ගැඹුරු වන යුරෝපීය බැංකු අර්බුදය හමුවේ ජී7 හදිසි රැස්වීමක් පවත්වයි

G7 holds emergency meeting amid deepening European banking crisis

By Peter Schwarz, 6 June 2012

ජී7 හෙවත් කාර්මික රටවල් හතේ කන්ඩායමේ මුදල් ඇමතිවරු, ලෝකය පුරා අලූත් වටයකින් සිදුවන ආර්ථික කඩාවැටීම් ද විශේෂයෙන් ම ස්පාඤ්ඤ බැංකු අර්බුදය හා ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත් වීම පිලිබඳ බියෙන් උත්සන්න වන යුරෝපීය අර්බුදය ද හමුවේ, 05දා හදිසි සාකච්ඡා පැවැත් වූහ.

රැස්වීම සම්බන්ධයෙන් සියලු ජී7 බලවතුන්ගේ කැමැත්ත පලවීමේ ප‍්‍රවෘත්තිය මුල්කරගෙන යුරෝපීය බැංකු කොටස් බොහොමයක මිල ඉහල යාමක් පෙන්නුම් කලේ ය. ජපාන මුදල් ඇමති ජුන් අසුමි, ස්පාඤ්ඤ බැංකු අර්බුදය පිලිබඳව සහයෝගයෙන් ක‍්‍රියාකරන බව ජී7 රටවල් කියා ඇති බව වාර්තා කලේ ය. වාර්තා වන ආකාරයට ඔවුන් ග‍්‍රීසිය යුරෝ මුදලෙන් ඉවත්වීමේ හැකියාව පිලිබඳව සාකච්ඡා කර නැත.

අද දිනයේ (ජූනි 06) යුරෝපීය මධ්‍යම බැංකුවේ ප‍්‍රකාශ, ආයෝජකයින් විසින් සමීපව නිරීක්ෂනය කරනු ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ස්පාඤ්ඤයේ දේපොල වෙලඳපොල බිඳවැටීම මධ්‍යයේ, බැංකියා නමැති ස්පාඤ්ඤ බැංකුවේ ඇප අයදුම්පත ප‍්‍රතික්ෂේප කිරීමට යු‍රෝපා මහ බැංකුව විසින් ගත් තීරනය, වත්මන් භ‍්‍රාන්තිය ඇවිලවීමේ දී ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය.

රැස්වීම පැවැත්වුනේ සම්පත් එක ගොඩකට ගැනීම මගින් පැතිර යන යුරෝපීය නය අර්බුදයට ප‍්‍රතිචාර දැක්වීමේ සැලසුම් පිලිබඳව යුරෝපීය අගනුවරවල තියුනු සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ ය.

විශේෂඥයින් ගනන් බලා ඇති පරිදි, ස්පාඤ්ඤ බැංකුවලට සිය අලාභ පියවා ගැනීම පිනිස යුරෝ බිලියන 100ක් අවශ්‍ය කෙරේ. මැයි මුල දී රජයට පවරාගත් බැංකියා සඳහා පමනක් බිලියන 23ක් ඉක්මනින් ම අවශ්‍ය වී තිබේ. මේ නිසා ස්පාඤ්ඤ ආන්ඩුවට තවදුරටත් ජාත්‍යන්තරව බැඳුම්කර අලෙවි කල නොහැකි වී තිබේ. 05දා තම රටට මූල්‍ය වෙලඳපොලවල් මුලූමනින් ම පාහේ වැසී ඇති බව මුදල් ඇමති ක‍්‍රිස්ටොබල් මොන්ටොරෝට අඟහරුවාදා (5) පිලිගැනීමට සිදු විය.

අයර්ලන්තය, පෘතුගාලය හා ග‍්‍රීසිය මෙන් ස්පාඤ්ඤය ද යුරෝපීය ඇප අරමුදලෙන් ආධාර ඉල්ලා සිටියහොත්, අරමුදලේ සම්පත් ඉක්මනින් ම වියැකී යනු ඇත. යුරෝ කලාපයේ සිව්වන විශාලතම ආර්ථිකය වන ස්පාඤ්ඤය, අරමුදලෙන් සියයට 12කට පමන වගකීම භාරගෙන තිබෙන අතර ඊට අනුකූලව එය හැකිලී යනු ඇත. යුරෝ කලාපයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ඉතාලියට ද අර්බුදය පැතිර යාමේ ඉඩකඩ විශාල ය.

ස්පාඤ්ඤ බැංකු අර්බුදය වර්තමානයේ යුරෝවට ලොකුම තර්ජනය ලෙස සලකන අතර ආන්ඩු හා මූල්‍ය වෙලඳපොලවල් ජූනි 17ට නියමිත ග‍්‍රීක මැතිවරනය දෙස නොසන්සුන් ලෙස බලා සිටිති. රැඩිකල් වමේ හවුල (සිරිසා) තමන් මැතිවරනයෙන් ජයගතහොත්, ත‍්‍රිත්වය හෙවත් යුරෝපීය සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මධ්‍යම බැංකුව සමග එකඟ වී ඇති පියවර, ඒක පාර්ශවිකව අවලංගු කරන බව නිවේදනය කර ඇත.

සිරිසා නායක ඇලෙක්සිස් සිප්රාස්, තම පක්ෂයට යුරෝ කලාපයේ රැඳී සිටීමටත්, දිගුකාලීනව ග‍්‍රීසියේ නය ආපසු ගෙවීම සම්බන්ධව ත‍්‍රිත්වය සමග එක්ව වැඩ කිරීමට අවශ්‍ය බවත් අවධාරනය කර ඇති නමුත් ග‍්‍රීසියට දෙන මූල්‍ය පැකේජයන් ගැන යලි සලකා බැලීමට ත‍්‍රිත්වය සූදානම් ද යන්න පිලිබඳව දැනගැනීමට ලැබෙන්නේ මඳ වශයෙනි. මෙය එක් අතකින්, අනෙකුත් රටවලට කප්පාදු පියවර පැනවීම දුෂ්කර කරන පූර්වාදර්ශයක් වනු ඇත. එසේ නොමැතිව, ඔවුන් ග‍්‍රීසියට දෙන නය කපා හැරියහොත්, නය පැහැර හැරීමක් හා යුරෝ කලාපයෙන් එරට පිටමංවීම නොවැලැක්විය හැකි වනු ඇත. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනයේ තක්සේරුවට අනුව ග‍්‍රීසිය යුරෝවෙන් පිටවීමේ හැකියාව තුනට එකකි. එවන් සිදුවීමකට මුහුනදීමේ හදිසි සැලසුම් යුරෝ කලාපයේ සියලු රටවල් විසින් පමනක් නොව බීජිනය විසින් ද සූදානම් කරමින් සිටියි.

එවන් වර්ධනයක ප‍්‍රතිවිපාක පිලිබඳව විශේෂඥයෝ වාද විවාද කරති. ග‍්‍රීසිය සමස්ත යුරෝ කලාපය ම අගාධයකට ඇද දමනු ඇති බව සමහරුන් කියා සිටින අතර අනෙක් අය සිතන්නේ ප‍්‍රතිවිපාක දරාගත හැකිවන බවයි.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට අදහස් දැක්වූ ලෙහ්මන් බ‍්‍රදර්ස්හි හිටපු බි‍්‍රතාන්‍ය අයෝජන බැංකු ප‍්‍රධානියෙකු වන මයිකල් ටෝරි, ග්‍රීසිය බංකොලොත් වීමට පක්ෂව කරුනු දැක්වීය. මක් නිසා ද යත්, ඔහුට අනුව එය යුරෝපයට ආශිර්වාදයක් වනු ඇති බැවින්ය. හරියටම 2008 දී ලේමන් බ‍්‍රදර්ස් බංකොලොත් වූවිට ඩොලර් බිලියන සිය ගනනින් බැංකුවලට උපකාර කිරීම සඳහා "අගාධය දෙස ඇස් ඇර බැලීමට" සහ "ආන්ඩුවල, දේශපාලන අධිෂ්ඨානය බලමුලු ගැන්වීමට” ආන්ඩුවට අවස්ථාව සම්පාදනය කලාක් මෙන් ග‍්‍රීක බංකොලොත් වීමක් "අයෝමය ආවරනයකින් සහ ක්‍රියාකිරීමට බල කෙරෙන මධ්‍යගත මූල්‍ය විනයක්" මගින් රුකුල් දෙන ඒකාබද්ධව සහතික ‍ෙකරැන යුරෝ කලාපීය බැඳුම්කර ස්ථාපනය කිරීමට දේශපාලන අධිෂ්ඨානය දල්වනු ඇත.”

යුරෝවේ ආසන්න බිඳවැටීමක් වලක්වාගත හැක්කේ කෙසේ ද යන්න ගැන පොදු ප‍්‍රවිෂ්ටයක් යුරෝපය තුල හෝ ජාත්‍යන්තරව සොයා ගැනීමට මේතාක් දුරට හැකිවී ඇත්තේ නැත. සියල්ලටත් වඩා, දැඩි කප්පාදු පියවර අවධාරනය කරන අතර යුරෝ බැඳුම්කරයන්ගේ රූපයෙන් වේවා, යුරෝපීය මධ්‍යම බැංකුවේ මුදල් අච්චු ගැසීමේ රූපයෙන් වේවා, කිසිදු අතිරේක මූල්‍ය ආධාරයක් සැපයීම ජර්මානු ආන්ඩුව විසින් මීට පෙර ප‍්‍රතික්ෂේප කර තිබුනි.

බර්ලිනය දැන් එන්ට එන්ටම හුදෙකලා වෙමින් සිටියි. එක්සත් ජනපදය ද සමග බොහෝ යුරෝපීය ආන්ඩු, ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප‍්‍රතිපත්තියක් සඳහා ද බැංකු පද්ධතිය සඳහා සැලකිය යුතු තරම් අරමුදල් සම්පාදනය කිරීමට පොදු යුරෝපීය බැඳුම්කර නිකුත් කිරීම වෙනුවෙන් ද බල කරති.

දැන් ජර්මානු ආස්ථානය මාරුවීමට පටන්ගෙන තිබේ. ඊට ප‍්‍රධාන හේතුව, ජර්මනියමත් අර්බුදයෙන් වඩ වඩාත් පීඩාවට පත්වීම යි. ජර්මනියේ අපනයනවලින් සියයට 40ක් යන්නේ, බොහෝ රටවල් අවපාතයකට මුහුනපා සිටින යුරෝ කලාපයට ය. චීනය, ඉන්දියාව හා අනෙකුත් නැගී එන රටවල වර්ධනය ද පහත වැටෙමින් තිබේ. මෑත වසරවල දී ජර්මනියේ අපනයන සංඛ්‍යාවන්ගේ ලොකුම වර්ධනය අත්කරගෙන තිබෙන්නේ එම රටවල් සමග කල ගනුදෙනුවලදී ය.

මෙහි ප‍්‍රතිපල වශයෙන්, ජර්මනියේ ආර්ථික දර්ශක තියුනු ලෙස පිරිහී තිබේ. ජර්මනියේ ඉතාමත් වැදගත් කොටස් මිල දර්ශකය වන ඩැක්ස්, පසුගිය සති දහය තුල එහි වටිනාකමින් සියයට 16ක් අහිමි කරගෙන තිබේ. මේ අතර, ෆෙඩරල් ආන්ඩුව තම පිලිවෙත වෙනස් කරගත යුතු බවට කෙරෙන ඉල්ලීම් දැඩි වෙමින් තිබේ.

"ජර්මානු මිත්‍යාවේ අවසානය” යන ශීර්ෂය යටතේ, ස්පීගල් ඔන්ලයින් මෙසේ සටහන් කරයි. ”නව ආර්ථික පසුබෑමත්, කොටස් වෙලඳපොලේ වැටීමත් දැන් පෙන්නුම් කරන්නේ, ජර්මනිය මුලුමනින් ම නිරාවරනය වී ඇති බවයි. එබැවින් කැපකිරීම් කල යුතුව ඇත.”

හිටපු විදේශ ඇමති හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් සුඩෙයෙට්ෂෙ සේටුංග් පත‍්‍රය තුල සිත්කාවදින වචනවලින් මෙසේ අනතුරු අඟවා තිබුනි. යුරෝපා නිවෙස ගිනිගෙන ඇත. "ජර්මනිය හා ප‍්‍රන්සය ඒකාබද්ධව පිලිවෙත් වෙනස් නොකලහොත්,” එලඹෙන මාසවලදී රට අගාධයකට ඇද වැටෙනු ඇත.

චාන්සලර් මර්කෙල් දැන් සහන පිරිනැමීම කෙරෙහි ඇගේ කැමැත්ත ඇඟවුම් කර ඇත. එහෙත් "ප‍්‍රවර්ධනය” ආර්ථික උත්තේජන හෝ එවැනි දේ ගැන තවදුරටත් කතා කරනු නොලැබේ. ඒ වෙනුවට, ජර්මානු ආන්ඩුව, යුරෝපීය බැංකු ගලවා ගැනීමේ බරෙන් විශාල පංගුවක් දැරීමටත් එයට හිලව් වශයෙන්, රාජ්‍ය මූල්‍යයේ ස්වාධිකාරය බ‍්‍රසල්ස් වෙත හා ඒ අනුව වක‍්‍රව බර්ලිනය වෙත, පැවරීම කෙරෙහි උත්සුක වෙමින් සිටියි.

මර්කෙල්, 04දා යුරෝපා සංගමයේ සභාපති ජොසේ මැනුවෙල් බරෝසෝ සමග යුරෝපීය බැංකු සංගමයක් පිලිබඳව සාකච්ඡා පැවැත් වූවා ය. මේ මගින් ප‍්‍රධාන යුරෝපීය බැංකු, යුරෝපා සංගමයේ නියාමනයට යටත් වන අතර අන්‍යෝන්‍ය තැන්පතු රක්ෂනයක් හඳුන්වා දෙනු ඇත. මෙම තත්වයන් යටතේ බැංකු, පෙරදී මෙන් ජාතික අරමුදල්වලින් නොව, යුරෝප‍ෙය් අරමුදල්වලින් ප‍්‍රාග්ධන එන්නත් ලබාගනු ඇත.

දැනට සාකච්ඡා වෙමින් තිබෙන තවත් මොඩලයක් නම්, ඊනියා නය ආපසු ගෙවීමේ අරමුදල යි. සියලු රටවල් මැස්ටි‍්‍රච්ට් ගිවිසුම යටතේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැටේ සීමාව ඉක්මවන තම නය, එවන් අරමුදලකට යොමු කරනු ඇත. ඉන් පසුව මෙම අරමුදල, සාපේක්ෂ අඩු පොලී අනුපාතයකට ඒකාබද්ධ බැඳුම්කර නිකුත් කර වසර 25ක් තුල නය ගෙවා දමනු ඇත. එවන් සියලු යෝජනාවන්ගේ කොන්දේසියක් ලෙස ජර්මානු ආන්ඩුව, රාජ්‍ය මූල්‍ය හා දේශපාලන සංගමයක් දෙසට තවදුර පියවර ගැනීම ඉල්ලා සිටියි. මෙහි අර්ථය වනු ඇත්තේ, යුරෝපීය ආයතනවලට ජාතික රාජ්‍යයන් තුල වර්ධනයන් මත වඩා වැඩි පාලනයක් හිමිවන බවයි.

මෙයින් මර්කෙල් අදහස් කරන්නේ, ග‍්‍රීසිය විනාශයට පත් කල, සමාජ කප්පාදු ක‍්‍රමය සමස්තයක් ලෙස යුරෝපයට ම පරිවර්තනය කිරීම යි. යුරෝපා සංගමය නයගැති රටවල නය ගෙවා දැමීම හා ඒවායේ බැංකු ගලවා ගැනීම මගින් ඒවාට ආධාර දෙනු ලබන අතර, ඊට හිලව් වශයෙන් එය, (යුරෝපා සංගමය) එම රටවල අයවැය, සේවා නියුක්තිය හා සමාජ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා බල කරනු ඇත.

එවැනි සැලසුම්, තම මූල්‍ය ක්ෂේත‍්‍රයට යුරෝපා සංගමයේ කිසිදු අත පෙවීමක් ප‍්‍රතික්ෂේප කරන බි‍්‍රතාන්‍යයේ පමනක් නොව, ඉතාලියේ හා ප‍්‍රන්සයේ ද විරුද්ධත්වයට ලක්වෙයි. නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය සඳහන් කලේ, "හොඳින් හෝ නරකින්, නොවරදවා ම ජර්මානු ආන්ඩුවේ අතකොලූ වීමට නියමිත, රාජ්‍ය මූල්‍ය හා බැංකු බලධාරීන්ට පිලිතුරු දෙන තත්වයකට පත්වීමට ඒ කිසිවෙකුටත් අවශ්‍ය නොවනු ඇත.” සාකච්ඡාවට බඳුන්ව තිබෙන සියලු සැලසුම්වල ගොදුර වනු ඇත්තේ යුරෝප‍ෙය් කම්කරු පන්තිය යි. එය අලුත් වටයක සමාජ කප්පාදුවකට මුහුන දෙනු ඇත.

Share this article: