වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය නතර කිරීම

The shutdown of Occupy Wall Street

17 November 2011

නිව් යෝක්හි ප‍්‍රකෝටිපති නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග්, අඟහරුවාදා උදෑසන මෑන්හැටන් ෂුකෝටි පාක්හි වාඩිලාගැනීම බලහත්කාරයෙන් නතර කිරීමට මැදිහත්වීම සමාජවාදී සමානතා පක්ෂය හෙලා දකී.

මෙම පොලිස් පහරදීම, කතා කිරීමේ හා රැස්වීමේ නිදහස ඇතුලු මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිහීනව උල්ලංඝනය කිරීමකි. මාධ්‍යයන් හා සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් තොර තෝන්චියක් නැතිව ප‍්‍රතිරාවය කල බ්ලූම්බර්ග්ගේ ප‍්‍රකාෂය විරෝධතාකරුවන් ඉවත් කිරීමේ හේතු තුච්ඡ කඩතුරාවන්ට වඩා වැඩි දෙයක් නො වේ.

ඇමරිකානු පාලක පන්තිය එහි උත්සුකයන්ට එරෙහි කිසි දෙයක් ඉවසන්නේ නැති බව යලි වතාවක් ප‍්‍රදර්ශනය කලේ ය. වාඩිලාගත් විරෝධතාකරුවන් මත ප‍්‍රහාරය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම වාඩිලාගනු ව්‍යාපාරය ම ඇවිල වූ දැවන්ත මට්ටම්වල සමාජ අසමානතාව සමග පෑහෙන්නේ නැති බව පැහදිලි කලේ ය.

නිලධාරීන් සිය ගනනක් මැදිහත් වුන "නිව් යෝක්වල මිලිටරි ස්වරූපයේ කි‍්‍රයාව රට පුරා ඒ ආකාරයේ කි‍්‍රයා සමග ප‍්‍රවේසමෙන් සම්බන්ධීකරනය කරනු ලැබිනි. ප‍්‍රධාන නගරවල ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු යන පක්ෂ දෙකේ ම නගරාධිපතිවරු විරෝධතාවේ, ගෙල සිර කිරීමේ හොඳම ආකාරය සැලසුම් කිරීමට රැස්වීම් හා සම්මේලන පැවත් වූහ.

පසුගිය සතියේ දී පමනක්, පෝට්ලන්ඩ්හි ඔරිගන් හා බර්ක්ලී, කැලිෆෝනියාවේ ඩෙන්වර් හා කොලරාඩෝ, සැන්ට් ලූයිස්, මිසොරි හා තවත් නගර ගනනාවක පොලිස් කඩා පැනීම් සිදු කරන ලදී. තිරය පිටුපස සිට, එෆ්බීඅයි හා ඔබාමාගේ දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රාදේශීය පරිපාලනයට උපදෙස් දෙන ලදී.

කඳුලු ගෑස් හා බැටන් ප‍්‍රහාර හෝ ඊටත් වඩා ප‍්‍රහාර යොදා ගනිමින් නිරායුද පෙලපාලිකරුවන්ට එරෙහි කඩා පැනීම්වලට කැරලි මර්දන ආම්පන්නවලින් සන්නද්ධ දැවන්ත පොලිස් බලඇනියක් යොදා ගෙන ඇත. මාස දෙකකට පෙර මෑන්හැටන්වල දී මෙම ව්‍යාපාරය පටන් ගත් දා පටන් අද දක්වා ආසන්න වසයෙන් 4,000ක් දෙනා අත් අඩංගුවට ගෙන ඇත. අඟහරුවාදා උදේ අත්අඩංගුවට ගත් කීපදෙනෙකු මේ වන විටත් රඳවා ගනු ලැබ සිටින අතර ඔවුනට තවමත් චෝදනා ඉදිරිපත් කර නැත.

එහි ම ක‍්‍රියාවන් හරහා පාලක පන්තිය, ආන්ඩුව අපක්ෂපාත බේරුම් කරුවෙකු නොවන බව මිලියන ගනනාවක් ජනතාවට ප‍්‍රදර්ශනය කරමින් සිටී. එය ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ඔවුන්ගේ ආන්ඩුව යි. ජනතාවගේ බහුතරයේ උත්සුකයන් හා උවමනාකම්වලට ආන්ඩුවේ ප‍්‍රතිපත්ති මත කිසිසේත් ම බලපෑමක් නැත.

මෙම තත්වයන් එක්සත් ජනපදයට පමනක් සීමා වී නැත. වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය නතර කිරීමේ පියවර කි‍්‍රයාවට දැමුනේ අතිවිශාල මහජන විරෝධයකට එරෙහිව දැවන්ත කප්පාදු පියවර වහා ම ඉක්මන් කරවීමේ උත්සාහය තුල යුරෝපයේ ආන්ඩු දෙකක් වෙනස් කල සතියේ ම ය. ගෝල්ඩ්මන් සැක්ස්හි හිටපු විධායකයෙකු වන මාරියෝ මොන්ටි ඉතාලියෙහි පදවිගත කර ඇති අතර, යුරෝපා මහ බැංකුවේ හිටපු උපසභාපති ලූකස් පපඩෙමොස් ග‍්‍රීසියේ පදවිගත කර ඇත. මේ අතර, බි‍්‍රතාන්‍ය පාලක පන්තිය, ටියුෂන් ගාස්තු ඉහල යාමට එරෙහි ශිෂ්‍ය පෙලපාලි මර්දනයට හා බියවැද්දීමට නව "මුලුමනින් බලය යෙදීමේ” ක‍්‍රමයක් යොදා ගෙන ඇත.

එක්සත් ජනපදය තුල, මෙම මෙහෙයුමට සියලු ම මට්ටමේ ආන්ඩු ද දේශපාලන පක්ෂ දෙක ම ද හවුල් ව ඇත. ම්ලේච්ඡ කඩාපැනීම්වලට අනදෙන නගරාධිපතින්ගෙන් බෙහෝ දෙනා ඩිමොක‍්‍රටිකයන් ය.

ඔබාමා පරිපාලනය සම්බන්ධයෙන් ගත්විට එය සැබවින් ම නිශ්ශබ්දව සිට ඇත. අඟහරුවාදා, ඔබාමා රටින් බැහරව ආසියාවේ සිටි අවස්ථාවේ, ධවල මන්දිර ප‍්‍රවෘත්ති ලේකම් ජායි කාර්නි මෙහෙයුම් යුක්ති සහගත කරමින් නිව් යෝක් වාඩිලාගැනීම පිලිබඳ ඇසූ ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාර දැක් වී ය. "රැස්වීමේ නිදහස හා කතා කිරීමේ නිදහස”, මෙම කාරනයේ දී පැහදිලි ලෙස උත්සුකයක් වූ නීතිය, සාමය, සෞඛ්‍යය හා ආරක්ෂක තත්වයන් පවත්වා ගැනීමේ ඉතා වැදගත් අවශ්‍යතා සමග සමබර විය යුතුව තිබුනි” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

ආන්ඩුවේ උපාංගයකට වඩා ටිකක් වැඩියෙන් ක‍්‍රියාත්මක වන ජන මාධ්‍ය එයට පැවරුනු භූමිකාව රඟ පෑවේ ය. නිව් යෝක් පෝස්ට් හා අනෙකුත් දක්ෂිනාංශික ප‍්‍රකාශනයන්ගේ අර්ධ-ෆැසිස්ට්වාදී ගර්ජන සමගින් ලිබරල් පුවත්පත්වල ප‍්‍රවේසමෙන් තැන්පත් කල මර්දනය යුක්ති සහගත කිරීම වෙත යොමු වූ ලිපි අනුපූරක විය. බදාදා නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය බ්ලූම්බර්ගේ පියවර "සාධාරන කැලඹිලි” විසින් පෙලඹ වූ හා "නීත්‍යානුකූලව යුක්තිසහගත කල හැකි” වූ ඒවා යයි කතුවැකියක් පල කලේ ය.

වාඩිලාගැනීමේ පෙලපාලි අතිවිශාල මට්ටමේ සමාජ අසමානතාවට එරෙහි කෝපයේ ආරම්භක ප‍්‍රකාශනයකි. 2008 ඇරඹුනු ආර්ථික අර්බුදයෙන් අවුරුදු තුනකට පසු හා ඔබාමා පරිපාලනය ආසන්න වශයෙන් අවුරුදු තුනකට ලඟාවන කල, ලක්ෂ සංඛ්‍යාත මහජනයාගේ ජීවන තත්වයන් වඩ වඩාත් දැරිය නොහැකි වී ඇත. මූල්‍ය ප‍්‍රභූව ප‍්‍රතිපත්ති විධාන කර, රට කොල්ලකා, වඩාත් ඉහල මට්මට්වලට තම ධනය යලි ගොඩනගා ගෙන ඇත. දැන් එය සමාජ වැඩසටහන්වල පෙර නොවූ විරූ කප්පාදු ඉල්ලමින් සිටී.

මෙම තත්වයන් කෙරෙහි වෛරය පලල් ව දැනෙන අතර වාඩිලාගැනීමේ ව්‍යාපාරය කම්කරු පන්තියේ පලල් කොටසකගේ සහාය දිනාගෙන ඇත. මහජන මතය දූෂ්‍ය කිරීමට මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් ගනු ලබන උත්සාහය මොකක් වුවත් මහජන හැඟීම ඉවෙන් මෙන් ධනපති විරෝධී වන අතර යෝධ බැංකු හා සංගතවලට හතුරු ය.

කෙසේ නමුත්, මෙම තත්වයන්ට එරෙහි සාර්ථක අරගලයක් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීම මත රඳා පවතී. ඇමරිකානු ධනවාදය හා ඒ යටතේ සිදුවන අනෙකුත් සියලු ආපදා, එනම් අසමානතාව, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාස කිරීම හා යුද්ධය සමග ගනුදෙනු බේරා ගත හැකි වෙනත් බලවේගයක් නැත.

කම්කරු පන්තියේ මූලික අවශ්‍යතාවන් ධනේශ්වර පද්ධතිය සමග පෑහෙන්නේ නැත. එය පවතින බලයන්ට විරෝධය දැක්වීම පිලිබඳ කාරනයක් නොව දේශපාලන බලය ගැනීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හා පෞද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවන් සපුරාලීමට ආර්ථික ජීවිතය නැවත හැඩ ගැස්වීම පිලිබඳ කාරනයකි. මෙහි අර්ථය වනුයේ ධනේශ්වර ද්විපක්ෂ ක‍්‍රමයෙන් හා මහජන විරෝධය ඩිමොක‍්‍රටික් පක්ෂය පසුපස යැවීමට වැඩ කරන අයගෙන් කැඩී වෙන්වීම යි.

ඒ සඳහා බැංකු හා ප‍්‍රධාන සංගත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම අවශ්‍ය ය. වෝල් වීදිය නිකම් ම අත්පත් කරගත නො යුතු ය: එය අස්වාමික කල යුතු අතර මූල්‍ය ප‍්‍රභූව විසින් සමුච්චයනය කර ගෙන ඇති මහා ධනස්කන්ධය එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව සමාජ අවශ්‍යතාවන් සැපිරීමට යොදා ගත යුතු ය.

අතිමූලික කර්තව්‍යය වනුයේ රැකියා හා යහපත් ජීවන තත්වයන්ට, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට හා යුද්ධයට එරෙහි සියලු අරගල සමජවාදී වැඩසටහනක පදනම මත එක්සත් කිරීමට උත්සාහ දරන නව දේශපාලන නායකත්වයක් ගොඩනැගීම යි. සමාජවාදී සමානතා පක්ෂය මෙම සටනට නායකත්වය දෙයි. අපගේ කි‍්‍රයාමාර්ගය හදාරන ලෙසට හා සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙසට වෝල් වීදියට එරෙහි සටන ඉදිරියට ගෙනයාමට උත්සාහ දරන කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලමු.

ජෝශප් කිෂෝර්

Share this article: