ඊජිප්තු ජුන්ටාව ඉස්ලාම්වාදී මුර්සි නාමික ජනාධිපති වශයෙන් පත් කර යි

Egyptian junta installs Islamist Mursi as figurehead president

By Barry Grey, 25 June 2012

පාලක සන්නද්ධ හමුදාවන්ගේ උත්තරීතර කවුන්සිලය විසින් ක්‍රියාත්මක කරන ලද දේශපාලන කුමන්ත්‍රනයක් මැද්දේ පවත්වන ලද ජනාධිපතිවරන තරගයේ ජයග්‍රාහකයා මුස්ලිම් සහෝදරත්වයේ අපේක්ෂක මොහමඩ් මුර්සි බව ඊජිප්තු උත්තරීතර මැතිවරන කොමිසම ප්‍රකාශ කලේ ය.

ප්‍රකාශය නිකුත් කලේ දින තුනක් ප්‍රමාද වීය. මෙම කාලය තුල දී, වැඩිමනත්ව මුස්ලිම් සහෝදරත්වයේ ආධාරකරුවන් දස දහස් ගනනක්, හමුදාව ආඥාදායක බලතල ආරූඪ කර ගැනීම සහ හමුදා අනදෙන මඬුල්ල මැතිවරන ප්‍රතිඵල වංචාකර, බලයෙන් පහකල ආඥාදායක හොස්නි මුබාරක් යටතේ අවසාන අගමැතිවූ, හමුදා අනුග්‍රහය ලත් හිටපු ගුවන් හමුදා ප්‍රධානී අහ්මඩ් ෂාෆික්ට ජනාධිපති ධුරය පැවරීමේ අනතුර වැලැක්වීමට කයිරෝවේ තරීර් චතුරශ්‍රයට රොක්වූහ.

Tahrirමෙම මස මුල තරීර් චතුරශ්‍රය (ඡායාරූප:ගිගී ඊබ්‍රාහිම්)

ප්‍රකාශය බලාපොරොත්තුවෙන් දසදහස් ගනනක් චතුරශ්‍රය තුල රැස්ව සිටි අතර ෂාෆික්ට පක්ෂ තීරනයක් දුනහොත් පුපුරා යා හැකි මහජන විරෝධයට මුහුනදීම පිනිස හමුදා සීරුවෙන් සිටියහ.

පසුගිය සතියේ ජුන්ටාව, විරෝධතාකරුවන්ට එරෙහිව "යකඩ හස්තයක්” යොදාගැනීමට තර්ජනය කල අතර මැතිවරන කොමසාරිස්ගේ කාර්යාල, හිස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා කයිරෝවේ අනෙකුත් රජයේ කාර්යාල ඉදිරිපිට හමුදා රැඳවූහ. ඒ අතර, හමුදාව ආඥාදායක බලතල අත්කරගැනීම පිලිගැනීමට හිලව් වශයෙන් ඉස්ලාම්වාදීහු, මුර්සිට තටු කපන ලද ජනාධිපති තනතුර පිරිනැමීමේ ගනුදෙනුවක් සදහා රහස් සාකච්ඡා පැවත්වූහ.

ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සියේ හිටපු ප්‍රධානී මොහමඩ් එල්බරාඩේ ගනුදෙනුවේ තැරැව් කරු ලෙස කටයුතු කල බවට සාක්ෂි ඇත. ලැබිය හැකි කැබිනට් තනතුරක් සඳහා මුස්ලිම් සහෝදරත්වය සමග සාකච්ඡා පවත්වමින් සිටි බවට පලවූ වාර්තා වලින් පසුව ඔහු, 23දා රාත්‍රියේ, මිලිටරි ආඥාපති මන්ඬලයේ නායක ෆීල්ඩ් මාර්ෂල් මොහමඩ් ටන්ටාවි මුනගැසු‍ෙන්ය.

මැතිවරන කොමසාරිස්ගේ ප්‍රකාශය ජනාධිපතිවරන තරගයේ ඡන්ද ප්‍රතිපලය නොව, මෙම සාකච්ඡාවල ප්‍රතිඵල විසින් නීර්නය කෙරුනක් බව විවෘත රහසකි.

සිදු වූ ආකාරයට, ෂාෆික්ට ලැබුන 48.3 හා සසඳන විට ඡන්ද සියයට 51.7ක් සමගින් මුර්සි වැඩි ඡන්ද 900,000කින් ජයගෙන ඇතැ යි කොමිසම ප්‍රකාශ කලේ ය. මැතිවරනයේ පලමු වටයේ සියයට 46 සමග සසඳන විට දෙවැනි වටයේ සහභාගිත්වය සියයට 51.6 බව එය පැවසී ය.

ජනතා සහභාගීත්වය පහල මට්ටමක පැවතිම, අපේක්ෂකයන් දෙදෙනා සඳහා ම කම්කරු පන්තිය තුල උද්‍යෝගයක් නොපැවති බව පිලිබිඹු කලේ ය. ෂාෆික් වෛරයට පාත්‍ර වූ මුබාරක් තන්ත්‍රයේ ශේෂයක් වන අතර, මුර්සි වඩා වරප්‍රසාදිත මධ්‍යම පන්තික ස්ථරයන් හා ධනේශ්වරයේ කොටස් නියෝජනය කරන ධනපති ගැති දක්ෂිනාංශික තෝල්කයෙකි.

මැතිවරන කොමසාරිස්ගේ ප්‍රකාශනයෙන් ක්ෂනික ඉක්බිත්තේ ටන්ටාවි, ජූලි 1වැනිදා වැඩ බාර ගැනීමට නියමිත මුර්සිට සුභ පැතී ය. ජෙනරාල්වරුන් පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැර, නිල වශයෙන් යුද නීතිය ප්‍රකාශ කර, ව්‍යවස්ථාදායක හා අයවැය කටයුතු, ආරක්ෂක ඒජන්සි හා හමුදාව පිලිබඳ මුළු බලය තමන්ට ම පවරා ගෙන, නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා ඇති තත්වයක් යටතේ, ඔහු එසේ වැඩ බාර ගන්නවා ඇත.

ඊජිප්තුවේ පුළුල් මහජනතාවගේ හැඟීම් හා අවශ්‍යතාවන් නොතකා හැරි පාලක ප්‍රභූවේ කල්ලි අතර ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම දුෂ්නිරූපනය, "ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ” දිය බෙත්මක් ලෙස වොෂින්ටන් හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ක්ෂනික ප්‍රශංසාවට ලක් විය. බලාපොරොත්තු විය හැකි ලෙසම එය, හමුදා ආඥාපතින්ගේ යකඩ සපත්තුව යට ක්‍රියාත්මක වනු ඇත.

"ප්‍රජාතන්ත්‍රවාදය කරා ඔවුන්ගේ සංක්‍රමනයේ මෙම සන්ධිස්ථානය” පිලිබඳව ඔබාමා ධවල මන්දිරය, මෝසිට හා ඊජිප්තු ජනතාවට සුබ පැතුවේ ය. ඒ අතර ම, ඊජිප්තුව හා ඊස්රායලය අතර 1979 සාම ගිවිසුමට ඇතුලත් කලාපය තුල එක්සත් ජනපදය මුල් තැන ගන්නා දේශපාලන වටාපිටාවට අභියෝග නොකරන ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිට එය කල අනතුරු ඇඟවීම කේන්ද්‍රීය කාරනයකි. “කලාපීය සාමයේ, ආරක්ෂාවේ හා ස්ථාවරත්වයේ කුළුන ලෙස ඊජිප්තුවේ කාර්යභාරය සම්පූර්න කිරීම අඛන්ඩව ඉදිරියට ගෙනයාම ඊජිප්තු ආන්ඩුවට අත්‍යාවශ්‍ය යයි අපි සිතමු යි” ධවල මන්දිරය ප්‍රකාශ කලේ ය.

බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග්, "ඊජිප්තුවේ ජනතාව නව ජනාධිපතිවරයෙකු තෝරා ගෙන ඇත. ප්‍රතිඵල හා සාමකාමී ක්‍රියාදාමය පිලිබඳව මම ඔහුට හා ජනතාවට සුබ පතමි” යි පැවසී ය.

හමුදා ආඥාදායකත්වයේ යතාර්ථය වසං කිරීමේ හා කම්කරු පංතියේ නැවත අළුත් වූ ව්‍යාපාරයකට එරෙහිව දැනුවත් මර්ධනයක් සූදානම් කිරීමට ජෙනරාල්වරුන්ට හැකියාව ලබාදීමේ මෙම උත්සාහයට “මධ්‍යස්ථ” ඉස්ලාම්වාදීන්ගේ සිට අනාගාමික ලිබරලුන්, නොයෙකුත් මධ්‍යම පංතික ව්‍යාජ වාම සංවිධාන දක්වා වන ඊජිප්තුව තුල සමස්ත දේශපාලන සංස්ථාපිතයේම සහාය ලැබේ. අවසානයට සඳහන් කල අය සෘජුව ම මෝසි හා සහෝදරත්වය පිටුපස පෙල ගැසී ඇත.

මුස්ලිම් සහෝදරත්වයෙන් පලාගිය ලිබරල් ඉස්ලාම්වාදීන්, අනාගාමික නසරයිට්වාදීන් හා අප්‍රේල් 6වැනිදා තරුන ව්‍යාපාරයේ නියෝජිතයන් සමග දින දෙකක සාකච්ඡාවලින් පසු 22දා මෝසි මාධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර, එහි දී ඔහු ජාතික පෙරමුනක් පිහිටුවීම නිවේදනය කලේ ය. ඔහු අගමති වශයෙන් මුස්ලිම් සහෝදරත්වයේ නොවන නියෝජිතයෙකු පත්කිරීමට හා ඉස්ලාම් නොවන "ජාතික බලවේගයන්ගේ ” නියෝජිතයන්ට අනෙකුත් කැබිනට් තනතුරු බාරදීමටත් පොරොන්දු විය.

24දා මැතිවරන කොමසාරිස්ගේ ප්‍රකාශනයෙන් පසු, විප්ලවවාදී සමාජවාදීහු, මුර්සි තෝරාගැනීම "වැදගත් විප්ලවවාදී ජයග්‍රහනයක් ” යයි සඳහන් කරමින් ප්‍රකාශනයක් නිකුත් කලේ ය. කම්කරු පන්තිය තුල කේන්ද්‍රගත වූ විප්ලවවාදී ව්‍යාපාරය, 2011 ෆෙබරවාරියේ දී එක්සත් ජනපද සහාය ලද ආඥාදායකයා පලවා හැරි තැන් පටන්, විප්ලවකාරී සමාජවාදීන්, හමුදාව "ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමනයක්” කරා යාමේ නායකත්වය ගනිමින් සිටින්නේය යන ප්‍රකාශයට විශ්වසනීයත්වයක් දීමට උත්සාහ කර ඇත. ඒ අතර ම, ජුන්ටාව පෙරලා දැමීමට හා එය සමාජවාදය සඳහා සටන් කරන කම්කරු ආන්ඩුවකින් විස්ථාපනය කිරීමට කොන්දේසි සකසන කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් මතුවීම වැලක්වීමට සහෝදරත්වය සමග එය හවුල් වී ඇත.

හමුදාව ආඥාදායක බලතල අත්පත් කර ගැනීම නොතකා, 24දා නිකුත්කල එහි ප්‍රකාශනය තුල විප්ලවකාරී සමාජවාදීන් නොපවතින "ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමනය” පිලිබඳව තම සහයෝගය පුනරුච්චාරනය කලේ ය. මුර්සි පත් කිරීම ගැන එය මෙසේ පැවසුවේ ය: "නැවත වතාවක් මහජනතාව ප්‍රතිවිප්ලවවාදී මිලිටරියේ සැලැසුම් වෙනස් කිරීමට හා වාසි දිනාගැනීමටත් විප්ලවවාදී නීති උකහා ගැනීමටත් තවමත් තමන්ට හැකි යයි ඔප්පු කරමින් සිටී”.

මෙය විප්ලවකාරී සමාජවාදීන් හා සමාජවාදී මහජන සන්ධානය, ඊජිප්තු සමාජවාදී පක්ෂය හා ඊජිප්තු කොමියුනිස්ට් පක්ෂය වැනි අනෙකුත් ව්‍යාජ වාම සංවිධානවල ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාකලාපයේ තවදුර ඉදිරියට යාමකි. මේවායින් බොහොමයක් 1971 ඊජිප්තු ව්‍යවස්ථාව සඳහා සහාය දැක්වීමේ පොරොන්දුවකට අත්සන් කල අතර හමුදා ආඥාදායක මන්ඩලය පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදයක සභාව විසුරුවා හැරීමට හා යුද නීතිය ප්‍රකාශ කිරීමට යන්තම් දින කීපයකට පෙර, ඊජිප්තු දේශපාලන පැවත්ම තුල හමුදාවේ කාර්යභාරය සහතික කලහ.

මුර්සිගේ කේන්ද්‍රීය භූමිකාව වනු ඇත්තේ, යලි ප්‍රානවත් වූ කම්කරු පන්ති ව්‍යාපාරයකට එරෙහිව, ආන්ඩුවේ ප්‍රචන්ඩත්වය මුදාහැරීමේ දී හමුදාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම යි. මෙම ව්‍යාපාරය ඊජිප්තු ආන්ඩුව පෙරලා දමා මුළු කලාපය ම කම්කරු පන්ති විප්ලවයට විවෘත කරනු ඇතැ යි විප්ලවකාරී සමාජවාදීන්ගේ "වාම” පාර්ශ්වය හා ඒ හා සමාන කන්ඩායම් ඇතුළුව ධනේශ්වරයේ සියළු ම කොටස් බියපත්ව සිටිති.

පසුගිය 24දා රාත්‍රියේ ජාතික වශයෙන් විසුරුවා හල රූපවාහිනී කතාවක දී, හමුදා ආඥාපති මන්ඬලය ප්‍රකාශ කර තිබූ අන්දමට ඉහල ව්‍යවස්ථාදායක උසාවිය ඉදිරිපිට නොව, අසුන්ගත් නව පාර්ලිමේන්තුවක් ඉදිරියේ සිය තනතුරේ දිව්රුම් දීම සිදු කිරීමට මූර්සි ප්‍රතිඥා දුන්නේ ය. විප්ලවකාරී සමාජවාදීන්ගේ ප්‍රකාශනය තුල ඉදිරිපත් කෙරුන ඉල්ලීම්වලින් එකක් වූ මෙය, ඊජිප්තු හමුදාවට හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යටත්වීමේ තුච්ඡ ප්‍රකාශනයකට ආරක්ෂක කඩතුරාවක් සැපයීමේ උත්සාහයක් පමනකි.

"මෙම දුෂ්කර අර්බුදයෙන් ඊජිප්තුවට ගැලවීගත හැකි එක ම මාවත” වනුයේ "ජාතික එක්සත්කම” යයි පවසමින්, එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද, තේරී පත් වූ ජනාධිපති හමුදාවට, පොලීසියට, විනිශ්චයකාරවරුන්ට හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් "ජාති‍ෙය් නාමයෙන්” කෘතඥතාව පලකලේ ය. "අනාගතයේ ඔවුනට කාර්යභාරයක් ඇති හෙයින් මම ඔවුන්ට ආචාර කල යුතු යයි” යි ඔහු පැවසී ය.

ඊට පසු එක්සත් ජනපදයට හා ඊස්රායලයට හිස පාත් කරමින් "අපි සියළු ම ජාතික හා ජාත්‍යන්තර ගිවිසුම් සුරකිමු” යි ඔහු පැවසී ය.

මුස්ලිම් සහෝදරත්වයේ ධනේශ්වර ගැති හා අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්ති, වෝල් ස්ට්‍රීට් ජර්නලය 23දා පලකල, සංවිධානයේ ප්‍රධානීයා වන දශලක්ෂපති ව්‍යාපාරික ඛයිරාට් අල් ෂාටර් සමග පැවත් වූ මිත්‍රශීලි සම්මුඛ සාකච්ඡාවක් තුල එලිදැක්වින. නිදහස් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්තිවලට ඔහු පක්ෂ බව පැහදිලි කරමින් ෂාටර්, "අපගේ ආර්ථික දැක්ම නවීකරනය කල ධනවාදයට කිට්ටු ය” යි පැවසුවේ ය.

මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රමුඛත්වය එක්සත් ජනපදය සමග කිට්ටු "මූලෝපායික හවුල්කාරිත්වයක් ” යයි ප්‍රකාශ කිරීම දක්වා ඔහු ඉදිරියට ගියේ ය.

රාජ්‍ය සංස්ථාපිතය තුල අවකාශයක් ලබා ගනිමින්, සහෝදරත්වය ඉටු කිරීමට උත්සාහ දරන මූලික කාර්යභාරයට යතුර සපයනුයේ, තමන්ට ම ආඥාදායක බලතල පවරා ගනිමින් හමුදා ආඥාපති මන්ඬලය නිකුත් කල ව්‍යවස්ථාදායක ප්‍රකාශයේ 53බී වගන්තියෙනි. එකී වගන්තිය මෙසේ සඳහන් කර යි: "සන්නද්ධ හමුදාවන්ගේ මැදිහත්වීම අවශ්‍ය වන අභ්‍යන්තර කැලඹීමකට රට මුහුන දේ නම්, ආරක්ෂාව පවත්වාගෙන යාමට හා පොදු දේපොල ආරක්ෂා කිරීමට, ආඥාපති මන්ඬලයේ අනුමැතිය සහිතව සන්නද්ධ හමුදා යෙදවීමට ජනාධිපතිට තීන්දුවක් නිකුත් කල හැක ”

Share this article: