ලන්ඩන් ඔලිම්පික් උලෙල සහ සමාජ අර්බුදය

The London Olympics and the social crisis

4 August 2012

ඔලිම්පික් තරග ලෝකයේ සිටින විශිෂ්ටතම කී‍්‍රඩකකී‍්‍රඩිකාවන් එකට එකතු කරයි. එහි තරගකරුවන්ගේ කී‍්‍රඩා කෞශල්‍යය හා ශාරීරික බල පරාක‍්‍රමය විදහා දැක්වීම හමුවේ, සලිත නොවන නරඹන්නෙක් නැති තරම්ය. ඔවුන්ගේ ජයග‍්‍රහනයන්ගේ දෘශ්‍ය අධිමානුෂික ස්වභාවය, යථා වසයෙන් ගත් කල එහි ප‍්‍රතිකූලත්වය, එනම් මනුෂ්‍ය වර්ගයාගේ අතිමහත් විභවයන්, සනාථ කිරීමකි.

ප‍්‍රධාන කී‍්‍රඩා තරග, කෙසේවෙතත්, වඩා පුලුල් ආර්ථික, සමාජීය හා දේශපාලනික සාධක මගින්, නොවැලැක්විය හැකි ලෙස, පැහැගැන්වී ඇති අතර, ප‍්‍රමුඛ ගෝලීය කී‍්‍රඩා උත්සවය අන් සියල්ල අභිභවමින් එලෙස පැහැගැන්වී ඇත. ඔලිම්පික් උලෙලේ "ස්වර්නමය යුගයක්” කිසිදාක පැවතී නැත. මෙම පසු අවධියේ දී ඔලිම්පික් උලෙලේ "පරමාදර්ශ” සහ "සාරය” පාවාදීම පිලිබඳව ඇස් ලොකුකරගෙන කරන පැමිනිලිවලට කිසිදු යුක්තියුක්ත භාවයක් නැත.

බැරන් පියරේ ඩි කව්බර්ටින් ඔලිම්පික් උලෙලට යලි පන දී දැන් වසර සියයකට වඩා ගත වී තිබේ. ඔහු එසේ කිරීමේ දී, පාදක වූයේ, හුදෙක් සංවිධිත කී‍්‍රඩා, පුද්ගල "සාරධර්මවල හා සමාජ ශක්තියේ” ප‍්‍රභවයක් ය යන විශ්වාසය මත නොව ශාරීරික අධ්‍යාපනය (ප‍්‍රන්ස- මිනිසුන් සටන් කිරීමට හා යුද්ධ දිනීමට වඩා හොදින් සූදානම් කරනු ඇත යන්න මතය.

එතැන් පටන් ඔලිම්පික් කී‍්‍රඩා ජාතිකවාදයේ හා ජාතික ප‍්‍රතිඝතිතාවන්ගේ පි‍්‍රස්මය හරහා පෙරී අවුත් ඇත. එය වඩාත්ම ප‍්‍රසිද්ධ වූයේ ආර්යයන්ගේ බල පරාක‍්‍රමය ප‍්‍රදර්ශනය කිරීමක් ලෙස 1936 ඔලිම්පික් උලෙල යොදා ගැනීමට හිට්ලර් දැරූ අසාර්ථක ප‍්‍රයත්නය තුලය. පශ්චාත්-දෙවන ලෝක යුද සමයේ බොහෝ අවස්ථාවන්හි දී, ඔලිම්පික් උත්සවය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සෝවියට් සංගමය, එකට එක කිරීමක් ලෙස 1980 සහ 1984 කී‍්‍රඩා උලෙලවල් වර්ජනය කිරීම ඇතුලුව, ශීතල යුද්ධය ගෙන ගිය කරලියක් විය.

මෙම ඉතිහාසයේ පසුබිමට එදිරිව බැලූ කල පවා, පසුගිය විස්පස් වසරක කාලය, අනුප‍්‍රාප්තික ඔලිම්පික් උත්සවවල දී ජාතිකවාදය හා වානිජවාදය වඩාත් දුෂ්ටසහගත ලෙස ප‍්‍රදර්ශනය වීම අතින් කැපී පෙනෙයි.

තනි පුද්ගල හා සාමුහික කැපකිරීමේ, කැපවීමේ හා ජයග‍්‍රහනයේ සංකේත විය යුතු රන්, රිදී හා ලෝකඩ පදක්කම්, දිගු කලක් තිස්සේ, ගොඩ ගසා ගෙන ජාතික සුපිරිභාවයේ සලකුනු ලෙස යොදා ගෙන තිබේ. එහෙත් මෙම විකෘතිය කී‍්‍රඩාව තුල ආයෝජනය කෙරී ඇති අතිමහත් සංගත ධනස්කන්ධය මගින් පෝෂනය කරනු ලැබ ඇත. 1996 ඇට්ලන්ටා හා 2000 සිඩ්නි ඔලිම්පික් උත්සව, කී‍්‍රඩාවේ වානිජකරනයේ මිනුම් සලකුන වූයේ, හැකිතාක් ඉහල සංවිධානමය වියදම් හා ඇතුලුවීමේ ගාස්තු සහිතවය.

2012 ලන්ඩන් සමග, වත්මන් ධනවාදයේ සමාජ, දේශපාලන හා සංස්කෘතික අවුල්ජාලය කී‍්‍රඩාව මත ඇති කර ඇති අනර්ථ බලපෑම එහි වඩාත්ම පැහැදිලි ප‍්‍රකාශනය අත්පත් කරගති. ඉස්තරම් කාර්යසාධන සමග එක පෙලට, අපට දැකගත හැකි වූයේ, දුසිමකට වැඩි මලල කී‍්‍රඩකයන් සංඛ්‍යාවක් නීති විරෝධී ඖෂධ භාවිතය හේතුකොටගෙන නුසුදුස්සන් බවට පත් වීමයි. තවත් දෙදෙනෙක්, එනම්, ගී‍්‍රසියේ පරෙස්කෙවි පපරිස්ටො සහ ස්විස්ටර්ලන්තයේ මිචෙල් මොර්ගනෙලා, සමාජ ජාල වෙබ් අඩවිවල වර්ගවාදී පනිවිඩ පල කිරීම නිසා තරගවලින් ඉවත් කෙරුනි.

ඊලඟ වටයේ දී වාසිදායක තේරීමක් සහතික කරගනු පිනිස සිය අවසන් කන්ඩායම් තරගවල දී හිතාමතා ලකුනු අහිමි කරගැනීම නිසා තරඟාවලියෙන් ඉවත් කෙරුනු චීනයේ, ඉන්දුනීසියාවේ හා දකුනු කොරියාවේ කාන්තා බැඩ්මින්ටන් යුගල කන්ඩායම් සම්බන්ධිත, හිතාමතා තරග පැරදීමේ සෝලි ද දක්නට ලැබුනි.

තරග පේ‍්‍රක්ෂකාගාරයේ හිස් ආසන පේලි දක්නට ලැබීම අඛන්ඩ ලක්ෂනයක් වී ඇත. පාපන්දු තරග ප‍්‍රවේශ පත‍්‍ර 200,000ක් ද ඇතුලුව, අඩු ගනනේ ප‍්‍රවේශ පත‍්‍ර 275,000ක් තවමත් අලෙවි නොවී ඉතිරිව පවතී. මෙයට හේතු වී ඇත්තේ, සමාරම්භක උත්සවය සඳහා පවුම් 2,012 ප‍්‍රවේශ පත‍්‍ර ද අවසන් දින සඳහා පවුම් 655 සහ පවුම් 1,500 ප‍්‍රවේශ පත‍්‍රද ඇතුලුව, සංගතවල පි‍්‍රය සම්භාෂනයක් වෙනුවෙන් කැප කෙරුනු උත්සවයකින් බොහෝ වැඩ කරන ජනයා පිටමං කිරීමයි. සාපේක්ෂව අඩු ප‍්‍රමුඛතාවකින් යුක්ත අවස්ථා සඳහා පවා නියමිත ප‍්‍රවේශ පත‍්‍ර වෙනුවෙන් හාස්‍යජනක අය කෙරෙයි -- වෙරල වොලි බෝල් සඳහා පවුම් 65, කාන්තා දුනු විදීම වෙනුවෙන් පවුම් 75, පිරිමි බර ඉසිලීමේ තරඟ වෙනුවෙන් පවුම් 125ක් ආදී ලෙස.

වානිජ අනුග‍්‍රාහකයන් දැවැන්ත ලාභ බලාපොරොත්තුවෙන් පවුම් බිලියන 1.4ක් විසි කර තිබේ. මෙය, පදක්කම් දිනාගැනීම සහතික කරගැනීමට යෙදෙන පීඩනය ඉහල දමන, කී‍්‍රඩා සමාගම්, ශක්තිජනක බීම නිෂ්පාදකයන් සහ පිරිස කන්ඩායම්වලට හා තනි කී‍්‍රඩකයන්ට අනුග‍්‍රහය දැක්වීමට අමතරවය. මලල කී‍්‍රඩකයන්ට එසේ අනුග‍්‍රහය සැපයීම කාර්යසාධනය ඉහල දමන ඖෂධ පිලිබඳ වැඩෙන වසංගතයට ප‍්‍රධාන හේතුවයි.

ඊලඟට ඔලිම්පික් සංකේත වෙලඳ ප‍්‍රචාරනය සඳහා පුලුල් ලෙස යොදාගැනීම පවතී. දේශමාමක බි‍්‍රතාන්‍ය ධජය සහිත ඉනකඩ සහ ඔලිම්පික් තේමාව සහිත කාන්තා සනීපාරක්ෂක තුවා වඩාත්ම පුදුමාකාර එවන් වෙලඳ දැන්වීම් අතර විය.

ලන්ඩන් 2012 ඔලිම්පික් උලෙලේ වඩාත්ම සිත් කරදර කරවන හා අර්ථභාරී ලක්ෂනය නම්, බි‍්‍රතාන්‍ය සන්නද්ධ හමුදා විස්තර කරන පරිදි "වානේ වලල්ලක්” තුල එය පැවැත්වීමයි. රෙඩ් ඇරෝස් හමුදාව පැවැත්වූ ගුවන් පෙලපාලියක් ද සමාරම්භක උලෙලේ දී සන්නද්ධ හමුදා සාමාජිකයන් බි‍්‍රතාන්‍ය හා ඔලිම්පික් ධජ එසවීම ද මෙම කී‍්‍රඩා උත්සවය අත්‍යසමාන ලෙස මිලිටරීකරනයට ලක්වීම මතක් කලේය.

පවුම් බිලියන 1ක් ඉක්මවන වියදමක් දරා, උත්සවයේ ආරක්ෂාව පිනිස, භටයන් 17,000ක් ද ඇතුලුව, නිලඇඳුම් ලාගත් පුද්ගලයන් 49,000ක් බලමුලුගන්වා ඇත්තේ, 1956 සූවස් ඇල අර්බුදයෙන් පසුව මෙතෙක් පැවති තනි විශාලතම බි‍්‍රතාන්‍ය සන්නද්ධ හමුදා බලමුලුගැන්වීම ලෙසය. ප‍්‍රහාරක ගුවන් යානා ගෙනයන එච්එම්එස් ඕෂන් යුද නෞකාව, ප‍්‍රහාරක ගුවන් යානා, ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ පොලවේ සිට අහසට විදින මිසයිල ද යොදවා තිබේ. ඊට නොදෙවෙනි ලෙස, එක්සත් ජනපදය සිය මලල කී‍්‍රඩකයන්ට ආරක්ෂාව සැපයීම, ගුවන් තොටුපලේ රේගු පරීක්ෂන ස්ථානවල සේවය කිරීම සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ "තර්ජන ඒකාග‍්‍ර මධ්‍යස්ථානයක්” පිහිටුවීම පිනිස සීඅයිඒ, එෆ්බීඅයි සහ සෙසු ඒජන්සිවල නිලධාරින් යැවීය.

සිදුවීමට ඉඩ ඇතැයි දැනුනු ත‍්‍රස්තවාදී තර්ජනයකට ප‍්‍රතිචාරයක් ලෙස මෙය විස්තර කල නොහැකිය. ලන්ඩන් පෙනෙන්නේ, මිලිටරි වාඩිලෑමක් යටතේ පවතින නගරයක් ලෙසයි. ගෝලීය ප‍්‍රභූ පැලැන්තිය සාද පැවැත්වීම හා ව්‍යාපාරික ගිවිසුම් ඇති කර ගැනීම පිනිස ලන්ඩනයට ගොඩබැස තිබේ. නගරය තථ්‍ය නින්දගමක් ලෙස ඔවුන්ට භාර දී ඇත. මෙම කතිපයාධිපත්‍යය තර්ජනයක් ලෙස සලකන්නේ, ඉස්ලාම් මූලධර්මාදීන් නොව, සිය ජීවිත විවිධ දුෂ්කරතා, දරිද්‍රතාව හා විරැකියාව මගින් විනාශභාග් වන තතු යටතේ පවා කී‍්‍රඩා උලෙලේ බර පැන දැරීමට සිදු වන ලන්ඩන් නිවැසියන්ය.

දුප්පතුන් උත්සවයේ අංගවලින් ඈත් කර තැබීමටත් මූල්‍ය හා වානිජ මධ්‍යස්ථානයක් ලෙස අගනගරයේ පිලිගැනීමට කැලැලක් වන කිසිදු දේශපාලන විරෝධතාවක් හෝ ප‍්‍රභූන් සම්බන්ධිත යම් සිද්ධියක් වලකාලීමටත් ආන්ඩුව සහ රාජ්‍ය හමුදා අධිෂ්ඨානවත් වී තිබේ.

ඔලිම්පික් උලෙලේ හරය වන්නේ, "සමාජ වගකීම සහ විශ්වීය අතිමූලික ආචාර ධර්මවලට ගෞරව කිරීම” ද සහිතව "මානුෂ්‍ය උදාරත්වය සුරක්ෂිත කිරීම ගැන උත්සුක සාමකාමී සමාජයක් ප‍්‍රවර්ධනය කිරීමේ දෘෂ්ටියෙන් යුක්තව, මනුෂ්‍ය වර්ගයාගේ සුසංගත සංවර්ධනයක සේවය පිනිස කී‍්‍රඩාව යෙදවීමට” උත්සාහ දැරීම බවට පවත්නා නිල කියාපෑම්වලට අවධානය යොමුකරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දැනටමත් ඉදිරිදර්ශන ලිපියක් පල කර තිබේ.

කිසිදු කී‍්‍රඩා කි‍්‍රයාකාරිත්වයකට එවන් කර්තව්‍යයක් සාක්ෂාත් කල නොහැකි වී තිබේ. එහෙත් අද වෙන කවරදාකටත් වඩා, කී‍්‍රඩාව මනුෂ්‍ය වර්ගයාගේ සංවර්ධනය දිරිගන්වනවා නොව, කී‍්‍රඩාව රැකගත යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ හා ඔවුන්ගේ සමාජ සංවිධානයේ වැඩි දුර වර්ධනය මගිනි.

කී‍්‍රඩාව සැමටම අයිති විය යුතුය, සෑම කෙනෙකුම එය වින්දනය කල යුතුය. එහෙත්, අනෙක් දේවල් බොහොමයක් සේම, කී‍්‍රඩාව ද පාලක ප‍්‍රභූව විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ පාලනයට එය නතු කරගෙන, ඒ සඳහා ගෙවීමට මුදල් නැති අයට එය අහිමි කොට එම කි‍්‍රයාදාමයේ දී කී‍්‍රඩාව විකෘත කොට පිරිහෙලා තිබේ.

මනුෂ්‍ය ප‍්‍රයත්නයේ සෑම අංගයක් ම -- හුදෙක් මලල කී‍්‍රඩා පමනක් නොව, කලාත්මක, විද්‍යාත්මක හා බුද්ධිමය අංගයන් ද -- ලාභ ගරන ක‍්‍රමය විසින් ඒවා මත හෙලන ඒවායේ වර්ධනය ඇනහිටුවන සීමාබන්ධනවල තර්ජනයට ලක්ව එම බන්ධනවලට එදිරිව පිහිටා සිටී. නිසර්ගයෙන් ම උත්තම හා ජීවිතය පිලිබඳ ශුභවාදී උත්කෘෂ්ට ප‍්‍රයත්නයක්, ඔවුන්ගේ බැංකු ශේෂයන් ඉහල දමාගැනීම හා ජාතිකවාදය ප‍්‍රවර්ධනය කිරීම පිනිස දැවැන්ත සංගත හා සුපිරි ධනවතුන් වෙනුවෙන් කි‍්‍රයාත්මක යාන්ත‍්‍රනයක් බවට පිරිහෙලමින් තිබේ.

කි‍්‍රස් මාස්ඩ්න්

Share this article: