සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 2: අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව

Resolution 2: Against imperialist war

9 may 2012

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් දෙවැන්න යි.

1. මෙම සම්මේලනය, එක්සත් ජනපද අධිරාජ්‍ය වාදය සහ එහි සගයන් සිරියාව ආක‍්‍රමනය කිරීම සහ ඉරානයට එරෙහිව උග‍්‍ර කර ඇති යුද සූදානම හෙලාදකියි. සිදුකරන්නට යන යුදමය ආක‍්‍රමනයන්ට පෙරාතුව, ඔබමා පාලනාධිකාරය සිරියාව සහ ඉරානය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරන් ද ත‍්‍රස්තවාදයේ මිතුරන් ද වන යකුන් යයි ක‍්‍රමානුකූලව හංවඩු ගසයි. ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩ පිලිවෙල ප‍්‍රාදේශීය සහ ලෝක සාමයට තර්ජනයක්ය යනුවෙන් සිය යුදමය ආක‍්‍රමනයන්ට ව්‍යාජයක් ලෙස එක්සත් ජනපදය වගුරුවන නරුම මුසා පුවත් මාධ්‍යයන් විසින් කීකරුව පුම්බා දක්වනු ලැබේ. සිරියාව සහ ඉරානය තුල "ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්” ඉල්ලා සිටින එක්සත් ජනපදය ආධාර සඳහා වාරුවන්නේ සෞදි අරාබිය සහ කටාරය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ලා නම් දරපු ඒකාධිපති ගල්ෆ් රාජ්‍යයන් මත ය. වොෂිංටනය ටෙහෙරානය සහ දමස්කස්වලට පහර දීම "ත‍්‍රස්ත විරෝධී යුද්ධයේ” කොටසක් ලෙස පෙන්නුම් කරයි. එහෙත් එය ලිබියාවේ දී ද සිරියාවේ දී ද ඉස්ලාම්වාදීන් ලවා හා අල්කයිඩා සංවිධානය සමග බැඳුනු සන්නද්ධ කන්ඩායම් ලවා ද තම උවමනාකම් ඉටුකරවා ගනී. ඉරාන පාලන තන්ත‍්‍රය න්‍යෂ්ටික අවි තනා ගැනීමට යත්න දරන්නේ ය යන ඇමරිකානු චෝදනා සත්‍ය ද යන්න ප‍්‍රශ්නයට කරුනකි. න්‍යෂ්ටික අවි දරන්නන් වන ඉස්රායෙලය, ඉන්දියාව සහ පකිස්තානය මෙන් නොව ඉරානය න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමට අත්සන් තබා ඇත. එරට න්‍යෂ්ටික බලාගාර එක්සත් ජාතීන්ගේ නිරන්තර පරීක්ෂනයට යටත් ය. ඉරානය අතට න්‍යෂ්ටික අවි පත්වීමට ඇති හැකියාව පිලිබඳව වොෂිංටනය කනස්සලු වන්නේ ඒවා ඇමරිකානු යුදමය ප‍්‍රහාර සැලසුම්වලට බාධාවක් ය යන්න උඩ ය. සත්‍ය වශයෙන් නම් න්‍යෂ්ටික අවි ප‍්‍රශ්නය වනාහී රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනය නිර්දය ලෙස උග‍්‍ර කරමින්, ඉරානය ආබාධිත කරන ආර්ථික තහන්චි පනවමින් අන්තිමේ දී යුද්ධය කරා ම යන ඇමරිකානු වැඩ සටහනකි. එහි අරමුන වන්නේ ඉරානය ඇමරිකානු ආසක්තයන්ට යටත් කිරීම ය.

2. මැද පෙරදිග යුද්ධයක් මුලු ප‍්‍රදේශය ම වෙලාගෙන ලෝක පරිමාන යුද්ධයක් අවුලුවා ලනු ඇතැයි මෙම සම්මේලනය අනතුරු හඟවා සිටී. වොෂිංටනයේ කොල්ලකාරී සැලසුම්වල සැබෑ අරමුන නම් දැනට ම කාබුල්, බැග්ඩෑඩ් සහ ටි‍්‍රපොලි නගරවලට සිදු කර ඇති පරිදි දමස්කස් සහ ටෙහෙරාන් ද එක්සත් ජනපද ගැති පාලන තන්ත‍්‍රයන්ට යටත් කොට මැද පෙරදිග ද මධ්‍යම ආසියාවේ ද ඉන්ධන බහුල ප‍්‍රදේශවල තම ආධිපාත්‍යය පිහිටුවා ගැනීමය. ඔබාමා පාලනාධිකාරයේ කපටි වැඩපිලිවෙල ඍජුව ම එහි තරග කරුවන්ගේ ආසක්තයන්ට තර්ජනය කර සිටී. රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ දී එක්සත් ජනපද යෝජනාවලට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කර ඇත්තේ ද ඉරානයට එරෙහි තවදුර තහංචිවලට එරෙහි වී ඇත්තේ ද ඒ නිසා ය. මැදපෙරදිග ප‍්‍රතිමල්ලතා, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය විසින් නිර්මිත භූ-දේශපාලන ආතතින්, විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ආතතින් සමග අන්තර්ඡේදනය වෙමින් වඩාත් පුලුල් යුද්ධයක තර්ජනය ඉස්මතු කර සිටිත්.

3. 2011 දී ලිබියානු නායක මුඅම්මර් ගඩාෆි ඉවත් කොට බටහිර ගැති නැෂනල් ට‍්‍රාන්සිෂනල් කවුන්සිල් (NTC) හෙවත් ජාතික සංක‍්‍රමන මන්ඩලය බලයේ පිහිටවූ ලිබියාවට එරෙහි නේටෝ යුද්ධය සිරියාවේ අධිරාජ්‍ය මෙහෙයුම්වල පුර්වාදර්ශය කර ගෙන ඇත. ටියුනීසියාවේ ඊජිප්තුවේ විප්ලවවාදී නැගිටීම්වලට පසුව එක්සත් ජනපදය සහ නේටෝව ලිබියාවට කඩාවැදී අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ගඩාෆි බලයෙන් පහ කොට කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම්වලට එරෙහිව උතුරු අප‍්‍රිකාවේ මුරපොලක් පිහිටුවා ගත්හ. "සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට” යයි එක්සත් ජාතීන්ගේ යෝජනාවක් යොදා ගත් නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධනය) යුද ගුවන්යානා අඩුගනනේ ලිබියානු ජාතිකයන් 80,000ක් ගොදුරු කරගත් අපරාධකාරී යුද්ධයක් කර ගෙන යාමට එන්ටීසී යේ භටයන් ට ආධාර කලහ. රට තුලට ස්පෙෂල් ෆෝසස් (විශේෂ භට කායන්) ඇතුලු කල නේටෝ ව නීති විරෝධී ලෙස ලිබියානු කැරලිකරුවන්ට අවි සපයමින් එලිපිට ම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කලේ ය. එ මගින් ටි‍්‍රපොලි නුවර පිහිටවුනේ මහාපරිමාන සිරකිරීම් ද, වධ බන්ධන ද නීති විරෝධී මිනීමැරුම් ද කරන බටහිර ආන්ඩුවලට ද මහා තෙල් ජාවාරම්වලට ද තනිකර නතු වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයකි.

4. ලෝක දේශපාලනයේ සාතිශය අස්ථායිකාරී සාධකය වනාහී ඇමෙරිකානු මිලිටරිවාදයේ ප‍්‍රකම්පක පිපිරීමයි. සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ඓතිහාසික ආර්ථික පරිහානියෙන් ගොඩ ඒම සඳහා යුරෝපීය සහ ආසියාතික පිලිමලුන්ගේ ආසක්තතාවනට වල කැපීමට සිය අත්‍යන්ත යුදමය ආධිපාත්‍යය යොදා ගැනීමට උත්සාහ කර ඇත. ඉරාකයට එරෙහි ප‍්‍රථම ගල්ෆ් යුද්ධයට පසුව 1993-95 සෝමාලියාවට එරෙහි ආක‍්‍රමනය ද, 1998-99 බෝල්කන් යුද්ධය ද, 2001 ඇෆ්ඝනිස්තානය අල්ලා ගැනීම ද 2003 ඉරාකය ආක‍්‍රමනය කිරීම ද සිදු විය. එක්සත් ජනපද ක‍්‍රියාවල ඉවබව නැති අපරාධකාරී බවට සම වන්නේ ජර්මානු නාසීන්, ඉතාලි ෆැසිස්ට්වාදීන් සහ ජපන් යුදවාදීන් දෙවන ලෝක යුද්ධය ආසන්නයේ යෙදුනු කොල්ලකාරී යුද්ධයන් ය. බුෂ් පාලනාධිකාරයේ පූර්ව භංග යුද්ධය පිලිබඳ ධර්මය ආක‍්‍රමනික යුද්ධ සඳහා යුක්ති ප‍්‍රතිපාදනයකි. ආක‍්‍රමනික යුද්ධය නම් නුරෙම්බර්ග් නඩුවල දී නාසි යුද අපරාධකාරීන් වරදකරුවන් ලෙස තීන්දු කිරීමට කේන්ද්‍රීය වූ අපරාධයයි. ලෝකයේ කවර තැනක වුව ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු ඕනෑම කෙනෙක්, එක්සත් ජනපදයට ආරක්ෂක තර්ජනයකි යි සලකනු ලැබුවහොත්, එක්සත් ජනපද ඩ්‍රෝන් යානා සහ ස්පෙෂල් ෆෝසස් යොදා මරාදමීම ද එකතු කොට ඔබාමා බුෂ් ධර්මය පුලුල් කරගෙන ඇත.

5. දශක දෙකක් තිස්සේ නොනැවත උග‍්‍ර කෙරෙන යුද වාදය ද යුද්ධය ද කම්කරු පන්තිය තුල විශේෂයෙන් ම තරුන පෙල තුල පෘථුල විපක්ෂයක් පැන නංවා ඇත. එහෙත් සෑම අවධියක් තුල ම "වාම” ලිබරල්ලු ද හරිතයෝ ද අන් සියල්ලටත් වඩා ව්‍යාජ වාමයෝ ද යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර පද්ධතියට එරෙහිව සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ධනේශ්වර පන්තිය වෙනුවෙන් වැඩට බැස ගත්තෝය. මාක්ස්වාදයට සතුරු වූ මෙම ස්ථර කම්කරු පන්තියේ ස්වාධීන ආසක්තයන්ට සතුරු ය. ඔවුන්ගේ සමාජ පදනම වන්නේ මූල්‍ය කරනයේ සන්තතිය තුලින් ද වේගයෙන් ඉහල ගිය කොටස් වෙලඳපල තුලින් ද ගත වූ දශක දෙක තුල ඉමහත් ලෙස ධනය රැස්කරගත් පොහොසත් මධ්‍යම පන්ති ස්ථරයකි. ඔවුන් අතර එන්න එන්නම වැඩෙන වැටහීම නම් සිය ද්‍රව්‍යමය ආසක්තතා "තමන්ගේ ම” අධිරාජ්‍ය බලය සමග බැඳී ඇති බවය. එහෙයින් ව්‍යාජ වාමයෝ වඩවඩාත් නග්නව අධිරාජ්‍ය යුද්ධයේ පාවාඩ කරුවන් බවට පත්ව සිටිති.

6. දහනව වන සියවසේ දී සහ විසිවන සියවස මුල දී මහබලවත්තු බටහිර රටවල "ශිෂ්ට කාරක ව්‍යායාමයේ” වේශයෙන් විජිත කොල්ලයේ සහ යුද්ධයේ යෙදුනෝය. දැන් මෙම මානව හිතවාදී කෝකටත් තෛල ම එක්සත් ජාතීන්ගේ "ආරක්ෂන වගකීම” නාමයෙන් යලි පන ගස්සාගෙන තිබේ. බෝල්කන් යුද්ධයේ දී තම කොල්ලකාරී ආක‍්‍රමනය "කොසොවර් වරුන් ඝාතනය වැලක්වීමට ය”යන ක්ලින්ටන් සහ බ්ලෙයාර් ගේ ව්‍යාජය ප‍්‍රතිරාවය කල ව්‍යාජ-වම්මුන් ගෙන් කොටසක් එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන් පිටිපස ඍජුව ම ගාල් වූ හ.

ඊලඟට ඔවුහු "ඒකාධිපති හුසේන් ඉවත් කිරීම” සඳහා වූ සාපරාධී ඉරාකය ආක‍්‍රමනයේ අද්වකාත්වරු වූහ. ඒ සමග ම 2003 පෙබරවාරි-මාර්තු සමයේ යුද්ධයට එරෙහි ව පැනනැගුනු පෙර නුවූ විරු පරිමාන ජාත්‍යන්තර විරෝධතා එක්සත් ජාතීන්ගේ මන්ඩලයට හෝ ප‍්‍රන්සයට සහ ජර්මනියට යුද්ධය නවත්වන ලෙස කෙරෙන නිරර්ථක ආයාචන බවට හරවා යැවීමට ඔවුන්ගේ දේශපාලන වගුරෙන් සමහරෙක් සිය "වාම” මුහුනුවර යොදා ගත්තෝ ය.

7. ඔබමා බලයට පත් කිරීමත් සමග ව්‍යාජ වාමයෝ වඩාත් එලිපිට ම අධිරාජ්‍ය කඳවුරට මාරු වූවෝය. බුෂ් ගේ පාලනය පිලිබඳව විවේචන ශීලීව සිටි කොටස් ද ඔබාමා බුෂ් ගේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රන සහ යුද්ධ ඉදිරියට ගෙනයමින් සිටි බව නොතකා ඔහු යුක්තියේ නව හඬක් ලෙස වැලඳ ගත්, සමස්ත ව්‍යාජ වාම සහෝදරත්වය ම ඒ හෝ මේ ආකාරයෙන් ලිබියාවේ නේටෝ යුද්ධයට පිටිපසින් පෙල ගැසී ගත්තෝ ය. ඇමරිකානු ඉතිහාසඥ මහාචාර්ය ජුවන් කෝල්, ඉරාක ආක‍්‍රමනය කිරීමේ විවේචකයෙකු ලෙස තමා දිනා තිබුනු කීර්තිය ලිබියාවට කල ඇමරිකානු ආක‍්‍රමනය යුක්තිසහගත කිරීමට නිර්ලජ්ජිතව යොදාගති. ටි‍්‍රපොලි නගරයට බෝම්බවැසි වස්සද්දී, ප‍්‍රමුඛ පැබ්ලෝවාදියෙකු වූ ඇල්බට් අච්චර් කනස්සලු වුයේ නැටෝව ලිබියාව ට ඇති තරම් බෝම්බ නොදැමීම ගැනය. ප‍්‍රන්ස පැබ්ලෝවාදීන්ගේ නිව් ඇන්ටි-කැපිටලිස්ට් පාටිනම් සංවිධානය ජනාධිපති නිකොලායි චාෂෙස්කුට සහය දෙමින් ඔහුගේ ආන්ඩුව ගඩාෆි - විරෝධී කැරලි කරුවන්ට නීති විරෝධී අවි සැපයීම යුක්ති සගගත කලේ ය. නේටෝ ගුවන් යුද්ධයට කෙලින්ම සහාය නුදුන් ව්‍යාජ වාම කොටස් ලිබියාව තුල නේටෝ-සහය ලත් "විප්ලවවාදීන්ට” - එනම්, එන්ටීසී ධජය යටතට රොක්වූ කලින් ගඩාෆි සහායකයන්, සී.අයි.ඒ ඒජන්තයන්, ඉස්ලාම්වාදීන්, සහ ධනේශ්වර ලිබරලුන් ඇතුලු ප‍්‍රතිගාමී රොත්තට - සහාය දුන්නෝය. දැන් මේ පැරනි වම්මු බටහිර ගැති සිරියානු නැෂනල් කවුන්සිල් සහ ෆ‍්‍රී සිරියන් ආමි නම් හමුදාව හා බැඳුනු, නව අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයක පාබල හමුදාවට සහාය දෙමින් සිරියාව තුල ද එයම කරමින් සිටිති. අච්චර් සිරියානු විපක්ෂ බල කන්ඩායම් සමග සාකච්ඡා කොට සිරියාවට විදේශීය ආක‍්‍රමනයක් කිරීමට සහය දෙන මෙන් ඔවුන් ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ ය.

8. ප‍්‍රාදේශීය අධිරාජ්‍යවාදී ආක‍්‍රමන සහ යුද්ධ, ප‍්‍රධාන බලවතුන් අතර ඝට්ටනයන් ද මහා ව්‍යසනකාරී ලෝක යුද්ධයක් කරා ද අනිවාරනීයව ම ගමන් කරනු ඇත. තවත් වතාවක් ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ අතිමූලික විකල්ප දෙකකට ය. එනම්, එක්කෝ සමාජවාදය නැතහොත් ම්ලේච්ඡත්වය. කම්කරු පන්තියේ සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ උල්පත ධනේශ්වර ලාබ පද්ධතිය ය යන මාක්ස්වාදී වැටහීම මත ම පමනක් බව මෙම සම්මේලනය අවධාරනය කර සිටී. එය පැන නගින්නේ දේශපාලන නායකයන්ගේ අතාර්කිකත්වය හෝ අකාර්යක්ෂමත්වය හෝ නිසා නොවේ: ගෝලීය වශයෙන් එකාග‍්‍රිත ලෝක ආර්ථිකයක් සමග ජාතික රාජ්‍ය දිගින් දිගටම පැවැත්ම ද ලෝක පරිමානව සමාජ ගත නිෂ්පාදනය සහ ආර්ථික ක‍්‍රියාකාරිත්වය අතලොස්සක් ධනපතියන්ගේ පුද්ගලික ලාභ ගැරිල්ලට සියලු ආර්ථික වැඩකටයුතු යටකිරීම ද හේතුකොටගෙනය. තවත් ලෝක යුද්ධයක් වැලැක්වීමට සමත් එකම සමාජ බලවේගය වන්නේ, නිෂ්පාදන බලවේගයන් පුද්ගලික අයිතියට යටත් කිරීමට හෝ ජාතික රාජ්‍ය පද්ධතිය දිගින් දිගටම පවත්වා ගෙන යාමට ආසක්ත නොවන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී හා සමාජවාදී ව්‍යාපාරයකට පමනි. ලෝකයේ සෑම රටක ම කම්කරුවන් මුහුනපා සිටිනා පොදු අන්තරායය ඉවත් කල හැක්කේ අසාර්ථකව පවත්නා ලාභ ගරන පද්ධතිය පෙරලා දමා සැලසුම්ගත ලෝක සමාජවාදී ආර්ථිකයක් ස්ථාපනය කිරීම මගිනි.

9. සමාජවාදී සමානතා පක්ෂයේ තීරනාත්මක කර්තව්‍යය වන්නේ ඕස්ටේ‍්‍රලියාවේ කම්කරුවන් මෙම ඉදිරිදර්ශනයට දිනාගැනීම ය. ධනවාදය මානව වර්ගයා තවත් ලෝක යුද්ධයකට ඇද දමන තත්වයක් තුල ධනේශ්වරය සහ එහි ඒජන්සි වැඩකරන ජනතාවගේ සිත්වලට විස කැවීමට ජාතිකවාදය සහ ජාතිවාදය වගාකරති. කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය සඳහා සටන් වදින සසපයට පවත්නා සුවිශේෂ දේශපාලන වගකීමක් නම් ඇමරිකා එක්සත් ජනපදය මැදපෙරදිග කරගෙන යන යුද්ධයන් ද චීනයට එරෙහිව යුදබලය ගොනු කිරීම ද සඳහා ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව දක්වන සහය යුක්ති යුක්ත කර දීම සඳහා ද පතුරවන චීන-විරෝධී සහ මුස්ලිම්-විරෝධී දුර්මතයන් ට එරෙහිව සටන් කිරීම වේ. එසේම, කම්කරු පන්තිය නිරායුධ කිරීම සඳහා ද තමන්ගේ අධ්‍යාසයන් වැසැංගීම සඳහා ද අධිරාජ්‍යවාදය විසින් යොදාගනු ලබන සාමවාදය, අවිහරනය, නිර්පාක්ෂිකතාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානවහිතවාදය යනාදී පම්පෝරි වියුක්තයන් ක‍්‍රමානුකුලව සහ පරිපුර්නව එලිදරව් කිරීම සසපය කරනු ඇත. කම්කරු පන්තිය බලය ගන්නේ නැතිව ධනවාදය විප්ලවවාදීව පෙරලා දැමීමෙන් තොරව යුද්ධය නැවැත්විය හැකි යයි කියාපාන සකල ප‍්‍රවනතාවයක් ම දෘඪ ලෙස එලිදරව් කිරීම මගින් කම්කරුවන් හා තරුනයන් දේශපාලන වශයෙන් උගන්වා ගනු ඇත.

Share this article: