ධීවර අරගලය ගැන සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වේ

By Socialist Equality Party , 26 june 2012

ධීවර අරගලය සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සාකච්ඡා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජවාදී සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ විසින් ජූනි 30 හලාවත නගරයේ "සුදසුන ශාලාවේ" රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව පෙබරවාරි මාසයේ දී සියයට 50 කින් පමන තෙල් මිල ඉහල දැමීය. මසුන් ඇල්ලීමේ වියදම ඉහලයාමට මුහුන දුන් ධීවරයෝ තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව උද්ඝෝෂනය කලහ. ආන්ඩුව එයට ප‍්‍රතිචාර දැක්වූයේ උද්ඝෝෂනයේ යෙදුන ධීවරයන්ට එරෙහිව ආරක්ෂක හමුදා යෙදවීම මගිනි.

හලාවත දී ආරක්ෂක හමුදා සිදුකල වෙඩි තැබීම මගින් ඇන්ටනි වර්නකුලසූරිය ධීවරයා මරනයට පත් වූ අතර තවත් තිදෙනෙක් බරපතල තුවාල ලදහ. තුවාල ලත් එක් ධීවරයෙක් වූ ඩබ්ලිව්.ජේ. කිංග්ස්ලි ආබාධිත තත්වයට පත්වීම නිසා සිය ආර්ථික දුෂ්කරතා වැඩිවීම හේතු කොට ගෙන පසුගිය සතියේ සිය දිවි නසා ගත්තේ ය.

ආන්ඩුව දීමට පොරොන්දු වූ සියයට 25ක තෙල් සහනාධාරය බොරුවක් බව දැනටමත් එලිදරව් වී තිබේ. සමහරුන්ට එය ලැබුනේ මාස කිහිපයක් පමනි. ධීවර උපකරන මිල විශාල වශයෙන් ඉහල ගොස් තිබේ. එහෙත් මාලුවලට සාධාරන මිලක් ලැබෙන්නේ නැත.

ධීවර අරගලය පුලුල් මහජන අරගලයේ කොටසකි. රුපියලේ අගය පහත හෙලීම, අත්‍යවශ්‍ය බඩුමිල, විදුලිය සහ ජලය ඇතුලු සේවාවන්ගේ මිල ඉහල දැමීම ද ඇතුලු ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලින් සියලුම වැඩ කරන ජනතාවට පහර වැදී ඇත. මහජන විරෝධය වැඩෙන විට ආන්ඩුව වඩ වඩා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන් කි‍්‍රයාවට දැමීමට පටන් ගෙන තිබේ.

ධීවරයන්ට හෝ වැඩකරන ජනතාවගේ කවර කොටසකට වුව ද ආන්ඩුවට සහ එහි වැඩපිලිවෙලට එරෙහි දේශපාලන අරගලයකින් තොරව ඔවුන්ගේ සමාජීය හෝ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. සමාජයේ බහුතරයකගේ ප‍්‍රතිලාභය සඳහා වූ සමාජවාදී වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් මගින් රාජපක්ෂ ආන්ඩුව පලවා හැරීමේ දේශපාලන අරගලයක අවශ්‍යතාවය ඉන් ඉස්මතු කෙරේ.

මෙම ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගය සඳහා සටන් වදින එකම පක්ෂය සසප පමනි. රැස්වීමට සහභාගි වන ලෙස ධීවරයන්, කම්කරුවන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්ථානය: සුදසුන ශාලාව, හලාවත

දිනය සහ වේලාව: ජූනි 30 සෙනසුරාදා සවස 3.30ට

Share this article: