ගෝලීය අවපාතය පිලිබඳව වැඩෙන ඇඟවීම්

Growing signs of global slump

By Nick Beams, 6 August 2012

පසුගිය මාසයේ එක්සත් ජනපද‍යෙහි නව රැකියා 163,000 ක් නිර්මානය කර ඇති බවට පලවූ වාර්තා ආර්ථිකයේ ඉහල නැඟීමක සලකුනක් ලෙස ප්‍රසංශාවට ලක් කෙරුන ද විරැකියා අනුපාතය සියයට 8.2 සිට සියයට 8.3 දක්වා වැඩි වූයේ ශ්‍රමබලකාය තුල පුද්ගලයන්ගේ සංඛ්‍යාව 150,000කින් පහල වැටීමත් සමගම ය. ආර්ථිකය දිගට ම වර්ධනය වීමක් සිදු විය හැකි යැයි සැලකුව ද, දීර්ග කාලීන අර්ථයෙන්, එම පුලුල්වීමේ රේට්ටුව විරැකියා මට්ටම පහත දැමීමට ප්‍රමානවත් වන්නේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපදය පිලිබඳ මෑත යාවත්කාල කිරීමක් තුල, එය සියයට 2ක පමන "ඇල්මැරුනු වේගයකින්“ වර්ධනය වනු ඇතැ යි ප්‍රකාශ කලේ ය. මේ වනවිටත් එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඕනෑ ම කාලපරිච්ඡේදයක නරක ම "සුවවීම ” අත්විඳිමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුව, "අනාගත දුෂ්කරතාව එලෙසම පවතී ”.

නිර්යාත සඳහා වන ඉල්ලීම පහත දමන්නා වූත් හා මූල්‍ය වෙලඳපොලට බලපාන්නා වූත් "යුරොපයේ නය අර්බුදයේ වැඩිදුර පිරිහීමක් ” තුලින් හටගන්නා "සෘනාත්මක අවදානමකට” එක්සත් ජනපදය මුහුන දෙතැයි ජාමූඅ අනතුරු ඇඟවූයේ ය. එක්සත් ජනපද නය සීමාව ඉහල දැමීම මත එකගත්වයකට ලඟාවීමට අසමත් වීම මගින් ද ආර්ථිකයට පහර වදිනු ඇත.

කුටුම්භ නය ගැනුම් පහත වැටීමක් සමග එක්වුනු "මූල්‍ය ඒකාග්‍රකරනය”, එනම් ආන්ඩුවේ වියදම් කප්පාදුව නුදුරු අනාගතයේ එක්සත් ජනපද "සුවවීම” දිගට ම මන්දගාමී කරනු ඇති අතර, "මූල්‍ය අර්බුදයට පෙර අප දුටුවාට වඩා ගෝලීය ඉල්ලුමේ එක්සත් ජනපද දායකත්වය වඩා පහල යනු ඇත” යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක්සත් ජනපද කන්ඩායමේ නායිකා ගිආන් මරියා මිලේසි-ෆෙරේටි පැවසුවා ය.

චීන ආර්ථිකයේ අඛන්ඩ වූ ව්‍යාප්තිය 2008-2009 තුල අවපාතයෙන් ලෝක ආර්ථිකය ගොඩගැනීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කල නමුත් අනාගතයේ දී එයට එම භූමිකාව ම රඟ දැක් වීමට නොහැකි වනු ඇත.

රේට්ටුව තවදුරටත් පහල යා හැකි බව පිලිබඳ නොයෙකුත් ඇඟවීම් මධ්‍ය‍ෙය්, දෙවැනි කාර්තුව සඳහා චීන ආර්ථිකය සියයට 7.6කින්, එනම් අවුරුදු තුනක් තුල පහල ම වේගයකින් වර්ධනය වූ බව මෑත දත්ත පෙන් වී ය. 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව චීන ආර්ථිකය ස්ථාවර කිරීම තුල ප්‍රධාන සාධකවලින් එකක් වූයේ, ඩොලර් බිලියන 500ට වැඩි යයි ඇස්තමේන්තු කල හැකි ආන්ඩුවෙන් සැපයූ ආදායම් උත්තේජකයන් හා බැංකු විසින් වැඩි වැඩියෙන් සපයන ලද නය වේ. නමුත් මෙම ප්‍රතිපත්ති නැවතත් බලාපොරොත්තු විය නොහැක.

මූල්‍ය අර්බුදයට පෙර, චීන ආර්ථිකයේ ප්‍රධාන අසමතුලිතතාව වූයේ එහි වෙලඳ අතිරික්තය යි. නමුත් අද එහි ජංගම ගිනුමේ අතිරික්තය 2007 එය පැවති මට්ටමෙන් තුනෙන් පංගුවකි. කෙසේ නමුත්, ආර්ථිකය විශාල වශයෙන් ආයෝජන මත යැපීමත් සමග නව අසමතුලිතතාවක් මතුවී ඇත. ආයෝජන දැන් දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 50ක් ආසන්නයේ පවතින අතර පරිභෝජන වියදම් යන්තම් සියයට 35ක පවතී.

චීන ආර්ථිකය හා වඩා පුලුල් ව ආසියානු ආර්ථික, එක්සත් ජනපදයේ මන්දගාමී වෘද්ධියේ පමනක් නොව යුරෝපය තුල අර්බුදයේ බලපෑමට ද ලක්වෙමින් පවතී. "මන්දගාමීත්වයට හේතුවන්නා වූ ආසියාව තුල ගැටලු ප්‍රධාන වශයෙන් ම කලාපයට පිටතින් පැමිනේ ” යයි හොංකොං හි නොමුරා හි ආසියාව පිලිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන රොබ් සුබාරමාන් රොයිටර් ප්‍රවෘත්ති සේවයට පැවසී ය. "බොහොමයක් ආසියාතික රටවල් සඳහා යුරෝපය ඇමරිකාවට වඩා අපනයන වෙලඳපොලක් වශයෙන් විශාල වන අතර එය කලාපයේ වඩා විශාල ආයෝජකයාද වේ.”

විශේෂයෙන් ම නිෂ්පාදන කර්මාන්තය තුල පහල ලාභ සීමාවන් මත ක්‍රියාත්මක වන චීන සමාගම්වලට වර්ධනය මන්දගාමිවීම මගින් තදින් ම පහර දෙනු ලැබෙමින් පවතී. කර්මාන්ත අංශයේ එක් පත්‍ත්‍රයක් විස්තර කල පරිදි "අනතුරු දායක කලාපයකට” අංශය හරවමින්, චීන වානේ කර්මාන්තය වසරේ පලමු කාර්තුවේ දී ඔවුන්ගේ ලාභවලින් සියයට 96ක වැටීමක් වාර්තා කර ඇත. වානේ සඳහා වන දුර්වල වෙමින් පවතින ඉල්ලුම, වසරේ පලමු භාගය තුල "දේපල හා එමෙන් ම දුම්රිය, මෝටර් රථ හා නැව් කර්මාන්තවල ආයෝජනවල විශාල වැටීම” මගින් ඇති කරනු ලැබ ඇතැ යි චීන යකඩ හා වනේ සංගමයේ සභාපති සූ ජිමින් පැවසී ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ පිපිරීමෙන් පසු නරක ම තත්වය පෙන්වමින්, තවමත් චීන ආර්ථිකයේ ප්‍රධාන සංරචකයක් වන, රජයට අයත් ව්‍යාපාරයන්ගේ ලාභ, වසරේ පලමු මාස හය තුල දී සියයට 11.6කින් පහත වැටුනු අතර මෙම පහත වැටීම නිෂ්පාදන කර්මාන්ත පුරා පැතිරෙ යි.

කම්හල් මිල දී ගැනීම් කලමනාකරුවන්ගේ නිල දර්ශකය (පීඑම්අයි) ජූනිවල සියයට 50.2 සිට ජූලිවල 50.1 දක්වා වැටුනු අතර එය මාස අටක් තුල පහල ම මට්ටම යි. කම්හල්වල නිමවුම තරමක් පුලුල් වී ඇති අතර (50ට වැඩි ඕනෑම අගයක් වර්ධනයක් පෙන්වයි) නව ඇනවුම් හා අපනයන වැටීමක් අත්විඳි බව සංඛ්‍යාලේඛන පෙන්වී ය.

2009 ජූනිවලින් පසු එහි පහල ම මට්ටමට ලඟාවෙමින් මාර්කිට් මිල දී ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය (එම්පීඑම්අයි), ජූනි මාසයේ 45.1 සිට ජූලි මාසයේ 44 දක්වා වැටුනු යුරෝපය තුල නිෂ්පාදන කර්මාන්තයේ අවපාතය අතිශයින් ම උග්‍රය. වැටීම නයබරිත රටවලට සීමා වී නැති බව තීරනාත්මකය. ජර්මනිය හා ප්‍රන්සය සඳහා වැටීමේ අනුපාත අවුරුදු තුනකට වඩා වැඩි කාලයක වේගවත් ම ඒවා බව මාර්කිට් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ක්‍රිස් විලියම්සන් පැවසී ය.

විශාල වශයෙන් ආන්ඩුවේ වියදම් කැපීම හා යුරෝ කලාපයේ කැලඹුම නිසා, ජූනිවලින් අවසන් වන කාර්තුවේ 0.7කින් ආර්ථිකය හැකිලීමත් සමග අවුරුදු හතරක් ඇතුලත බ්‍රිතාන්‍ය එහි දෙවැනි අවපාතයට ඇතුල් වී ඇත. ජූලිවල එක්සත් රාජධානියේ එම්පීඑම්අයි දර්ශකය 45.4ට වැටීම තවදුරටත් වැටීමකට ඇඟිල්ල දිගු කර යි.

මාර්කිට් ආර්ථික විද්‍යාඥ රොබ් ඩොබ්සන් මෙසේ අදහස් ප්‍රකාශ කලේ ය: "දේශීය වෙලඳපොලවල් යලිප්‍රානවත් වූ පැවත්ම පිලිබඳ සැබෑ සංඥාවක් නොපෙන්ව යි, කැලඹුම නිශ්චල කර සන්තතිය හැඩගැස්වීමට අපනයනයට හැකි වෙතැයි යන බලපොරොත්තුව, අපගේ ප්‍රධාන වෙලඳ හවල්කරුවා, එනම් තවමත් එහි දීර්ගකාලීන දේශපාලන හා නය අර්බුදවල අවුලක වෙලී සිටින යුරෝ කලාපය විසින් පහර දීමට ලක් කරනු ලැබ තිබේ ”. සමාගම් ගෝලීය මූල්‍ය අර්බුදය මැද්දේ 2009 මාර්තු වල දී ලඟා වූ මට්ටමට ඔවුන්ගේ නිෂ්පාදනය පහත දමා ඇත.

ජේපී මෝර්ගන් ගෝලීය නිෂ්පාදන මිල දී ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය, සමස්ථ ගෝලීය තත්වය පිලිබඳ මිනුමක් සපයා ඇත. එය ජූනි මස එහි 49.1 මට්ටමේ සිට ජූලිවලදී 48.4 දක්වා පහත වැටුනි. වඩ වඩා රැකියා අහිමිවීම් නියමිත බව ජේ.පී.මෝර්ගන් පවස යි. "මෑත පිරිවැය අඩුකිරීම් යම් සහනයක් සපයමින් පවතින නමුත් යටින් පවත්නා ඉල්ලුම ඉහල යාමට අසමත් වුවහොත් මෙයින් ලැබෙන දීර්ග කාලීන ප්‍රතිලාභය කුඩා බව” සමාගමේ ප්‍රකාශකයෙකු පැවසී ය.

2008 මූල්‍ය අර්බුදයේ පිපිරීම පසුපස ආ අවපාතයේ සිට දැක නැති මට්ටමකට ආර්ථික ක්‍රියාකාරිත්වයේ වැටීම තීරනාත්මකය. එතැන් සිට, බැංකුවලට බෙදාදුන් ඩොලර් ප්‍රකෝටි ගනන් ඇතුලුව ආර්ථික උත්තේජකයක් සැපයිම වෙත එල්ල වූ සියලු ම පියවර, කිසිදු කල් පවත්නා විසඳුමක් සැපයීමට අපොහොසත් වීම ඊටත් වඩා බැරෑරුම්ය. කිසි ම රටක මූල්‍ය හා දේශපාලන ප්‍රභූවට ආර්ථිකය ඉහල නංවන ක්‍රියා මාර්ග ඇත්තේ නැත. ඊට විපරීතව, ඔවුන් සියල්ලන් ම කම්කරු පන්තියේ සමාජ තත්වය මත ඔවුන්ගේ ප්‍රහාරය වේගවත් කිරීම තම එල්ලය බවට පත් කර ගෙන සිටී.

Share this article: