ස්පාඤ්ඤයට ඇප බැඳීමෙන් අනතුරුව ගෝලීය අර්බුදය ගැඹුරු වෙයි

Global crisis deepens after Spanish bailout

By Nick Beams , 14 June 2012

බැඳුම්කර වෙලඳපොලවල ඉහල යන පොලී රේට්ටු පෙන්නුම් කරන්නේ, පසුගිය සති අන්තයේ සිදු කල යුරෝ බිලියන 100ක ස්පාඤ්ඤ ඇප බැඳීම යුරෝ කලාපයේ අර්බුදය විසඳීමට කිසිවක් සිදුකොට නැතිවාක් මෙන්ම එය තත්වය වඩාත් නරක අතට හැරවීමට පවා හේතු වී ඇති බවයි. ස්පාඤ්ඤයේ වසර දහයේ බැඳුම්කර සඳහා‍‍ පොලී අනුපාතය 13 වෙනි දින සියයට 6.8ක බියකරු මට්ටමට ඉහල නැග්ගේ, ඉතාලියේ වසර එකේ රාජ්‍ය නය සඳහා වන පොලිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට එය ලඟා වූ ඉහලම තැනට ලඟා වූ තත්වයක් යටතේ ය.

මෑතම කලබගෑනිය ඉස්මත්තට පැමින ඇත්තේ, යුරෝපියානු අර්බුදය හේතුකොට ගෙන ඊනියා "නැගී එන වෙලඳපොලවල්" තීව්‍රතම අනතුරුවලට මුහුන දී ඇතැ’යි යනුවෙන් අනතුරු අඟවමින් ලෝක බැංකුව වාර්තාවක් නිකුත් කිරීමත් සමග ය. ලෝක බැංකුවේ මෑතම ගෝලීය ආර්ථික අපේක්ෂා පිලිබඳ වාර්තාව පෙරදුටුවේ, සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල වර්ධනය, පූර්වයෙන් පැවැති සියයට 6.1 සිට, 2012 වසරේදී සියයට 5.3ට පහත වැටෙනු ඇති බවයි. සමස්ත ගෝලීය වර්ධනය සඳහා පෙරදැකීම 2013 වසර සඳහා සියයට 3 දක්වා කපා දැමුවේ ය. එය, ජනවාරි මාසයේදී ඇස්තමේන්තු කර තිබූ මට්ටමේ සිට සියයට 0.1ක පහල යාමකි.

අස්ථාවරභාවයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් සඳහා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සූදානම් විය යුතු යැයි ලෝක බැංකුව සඳහන් කලේ ඒවායේ වෙලඳ හා මූල්‍යමය බැඳීම් ප්‍රධාන යුරෝපීය ආර්ථිකයන් සමග ගැටගැසී ඇති බැවින් නැගෙනහිර යුරෝපය හා මධ්‍යම ආසියාව විශේෂයෙන්ම හානිකර තත්වයට මුහුන දී ඇතැයි අනතුරු අඟවමිනි.

ලෝක බැංකුවේ ආර්ථික පූර්වාපෙක්ෂා පිලිබඳ අධ්‍යක්ෂ හෑන්ස් ටිමර් සඳහන් කලේ, මූල්‍ය වෙලඳපොලේ බි‍‍‍ඳෙනසුලු බව ප්‍රතිපත්ති සම්පාදනය දුෂ්කර කොට තිබෙන බවයි. "රජතමය අන්ඩයක් නොතිබූ" අතර "සති අන්තයකින් ප්‍රශ්න විසඳීමට ඔබට බැහැ" යි ඔහු වැඩි දුරටත් කීවේ ය.

ස්පාඤ්ඤ ඇප බැඳීමෙන් අනතුරුව සිදු වූ වෙලඳපොල මනෝගතියේ සීග්‍ර මාරුව යුරෝවේ පැවැත්ම සහතික කර ගැනීමේ "සටනක්" දියත් කිරීම සඳහා ස්පාඤ්ඤ අගමැති මාරියානෝ රාජෝව් විසින් කරන ලද මංමුලා සහගත ආයාචනයකට තුඩු දුනි. යුරෝපා සංගමය "එය පිහිටවූ තැන් පටන් පැමිනි දරුනුතම අර්බුදයට" මුහුන දී සිටින බවත් "යුරෝව අර්බුදයේ පසුවන" බවත් අනතුරු අඟවමින් ඇප තැබීමට දින තුනකට පෙර ජූනි 06 දින ඔහු ලියූ ලිපියක්, හෙතෙම මාධ්‍යයට මුදා හලේ ය.

යුරෝපා මහ බැංකුව මැදිහත් වී "යුරෝ කලාපයේ මූල්‍යමය ස්ථාවරත්වය සහතික කිරීමට" යුරෝපය තුලින් ද ජාත්‍යන්තරව ද එන ආයාචනාවලට ඔහු ඔහුගේ හඬ එක් කලේ ය. "අපට අවශ්‍ය ස්ථාවරත්වය හා ද්‍රවශීලිත්වයේ මෙම කොන්දේසි සහතික කිරීමට අද දින ශක්‍යතාව ඇති එකම ආයතනය වන්නේ ඊසීබී (යුරෝපා මහ බැංකුව - පරිවර්තක) ය යි," ඔහු ලියුවේ ය.

ඔවුන්ගේ බැංකුවල මූල්‍යමය අවශ්‍යතාවන් සහතික කරගැනීම පිනිස එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ ද සහය ලැ‍ෙබන ඉල්ලීමක් වන වඩා වැඩි ඊසීබී මැදිහත්වීමක් සඳහා කෙරෙන ඉල්ලීම් එක දිගටම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ විරුද්ධත්වයට මුහුන දී සිටී. ජාතික අයවැය දැඩි මධ්‍යගත පාලනයකින් තොර වුවහොත් ජර්මානු මූල්‍ය පද්ධතිය එවැනි පිලිවෙතකින් උවදුරේ හෙලනු ඇතැ’යි යන්න පිලිබඳව ඇය බියට පත්ව සිටී.

"ඒකාබද්ධවීම පිලිබඳව තවත් දේවල් කිරීමට ජර්මනිය සූදානම්, එහෙත් අප අද දිනයේ මුහුන දෙන තත්වයට වඩා ඉමහත් ප්‍රමානයකින් ව්‍යසනකාරී තත්වකට මෙහෙය වනු ඇතැයි යනුවෙන් මම ඒත්තු ගන්නා දේවල්වලට සම්බන්ධ වීමට අපට බැහැ" යයි ඇය කීවා ය.

ජර්මනිය හා ප්‍රන්සය යන ඊනියා "කේන්ද්‍රීය" රටවල නය මත පොලී රේට්ටු වැඩීම් අර්ථකතනය කර තිබුනේ, සමස්ථ පද්ධතියේ ස්ථාවරත්වය පිලිබඳව උත්සුකතාවන් ව්‍යාප්ත වෙමින් තිබීම පිලිබඳ සාක්ෂියක් වසයෙනි. සාමාන්‍යයෙන් "පරිධියේ" පොලී රේට්ටු වැඩෙන විට, ‍"කේන්ද්‍රයේ" පොලී රේට්ටුව පහත වැටේ. පොලී රේට්ටුවල ඉහල යාම ජනනය කරමින් බැඳුම්කරවල සමගාමී විකීනීමක් පැවැතියේ නම්, "සැලකිලිමත් වීමේ සිට අනතුරු ඇඟවීම කරා අප ගමන් කරනු ඇත,” යි එක් මූල්‍ය වෙලඳාම්කරුවෙක් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට කීවේ ය.

අර්බුදය ඉහිල් තත්වයට පත් කිරීමෙන් බෙහෙවින් දුරස්ථව සිදු වී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොල අර්බුදයේ කේන්ද්‍රය ඊලඟ ඉලක්කය වන ඉතාලිය වෙත හැරීම යි.

එහෙත් ඉතාලියානු අගමැති මාරියෝ මොන්ටි ඔහුගේ රට අර්බුදයේ මාවතට ඊලඟට ප්‍රවිෂ්ට වී ඇත යන්න ප්‍රතික්ෂේප කල අතර ගලවා ගැනීමක් අවශ්‍ය වනු ඇතැයි යනුවෙන් ඔස්ට්‍රියානු මුදල් අමාත්‍යවරයා කල ප්‍රකාශ "නොහොබිනා" යැයි කීවේ ය. ඉතාලියට ආධාර අවශ්‍ය වනු ඇතැයි යන අදහස ප්‍රතික්ෂේප කල ඉතාලියානු කර්මාන්ත අමාත්‍යවරයා ඔහුට අත්වැල් සැපයුවේ ය. කෙසේවෙතත් එවැනි ප්‍රකාශ කිසිදු හරයක් නැති ඒවා වන්නේ මේ සමාන අයුරේම විවේචන පසුගිය සති අන්තය වන තෙක් ම ස්පාඤ්ඤ ආන්ඩුව විසින් ද හඬතලමින් සිටි හෙයිනි.

ග්‍රීසියට හා ස්පාඤ්ඤයේ ඇප බැඳීම්වලට හේතුකාරනාවන් වූ එකී කොන්දේසි ම වැඩෙන ඉතාලියානු අර්බුදය ඉස්මත්තට ගෙන එමින් පවතී. ඉතාලියේ ලීරා මුදල සමඟ සන්සන්දනය කිරීමේ දී තනි ව්‍යවහාර මුදලක ඉහල අගය නිසාත් මුදල අවප්‍රමානය කිරීමක් හරහා තත්වය සමනය කිරීමට තවදුරටත් හැකියාවක් නැති නිසාත් යුරෝව ස්ථාවර කිරීම මෙහෙයවී ඇත්තේ ඉතාලියානු අපනයන වඩාත් සීග්‍රයෙන් නිතරඟකාරී වීමට ය.

බදු අයකර ගැනීම්වල අනුක්‍රමනික පහත වැටීමත් සමග එහි අවයැය හිඟයේ ඉහල යාමක් හා නය තත්වයයේ වඩාත් නරක අතට හැරීමකට තුඩු දෙමින් ඉතාලිය පසුගිය දශකය තුල මුහුන දෙන හතරවන අවපාතයට දැන් එලැඹෙමින් තිබේ. රට, "ආර්ථික අනාවැකිකරුවන් පෙරදකිනවාට වඩා මෙම වසරේදී හා එලැඹෙන වසරේදී ගැඹුරුතම අවපාතයක් අත්දකිනු ඇත"යි සිටීගෲප් විශ්ලේෂකයෝ අනතුරු අඟවමින් සිටිති.

ඔස්ට්‍රේලියානු ආර්ථික අටුවාකරුවෙක් වන ඇලන් කොහ්ලර් බිස්නස් ස්පෙක්ටේටර් හි සටහන් ක‍ල පරිදි: ස්පාඤ්ඤය වෙත අවධානය යොමුව පැවැතුන අතරේ, "යුරෝපය සඳහා වඩා විශාල ප්‍රශ්නය වන්නේ ඉතාලිය වන අතර එය යුරෝව ආරම්භ කල තැන් පටන්ම පැවැතී‍ගෙන එයි. ස්පාඤ්ඤයට සමානව, සිය ආර්ථික වර්ධනය ප්‍රාග්ධනයේ ජාතික වියදමට වඩා අඩු ඉතාලිය ද දැන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නය උගුලකට හසුව තිබේ. මුදල අවප්‍රමානයට ශක්‍යතාවක් නොමැතිව, ඉතාලියට ප්‍රකෘතිමත් වීමේ බලාපොරොත්තුවක් නැත."

ඉතාලියානු තත්වය අවධානරනය කරන්නේ, යුරෝ අර්බුදය ග්‍රීසියේ "සල්ලාල පැවැත්ම" හෝ අනෙකුත් එවැනි මතුපිට විස්තර කිරීම්වලින් දුරස්ථව මුල්බැස පවත්නේ ධනවාදී ආර්ථිකයේ අතිමූලික ප්‍රතිවිරෝධතාවක්, එනම් නිෂ්පාදනයේ භූගෝලීය ස්වභාවය හා ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධතාව තුල යි.

ආර්ථික වර්ධනය වැඩිදියුනු කිරීම පිනිස යුරෝපය ඒකාබද්ධ කිරීම වේගවත් කිරීමේ අවශ්‍යතාව යුරෝව ස්ථාපිත කිරීම පිටුපස පැවැති ධාවක බලවේගවලින් එකක් විය. එහෙත් යුරෝපයේ ජාතික රාජ්‍යයන් එක දිගටම ස්වාධීන හා ඇතැම් අවස්ථාවලදී ඝට්ටනකාරී ආර්ථික පිලිවෙත් පවත්වා ගෙන විත් තිබේ.

ගෝලීය මූල්‍යමය බුබුල එකදිගට පැවතීගෙන යන අතර මෙකී ප්‍රතිවිරෝධතාවන් එක්තරා දුරකට වසන් කිරීමට පුලුවන් වූවා විය හැක. එහෙත් 2007-2008 වසරවල මෙය අවසානයට පැමිනි විට, යුරෝ කලාපයේ බිඳවිසිර යාම ඇරඹින. දැන් එය කඩා වැටීමේ තැනට එලැඹ ඇති ඇත්තේ යුරෝපයේ මහජනතාවට පමනක් නොව සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයට ම ගිනිය නොහෙන ප්‍රතිවිපාක ගෙන දෙමිනි. අර්බුදයට එකම ප්‍රගතිශීලී විසඳුම වන්නේ කම්කරු පන්තිය විසින් දේශපාලනය බලය ගැනීමත් සමාජාවාදී සැලසුම් ක්‍රමය යටතේ යුරෝපය ඒකාබද්ධ කිරීමත් ය.

තවදුරටත් ආර්ථික ව්‍යසනය ගැඹුරු කිරීම මිස පාලක ප්‍රභූවට කිසිදු පිලිතුරක් ඇත්තේ නැත-- මෙම කරුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලගාඩ් විසින් ද අවධාරනය කල කාරනාවකි. 12 දා පැවැති ආර්ථික සම්මේලනයක දී කතා කරමින් ඇය කීවේ මූල්‍යමය ස්ථාවරත්වයේ අවදානම් තත්ත්වයන් පලි ගැනීමක් සමඟ පෙරලා පැමින තිබෙන බව යි. "ආතතීන් යලි ඉස්මතු වෙමින් තිබෙනවා. ඒත් එක්ක ම මූල්‍යමය ස්ථාවරත්ව අවදානම් තත්ත්වයන් ඉදිරිපසටත් කේන්ද්‍රයටත් යලිත් ගමන් කරල ති‍ෙයනවා. ඉමහත් අවිනිශ්චිතතාව ගෝලීය අපේක්ෂාවන් අරක් ගන්නවා," යයි ගෝලීය සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානයේ දී කතා කරමින් ඇය කීවා ය.

Share this article: