ඇමරිකා එක්සත් ජනපදය චීනය ට එරෙහිව යුද්ධයට සූදානම් වෙයි

US prepares for war against China

12 January 2012

පසුගිය සතියේ ප‍්‍රසිද්ධ කරන ලද ”එක්සත් ජනපද ගෝලීය නායකත්වය 21 වන සියවසේ දී පවත්වා ගැනීම” යන පෙන්ටගනයේ නව මූලෝපායික මගපෙන්වීම ලේඛනය ඇමරිකානු යුද සැලැස්මේ හරි මැදින් චීනය තබයි. ජනාධිපති ඔබාමා බලය ගත් තැන පටන් ක‍්‍රියාත්මක කෙරමින් පැවැති, ඇමරිකානු විදේශීය සහ යුද්ධ ප‍්‍රතිපත්තියේ කේන්ද්‍රීය යොමුව මැද පෙරදිගින් නැගෙනහිර ආසියාවට මාරුකිරීමේ ක‍්‍රියාවලිය මෙම ලියවිල්ල මගින් නිලවශයෙන් තහවුරු කෙරේ.

ලියවිල්ල මෙසේ ප‍්‍රකාශ කර සිටි, ”ඇමරිකානු ආර්ථික හා ආරක්ෂක ආසක්ත බටහිර-පැසිෆික් සාගර ප‍්‍රදේශයේ සහ නැගෙනහිර ආසියාවේ සිට දකුනේ ඉන්දියානු සාගරය දක්වා දිවෙන වක‍්‍රයේ සිදුවන දේ හා අවියෝජනීය ලෙස බද්ධව පවතී. ඉන් පෙන්නුම් කෙරෙන්නේ අප අපගේ බර අලූතෙන් සහ දැඩිව ආසියා පැසිෆික් ප‍්‍රදේශයට මාරු කල යුතු බවයි.” එය එක්සත් ජනපද යුද්ධ සන්ධාන හා සහකාරකම් පුලූල් කල යුතු යැයි කියා සිටින අතර ”ප‍්‍රාදේශීය ආර්ථික ආධාරකයක් සහ ඉන්දියානු සාගර කලාප ප‍්‍රදේශයේ ආරක්ෂාව සපයන්නෙකු” ලෙස සුවිශේෂයෙන් ඉන්දියාව නම් කර තිබේ.

අමරිකානු ආසක්තයන්ට තර්ජනයක් ලෙස නම්කරනු ලැබ ඇති එකම රට චීනය වේ. ඒ සමග ම ”ප‍්‍රදේශයේ ඝට්ටන තත්වයක් මගහැර ගැනීමට නම් චීනය සිය මූලෝපායික අධ්‍යාසයන් වඩාත් පැහැදිලිව නීර්නය කර ගත යුතු ය” යි ද එය කියා සිටී. එක්සත් ජනපදය තම සහකරුවන් සමග එක්ව ”සකල ගෝලීය දෙරනට ම ප‍්‍රවිෂ්ට වීමේ අයිතිය” රැුකගන්නා බව ද ලියවිල්ල අවධාරනය කර සිටී. ” ‘යාත‍්‍රා කිරීමේ අයිතිය’ නමැති අබිධානය, මගින් එක්සත් ජනපදය දැනටම දකුනු චීන මුහුද ආශ‍්‍රිත මූලෝපායික සාගර කලාපයේ චීනය ඉදිරිපත් කර ඇති අයිතියට අභියෝග කරමින් ආතතිය උග‍්‍ර කර තිබේ. පෙන්ටගනය (ඇමෙරිකානු යුද මධ්‍යස්ථානය* ආසියාව දෙසට මෙවන් යොමුවක් ගැනීම ආසියාව පුරාම ද ජාත්‍යන්තරව ම ද වැඩෙන චීන ආර්ථික සහ දේශපාලන බලපෑම කපා ලීම සඳහා එක්සත් ජනපදයේ ආක‍්‍රමනශීලී ප‍්‍රහාරයක් හා බැදී පවතී. 2008 ඔබාමාගේ ජනාධිපතිවරන ප‍්‍රයත්නයට සහාය දුන් ඇමරිකානු දේශපාලන සහ විදේශ කටයුතු අංශයේ බලවත් කොටස් එසේ කලේ බුෂ් පාලනාධිකාරය ඉරාකයේ සහ ඇෆ්ඝනිස්තානයේ යුද්ධවල එරී සිටින අතර චීනය ඉන් වාසි ලබාගෙන ඇත යන බරපතල කනස්සල්ල උඩ ය.

මෙම අදහස් ඉදිරිපත් කරන ලද්දේ පසුගිය නොවැම්බරයේ විදේශ සම්බන්ධතා මන්ඩලයේ සභාපති රිචර්ඩ් හාස් විසින් ”ඇමරිකාව යලි දිසාගත කිරීම” යනුවෙන් රචිත ලියවිල්ලක ය. ඔහු මෙසේ අනතුරු හැඟවිය. එක්සත් ජනපදය ”මැදපෙරදිගට තනිකර යොමුවී ඇත... විසි එක් වන සියවසේ ඉතිහාසයෙන් විශාල කොටසක් ලියවෙනු ඇති නැගෙනහිර ආසියාවට ඇති තරම් අවධානයක් දී නැත.” ඔබාමා යටතේ, ”ආසියාව යලි සොයාගැනීම” අගයකල හාස් ”එම ප‍්‍රදේශයේ ආර්ථික වැදගත්කම කොතරම් ඉහලින් තක්සේරු කලත් මදි ය” යි ප‍්‍රකාශ කලේය. ඔහු තවදුරටත් මෙසේද කීය: ”චීනය තමන්ගේ වැඩෙන බලය (අනුන්ට* බලපෑම සඳහා යොදාගැනීමට කවර කලෙකවත් පෙලඹීමෙන් වැලැක්වීමට ඇමරිකාව වග බලාගත යුතුය.

මුලදී, 2008/2009 ගෝලීය මූල්‍ය අර්බුදය මැද දී, ලෝකයේ වැඩියෙන් ම ඇමරිකානු නයකර හිමියන්ගෙන් විශාල තමයා වන චීනය සමග පරෙස්සමින් කටයුතු කිරීමට ඔබාමා පාලනධිකාරයට සිදු විය. කෙසේ වෙතත් එක්සත් ජනපදය ඉක්මනින්ම සෑම පෙරමුනකම ප‍්‍රහාරක වීමට හැරී ගත්තේය. 2009 ජූලියේ දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එක්සත් ජනපදය යලිත්, ”දකුනු ආසියාවට බැහැගෙන ඇති” බව ආසියාන් (දකුණු ආසියානු ගිවිසුම් සංවිධානය* සමුලූක දී කියා සිටියා ය .

ඊලඟ අවුරුද්දේ ආසියාන් සමුලූවේ දී ඇමරිකා එක්සත් ජනපදයට දකුනු චීන මුහුදේ ”ජාතික ආසක්තයක් ” පවත්නා බව ද ආසියාන් සාමාජිකයන් සහ චීනය අතර ගැටුම්වල දී මැදිහත් වීමට සූදානම් යයි ද ප‍්‍රකාශ කලා ය. මෙම ප‍්‍රකාශය, ”ඇත්ත වශයෙන් ම චීනයට එරෙහි ප‍්‍රහාරයක් ය” යි කියා සිටි චීන විදේශ ඇමති වරයා එය ප‍්‍රතික්ෂේප කලේ ය. එක්සත් ජනපදය විසින් දිරිගන්වනු ලැබූ පිලිපීනය සහ වියට්නාමය දකුනු චීන මුහුදේ තමන්ගේ අයිතිය ආක‍්‍රමන ශීලී ව තහවුරු කරමින් ගැටුම් ගනනාවක් අවුලූවාගෙන ඇත.

ගත වූ අවුරුදු දෙක ඇතුලත ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු - පැසිෆික් ප‍්‍රදේශය පුරා විශේෂයෙන් ම ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව සමග සිය යුද සන්ධාන හා සබඳතා ක‍්‍රමානුකුලව ශක්තිමත් කරගෙන තිබේ. වෙරලාසන්න සටන් නෞකා නවත්වා ඇත. තායිවානයට දැවැන්ත නව අවි විකුනුම් ප‍්‍රකාශයට පත් කර ඇත. ඉන්දුනීසියාවේ නම්දරාපු කොපස්සුස් විශේෂ බල කා සමග එක්සත් ජනපද හමුදා ඒකාබද්ධ ක‍්‍රියාවලින් වැලක්වීමට පනවා තිබුණු තහනම ඉවත් කර ඇත. පසුගිය නොවැම්බරයේ ඔස්ටේ‍්‍රලියාවට ගිය ඔබාමා එරට උතුරේ ඩාවින් නගරයේ මැරීන් භටයන් 2,500 ක් කඳවුරු ගස්සන බවද ඔස්ටේ‍්‍රලියානු නාවුක සහ ගුවන් කඳවුරු තවත් වැඩි කරන බවද නිවේදනය කලේ ය.

එක්සත් ජනපද යුද්ධමය මුලෝපායට කේන්ද්‍රීය වන්නේ දකුනු ආසියාව හරහා තීරනාත්මක ”සිරකිරීම්” ලක්ෂ වල , අන් සියල්ලට වඩා මලක්කා සමුද‍්‍ර සන්ධියෙහි - චීනය මැද පෙරදිගින් හා අප‍්‍රිකාවෙන් ඉතා වැදගත් බල ශක්ති සහ අමු ද්‍රව්‍ය ආනයනය කරන්නේ එය හරහා ය. ඇමරිකානු යුද නැව්වලට මෙම මූලෝපායික දිය මං කඩවල හරහා ”යාත‍්‍රා කිරීමේ නිදහස යනුවෙන් හැඳින්වෙන්නේ එක්සත් ජනපද නාවුක හමුදාවට චීනය අවුරා හිරකොට චීන ආර්ථිකය දනගැස්වීම ය. ”2006 චතුර් වාර්ෂික ආරක්ෂක සමාලෝචනයේ දී (Quadrennial Defence Review) පෙන්ටගනය ආසියා ප‍්‍රදේශයට ගුවන් යානා අඩු ගනනේ හයක් වත් ද ඇමරිකානු සබ්මැරින් යාත‍්‍රාවලින් අඩු වශයෙන් සීයට 60 ක් ද මාරු කර වෙන් කිරීමෙන් පෙර අඟවා සිටියේ ය.

ආර්ථික පෙරමුනේ දී ඔබාමා පාලනාධිකාරය යලි යලිත් ඉල්ලා ඇත්තේ චීනය ඩොලරයට සාපේක්ෂකව යුආන් මුදල අධිප‍්‍රමාන කල යුතුය යන්නයි. එවන් පියවරක් චීනයේ අපනයනවලින් සැලකිය යුතු පංගුවක් නැතිකර දමනු ඇත. නොවැම්බරයේ පැවති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුලූවේ APEC දී ඔබාමා නව වෙලඳ කඳවුරක්, තිරස් - පැසිෆික් සමුලුවක්, ප‍්‍රකාශයට පත් කලේය. එහි ඉලක්කයය වන්නේ බෙයිජිනයට එක්සත් ජනපද වෙලඳ කොන්දේසි පිලිගන්නට බලකිරීම ය. එක්සත් ජනපද යුදමය ක‍්‍රියාවල සිතා මතා ම ඇතිකෙරෙන ආර්ථික බලපෑමක් ද පවතී. ලිබියාවට එරෙහි නැටෝ යුද්ධය ද ඉරානයට එරෙහි උග‍්‍ර කරනු ලබන එක්සත් ජනපද තර්ජන ද චීනයේ ආයෝජන සහ බලශක්ති මුලශ‍්‍රයන්ට බලපා ඇත.

චීනය සමග ගැටුමට එක්සත් ජනපදය තල්ලු වී යාමේ බලවේගය නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාපේක්ෂ ආර්ථික පරිහානිය තුල විභව මූලෝපායික ප‍්‍රතිමල්ලවයෙකු නැගඒම වලක්වා ලීම ය. පෙන්ටගනයේ අලුත්ම මූලෝපායික මෙහෙයුම් ලේඛනය "වත්මන් නීති-පාදක ජාත්‍යන්තර පර්යාය” පවත්වා ගත යුතු යයි කියා සිටී: එහෙත් ඉන් ඇඟවෙන්නේ එක්සත් ජනපදය විසින් ආධිපාත්‍යය දැරෙන ගෝලීය පර්යායක් දිගින් දිගටම පවත්වා ගෙන යාම ය. පැසිෆික් සාගරය "ඇමෙරිකානු විලක්” බවට පත්විය යුතුය. චීනය එක්සත් ජනපද යුද්ධ සන්ධානවලින් හිරකර දැමෙනු ඇත, බෙයිජිනයේ ආර්ථික සහ මූලෝපායික ආසක්තයන් වොෂින්ටනයේ ආසක්තයන්ට යටත් වනු ඇත.

එක්සත් ජනපදය සහ චීනය අතර මහා ව්‍යසනකාරි ගෝලීය ඝට්ටනයකට ලෝකය ලුහුටා යාම පැන නගින්නේ එක එක දේශපාලන නායකයාගේ ආත්මීය අධ්‍යාසයන් ගෙන් නොවේ: ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය විසින් තෙල් දමන ලද භූ-දේශපාලන තරගයෙනි. එක්සත් ජනපදය ඉවබව නැතිව තම මිල්ටරියේ බලය යොදා පිලිමලුන් දුබල කිරීමට සහ ආර්ථික බිඳ වැටීමේ බර දරා සිටීමට ඔවුන්ට බල කිරීමේ යෙදී සිටි. භූ ගෝලය හරහා අමු ද්‍රව්‍ය සහ බලශක්තිය සොයා දුවන වත්මන් ජාත්‍යන්තර පර්යාය ට තර්ජනයක්ව මතුවී ඇති චීනය සමග එක්සත් ජනපදය ගැටෙයි.

ගිනි ඇවිලිය හැකි ඕනෑම ස්ථාන ගනනක් - උතුරු කොරියව, තායිවානය, දකුනු චීන මුහුද, ඉන් තුනක් පමනි - යුද්ධය ඇවිලවිය හැකිය.

නව ලෝක යුද්ධයක් ඇවිලීම වලක්වා එයට හේතුව වන්නා වූ ලෝක ධනපති ක‍්‍රමය සහ යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර දමා සැලසුම් ගත ලෝක සමාජවාදී ආර්ථික පර්යායක් පිහිටුවීමට සමත් එකම බල වේගය නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ - හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය එයයි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: