ශී‍්‍ර ලංකාව: දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමේ සසප/සසජාශි රැස්වීමක්

Sri Lanka: SEP/ISSE meeting to demand release of political prisoners

By the Socialist Equality Party, 24 January 2012

සියලූ දේශපාලන සිරකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ජනවාරි 29 දා උතුරේ යාපනය නගරයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

දහස් සංඛ්‍යාත බොහෝ සෙයින් දෙමල තරුනයන් කිසිදු චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව "ත‍්‍රස්තවාදී සැකකරුවන්" ලෙස රඳවා ගෙන සිටී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය අවසන් වීමේ දී අත් අඩංගුවට ගැනුනු 11,000කට අධික පිරිසට අයත් විය. සෙසු අය වසර හතකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටී.

යුද්ධයෙන් ඉරිතලා ගිය යාපන අර්ධද්වීපය දැන් පවතින්නේ දැවැන්ත මිලිටරි වාඩිලෑමක් යටතේ ය. යුද්ධය සමයේ දී, සිය ගනනක් ජනයා අත් අඩංගුවට, පැහැරගැනීමට හා සමහර අවස්ථාවන්හි දී ආන්ඩු-ගැති ඝාතක කල්ලි අතින් ඝාතනයට ලක් විය. "අතුරුදහන්වූ” හා අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ඥාතීන්ගේ විරෝධතා කඩාකප්පල් කිරීමට හමුදාව මෑත දී මැදිහත්විය.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ සිය වඩා පුලූල් අරගලයේ කොටසක් ලෙස ඔවුන් වෙනුවෙන් දේශපාලන උද්ඝෝෂනයක් ගෙන යන එකම පක්ෂය සසපයි. සෙසු පක්ෂ රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින තාක් දුරට එම කැඳවුම් කොන්දේසි සහගත ය. "නිදහස් කරනු නැතහොත් චෝදනා ගොනු කරනු" යන ඔවුන්ගේ සටන් පාඨය හිතුවක්කාරි රඳවාගැනීම් යුක්තිසහගත කි‍්‍රයා ලෙස පිලිගනී.

කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා අරගලයේ කොටසක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු පිනිස දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සසප මුල පටන්ම යුද්ධයට විරුද්ධ විය. අපගේ රැස්වීමට සහභාගි වන ලෙස ද අපගේ උද්ඝෝෂනයට සහාය දෙන ලෙස ද කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්ථානය: වීරසිංහම් ශාලාව, යාපනය.

දිනය හා වේලාව: ජනවාරි 29 වන ඉරිදා, සවස 2.00

Share this article: