විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සමාජවාදී ඉදිරිදර්ශනයක්

By ISSE, 23 August 2012

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) විසින් 23 දා කොලඹ නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන කඩාකප්පල් කොට, මාස දෙකකට ආසන්න කාලයක් ඇදී යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය බිඳ විසුරුවා හැරීම එල්ල කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුව මේ මස 21 දා සිට වෛද්‍ය පීඨයන් හැර සියලූ විශ්ව විද්‍යාල දින නියමයක් නො මැතිව වසා දමා ඇත. ආන්ඩුව ගෙන ඇති මෙම පියවර මගින් යලි වරක් සනාථ කෙරී ඇත්තේ තමාට එරෙහි කවර හෝ විරෝධතාවක් ඉවසීමට රාජපක්ෂ ආන්ඩුව නුසූදානම් බවයි.

වැඩි වැටුපක් සහ අධ්‍යාපනය සඳහා රජයෙන් වැය කෙරෙන මුදල් ප්‍රමානයේ වැඩි කිරීමක් ඇතුලූ ඉල්ලීම් හයක් මත පසු ගිය ජූනි මාසයේ ආරම්භ කෙරුනු වර්ජනයට දිවයිනේ සියලූම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ආචාර්යවරු 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටිති.

විශ්ව විද්‍යාල වසා දැමීමේ නිවේදනය නිකුත් කරමින් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක කියා සිටින්නේ පසු ගිය 20 වන දා විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් සමග කරන ලද සාකච්ඡාවක දී ඔවුන් විසින් —විශ්ව විද්‍යාල පද්ධතිය තුල පවත්නා තත්වය යහපත් නොවන බවත් ඒ සඳහා යම් විසඳුම් ක්‍රියා මාර්ගයක් ඉක්මනින්ම ගත යුතු බවත් අවධාරනය කිරීමෙන්˜ අනතුරුව මෙම තීරනය ගත් බවයි. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ගැන සඳහන් කමින් ඔහු පවසන්නේ සියයට 20 ක වැටුප් වැඩි කිරීමේ පලමු ඉල්ලීම කිසිසේත් ඉටු කල නොහැකි බවයි.

පසු ගිය දෙමස තුල තම ඉල්ලීම් සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, ඇමැති දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අවසානයේ දී ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු හා ආර්ථීක සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් මගින් සමස්ත රාජ්‍ය අංශයේ වැටුප් ඉල්ලීම් මාලාවක් ජනිත කෙරෙතැයි ආන්ඩුව විසින් ගනන් බැලූවේ පසුගිය වසරේ ආචාර්යවරුන්ගේ අරගලය තුලදී ම ය.

පසු ගිය ජුනි මාසයේ පැන නැගි සරසවි අනධ්‍යන කාර්ය මන්ඩල කම්කරුවන්ගේ වැටුප් අරගලයට ද පසුගිය සතියේ නිමා වූ විදුලිබල කම්කරුවන්ගේ වැටුප් අරගලයට ද ආන්ඩුවේ ප්‍රතිචාරය වූයේ මෙයම ය.

කම්කරු පන්තියේ ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් වලින් පෙන්නුම් කෙරෙන්නේ ආචාර්ය සමිති, ගුරු සංගම් හා ශිෂ්‍ය සමිති විසින් තොරොම්බල් කරන ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් කි්‍රයා මාර්ග මත රාජපක්ෂ ආන්ඩුව විසින් එල්ල කරන මෙම ප්‍රහාරයට එරෙහිව සටන් කල නොහැකි බවයි.

මෙම අරගලය "මහජනයාගේ අරගලයක්" බවට පත් කිරීම සඳහා යැයි පවසමින් විආසස ගෙනයන විරෝධතා අත්සන් එකතූ කිරීමේ හා සම්මන්ත්‍රන පැවැත්වීමේ වැඩපිලිවෙල මගින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට කිසිදු විකල්පයක් සම්පාදනය නොකෙරේ. "මහජනයාගේ අරගලයක්" බවට පත් කිරීමේ තම වැඩපිලිවෙලේදී විආසස එක්ව සිටින්නේ තම පාලන කාලයේ දී අධ්‍යාපනයට මෙවැනි ම ප්‍රහාර එල්ල කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ අධ්‍යාපනයට වෙන් කල හැකිව තිබු බිලියන ගනන් මුදල් දෙමල ජනතාවට එරෙහි යුද්ධයට යොදා ගැනීම සඳහා පැවති සියලූ ආන්ඩු වලට සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි මහජනයා ඉදිරියේ අපකීර්තියට පත් වූ සංස්ථාපිතයේ පක්ෂ හා සංවිධාන සමගයි.

ආචර්ය සමිති සම්මේලනය ආරම්භ කල වැටුප් අරගලය වටා අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කිරීම හා අධ්‍යාපන පුද්ගලීකරනය නතර කිරීම වැනි සටන් පාඨ ගොනු වී ඇත්තේ දිගින් දිගටම ඛාදනයට ලක් වෙමින් පවත්නා තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ ජාතිකවාදී හා නිලධාරීවාදී යොමුවකින් පමනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට පසුගිය කාලයේ සිදු කර ඇති වැටුප් වැඩි කිරීමවලට සාපේක්ෂව ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නො කිරීම සම්බන්ධව අඳෝනා නගන විආසස යට කම්කරු පන්තියේ වැටුප් කප්පාදුව හා ජීවන තත්වයන් විනාශ කිරීම පිලිබඳව ඇත්තේ නොතැකීමකි.

අධ්‍යන හා අනධ්‍යන සේවකයන් ඒකාබද්ධ අරගලයක් තුල සංවිධානය කරමින් ආන්ඩුවේ ප්‍රහාරවලට ලක්ව සිටින ශිෂ්‍යයන් හා අවශේෂ කම්කරුවන් එය වටා රැලි කර ගැනීම ප්‍රතික්ෂේප කල විආසස එක්ව සිටින්නේ ජවිපෙන් බිඳුනු එහෙත් එහි දේශපාලනයෙන් නොබිඳුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා දැන් එහි කොටසක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සමගයි. අවිශිබම විසින් පසුගිය සතියේ ලංකාවේ ව්‍යාජ වම්මුන්, රැඩිකලූන් හා වෘත්තීය සමිති නායකයන් ඒකාබද්ධ කොට "නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ සිසු, ගුරු, ජන රැලිය" නමින් ගොඩනැගු අවස්ථාවාදීන්ගේ පලල් පෙරමුනට විආසස රිංගා ගත්තේ ය.

කම්කරු අරගල අවමංගත කොට පාවා දීම සම්බන්ධයෙන් දිගූ වාර්තාවක් ඇති ලංකා ගුරු සංගමය වැනි තවත් සමිති රොත්තක් හා දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ සිට වර්ගවාදී සංවිධාන දක්වා පෙරමුනු සෑදීම සම්බන්ධයෙන් කුප්‍රකට නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), ශ්‍රි ලංකා මාඕවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වම්මුන් ද මෙම පලල් පෙරමුනට අවිශිබය විසින් කැඳවා තිබුනි.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටනට පිවිස තිඛෙන ආචාර්යවරු හා ශිෂ්‍යන් යලි වටයකින් අලාමුලා කිරීම සඳහා පෙලගැසුනු මෙම අවස්ථාවාදීහු එකිනෙකාගේ පව් සෝදා ගැනීම සඳහා මෙවන් පෙරමුනකට ආරාධනා කිරීම සම්බන්ධව අවිශිබමයට ස්තුති කල අතර ආචාර්ය සමිති සම්මේලනයේ අරගලයට ප්‍රශංසා කලහ.

පෙසප යේ නායකයකූ වන චමීර කොස්වත්ත —ශිෂ්‍ය බලය˜ පිලිබඳ වාගාලාප දෙඩුවේ කම්කරු පන්තික ශක්තියට එරෙහිව —ශිෂ්‍ය බලය˜ පිහිටුවීමේ තානයකිනි. —1980 ජූලි වර්ජනයෙන් එක් ලක්ෂ දාහතරදාහකට ආසන්න කම්කරුවෝ සංඛ්‍යාවක් දොට්ට දැම්මා. කම්කරුවන්ව එලෙස මර්දනය කරන්න පුලූවන් වුන එජාප ආන්ඩුව 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනල්ලා එය ක්‍රියාත්මක කර ගන්න බැරුව ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියේ දන ගැහුවා.˜

අවිශිබමයේ කැඳවුම්කරු සංජීව බන්ඩාර එම රැලියේ දී ප්‍රකාශ කලේ —නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා ගොඩනැගිය හැකි පුලූල්ම වේදිකාව˜ ඔවුන් විසින් ගොඩ නගා ඇති බවත් "යහපත් සමාජයක්" ගොඩනැගීමට සටන් කිරීමෙන් අධ්‍යාපනයේ නිදහස දිනා ගත හැකි බවත් ය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි විරෝධයේ සංකේත වනු ඇතැයි ද ඔහු මහජනයා ආන්ඩුවට එරෙහිව මෙහෙයවන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන තුරු බලා සිටින බවට පෙසප දැනටමත් කර ඇතිි ප්‍රකාශ මගින් එම —පුලූල්ම වේදිකාව˜ කුමක්ද යන්නත් ගොඩ නැගීමට අපේක්ෂා කෙරෙන —යහපත් සමාජය˜ කවරක් ද යන්නත් පැහැදිලි වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධනයට හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයට යලි යලිත් සහතික වී සිටින සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට 2010 ජනාධිපතිවරනයේ දී ජවිපෙ තුල සිටි මෙම පෙසප නායකයෝ එජාපය සමග එක්ව වැඩ කලහ.

අනෙක් අතට අධ්‍යාපනයේ ගැටලූ විසඳීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ප්‍රෝඩාවට සිසුන්, ආචාර්යවරු හා දෙමාපියන් නොරැවටිය යුතු ය. විභාග ප්‍රතිඵල අවුල ජනිත වී ඇත්තේ උසස් පෙල සමත් සියලූ සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා සලසා දිය නොහැකි සමස්ත ධනේශ්වර ක්‍රමයේ නො හැකියාවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් කි්‍රයාවට දමමින් අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව යටතේ හෝ වෙනත් ධනපති ආන්ඩුවක් යටතේ, උසස් පෙල සමත් සියලූ සිසුන්ට සරසවිවල අවස්ථා හිමි වන අන්දමින් සරසවි තුල පහසුකම් නංවාලීම හා ආචාර්යවරුන්ගේ හා අනධ්‍යන සේවක වැටුප් වැඩි කිරීම වැනි මූලික ඉල්ලීම් ජය ගත නො හැක.

ලොව පුරා සෑම ධනපති ආන්ඩුවක්ම අධ්‍යාපනයට එරෙහිව ප්‍රහාර එල්ල කර ඇත්තේ ලෝක ධනවාදයේ පෙර නොවු විරූ අර්බූදයකට ප්‍රතිචාර වශයෙනි. සැබෑ වටිනාකම් නිෂ්පාදනය කරන කම්කරු පන්තියට හා අවශේෂ පීඩිත මහජනයාට යෝග්‍ය ජීවන තත්වයක් හා අධ්‍යාපනය වැනි මූලික සමාජ අයිතීන් ධනවාදය යටතේ සහතික කල නොහැකි නම් එය පෙරලා දැමිය යුතුය. බිලියන ගනනින් මුදල් අධ්‍යාපනය ඇතුලූ සමාජ අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැක්කේ අතලොස්සකගේ ලාභ අවශ්‍යතා මත නොව බහුතරයකගේ සමාජ අවශ්‍යතා සඳහා නිෂ්පාදන කරන සමාජවාදී නිෂ්පාදන ආර්ථීක ක්‍රමයක් මගින් පමනි.

මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය. ඒ සඳහා අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසිය වන්නේ අවිශිබමය, පෙසපය, ඉහත ව්‍යාජ වම්මුන් හා විවිආසස ද ඇතුලූ සමිති නිලධරයෙන් බිඳී වෙන් වීමයි. ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් තමන් මෙන්ම ආන්ඩුවේ ප්‍රහාරවලට ලක්ව ඇති අවශේෂ කම්කරු පීඩිත මහජනයා හා ලෝක කම්කරු පන්තිය වෙත හැරී ඉහත වැඩපිලිවෙල ක්‍රියාවට නගන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන් වැදිය යුතුය.

මෙම වැඩ පිලිවෙල සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) හා එහි ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. මෙවර ඇමරිකානු ජනාධිපතිවරනයේ දී මෙම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් තරග වදින ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂක ජෙරි වයිට් ජාත්‍යන්තර සංචාරයක යෙදෙමින් ලෝක කම්කරු පන්තිය අමතන රැස්වීම් මාලාවක කොටසක් ලෙස අගෝස්තූ 26 දා කොලඹ නව නගර ශාලාවේ දී ඔබ අමතන රැස්වීමට සහභාගි වන ලෙස ආචාර්යවරුන්ගෙන්, සිසුන්ගෙන් හා කම්කරුවන්ගෙන් සසජාශි ඉල්ලා සිටී.

Share this article: