සමාජවාදී පක්ෂ අ‍පේක්ෂක ඔ‍ලෝන්ද් හා සා‍ර්කෝසි ප්‍රන්ස මැතිවරනයේ පෙරමුනට පැමිනෙති

Socialist Party candidate Hollande, Sarkozy advance in French presidential elections

By Alex Lantier, 23 April 2012

මැයි 6 දා පැවත්වීමට නියමිත දෙවැනි වටයට පිවි‍සෙමින් සමාජවාදී පක්ෂ(පීඑස්) අ‍පේක්ෂක ප්‍රන්සුවා ඔ‍ලෝන්ද් හා දැනට සිටින ජනාධිපති නි‍කොලායි සා‍කෝසි 22දා ප්‍රන්ස ජනාධිපතිවරනයේ පලමු වට‍යේ ඡන්දවලින් වැඩිම සංඛ්‍යාවක් ලබා ගත්හ.

ඔ‍ලෝන්ද් ඇස්තමේන්තුගත ඡන්දවලින් සියයට 28ක් ලබාගත් අතර සියයට 27ක් සහිතව සා‍කෝසි පසුපසින් සිටී. ඡන්ද අනාවැකි මෙන් ම 2002 මැතිවරන‍යේ දී ඇ‍ගේ පියා වන ජීන්- මාරීන් ලෙ පෙන් ලබා ගත් සියයට 16.8ද ඉක්මවා නව ෆැසිස්ට් අපේක්ෂිකා ‍ මාරීන් ලෙ පෙන් සියයට 19ක් ලබා ගත්තා ය. ‍වෙනත්‍අ‍පේක්ෂකයන්දෙදෙ‍නෙක් සැලකිය යුතු ඡන්ද දිනා ගත්හ: වාම ‍පෙරමුනු අ‍පේක්ෂක ජෝන්-ලුක් මැ‍ලෙන්‍ෂොන් සියයට 14 සිට 15 දක්වා වූ පූර්ව අනාවැකිවලට පහලින් සියයට 11ක් ද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර‍යේ දක්ෂිනාංෂික "මාධ්‍යමික” අ‍පේක්ෂක ප්‍රන්සුවා බරේ සියයට 9ක් ද ලබා ගත්හ.

යු‍‍රෝපා-පාරිසරික හරිත පක්ෂයේ (ඊඊඑල්වී) අ‍පේක්ෂිකා ඒවා ජොලි සියයට 2ක් ද, නව ධනපති විරෝධී පක්ෂ‍යේ (එන්පීඒ) අ‍පේක්ෂක පිලිප් පුටූ සියයට 1ක් ද, කම්කරු අරගල (එල්ඕ) අ‍පේක්ෂිකා නතාලි ආ‍හෝද් 0.6ක් ද ලබා ගත්හ.

ඔ‍ලෝන්ද් අඩු වශ‍යෙන් සියයට 56ක් දිනා ගන්නා බව ජනමත විමසුම්වලින් පෙන්වීමත් සමග සා‍කෝසි සමග තරඟයක දී මේ වන විට ඔහු පහසු‍වෙන් ජය ගන්නා බව අ‍පේක්ෂා කෙරේ. පස්වැනි සමූහාන්ඩු‍වේ ජනාධිපතිව සිටිමින් ජනාධිපතිවරනයේ පලමු වට‍ය ජය නොගත්, ප්‍රථමයා හැටියට සා‍කෝසි බෙලසුන්ව ඡන්ද‍‍යෙන් මතු‍වී එයි.

සියයට 80ක ඡන්දදායක සහභාගිත්වය හිතුවට වඩා විශාල ය. මෙය සමාජ වැඩසටහන් කප්පාදු කිරී‍මේ හා මැදපෙරදිග යුද්ධය තුල සා‍කෝසි‍ගේ ප්‍රතිපත්ති කෙරෙහි පලවන පුලුල් වි‍රෝධය සහ ප්‍රන්ස ජනතාව ගැඹුරු සමාජ හා ජාත්‍යන්තර අර්බුදයකට මුහුන දී ඇතැ යි යන හැඟීම පිලිබිඹු කර යි. මෙම තත්වය, අ‍පේක්ෂකයන් අතර වෙනස හඳුනා ගැනීමට ඡන්දදායකයන් පැහදිලිව ම අපොහොසත් වූ මලානික ඡන්ද ව්‍යාපාරයක් ලෙස පුලුල් ලෙස විස්තර කෙරී තිබීම ‍ නොතකා ඡන්දදායකයන් ඡන්දයට ‍පෙලඹ විය. ඡන්දයට ‍පෙර ඡන්දදායකය‍න්ගෙන් සියයට 38ක් ඔවුන් කිසි ම අ‍පේක්ෂක‍යෙකුට දැඩිව සහාය ‍නො‍දෙන බව ඇඟවුම් කල අතර ‍බො‍හෝ ඡන්දදායක‍‍යෝ ඡන්ද පත්‍රිකා කටුගෑහ.

ඊ‍යේ ප්‍රතිඵල, කම්කරු පන්තිය මත දැඩි ප්‍රහාරයන් හා එල‍ඹෙන ජනාධිපති කාලය තුල පුපුරනසුලු පන්ති අරගල සඳහා සූදානම් වන, යුද ගැති හා කප්පාදුවලට පක්ෂපාතී අ‍පේක්ෂක‍යන් ‍දෙ‍දෙනා අතර තරඟයකට ‍වේදිකාවක් සකසයි. ඔ‍ලෝන්ද් අයවැය හිඟයෙන් යු‍රෝ බිලියන 115කට (ඩොලර් බිලියන 152කට) වඩා කැපීමට කැප‍වෙන අතර ලිබියාව හා සිරියාව තුල ප්‍රන්ස අධිරාජ්‍යවාද‍යේ යුද්ධයට සහාය දක්වා ඇත.

මැ‍ලෙන්‍‍ෂාන්ට පලවූ අඩු මනාපය සහ එන්පීඒ හා එල්ඕ ඡන්දවල වැටීම පිලිබිඹු කරන්නේ, ‍මෙම සියලු ම කන්ඩායම් සාරභූතව ම සමාජවාදී පක්ෂ‍යේ කඳවුර තුල සිටින බවත්, සමාජවාදී පක්ෂයට සහාය ‍දෙනු ඇති බවත්ය. ඔ‍ලෝන්ද්ගේ දැඩි ප්‍රතිගාමී වැඩසටහන ‍නොතකා, සුළු ධ‍නේශ්වර "වම” කල් තියා කිව හැකි ලෙසම සමාජවාදී පක්ෂයට පසුපසින් තම පූර්න සහාය ගොනු කරමින් සිටී.

මැතිවරන‍යෙන් පසු පලමු ප්‍රකාශය පැමිනි‍යේ, මැ‍ලෙන්‍ෂාන්ගෙනි. ඔහු හිටපු ඇමති‍යෙකු හා ප්‍රන්ස ‍කොමියුනිස්ට් පක්ෂය, ඔහුගේ වාම ‍පක්ෂය (පීජී) හා ක්‍රිස්ටියන් පීකේ විසින් ‍මෙහෙය වන එන්පීඒ කොටසක් අතර සභාගයක් වන වාමාංශික පෙරමුනේ අ‍පේක්ෂකයා ය.

පැරීසි‍යේ මැතිවරන රැස්වීමක දී, ඡන්ද‍පොලට යන පා‍රේ “ගාටන්නේ නැතිව ගොස් ” යයි පවා පවසමින් මැ‍ලෙන්‍ෂොන්‍, මැයි 6දා සා‍කෝසි පරදන ‍ලෙස සිය ඡන්දදායකයන්‍ගෙන් ඉල්ලුවේ ය. මැතිවරන‍යේ දී මැ‍ලෙන්‍ෂොන්‍ට හා ඔ‍ලෝන්ද්ට සහාය පලකරමින් වෘත්තීය සමිති නිලධරය විසින් සංවිධානය කෙරෙන මැයි දින රැලියට විශාල වශ‍යෙන් සහභාගී වන ලෙස ද ඔහු තම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලුවේ ය.

ද්වි පුද්ගල තරගයක දී "සා‍කෝසි පරදන” ලෙස මැ‍ලෙන්ෂාන්‍කරන ඉල්ලීම, ඔ‍ලෝන්ද්ගේ වැඩසටහන සඳහා සම්පූර්න වගකීමට කර නොගසා ඔ‍හුට සහාය දී‍මේ නරුම උත්සාහකි. කෙසේ නමුත්, පීසීඑෆ් සභාපති පියෑර් ලෟරෙන්ට් "දෙගිඩියාවකින් තොරව ” ඔහු ඔ‍ලෝන්ද් සඳහා ඡන්දයකට උද්‍ඝෝෂනය කරමින් සිට‍යේ යැයි මාධ්‍යයට පැවසී ය. ඔහු‍ගේ ප්‍රකාශය හා මැ‍ලෙන්‍ෂොන්ගේ ආස්ථානය අතර කිසියම් වෙනස්කමක් ඇත් දැ යි බීපීඑම්-ටීවී ඔහුගෙන් විමසූ විට ‍වෙනසක් නැතැයි ලෟරෙන්ට් පැවසී ය.

මැ‍ලෙන්‍‍ෂාන් හෝ ලෟරෙන්ට් දෙදෙනාගෙන් කවරෙකු හෝ, තමන් පුදකරන සහායට හිලව් වශයෙන් අනාගත ආන්ඩු‍වක ක්‍රියා පටිපාටිය පිලිබඳ කිසිදු ප්‍රතිපත්ති සහතිකයක් හෝ බලපෑම් සඳහා විමසීම් නොකල අතර බැංකු කාරයින්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම සඳහා ඔ‍ලෝන්ද්ට හිස් චෙක් පතක් නිකුත් කලහ. ඊඊඑල්වී අ‍පේක්ෂිකා ජොලි ද ඔ‍ලෝන්ද් සඳහා ඡන්දයක් ඉල්ලුවා ය.

අනෙකුත් සුලු ධ‍නේශ්වර "වාම” පක්ෂ ද මැ‍ලෙන්‍ෂාන්ගේ ඔ‍ලෝන්ද් සඳහා ඡන්දයක් යන්න ප්‍රතිරාවය කලහ. එන්පීඒ අපේක්ෂක පිලිප් පුටූ ප්‍රන්ස2 රූපවාහිනි‍යෙන් ‍ ම‍සේ පැවසී ය: "මැයි 6දා මැතිවරනය අරමුනකට යොමු කල යුතු ය: නිකොලයි සා‍කෝසි එලවා දමනු. ”

"සැබවින් ම පන්ති විඥාන‍යක් ඇති කම්කරු‍වෙකුට පො‍හොසතුන්ගේ ජනාධිපති වන නිකොලයි සා‍කෝසිට ඡන්දය දිය ‍නොහැක” යයි පවසමින් එල්ඕ අපේක්ෂිකා නතාලි ආ‍තෝද් ප්‍රකාශයක් නිකුත් කලා ය. ඇ‍ගේ ඡන්දදායකයින් ඡන්දය කටුගානු ‍හෝ ඔ‍ලෝන්ද්ට ඡන්දය ‍දෙනු ඇති බව ඇය පැවසුවා ය.

ඔ‍ලෝන්ද් පිලිබඳ ‍පැරනි ව‍මේ පක්ෂවල ප්‍රකාශය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි: ඔ‍ලෝන්ද් ‍ගේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති කෙරෙහි මහජන විරෝධය වැඩෙත් ම කම්කරු පන්තිය සමාජවාදී පක්ෂ‍යේ පමනක් ‍නොව වාම පෙරමු‍නේ හා අ‍නෙකුත් එවැනි පක්ෂවල ද වෛරයට පාත්‍ර වනු ඇත.

22දා රාත්‍රියේ ඔහු කෙටි‍යෙන් කල කතාවේ දී ඔ‍ලෝන්ද් ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දැක්වීම පිලිබඳව සුළුධනේශ්වර "වාම ” පක්ෂවලට පැහදිලිව ම ප්‍රසංශා කලේ ය. දෙවැනි වට‍යේ දී මට ඡන්දය ‍දෙන ලෙස ඡන්දදායකයින්ගෙන් ඉල්ලන ” මැ‍ලෙන්‍ෂොන්‍ට හා ‍ජොලිට "ආචාර කරන” බව ඔහු පැවසීය.

ව‍මේ හිඩැසක් පවතින තත්වය යට‍තේ, ජනගහන‍යෙන් අතිවිශාල බහුතරය ව්‍යාජ-වම, සමාජවාදී පක්ෂ‍යේම ‍දේශපාලන අන්ඩක් ‍ලෙස සැලකිය හැකි බැවින්, සමාජ ‍වෛරයේ ප්‍රධාන වාසි ලබන සංවිධානය වනු‍ ඇත්තේ පෙන් ගේ අන්ත-දක්ෂිනාංශික ජාතික ‍පෙරමුන (එෆ්එන්) වීම පරස්වාචකයකි. මාරී ‍ෙල පෙන්, ජාතික පෙරමුනේ සංක්‍රමනිකයන්ට විරුද්ධ ප්‍රචන්ඩත්වය තිබිය දී පවා, නාසිවාදී හා ඇල්ජීරියානු නිදහසට විරුද්ධ දෘෂ්ටීන් සැඟවීමට සහ ප්‍රන්ස කම්කරුවන්ගේ සමාජ සේවා වියදම්වලට සහාය දෙන පක්ෂයක් ලෙස එය පෙන්නුම් කරමින් ජාතික පෙරමුනේ ප්‍රතිරූපය වෙනස් කිරීමට කටයුතු කර ඇත.

ලෙ පෙන්ගේ ඡන්ද ව්‍යාපාර කලමනාකාර, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරී ෆ්ලෝරීන් පිලිපෝ පැවසුවේ ‍ෙල පෙන් ලබන ඡන්ද සංඛ්‍යාව, ඇය ඔ‍ලෝන්ද්ගේ “විරුද්ධ පක්ෂ නායිකාව” බවට පත් කරනු ඇති බව ය.

ඇගේ ඡන්ද “දකුනේ හා වමේ සියලු ම දේශප්‍රේමීන්ගේ දැවැන්ත එක්වීමක් ” යයි සඳහන් කරමින් ද ජාතික පෙරමුන "බැංකුවල පක්ෂ දෙකේ ඒකාධිකාරය විනාශ කලේ යැ” යි ද ප්‍රකාශ කරමින් ‍ෙල පෙන් ලුහුඬු කතාවක් කලා ය. ඇය “නිදහස් වෙලඳපොල අන්ත වම්මුන් ” ප්‍රතික්ෂේප කල අතර , ඇගේ ඡන්ද "මිල දී ගැනීමේ හැකියාව හා රැකියා සුරක්ෂිත කිරීම ” ශඛ්‍ය කරනු ඇතැයි ද ප්‍රකාශ කලා ය.

ලෙ පෙන් හා සමාජ අතෘප්තියට ඇය කරන ආමන්ත්‍රනය, වෘත්තීය සමිති නිලධරය හා නිල "වාම ” පක්ෂ ඉටු කරනු ලබන ප්‍රතිගාමී දේශපාලන භූමිකාව අවධාරනය කර යි. බැංකුවල ප්‍රතිපත්ති සඳහා ඔවුන් දෙන සහාය වසන් කිරීමක් ලෙස නව-මාක්ස්වාදී වාගාලාප හා ඉඳහිට කෙරෙන වෘත්තීය සමිති විරෝධතා පෙලපාලි යොදාගන්නා තාක් දුරට ඔවුහු, කප්පාදු ප්‍රතිපත්ති කෙරෙහි පලවන අවංක මහජන විරෝධය මැඩපවත්වති.

Share this article: