින් සමිතිය තුල සහ කම්කරු පන්තිය තුල තම්පෝ පුලූල් කෝපයක් ප‍්‍රකුපිත කලේය. එහි වෙලඳ පොල ගැති න්‍යාය පත‍්‍රයට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් මැඩලීමේ පියවරක් ලෙස කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ (යුඑන්පී* ආන්ඩුව වර්ජිත කම්කරුවන් 100,000 දොට්ට දැමීය. යූඑන්පී ය කම්කරුවන්ට එරෙහිව පොලිස් ප‍්‍රචන්ඩත්වය සමග දඩයම දියත් කලවිට තම්පෝ සහ සෙසු ”වාම” නායකයෝ පසෙකට වී බලා සිටියහ.

රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ අරගලය පාවාදීමට එරෙහිව මාකස් සහ තවත් කිහිප දෙනෙකු 1982 දී නාමිකව තම්පෝගෙන් භේද වූ නමුත් ඔහුගේ පන්ති සහයෝගිතාවාදී දේශපාලනයෙන් කැඩුනේ නැත. කාර්මික ප‍්‍රවාහන හා පොදු කම්කරු සංගමය (කාප‍්‍රපොකසං* පිහිටුවීමට සහ පසුව නිවෙක කම්කරුවන්ට ආයාචනය කිරීම සඳහා ”සටන්කාමියෙකු” ලෙස ඔහුට පැවති පිලිගැනීම මාකස් ප‍්‍රයෝජනයට ගත්තේය. ඔහු 2000 දී නිදහස් වෙලඳ කලාප සංගමය පිහිටු වූ අතර 2003 දී නිවෙක සහ පොදුසේසේසං පිහිටුවීම සඳහා එය කාප‍්‍රපෝකසං සමග ඒකාබද්ධ කලේය.

කම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට රැුකියා අහිමි වීමට එරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වයට ඇබ ගැසීමේ උපකරනයක් බවට නිවෙක සහ පොදුසේසේසං පත්ව ඇත. බහු තන්තු ගිවිසුම (එම්එෆ්ඒ* 2005 දී අවසන් වූ විට අවුරුද්දක් ඇතුලත ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා 400 වැසී ගියේය. කම්කරුවන්ට පූර්ව දැනුම්දීමක් හෝ ඔවුන්ට අනිවාර්යයෙන් හිමිවිය යුතු කිසිදු ගෙවීමක් නොකර බොහෝ විදේශීය ආයෝජකයෝ රටින් පිට වූ හ. පෙර දැනුම්දීමක් සහ අදාල ගෙවීම් කිරීමට සමාගම් වලට බල කරන්නයි මාකස් ආන්ඩුවට ආයාචනා කලේය. පෙර දැකිය හැකි ලෙස ම ආන්ඩුව එවන් නීති පැනවීම ප‍්‍රතික්ෂේප කල අතර දසදහස් ගනනක් කම්කරුවන් දොට්ට වැටෙත්දී මාකස් කිසිවක් නො කලේය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමත් සමග නිවෙක සහ පොදුසේසේසං යේ ප‍්‍රතිචාරය ඒ හා සමාන විය. ජනාධිපති රාජපක්ෂට 2009 පෙබරවාරි මාසයේදී යැවු ලිපියක දී මාකස් ”ලෝක ආර්ථික අර්බුදය විසින් ඉදිරියට පමුනුවා ඇති අභියෝග ජයගැනීම සඳහා සමාජ කොටස්කරුවන් අතර සංවාදයක්” සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියේය. සෙසු වෘත්තීය සමිති නායකයන් සමග ආන්ඩුවේ ජාතික කම්කරු උපදේශක සභාවට සහභාගී වූ ඔහු 60,000 කම්කරුවන් දොට්ට දැමීම සහ ඉතිරි කම්කරුවන්ගේ සේවා ප‍්‍රතිලාබ කප්පාදු කිරීම පිලිගත්තේය.

නිවෙක සහ පොදුසේසේසං ප‍්‍රතිවිරුද්ධ ව නිවෙක සහ සෙසු සියලූ අංශවල කම්කරුවන් දඩයමට ලක් ව සිටින බ‍්‍රාටෙක්ස් කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතුය. නෙරපූ සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමට සහ කම්කරුවන්ට එරෙහි පොලිස් චෝදනා ඉවත් කිරීමට ඉල්ලා සිටින ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙම අරගලය පන්ති සහයෝගිතා පිලිවෙත්වලින් දැනුවත් බිඳීමක් සහ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ඉල්ලා සිටී.