යුරෝපය සුරාකෑමේ තිප්පොලවල් බවට පරිවර්තනය කිරීමේ සය වැදෑරුම් ජර්මානු සැලැස්ම

Germany’s six-point plan for sweatshop Europe

30 May 2012

ප‍්‍රති සංවිධානය කිරීමේ සහ ප‍්‍රති මුල්‍යකරනයේ පිලිවෙත් කි‍්‍රයාවට දැමීම මගින් වැටුප් සහ කම්කරු අයිතීන් තලා දැමීම පොදු භාවිතාවක් බවට පත්ව තිබේ. කම්කරුවන් 30,000 දොට්ට දමා, නවකයන් සඳහා වැටුප අඩකින් සිඳ ලූ හා විශ‍්‍රාමිකයන්ගේ ප‍්‍රතිලාබ කප්පාදු කල දැවැන්ත ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයා වන ජෙනරල් මෝටර්ස් ඒ සඳහා හොදම උදාහරනයයි. ජර්මානු ආන්ඩුව එම පිලිවෙත අනුගමනය කලොත්, එය සියලුම රටවල් තුල කි‍්‍රයාවේ යොදවනු ඇත.

ඩර් ස්පීගල් සඟරාවේ වාර්තාවකට අනුව, බර්ලිනයේ චාන්සලර් කාර්යාලය ගී‍්‍රසිය හා බෙහවින් නය ගැතිව සිටින යුරෝපා සංගමයේ සෙසු රටවල් තුල කි‍්‍රයාවට දැමීම සඳහා දුරදිග යන සය වැදෑරුම් "ප‍්‍රතිව්‍යුහකරන” සැලැස්මක් සකස් කර තිබේ. රාජ්‍ය ආයතන විකිනීම, රැකියා ආරක්ෂන අයිතීන් විනාස කිරීම, අඩුවැටුප් ශ‍්‍රම අංශයක් ප‍්‍රවර්ධනය කිරීම. ව්‍යාපාර සඳහා පවතින බාධාවන් ඉවත් කිරීම සහ විශේෂ ආර්ථික කලාප හා ජර්මානු ට්රූහන්ඩ් (නැගෙනහිර ජර්මානු රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කි‍්‍රයාවට දැමු ආයතනය) ආකාරයේ ඒජන්සි ආයතන පිහිටුවීම මෙම සැලැස්මට ඇතුලත් ය.

ජර්මානු ආන්ඩුවේ ප‍්‍රකාශක ස්ටෙෆන් සීබර්ට් සැලැස්ම ගැන ප‍්‍රවෘත්තිය තහවුරු කර හෝ ප‍්‍රතික්ෂේප කර නැත. ඩර් ස්පීගල් සඟරාවට අනුව ජුනි මාසයේ අග පැවැත්වෙන යුරෝපා සංගමයේ ඊනියා ”වර්ධන සමුලුවේ” සාකච්ඡාවන් සඳහා පදනම මෙමගින් නිර්මානය කරනු ඇත. අභිනවයෙන් තේරී පත් වූ ප‍්‍රන්ස ජානාධිපති ෆ්රන්කොයිස් හොලන්ඩේ විසින් ඉදිරිපත් කල වර්ධන පිලිවෙතක් සඳහා කැඳවුම එනම් තමන්ගේ ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා සතුරාගේ ගැම්ම "ජුඩෝ සටන්කරුවන්ගේ මුලධර්මය අනුගමනය කිරීම” උපයෝගි කර ගැනීමේ පිලිවෙත චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් තමන්ගේ වාසිය සඳහා ගනු ඇත.

මර්කෙල් ඇගේ පිලිවෙත කි‍්‍රයාවට දැමුවොත් "වර්ධනය” අත්කර ගනු ඇත්තේ මුලුමනින්ම කම්කරුවන් සූරාකෑම තීව‍්‍ර කිරීම මගින් මිස ආර්ථික පුනර්ජීවනයේ හෝ සමාජ වියදම් ඉහල දැමීමේ කිසිදු සැලැස්මක් මගින් නොවේ: ජුනි 17 පැවැත්වෙන ප‍්‍රන්ස පාර්ලිමේන්තු මැතිවරනයෙන් අනතුරුව යුරෝපා සංගමයේ සමුලුව පැවැත්වීම හා ජන්දදායකයන්ගේ අදහස්වලට හෝ මැතිවරන ව්‍යාපාරය තුල දී දුන් පොරොන්දුවලට නව ප‍්‍රන්ස ජනාධිපති තවදුරටත් බැඳී නැති හෙයින් හොලන්ඩේ මෙම යෝජනාවන් කි‍්‍රයාවට දැමීමේ තත්වයක සිටිනු ඇති යි ඇය උපකල්පනය කරයි.

ජර්මානු ආන්ඩුව ලකලෑස්තිවෙමින් ඉන්නේ වර්තමානයේ නැගෙනහිර යුරෝපයේ, චීනයේ හා වියට්නාමයේ වැනි ආසියාවේ ලාබ ශ‍්‍රම කෙම්බිම්වල පමනක් පවතින සූරා කෑමේ කොන්දේසිවලට සමාන කොන්දේසි කි‍්‍රයාවට දැමීමට ය. චීනය ලෝකයේ විශාලතම ශ‍්‍රම සුරාකැමේ තිප්පොල ලෙස ඉස්මතු වීමේදී විශේෂ ආර්ථික කලාප තීරනාත්මක කි‍්‍රයා කලාපයක් ඉටුකර තිබේ. මෙම කලාප, බදු ගෙවීමෙන් හෝ පාරිසරික නීති හා කම්කරුවන් සඳහා පවත්වාගෙන යායුතු සේවා ප‍්‍රමිතීන්ට යටත් වීමෙන් සමාගම් නිදහස් කර කම්කරුවන් දරිද්‍රතාවයට ඇද වැටුනු ශ‍්‍රම වහලුන් බවට පත් කරනු ලබයි.

චාන්සලර්ගේ කාර්යාලයේ විශේෂඥයන් විසින් පුද්ගලීකරන කි‍්‍රයාවලිය මෙහෙය වීමේ ආයතන සඳහා රෙකමදාරු කර ඇති මොඩලය වන්නේ 1989 ස්ටැලින්වාදී තන්ත‍්‍රය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර යුරෝපයේ කාර්මික භූ දර්ශනය මකා දමන ලද ට්රුහන්ඞ් ය. ව්‍යාපාරිකයන් අතලොස්සක් විසින් පාලනය කරන ලද, බැංකුවලට හැර වෙනත් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයකට වග නො කියන ලද ට්රුහන්ඞ් දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ ඉරනම තීන්දු කලේ ය. එය උපකරන 45,000 සහිතව, සමාගම් 8,500 තුට්ටු දෙකට විකුනුවේ ය. පූර්වයෙන් රැකියාවල නියුක්තව සිටි දස ලක්ෂ හතරකින් ඉතිරිව ඇත්තේ ඉතා අතලොස්සක් පමනි.

චාන්සලර් කාර්යාලය මගින් සැලසුම් කර ඇති සය වැදෑරුම් සැලැස්ම ජාතික ස්වාධීනත්වය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග මොනම ගැලපීමක්වත් නැත. ටාගේස්පීගල් පුවත්පත විසින් සම්මුඛ සාකච්ඡාවන් පැවැත්වූ ජර්මානු ආර්ථික විශේෂඥයෝ අතිශය නිර්දය අවංකභාවයකින් ගී‍්‍රසියේ අනාගත අපේක්ෂාවන් පිලිබඳව අදහස් ප‍්‍රකාශ කලහ.

හැම්බර්ග් ජාත්‍යන්තර ආර්ථික ආයතනයේ අධ්‍යක්ෂ, තෝමස් ශ්‍රෝඩර් ගී‍්‍රසිය ”යුරෝපියානු ආරක්ෂිත ප‍්‍රදේශයක්” ලෙස තහවුරු කරන්නැයි ඉල්ලා සිටියේය. ජුනි 17 දා එලඹෙන මැතිවරනයේ ප‍්‍රතිපල කුමක් වුවත් රට "තමන්ගේ ම නව ආරම්භයක් ගැනීමට” හැකියාවක් නැති "අසාර්ථක රාජ්‍යයක්” ලෙස පවතිනු ඇතැයි හෙතෙම කීවේ ය.

"ආරක්ෂිත ප‍්‍රදේශය” යන යෙදුම අප‍්‍රසන්න මතකයන් අවුස්සයි. ඊජිප්තුවේ සහ ගල්ෆ් ප‍්‍රදේශයේ රාජ්‍ය කිහිපයක ස්වකීය රුකඩයන්ට රාජ්‍ය නායකයන් ලෙස කටයුතු කිරීමට අවසර දුන් විට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු සිය පැරනි යටත් විජිත "ආරක්ෂිත ප‍්‍රදේශ” ලෙස නම් කලහ. දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් විසින් චෙකොස්ලොවැකියාව යටත් කර ගෙන බොහීමියාවේ හා මොරාවියාවේ ආරක්ෂිත ප‍්‍රදේශය තහවුරු කිරීමෙන් පසුව මෙම යෙදුම කුප‍්‍රකට විය.

මෙම යෙදුම යලි නිල වචන මාලාවට ඇතුලත් කිරීම ජර්මනියේ හා යුරෝපයේ පාලක කවයන්ගේ සිත්තුල පවතින දේ එලිදරව් කරයි. විශේෂ ආර්ථික කලාප හා ආරක්ෂිත ප‍්‍රදේශ ගැන විවාදය සිදුවන්නේ වඩ වඩා නරක අතට හැරෙන ආර්ථික අර්බුදයක පසුබිම තුලය.

යුරෝපා සංගමය, යුරෝපීය මධ්‍යම බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යන ති‍්‍රත්වය විසින් නියෝග කරන ලද කප්පාදු වැඩ පිලිවෙලේ ප‍්‍රතිපලයක් ලෙස ගී‍්‍රක ආර්ථිකය නොනැවතී බිඳ වැටෙමින් තිබේ. රට දැන් එලඹ සිටින්නේ අවපාතයේ පස්වැනි වසරට ය. කුඩා සහ මධ්‍යම ප‍්‍රමානයේ ව්‍යාපාර කඩා වැටෙමින් තිබේ. මෙම වසර තුල පමනක් රැකියා 240,000 ක් අහිමි කරමින් ආයතන 61,000 ක් වැසී යනු ඇතැයි ඔවුන්ගේ ව්‍යාපාරික සංගමය අපේක්ෂා කරයි. ගී‍්‍රක රැකියාවලින් පහෙන් එකක් නිෂ්පාදනය කරන සංචාරක කර්මාන්තයේ ආදායම පසුගිය වසරේ සියයට 45 න් පහත වැටී තිබේ.

නය කරුවන්ට නය ගෙවා ගැනීමට බැරිකම සහ ආයෝජකයන් හා තැන්පත්කරුවන් යන දෙගොල්ලම ඔවුන්ගේ මුදල් ඉවත් කර ගනිමින් සිටින නිසා රටේ බැංකු කඩා වැටීමකට මුහුන පා ඇත. ස්පාඤ්ඤයට හා ඉතාලියට පැතිර යාමේ තර්ජනය සහිත බැංකුවල "මඳ චලනය” ගැන විශේෂඥයෝ කතා කලහ. අර්බුදය ආරම්භ වීමෙන් පසුව පුද්ගලික පුරවැසියන් හා ව්‍යාපාරිකයන් ගී‍්‍රක ගිනුම්වලින් යුරෝ බිලියන 63 ක් හෙවත් මුලු තැන්පතුවලින් තුනෙන් එකක් ඉවත් කර ගෙන තිබේ. පසුගිය වසරේ මැද සිට ස්පාඤ්ඤ බැංකුවලින් යුරෝ බිලියන 100 ක් හා ඉතාලි බැංකුවලින් බිලියන 160 ක් ඉවත් කර ගෙන ඇත.

මෙම කොන්දේසි යටතේ තමන්ට තව දුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුඛෝපභෝගිත්වය පවත්වාගෙන යා නො හැකි බව පාලක පන්තීන් නිගමනය කර තිබේ. ජුනි 17 මැතිවරනයේ දී ති‍්‍රත්වය මගින් නියෝග කරනු ලැබ ඇති කප්පාදු පිලිවෙත් මෘදු කරන ලෙස ඉල්ලා සිටින පක්ෂවලට ඔවුන් ඡන්දය දුන්නොත් ක්ෂනිකව ම රාජ්‍ය බංකොලොත් වීමක් ගැන ජර්මන් මුදල් ඇමති වොල්ෆ්ගන්ග් ස්කොබල් සහ ජමුඅ ප‍්‍රධානිනී ක්‍රිස්ටිනේ ලගර්ඞ් වැනි ප‍්‍රධාන නිලධාරීහු ගී‍්‍රක මහ ජනතාවට තර්ජනය කරති.

එමෙන්ම ගී‍්‍රසියේ ජාතික බන්කොලොත්කමක් හා යුරෝ මුදලෙන් එය ඉවත් වීමක් සඳහා මුහුන දීමට යුරෝපා සංගමය සුදානම් වෙමින් සිටී. යුරෝ කි‍්‍රයාකාරී කමිටුව හෙවත් යුරෝ රටවල් 17 මුදල් ඇමතිවරුන්ගේ කොමිටිය ගී‍්‍රසිය යුරෝවෙන් ඉවත්වීමක දී හදිසි සැලසුම්වලට සුදානම් වන ලෙස සියලූම ආන්ඩුවලට දැනුම් දී ඇත. ගී‍්‍රසිය තුලමත්, පාලක පන්තිය කප්පාදු පිලිවෙත්වලට එරෙහි මහජන විරුද්ධත්වය තලා දැමීම සඳහා මිලිටරිය යොදා ගැනීමේ සැලසුම් රහසිගතව සකස් කරමින් සිටී.

යුරෝපය පුරා කම්කරු පන්තිය මුහුන දෙන තත්වය ගී‍්‍රසිය තුලින් පැහැදිලිවෙයි. ගෝලීය මුල්‍ය අර්බුදය පැන නැගීමෙන් ආසන්න වසයෙන් වසර හතරකට පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයන් කඩා වැටෙමින් තිබෙන අතර මුල්‍ය නියෝජිතයන් සහ සංගත ප‍්‍රභූන් ඔවුන්ගේ පාලනයන් ආරක්ෂා කර ගනිමින් සිටින්නේ වැටුප්, රැකියා හා සමාජ වැඩ පිලිවල්වලට එල්ල කරන නිමක් නැති ප‍්‍රහාර මගිනි.

කම්කරු පන්තියට මෙම ප‍්‍රහාරය පරාජය කල හැකි වන්නේ ජාත්‍යන්තරව එකමුතු වීමෙන් සහ සමාජවාදය සඳහා සටන් කිරීමෙන් පමනි. කම්කරු පන්තියේ කර්තව්‍යය යුරෝපා සංගමය ප‍්‍රතිසංස්කරනය කිරීම නොව: එය පෙරලා දමා යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවකින් විස්ථාපනය කිරීම ය.

පීටර් ස්වාස්

Share this article: