සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 11 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 11

By the Socialist Equality Party (Sri Lanka), 4 June 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1, 2, 3, 4, 5,6 , 7 ,8 , 9 හා 10 වන කොටස් පිලිවෙලින් මැයි 3, 5, 9, 10, 12, 15, 19 ,23, 29 හා 31 දිනවල පල කෙරින.

26. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර ඉදිරිදර්ශන

26-1 "ලෝක ධනේශ්වර අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” නමින් 1988 අගෝස්තුවේ ප‍්‍රකාශයට පත් කල ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශන යෝජනාව ලෝක දේශපාලනය සහ ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් පුර්න විශ්ලේෂනයක් සම්පාදනය කල අතර, එය 1970 ගනන්වල මුල් භාගයේ සිට කවිපය විසින් අත් හැර දැමීමෙන් පසු එවන් කාර්යයක් ඉටුකල ප‍්‍රථම අවස්ථාවයි. එය ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවන්හි කාර්යයන් වඩාත් සමීපව ඒකාග‍්‍ර කිරීමට අවශ්‍ය පදනම දැමීය. ලේඛනයට කේන්ද්‍රීය වූයේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ ලෝක සමාජවාදී ආර්ථිකයක් සඳහා පදනම් වෛෂයිකව ශක්තිමත් කරමින් ලෝක ආර්ථික සබඳතාවන්හි ගුනාත්මක පරිවර්තනයක් සටහන් කල නිශ්පාදන කි‍්‍රයාවලින්හි පෙර නොවූවිරූ භූගෝලීය ඒකාග‍්‍රතාවයේ ඇඟවුම් වග විභාග කිරීමයි. ජාත්‍යන්තර කමිටුව මෙසේ නිගමනය කලේ ය: "හරයෙන් ජාත්‍යන්තර වන පන්ති අරගලය ජාතික වන්නේ එහි රූපයෙන් පමනකැයි යන්න මාක්ස්වාදයේ චිරකාලීන ප‍්‍රස්තුතයකි. කෙසේ වතුදු, ධනවාදී වර්ධනයේ නව අංග ලක්ෂන අනුව පන්ති අරගලයේ රූපය පවා ජාත්‍යන්තර ස්වභාවයක් ගත යුතු වේ. කම්කරු පන්තියේ අතිමූලික අරගලයන් පවා ඒවායේ කටයුතු ජාත්‍යන්තර පරිමාවකින් සම්බන්ධීකරනය කිරීමේ අවශ්‍යතාව මතු කරයි. . . . ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ පෙර නුවූ විරූ ජාත්‍යන්තර සංචලනය, විවිධ රටවල කම්කරු ව්‍යාපාර සම්බන්ධයෙන් සියලු ජාතික කි‍්‍රයාමාර්ගයන් යල්පිනූ හා අතිශයින් ප‍්‍රතිගාමී බවට පත් කර ඇත. එවැනි ජාතික කි‍්‍රයාමාර්ගයන් නො වැලැක්විය හැකි ලෙස ම පදනම් වී ඇත්තේ ලෝක වෙලඳපොල තුල ‘තමන්ගේ’ ධනපති රටෙහි තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් ක‍්‍රමානුකූලව පහත හෙලීමට ‘තමන්ගේ’ පාලක පන්තීන් සමග කම්කරු නිලධරයන් පවත්වා ගන්නා ස්වේච්ඡා සහයෝගය මත ය.” [61]

26-2 "සමාජයේ අනෙක් පන්තීන්ගෙන් වෙන්වූ සුවිශේෂී පන්තියක් ලෙස නිර්ධන පන්තිය පවත්නා බව සහ එය ධනේශ්වර සූරා කෑමට එරෙහිව තම ස්වාධීන අවශ්‍යතා ආරක්ෂා කරගත යුතුය යන මූලික සංකල්ප පවා” ප‍්‍රතික්ෂේප කරමින් සිටි කම්කරු පන්තියේ පැරනි නායකත්වයන් තුලින් පැන නැගුනු "නිශ්ක‍්‍රමනවාදී” රැල්ල තුල ජාතික‐පාදිත කි‍්‍රයා මාර්ගයන්හි බංකොලොත්කම පිලිබිඹු විය. ජාත්‍යන්තර කමිටුව සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය සහ චීනය තුල ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රයන්හි උග‍්‍ර පරිහානිය සවිස්තරව විශ්ලේෂනය කලේය. සියලු මධ්‍යම පන්තික අවස්ථාවාදී ප‍්‍රවනතාවන්ට විරුද්ධව ගොර්බචෙව්ගේ ග්ලැස්නොස්ට් සහ පෙරස්ත්‍රොයිකා යනු ධනේශ්වර පුනස්ථාපනයේ පිලිවෙත් බවට ජාත්‍යන්තර කමිටුව කල අවධාරනය ඉක්මනින් සනාථ විය. ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ දෙමල කන්ඩායම්වල අර්බුදය වනාහි, අධිරාජ්‍යවාදයට එරෙහි ස්ථිරසාර අරගලයක් ගෙන යාමට ජාතික ධනේශ්වරයේ නොහැකියාවෙන් පැන නැගුනු, පුලුල් ජාත්‍යන්තර සන්තතියක කොටසක් බව ලේඛනය ස්ථාපිත කලේ ය. පීඑල්ඕව විසින් පලස්තීන ඉන්ටිෆාඩා ව්‍යාපාරය අරාබි ධනේශ්වරයේ ප‍්‍රතිගාමී අවශ්‍යතාවන්ට යටත් කිරීම තුල සහ නිකරගුවානු සැන්ඩිනිස්ටාවරුන් දක්ෂිනාංශික කොන්ට‍්‍රා කැරලිකරුවන් සමග ගිවිසුමකට යෑම තුල, එල්ටීටීඊය නවදිල්ලියට යටත්වීමේ විවිධ සමාන්තරයන් සොයාගත හැකි විය.

26-3 නිෂ්පාදනයේ ගෝලීය ඒකාග‍්‍රකරනය, ධනවාදයේ නව ස්වර්නමය යුගයකට දොර විවර කරනවා වෙනුවට, ලෝක ආර්ථිකය සහ යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, සමාජමය නිෂ්පාදනය සහ පුද්ගලික දේපොල අයිතිය අතරත්, පවත්නා අතිමූලික පරස්පර විරෝධතා, අලුත් ඉහල මට්ටමකට උත්සන්න කර ඇතැයි ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේය. එක්සත් ජනපදයේ ආර්ථික පරිහානිය හා අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවතාවන්හි වර්ධනය, සුවිශේෂිතව ආසියාව තුල, දැවැන්ත නව කම්කරු පන්තික බලඇනි මතුවීම, පසුගාමී රටවල දරිද්‍රතාව සහ ස්ටැලින්වාදයේ අර්බුදය ඇතුලු, විප්ලවවාදී නැගිටීම්වල නව කාල පරිච්ඡේදයක් සඳහා ගාමක බලයන්, යෝජනාව විසින් හඳුනා ගන්නා ලදී.

26-4 තම මූලෝපායික කර්තව්‍යයන් වෙත හැරෙමින්, ජාත්‍යන්තර කමිටුව, කවිප පරිහානියෙන් උරුමව, ඉතුරු-පහදු ජාතිකවාදී ප‍්‍රවනතාවන් ජයගැනීම සඳහා, 1985‐86 භේදයෙන් පසුව ගෙනගිය අරගලයේ පාඩම් සාරාංශ කලේය. "විප්ලවවාදී ජාත්‍යන්තරවාදය වනාහි අවස්ථාවාදයේ ඍජු දේශපාලන ප‍්‍රතිමුඛයයි. අවස්ථාවාදය ඒ හෝ මේ ආකාරයෙන් ප‍්‍රකාශිත කරන්නේ කිසියම් ජාතික වාතාවරනයක දේශපාලනික ජීවිතයේ ඊනියා යථාර්ථයන්ට නිශ්චිත අනුගතවීමකි. අවස්ථාවාදය, සදාකල්හි ම කෙටි මාවත් සොයනුයේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙලට උඩින් ඒ හෝ මේ ජාතික උපාය ඔසවා තබයි. ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය වියුක්ත වැඩි යයි සලකන අවස්ථාවාදියා වඩාත් සංයුක්ත ආරම්භකත්වයන් යයි තම සිත්ගන්නා දේ ට ඇලෙයි. අවස්ථාවාදියා ජාත්‍යන්තර තාව ‘අමතක කිරීමට කැමති වනවා විතරක් නොවේ ඔහු භූගෝලීය පරස්පර විරෝධයන් තුල මුල් බැස ඇති එක් එක් රටෙහි අර්බුදය ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙලේ පදනම් මත පමනක් විසඳිය හැකිය යන්න දැක ගන්නේද නැත.’ පක්ෂයේ දේශපාලන අවි රැස තුල කිසි යම් ජාතික උපායක් කොපමන වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ යයි සලකුන ද . . .එය ජාත්‍යන්තර කමිටුවේ ලෝක මූලෝපායෙන් ඉහලට ඔසවා තැබුවහොත් හෝ -එවැනි ම වන පියවරක් වන- ඉන් වෙන් කිරීම සිදු කලහොත් එහි විප්ලවවාදී අන්තර්ගතය ආරක්ෂා කල නො හැකි වනු ඇත. මෙලෙස, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ඔවුන් වැඩ කරන රටවල් තුල කම්කරු ව්‍යාපාරයට සපයන කේන්ද්‍රීය ඓතිහාසික ප‍්‍රතිපදානය නම් ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා සාමූහික හා ඒකාබද්ධ අරගලය යි.” [62]

27. සෝවියට් සංගමයේ බිඳ වැටීම

27-1 ඉහත කී ජාත්‍යන්තර ඉදිරි දර්ශන වර්ධනය කිරීම 1989 චීනයේ ඇතිවූ ප‍්‍රජාතන්ත‍්‍රකාමී මහජන විරෝධතා සමග පැන නැග, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් බිඳ වැටීම හරහා ගොස් අන්තිමේ, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හැරීමෙන් කුලූ ගැන්වුනු ස්ටැලින්වාදයේ දේශපාලන අර්බුදයට මුහුනදීම ට ජාත්‍යන්තර කමිටුව සූදානම් කලේය. සෝවියට් සංගමය විනාශ කිරීම වනාහි සැලකිය යුතු දේශපාලන අවමංගතවීමක් හා ව්‍යාකුලත්වයක් ජනිත කලා වූ ද ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි දේශපාලන ප‍්‍රහාරයක් එල්ල කල වූ ද සිද්ධියක් විය. ධනේශ්වරයේ විජයග‍්‍රහනවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ම පමනක් අවධාරනය කර සිටියේ, සෝවියට් සංගමයේ අවසානය සලකුනු සමාජවාදයේ අවසානය හෝ ධනපති වෙලඳපොලේ ජයග‍්‍රහනය සලකුනු නොකරන බවයි. 1936 දී පල කල "විප්ලවය පාවාදීම” නම් වූ තම උත්පාදනීය කෘතිය තුල, ට්‍රොට්ස්කි පෙර දැක තිබුනේ, සෝවියට් කම්කරු පන්තිය විසින් කරනු ලබන දේශපාලන විප්ලවයක් මගින්, ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය හෙලනු නොලැබුවහොත්, අවසානයේදී රුසියානු විප්ලවයේ සමාජ ජයග‍්‍රහනවලින් ඉතිරි සියල්ල වැනසෙනු ඇති බවත්, ධනේශ්වර දේපොල සබඳතා යලි ස්ථාපිත කෙරෙන බවත්ය. සෝවියට් සංගමයේ අවසානය මගින් නියෝජනය කෙරුනේ සමාජවාදයේ අසාර්ථකත්වය නොව ස්ටැලින්වාදයේ සහ ගෝලීයකෘත නිශ්පාදනයේ බලපෑම හමුවේ "තනි රටේ සමාජවාදය” නම් වූ එහි ප‍්‍රතිගාමී ජාතිකවාදී ඉදිරි දර්ශනයේ අසාර්ථකත්වය යි. ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය බොහෝ කලකට පෙර අතහැර දැමුවා වූ ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය, සෝවියට් ආර්ථිකයේ අර්බුදයට ද වැඩෙන්නා වූ කම්කරු පන්ති නොසංසුන්තාවයට ද ප‍්‍රතිචාර දැක්වූයේ, එය ගෝලීය ධනවාදයට ඒකාග‍්‍ර කිරීම මගිනි. සෝවියට් සංගමය බිඳ වැටීම වනාහි, පශ්චාත් යුදකාලීන පර්යාය බිඳී යාමේ ද ලෝක ආර්ථිකය සහ බංකොලොත් ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින ධනවාදයේ අතිමූලික ප‍්‍රතිඝතිතතාව උග‍්‍රවීමෙහි ද ප‍්‍රතිඵලයක් විය. ධනවාදය සඳහා නව ස්වර්නමය කාලපරිච්ඡේදයක් විවෘත කරනවා වෙනුවට, සෝවියට් සංගමය සහ එහි ස්වයං-පෝෂිත ජාතික ආර්ථිකය බිඳ වැටීම පෙර අඟවා සිටියේ, ජාතික ආර්ථික නියාමනය මත පදනම් වූ සියලු පක්ෂවල සහ සංස්ථාවන්ගේ ප‍්‍රතිවර්තනයකි, හෙවත් බිඳවැටීමකි. ධනවාදයේ මූලික ප‍්‍රතිඝතිතා උග‍්‍රවීම, අනිවාර්යයෙන් ම අති-ගැඹුරු ආර්ථික අර්බුද, යුද්ධ සහ විප්ලවයන්ගෙන් සමන්විත නව කාලපරිච්ඡේදයකට දොර හරිනු ඇති බව ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කලේ ය.

27-2 ධනේශ්වර පුනස්ථාපනයට එරෙහිව තමන්ගේ ම පන්ති ප‍්‍රතිචාරයක් වර්ධනය කර ගැනීමට සෝවියට් සහ නැගෙනහිර යුරෝපීය කම්කරුවන් අසමත් වීම මගින් තියුනු ලෙස මතු කෙරුනේ නා නා ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී නිලධාරි තන්ත‍්‍ර, දිගු කාලයක් පුරා දැරූ ආධිපත්‍යය ද සියල්ලටත් වඩා ස්ටැලින් සහ ඔහුගේ සහචරයන්, 1930 ගනන්වල විප්ලවීය මාක්ස්වාදයේ විශිෂ්ටතම නියෝජිතයන් ඝාතනය කිරීම ද හේතුවෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන විඥානයට සිදු කල අති මහත් විනාශයයි. සමාජවාදී විප්ලවය ස්වයංසිද්ධව පැන නැගිය හැකි ය යන කවර හෝ සංකල්පයකට එරෙහිව, ජාත්‍යන්තර කමිටුව 12 වන සැසිවාරයට ඉදිරිපත් කල තම වාර්තාව තුල ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේය. "පන්ති අරගලය තීව‍්‍ර වීම මගින් විප්ලවවාදී ව්‍යාපාරයට අවශ්‍ය සාමාන්‍ය පදනම සම්පාදනය කෙරෙන නමුත් එමගින් ම, එහි වර්ධනයට අවශ්‍ය වූ ද සැබෑ විප්ලවවාදී තත්වයක් සඳහා ඓතිහාසික පසුතලය සූදානම් කරන්නා වූ ද දේශපාලනික, බුද්ධිමය, සහ ‐ඊට අමතරව- සංස්කෘතිමය වාතාවරනය ඝෘජුව සහ ස්වයංකී‍්‍රයව නිර්මානය නොවේ. [63] මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ දේශපාලනික සංස්කෘතිය කම්කරු පන්තිය තුල යලි ස්ථාපනය කිරීමේ වගකීම ජාත්‍යන්තර කමිටුවේ උර මත රැඳී ඇතැයි වාර්තාව නිගමනය කලේය. ඉන් අනතුරුව ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතුවල අත්‍යවශ්‍ය සංරචකයක් වූයේ බේගල් කන්දක් මගින් රුසියානු විප්ලවයේ, විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කිගේ වැඩ කටයුතුවල, අර්ථභාරය වල දැමීම සඳහා ප‍්‍රයත්න දරා ඇති මුසාවාදකරනයේ පශ්චාත්‐සෝවියට් ගුරුකුලය යන පදයෙන් ජාත්‍යන්තර කමිටුව විසින් හඳුන්වනු ලැබූ විවිධ කොටස්, ක‍්‍රමානුකුලව හෙලිදරව් කිරීමයි.

27-3 නැගෙනහිර යුරෝපයේ හා පැරනි සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳ වැටීම, විදේශ ආයෝජන සඳහා වේගවත් දොර හැරීමකට ද මතුවෙමින් පැවති සොරකමට ගිජුකම් දැක්වූ ස්ථරයක් විසින් රාජ්‍ය ව්‍යවසායන් තොග පිටින් කොල්ලකෑමට ද වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ඉමහත් ලෙස පිරිහී යාමට ද තුඩු දුන්නේය. ධනේශ්වර පුනස්ථාපනය චීනයේ දී වඩාත් දිග්ගැසුනු කි‍්‍රයාවලියක් විය. මා ඕ තන්ත‍්‍රය විප්ලවයෙන් යන්තම් 23 වසරක් ගත වූ තැන, 1972දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සහවාසයට ගමන් කල අතර එය සාරාර්ථයෙන්ම සෝවියට් සංගමයට එරෙහි සන්ධානයකට ද බටහිර සමග චීනයේ ආර්ථික සම්බන්ධතා යලි ගොඩනගා හදාගැනීමකට ද තුඩු දුනි. 1978දී ඩෙං ෂියා ඕ පිං බලයට පත්වීමෙන් පසුව චීනය විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමත් ධනපති දේපොල සබඳතා පුනස්ථාපනයත් කම්කරු පන්තියේ දැල්වෙන ප‍්‍රතිරෝධයක් නිර්මානය කලේය 1989 ජූනියේ දී තියනන්මෙන් චතුරස‍්‍රයේ විරෝධතා දරුනු ලෙස මැඬීම හමුවේ ජාත්‍යන්තර කමිටුව, "චීනයේ දේශපාලන විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා” යන ශීර්ෂයෙන් යුත් ප‍්‍රකාශයක් තුල මෙසේ පැහැදිලි කලේය. "පසුගිය සතියේ සිදුකල මහා ඝාතන, බීජිං ස්ටැලින්වාදීන් ලෝක අධිරාජ්‍යවාදයේ ව්‍යුහය තුලට චීන ආර්ථිකය යලි ඒකාග‍්‍ර කිරීමට හා ධනවාදය එරට තුල ක‍්‍රමානුකූලව ප‍්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කල දශකයක කාලයේ දේශපාලන කුලුගැන්වීමයි. බීජිං තන්ත‍්‍රය විසින් මුදාහල ත‍්‍රස්තයේ ප‍්‍රධාන අරමුන, චීන ජනතාව බිය වැද්දීම හා චීන විප්ලවයේ සමාජ ජයග‍්‍රහන ඔවුන් විසින් සිතා මතාම දියකර හැරීමට එරෙහි සියලු විරෝධතා තලා දැමීමය.” [64] මර්දනයෙන් ඉක්බිත්තෙහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ පොලිස් රාජ්‍ය තන්ත‍්‍රය කම්කරු පන්තිය මැඬීම සඳහා සියලු ක‍්‍රමෝපායන් පාවිච්චියට ගනිමින් පෞද්ගලික ලාභය සහතික කරන බවට දුන් පොරොන්දුවක් ලෙස තියන්ආන්මෙන් චතුරස‍්‍රයේ ඝාතනය දැකගත් අන්තර්ජාතික සංගතයන්හි නිගමනය පරිදි, විදේශ ආයෝජන චීනය තුලට දෝරේ ගැලීය. චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ චීනය තුල සිදුවූ ධනේශ්වර ප‍්‍රතිස්ථාපනය, රාජ්‍ය නිලධරය සමග සමීපව බැඳුනු ධනේශ්වරයක නැගීම ද ගැඹුරු සමාජ බෙදීම් ද 1949ට පෙර චීනයේ පැවති සියලු සමාජ දුර්ගුනයන්ගේ යලි සම්ප‍්‍රාප්තිය ද සමග අත්වැල් බැඳ ගත්තේය.

27-4 සෝවියට් සංගමය විසුරුවා හැරීමේ දේශපාලනික හා ආර්ථික ප‍්‍රතිවිපාක මුලු ආසියාව පුරාම පැන නැගි අතර සෝවියට් වෙලඳ පොලවල්, ආර්ථික ආධාර හා භූ-දේශපාලනික සහයෝගය මත බෙහෙවින් රඳා පැවති ඉන්දියාව ද එම ප‍්‍රතිවිපාකවලට නොඅඩුව මුහුන දුනි. 1991 දී, ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුන දුන් කොන්ග‍්‍රස් ආන්ඩුව ඉන්දියානු ජාතික ආර්ථික පරිපාලන ව්‍යුහය බිඳ විසුරුවීමේ ද විදේශ ආයෝජනයන්ට දොර විවර කිරීමේ ද සන්තතිය ඇරඹීය. ඉන්දීය ස්ටැලින්වාදී පක්ෂ, මෙම නව දිශාවනතියට ආධාර කලා පමනක් නොව, තමා බලය ඉසිලූ බටහිර බෙංගාල සහ කේරල ප‍්‍රාන්තයන්හි දී, ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය වෙලඳපොල හිතකාමී ප‍්‍රතිව්‍යුහකරනයන් ට නායකත්වය දුනි. සෝවියට් සහ බටහිර කඳවුරු අතර දේශපාලනිකව සමතුලිතව පැවතීමට ද මොස්කව් හා බෙයිජින්හි උදව්වෙන් ‘අධිරාජ්‍ය විරෝධී’ වෙස් පෑමට ද පසුගාමී ධනපති රටවල ධනේශ්වරයට තිබුනු ඉඩකඩ සීතල යුද රටාව බිඳ වැටීම මගින් කම්මුතු විය. සෝවියට් සංගමය සමග බලගතු සබඳතා සහිතව ඊනියා නොබැඳි ව්‍යාපාරයේ නායක සාමාජිකයෙකුව සිටි ඉන්දියාව තුල, මෙම කි‍්‍රයාදාමය නැවතත් සුවිශේෂිතව ප‍්‍රකාශයට පත්විය. වොෂින්ටනය සමග සබඳතා අලුත්වැඩියා කරගැනීම ඇරැඹූ නව දිල්ලිය පීඑල්ඕ වැනි ජාතික ව්‍යාපාරවලට පෙර කල දුන් සහාය අත් හැරීමට පටන් ගත්තේය.

27-5 පැවති සෝවියට් කඳවුර සහ චීනය නග්න ලෙස ධනවාදය වැලඳ ගැනීම හේතුවෙන් කලාපය තුල ස්ටැලින්වාදී පක්ෂවල දේශපාලන අර්බුද වඩාත් ගැඹුරු විය. මෙම අර්බුදය ප‍්‍රකාශිත වූයේ තායිලන්ත කොමියුනිස්ට් පක්ෂය මෙන් මුලුමනින්ම බිඳ වැටීමෙන් හෝ පිලිපීන කොමියුනිස්ට් පක්ෂය මෙන් කැබලිවලට කැඩී යාමෙන් හෝ එසේත් නැතිනම් ජපානයේ හා ඉන්දියාවේ මෙන් දේශපාලන සංස්ථාපිතයට සිය ඒකාග‍්‍රවීම සම්පූර්න කිරීමෙනි. විවිධාකාර ජාතික සන්නද්ධ ව්‍යාපාර තමන් පූර්වයෙන් පෙන්නුම් කල "සමාජවාදී” වෙස්පෑම් සැනෙකින් අත් හැර, වෙලඳපොල දෘෂ්ටිවාදය වැලැඳගනිමින් අධිරාජ්‍යවාදයට අනුගත වූ අතර, ශී‍්‍ර ලංකාව තුල "ව්‍යාඝ‍්‍ර ආර්ථිකයක්” සඳහා එල්ටීටීඊයේ අනුග‍්‍රාහකත්වය මගින් මෙය මූර්තිමත් විය.

28. විකොස සහ එක්සත් පෙරමුන

28-1 1980 අග භාගය සහ 1990 මුල් භාගය පුරා ශී‍්‍ර ලංකාව තුල තියුනු ආර්ථික හා දේශපාලනික අර්බුදයක්, ආධිපත්‍යය දැරීය. එල්ටීටීඊය සහ ඉන්දියානු හමුදාව අතර උතුරේ සටන් ඇවිලෙද්දී කම්කරු පන්තිය සහ ගම්බද දුගීන් අතර වැඩුනු අසහනය, රාජ්‍ය මර්දනයේ සහ ඉන්දු‐ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයේ සංකලනයක් මගින් අවමංත කරන ලදී. ජවිපෙ තුවක්කුකරුවෝ ගිවිසුමට ආධාරකල දේශපාලනඥයින් සහ පක්ෂ ඉලක්ක කර ගත්හ. ආන්ඩුව 1988 නොවැම්බරයේ දී යුද නීතිය පනවා වර්ජන හෝ විරෝධතා සංවිධානය කරන හෝ ඒවාට සහභාගි වන අයට මරන දඬුවම පැනවීමට අනුමැතිය දුන්නේය. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිටි එජාපයේ රනසිංහ පේ‍්‍රමදාස, 1988 දෙසැම්බර් ජනාධිපතිවරනය ජයගත් සැනින් ධනේශ්වර පාලනය ස්ථාවර කර ගැනීම සඳහා ජවිපෙ සමග ගනුදෙනුවකට මාන බැලුවේය.

28-2 රාජ්‍ය මර්දනයට ද "මවුබිම සුරැකීම” සඳහා ජවිපෙ කැඳවූ ‘වර්ජනයන්ට’ සහභාගිවන ලෙස දුන් විධානයන්ට විරුද්ධ වූ කවරෙකුට හෝ එල්ල කෙරුනු ජවිපෙ ෆැසිස්ට් ප‍්‍රහාරයන්ට ද මුහුන දී සිටි කම්කරු පන්තිය ඉදිරියේ දැන් එජාප ආන්ඩුව සහ ජවිපෙ අතර තථාභූත සන්ධානයක අන්තරාය මතු විය. ඉන්දු ලංකා ගිවිසුමට ද ජවිපෙ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ද යන දෙකටම විරුද්ධව කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් වැදුනු එකම පක්ෂය විකොස යි. මෙම පදනම මත 1988 ජූනියේදී විකොසට මහ බැංකු සේවක සංගමයේ නායකත්වය දිනා ගැනීමට හැකිවිය. තම ආස්ථානයේ ප‍්‍රතිඵලයක් ලෙස පොලිස් වටලෑම් හා අත් අඩංගුවට ගැනීම්වලට මෙන්ම, ජවිපෙ ප‍්‍රහාරයන්ට මුහුන දීමට ද විකොසට සිදුවිය. විකොස සාමාජිකයන් වූ ආර්.ඒ. පිටවෙල 1988 නොවැම්බර් 12 වන දින ද, පී.එච්. ගුනපාල 1988 දෙසැම්බර් 23 වන දින ද, ගේ‍්‍රෂන් ගීකියනගේ 1989 ජුනි 23 වන දින ද ජවිපෙ මැරයන් විසින් ඝාතනය කරන ලදහ.

28-3 විකොස, ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂවල සහයෝගය සහිතව, 1988 නොවැම්බරයේ දී, රාජ්‍ය මර්දනයෙන් සහ ජවිපෙ ප‍්‍රහාරයන්ගෙන් කම්කරුවන් සහ ඔවුන්ගේ සංවිධාන ආරක්ෂා කරගනු වස් අවශ්‍ය ක්ෂනික හා සංයුක්ත පියවර ගැනීම සඳහා, කම්කරු පන්තියේ සියලු පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා උද්ඝෝෂනයක් ආරම්භ කලේය. කම්කරු පන්තික පක්ෂවලට ලිපියක් ලියමින් ශී‍්‍ර ලාංකික ධනේශ්වරයේ පක්ෂවලින්‐ එජාප, ශී‍්‍රලනිප සහ ශී‍්‍රලමප‐ බිඳී වෙන්වන ලෙස ද ‘මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැක ගැනීම සඳහා කම්කරු පන්තියේ පන්ති ශක්තිය’ බලමුලු ගන්වන ලෙස ද විකොස කැඳවුම් කලේය. කම්කරු ආරක්ෂක බලකායන් සහ කි‍්‍රයාකාරී කමිටු, ඒකාබද්ධ පිකට් වැටවල් සහ මහ වැඩ වර්ජනයක් කැඳවුම් කල විකොස, අති දුෂ්කර තත්වයන් නොතකා තම ඉල්ලීම් සඳහා කම්කරු පන්තිය තුල බලගතු උද්ඝෝෂනයක යෙදී ගති. එක්සත් පෙරමුනක් සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙනගිය ජාත්‍යන්තර උද්ඝෝෂනයට ඕස්ටේ‍්‍රලියාවේ සෝෂලිස්ට් ලේබර් ලීගයේ සහයෝගය ඇතිව, විකොස සාමාජිකයන් දෙදෙනෙකු ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ කල පුලුල් සංචාරයක් ද ඇතුලත් විය.

28-4 එක්සත් පෙරමුනක් කැඳවීම අවස්ථාවාදී පක්ෂවලට කිසිදු දේශපාලන සමාවක් ඇඟවුම් කලේ නැත. එම පක්ෂ ඒකමතිකව එක්සත් පෙරමුනට විරුද්ධ වූහ. ඔවුන් සියලුදෙනා වෙනුවෙන් කතා කල නසසප "නව නිර්ධන පන්තික ප‍්‍රතිසංස්කරනවාදී මහජන ප‍්‍රවනතාවක්” යයි ශ‍්‍රී ලංකා මහජන පක්ෂය (ශී‍්‍රලමපය) පින්තාරු කරමින් විකොස -යෝජිත එක්සත් පෙරමුන එය ඇතුලත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කල හෙයින් "කට්ටිවාදී” සහ "අති වාමාංශික” යයි හෙලා දුටුවේය. ශී‍්‍රලමප, ලසප හා කොප සමග ඇති කර ගත් නසසපයේ "එක්සත් සමාජවාදී පෙරමුන” සම්භාව්‍ය මහජන පෙරමුනුවාදය ම විය. එහි අරමුන වූයේ එජාප ආන්ඩුවෙන් සහ රාජ්‍ය යන්ත‍්‍රයෙන් බැගෑපත් ලෙස රැකවරනය ලබා ගැනීමයි. තම පිලිතුරේදී විකොස මෙසේ අනතුරු ඇඟවීය: "ප‍්‍රථම කොටම, එය (එක්සත් පෙරමුන ප‍්‍රතික්ෂේප කිරීම) තම පන්ති සතුරාට එරෙහිව කම්කරු පන්තිය විසින් ගනු ලබන ප‍්‍රායෝගික පියවරයන්ගේ කි‍්‍රයාකාරී සංවිධානයට පරම සතුරු කි‍්‍රයාවකි. දෙවනුව, එය ධනපති කි‍්‍රයාමාර්ග මත තනන ලද පෙරමුනුවලට කම්කරු පන්තිය බැඳ තබයි, කම්කරු පන්තිය දුර්වල කොට දේශපාලනිකව නිරායුධ කරයි, කම්කරු පන්තිය සහ දුගී ගොවීන් ලේ විලක ගිල්වීම සඳහා පන්ති සතුරාට අවස්ථාව නිර්මානය කරදෙයි.” "වාම” පක්ෂ ආන්ඩුවේ මර්දන කි‍්‍රයා පිලිබඳ සියලූ විවේචන අත්හල අතර, ඔවුන් ඊට හිලව් ලෙස ආයුධ ලබා ගත්තේ සිය ගනන් සටන්කාමී කම්කරුවන් සහ වෘත්තීය සාංගමිකයන් තම ජීවිතවලින් මෙම ද්‍රෝහිත්වයට වන්දි ගෙවද්දී ය.

29. විකොස සහ ගොවි ජනතාව

29-1 දකුනේ වැඩෙන සමාජ නොසන්සුන්තාව මැද්දේ, ජනාධිපති පේ‍්‍රමදාස, 1989 ජූලි වන විට ඉන්දියානු හමුදා ශී‍්‍ර ලංකාවෙන් පිටව යා යුතු යයි ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ප‍්‍රසිද්ධ ආස්ථානයක් ගත්තේය. 1989 ජූනියේ දී එල්ටීටීඊය සමග සටන් විරාමයක් අත්සන් කල ඔහු, රහසේ එයට අවි සපයමින්, ඉන්දියානු හමුදාවට එරෙහිව එම සංවිධානයේ සන්නද්ධ අරගලයට උදව් කලේය. ජවිපෙ සමග සම්මුතියක් ඇති කර ගැනීමට අසමත් වූ එජාප, පලමුව ජවිපෙට සහ අනතුරුව වඩාත් පුලුල්ව එහි සමාජ පදනම වන සිංහල ගොවි ජනතාවට එරෙහිව ක‍්‍රියාවට බැසගති. 1989 නොවැම්බරයේ දී ආරක්ෂක හමුදා, ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුලු මුලු නායකත්වය ම පාහේ අත් අඩංගුවට ගෙන, කුරිරු ලෙස ඝාතනය කලේය. මෙම ඝාතන වනාහි, ඉන්පසු එලැඹි දෙවසර තුල 60,000 ක් ජනයා මරා දැමූ බවට තක්සේරු කෙරුනු, ආරක්ෂක හමුදාවන් හා සහායක ඝාතක කල්ලි විසින් ගම්බද ජනයාට එරෙහිව දියත් කල තථ්‍ය යුද්ධයක ආරම්භය පමනි.

29-2 ශී‍්‍ර ලාංකික පාලක පන්තියේ මෙම හදිසි හැරීම, විකොසට නව දේශපාලනික අභියෝගයන් මුනගැස්වූ අතර, ජාත්‍යන්තර කමිටුව තුල ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විජේවීර ඝාතනයේ දේශපාලනික ඇඟවුම් අඩු තක්සේරු කිරීම සඳහා ආරම්භයේ දී විකොස තුල පැවැති ප‍්‍රවනතාවකට එරෙහිව, රාජ්‍ය මර්දනයේ බරපතල අනතුර පිලිබඳව විකොස විසින් කම්කරු පන්තියට අනතුරු ඇඟවිය යුතු බවත්, ගම්බද තරුනයන්ට එල්ල කල ප‍්‍රචන්ඩ ප‍්‍රහාරයන්ට එරෙහිව ජවබල සම්පන්නව කම්කරුවන් කැඳවිය යුතු බවත්, අවධාරනය කෙරුනි. එය සරලව ජවිපෙ නායකයන්ගේ ඉරනම පිලිබඳ කරුනක් නොව, එම සංවිධානය රඳා පැවැති සමාජ පදනම පිලිබඳ කාරනයකි. 1971 අපේ‍්‍රල් කැරැල්ල ඉක්බිත්තෙහි කලාක් මෙන්ම විකොස, තම වැඩ කටයුතුවල සියලුම පැතිවලින් ආන්ඩුව කෙරෙහි අනම්‍ය විරුද්ධත්වයක් පවත්වා ගෙන යමින්, ගම්බද ජනයාගේ ආරක්ෂාව සඳහා උද්ඝෝෂනයේ යෙදෙන අතරම, එසේ කිරීමේ දී සමාජවාදී විප්ලවය සඳහා අත්‍යවශ්‍ය වන කම්කරු පන්තිය සහ ගොවි ජනතාව අතර සන්ධානය සංයුක්තව ගොඩ නැගිය යුතු විය. එහි දී සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය කම්කරු පන්තිය හා ගම්බද ජනතාව අතර සැබෑ සන්ධානයක් ගොඩනැගිය යුතු විය.

29-3 ඉන්දියානු හමුදාව ආපසු කැඳවා ගැනීමෙන් අනතුරුව, දෙමල මහජනතාවට එරෙහිව උතුරේ යලි ඇරඹූ යුද්ධයට සහ රජය විසින් දකුනේ ගෙන ගිය ගම්බද තරුන සංහාරයට එරෙහිව, 1990 දෙසැම්බරයේ දී විකොස සවිස්තර ප‍්‍රකාශයක් නිකුත් කලේය. සිංහල හා දෙමල ගම්බද ජනතාව ආරක්ෂා කිරීම, ධනවාදය අහෝසි කිරීමට සහ ශී‍්‍ර ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට ගෙන යන සටන සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතින බව එය පැහැදිලි කලේය. උතුරේ යුද්ධයට සහයෝගය දැක්වීම සහ දකුනේ ගම්බද ජනයා ආරක්ෂා කිරීම සඳහා වන කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් අවහිර කිරීම සම්බන්ධයෙන් ලසසප, කොප හා නසසප යන කම්කරු පන්තියේ අවස්ථාවාදී නායකත්වයන්ට විකොස චෝදනා කලේය. කම්කරුවන්ගේ සහ ගම්බද ගොවි ජනතාවගේ දැවෙන ආර්ථික අවශ්‍යතාවයන් සහ ප‍්‍රජාතන්තී‍්‍රය අභිලාෂයන් සපුරාලන සංක‍්‍රමනීය ඉල්ලීම් සහිත සවිස්තර ක්‍රියාමාර්ගයක්, එම ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් කෙරින. මේ පදනම මත රාජ්‍ය හමුදා මගින් ගෙන ගිය කෲරකම් හෙලිදරව් කිරීමටත් ගම්බද තරුනයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් සහ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමටත්, විකොස පුලුල් උද්ඝෝෂනයක් ගෙන ගියේය.

30. ජාතික ප‍්‍රශ්නය

30-1 නැගෙනහිර යුරෝපය, බෝල්කන් ප‍්‍රදේශ හා පැරනි සෝවියට් සංගමය තුල බෙදුම්වාදී ව්‍යාපාර මතුවීමෙන් පසුව, ජාත්‍යන්තර කමිටුව, ජාතික ප‍්‍රශ්නය විවේචනාත්මක ලෙස යලි සලකා බැලීම කරා යොමු විය. 1913-16 අතර කාලයේ ලෙනින් සිය ලියවිලි තුලින්, "ස්වයංනීර්න අයිතිය” සඳහා සහාය දුන්නේ, පීඩිත ජාතීන්ගේ සහයෝගය දිනාගැනීමේ හා කම්කරු පන්තිය එක්සත් කිරීමේ අවශ්‍යතාවය මත පිහිටා ය. ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, "මෙහිදී බොල්ශෙවික් පක්ෂය කිසිදු අර්ථයකින් බෙදා වෙන්කිරීමේ ශුභාරංචිය පැතිරවීම කර ගසා ගත්තේ නැත. එය මහා රාජ්‍යයක දේශසීමාවන් තුල ඒ හෝ මේ ජාතිකත්වයක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීම ද ඇතුලු, ජාතික පීඩනයේ සෑම රූපාකාරයකට ම එරෙහිව සම්මුති විරහිතව අරගල කිරීමේ වගකීමට උර දුන්නා පමනි. රුසියානු කම්කරු පන්තියට පීඩිත ජාතීන්ගේ විශ්වාසය අනුක‍්‍රමයෙන් දිනාගත හැකි වූයේ මේ ආකාරයට පමනි.”[65] එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති දශකයන්හි දී පැබ්ලෝවාදීහු ද විවිධාකාර වෙනත් සුලු ධනපති ව්‍යාජ මාක්ස්වාදීන් ද කම්කරු පන්තිය ජාතික-වාර්ගික බෙදුම්වාදය සඳහා වන කවර හෝ ඉල්ලීමකට මුලුමනින්ම සහාය දීමට දේශපාලනිකව බැඳී සිටින්නේය යන අර්ථයෙන් "ස්වයංනීර්න අයිතිය” විකෘති කලහ.

30-2 ලෙනින්ගේ ආස්ථානය සමාජ-ආර්ථික තත්වයන් හා පන්ති අරගලයේ වර්ධනයට සම්බන්ධිතව හැම විටම, කොන්දේසි සහගත විය. පලමු ලෝක යුද්ධය ආසන්නයේ නැගෙනහිර යුරෝපයේ බෝල්කන් ප‍්‍රදේශවල හා සාර්වාදී අධිරාජ්‍යය තුල ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය වෙනුවෙන් ලෙනින් පෙනී සිටියේ මෙම කලාපවල තවමත් කෘෂිකාර්මික හා ධනවාදය හා ජාතික ව්‍යාපාර ලදරු වියේ පසුවීම ප‍්‍රමුඛ වූ නිසා ය. සියවසකට ආසන්න කාලයකට පසුව මෙම කලාපවල මෙන්ම ලෝකය පුරා ද තත්වය බෙහෙවින්ම වෙනස් ය. නැගෙනහිර යුරෝපයේ, බෝල්කන් ප‍්‍රදේශවල හා රුසියාවේ රටවල හිටපු ස්ටැලින්වාදී නිලධරයේ කුඩා කල්ලි හා ධනපතියන්, ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක‍්‍රියාවලියේ කොටසක් ලෙස තමන්ගේ ම භූමිභාගයන් කපා වෙන්කර ගැනීමේ මාධ්‍යයන් ලෙස, වර්ගභේදවාදී හා වාර්ගික මනෝ භාවයන් ඇවිස්සූහ. මෙම ව්‍යාපාර, කිසි සේත්ම අධිරාජ්‍ය-විරෝධී වූයේ නැත. ඒ වෙනුවට ඔවුහු, බෝල්කන් ප‍්‍රශ්නයේ දී මෙන්, සිය ආර්ථික හා මූලෝපායික අභිලාෂයන් සපුරා ගැනීමේ මාධ්‍යයන් ලෙස, බෙදුම්වාදය දිරිමත් කල අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය කි‍්‍රයාකාරීව අපේක්ෂා කලහ. ලෙනින්ගේ සමයේ, ආසියානු හා අප‍්‍රිකානු යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල ජාතික ව්‍යාපාර යාන්තමින් මතුවී තිබුනා පමනි. සියවසක තරම් කාලයක ඇවෑමෙන්, වාර්ගිකත්වය, ආගම හා භාෂාව මත පදනම් වූ නව බෙදුම්වාදී ප‍්‍රවනතා බෝවීමට මුල් වූයේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව "නිදහස” ලබාගත් ජාතිකවාදී ව්‍යාපාර, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් සාක්ෂාත් කිරීමට දැක්වූ ශෝචනීය අසමත්කමයි.

30-3 නිෂ්පාදනයේ ගෝලීයකරනය විසිවන සියවස අවසානයේදී ජාතික බෙදුම්වාදී ව්‍යාපාර පැතිරයාමේ මූලික සාධකය විය. ගෝලීයකරන කි‍්‍රයාවලීන් ගෝලීය වෙලඳපොලට හා ගෝලීයව ඒකාග‍්‍රිත නිෂ්පාදනයට සාපේක්ෂව ජාතික වෙලඳපොලවල් හා ජාතිකව පදනම්වූ නිෂ්පාදනයේ වැදගත්කම බෙහෙවින් හීන කර ඇත. ජාත්‍යන්තර කමිටුව මෙසේ පැහැදිලි කලේය. "නව ගෝලීය ආර්ථික සබඳතා නව වර්ගයක ජාතික ව්‍යාපාරයකට, එනම් පවත්නා රාජ්‍ය කැබලි කිරීමේ නව වර්ගයක ජාතික ව්‍යාපාරයකට, වෛෂයික තල්ලුවක් ද සම්පාදනය කර තිබේ. භූගෝලීය වසයෙන් සංචලිත ප‍්‍රාග්ධනය කුඩා භූමි ප‍්‍රදේශවලට කෙලින්ම ලෝක වෙලඳ පොල සමග පිරිද්දී ගැනීමේ හැකියාව ලබා දී තිබේ. හොං කොං, සිගප්පූරුව හා තායිවානය නව වර්ධන ආදර්ශ බවට පත්ව ඇත. සෑහෙන ප‍්‍රවාහන සබඳතා, පොදු කාර්ය ව්‍යුහය හා ලාභ ශ‍්‍රම සැපයුමක් තිබෙන කුඩා වෙරලාසන්න ප‍්‍රදේශයක්, නිෂ්පාදක භාවයෙන් වඩා අඩු ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයකින් යුත් විශාල රටකට වඩා අන්තර් ජාතික ප‍්‍රාග්ධනය සඳහා ආකර්ෂනීය පදනමක් විය හැකි ය.” [66]

30-4 නව බෙදුම්වාදී ව්‍යාපාරවල ස්වභාවය සාරාංශගත කරමින්, ජාත්‍යන්තර කමිටුව මෙසේ ලිවීය: "ඉන්දියාවේ හා චීනයේ ජාතික ව්‍යාපාරය අසමාන ජන කොටස් අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයක් තුල දී ඒකාබද්ධ කිරීමේ ප‍්‍රගතිශීලී කර්තව්‍යය -- එය වනාහි ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ සාක්ෂාත් කල නොහැකි දෙයක් ලෙස ඔප්පු කෙරුනු කර්තව්‍යයකි -- මතු කලේ ය. ජාතිකවාදයේ නව රූපය, සූරාකන්නන්ගේ යහපත සඳහා පවත්නා රාජ්‍යයන් බෙදා වෙන් කිරීමේ එල්ලය ඇතිව ජනවාර්ගික, භාෂාමය සහ ආගමික පිලිවෙත් දිගේ බෙදුම්වාදය වගා කරයි. මෙවන් ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයක් සමග ගෑවී වත් නැත, ඒවා මොන ම අර්ථයකින් හෝ පීඩිත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් අන්තර්ගත කර ගන්නේ වත් නැත. ඒවා කම්කරු පන්තිය බෙදීමට ද පන්ති අරගලය ජනවාර්ගික ප‍්‍රජාගනවාදී යුද්ධවලට අපසරනය කිරීමට ද උදව් වෙයි.” [67] කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතා මුල්කරගෙන, ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයන්ගේ බෝවීම කෙරෙහි ද වෙනම ධනේශ්වර රාජ්‍යයන් තැනීම යුක්ති සහගත කිරීම සඳහා ඔවුන් හුවා දක්වන "ස්වයං නීර්න අයිතිය” කෙරෙහි ද විවේචනාත්මක, හා සතුරු ද පවා වන, ආකල්පයක් ගත යුතු බවයි.

30-5 ජාතික ධනේශ්වරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ගබ්සා වූ ද ස්වකීය ජාතිකවාදී ව්‍යාපෘතීන් අසාර්ථක වූ ද ආගම, කුලය, භාෂාව හා ජනවර්ගය මත පදනම් වූ ධනේශ්වර බෙදුම්වාදී ප‍්‍රවනතා සමූහයක් නිර්මානය කර ඇති දකුනු ආසියාව සඳහා මෙම විශ්ලේෂනය විශේෂයෙන් ම අදාල වේ. ඉන්දියාවේ දී, ජාතික ආර්ථික නියාමනයේ පැරනි ව්‍යාපෘතිවල සිට විදේශ ආයෝජන වැලඳ ගැනීම හා ගෝලීය නිෂ්පාදන කි‍්‍රයාවලීන් තුලට ඒකාග‍්‍රවීම වෙත හැරීමේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවූ ප‍්‍රාදේශීය අසමානකම් හා ගැඹුරු වන සමාජ විෂමතා, කාෂ්මීරය, තමිල්නාඩු ඇසෑම් හා ඊසානදිග අනෙකුත් ප‍්‍රාන්තවල වෙන ම රාජ්‍යයන් සඳහා කැඳවුම් කිරීමට විවිධ ධනේශ්වර ප‍්‍රවනතාවන් විසින් ගසාකනු ලැබ ඇත. ජාත්‍යන්තර කමිටුව ඉහත කෘතිය තුලම මෙසේ පැහැදිලි කර ඇත. "මෙහිදී මතු වන කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ, පැරනි ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවල බිඳ වැටීමට කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්නයි. මෙම රටවල ජනතාව තමන්ගේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන්නේ විජිතහරන ක‍්‍රියාවලිය තුල දී නිර්මානය කරනු ලැබූ රාජ්‍යවල කැබලිති මත පදනම් වන ආගමික සුවිශේෂතාවාදය උඩ ගොඩනැගුනු නව බෙදුම්වාදී ව්‍යාපාර තුලින් ද? නැත. අපි එවන් ඉදිරිදර්ශනයක් සාකල්‍යයෙන්ම ප‍්‍රතික්ෂේප කරමු. එවන් රාජ්‍ය කැබලිති ඉන්දියාවේ වේවා, වෙනත් කොයියම්ම ප‍්‍රදේශයක හෝ වේවා කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට ඉදිරි මාවතක් සපයන්නේ නැත. වරප‍්‍රසාදිත පන්තීන්ගේ තුනී ස්ථරයක් තමන්ගේ ම නිදහස් වෙලඳ කලාපයක් ගොඩනගාගෙන අන්තර් ජාතික ප‍්‍රාග්ධනය සමග තමන්ගේ ම ජාවාරම් සකසා ගත හොත් ඔවුන් සඳහා ලාභ උපයා දීමට වඩා වැඩි දෙයක් කල නො හැකි වනු ඇත. මහජනතාවට ම මෙවන් සංසිද්ධියකින් ලබා ගත හැක්කේ නො නවතින ජනවාර්ගික ලේ වැගිරීම්වලින් හා උග‍්‍ර කෙරුනු සූරාකෑමෙන් පමනක් යුක්ත අනාගතයක් පමනි.”[68]

30-6 ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවේ කොටසක් ලෙස, විකොස නිගමනය කලේ, ප‍්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල, එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපෘතියට සහාය දීම ලෙස පමනක් අර්ථ ගැන්විය හැකි, "දෙමල ජනතාවගේ ස්වයං-නීර්න” අයිතියට සහාය දීම, තවදුරටත් කිසිදු ප‍්‍රගතිශීලී අන්තර්ගතයකින් තොර දෙයක් බවයි. 1990 දී යුද්ධය යලි ආරම්භ වූ විට, එල්ටීටීඊය පෙරටත් වඩා විශද ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා වාර්ගික ස්වරූපයක් අත්කර ගත්තේය. එහි දී ඔවුන් දේශපාලන විරුද්ධත්වය තහනම් කිරීම, දේශපාලන ප‍්‍රතිවාදීන් ඝාතනය, සියලු මුස්ලිම්වරුන් "සතුරු ඒජන්තයින්” ලෙස හෙලා දැක ඔවුන් යාපනයෙන් පලවා හැරීම සහ අත්ඩංගුවට ගත් සොල්දාදුවන් හා පොලිස් භටයින් මරා දැමීම හා ඉවබව නැතිව සිංහල සිවිල් වැසියන්ට පහර දීම සිදු කලහ. එල්ටීටීඊ බෙදුම්වාදී කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කරන අතර ම, විකොස, දිවයිනේ එක්සත්කම මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් පවත්වාගෙන යාමේ ශී‍්‍ර ලංකා ආන්ඩුවේ උත්සාහයන්ට සම්මුති විරහිතව විරුද්ධ වීමේ සිය පිලිවෙත දිගට ම ගෙන ගියේය. කොන්දේසි විරහිතව උතුරෙන් හා නැගෙනහිරෙන් සන්නද්ධ හමුදා ඉවත් කිරීම සඳහා විකොසෙහි ඉල්ලීම, වෙනම ඊලමක් සඳහා සහයෝගය දීමක් ඇඟවුම් නොකලේ ය. ඒ වෙනුවට, දෙමල ජනතාවට එරෙහි මිලිටරි මැඬලීම කෙරෙහි විරෝධය දැක්වීමේ දී විකොස අපේක්ෂා කලේ, ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වූ විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් එක්සත් කිරීම ය.

මතු සම්බන්ධයි,

සටහන්:

[61] ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, කම්කරු මාවත ප‍්‍රකාශන, 3 පිටුව -13 ඡේදය.

[62] ලෝක ධනවාදයේ අර්බුදය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, කම්කරු මාවත ප‍්‍රකාශන, 28 පිට,169 ඡේදය.

[63] Fourth International, (හතරවන ජාත්‍යන්තරය), අංක 01, 19 වෙලුම, 74 පිටුව.

[64] Fourth International (හතරවන ජාත්‍යන්තරය), 16 වෙලුම, 1 පිටුව.

[65] History Of the Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය), වෙලුම 3, ස්ෆියර් බුක්ස්, 41-42 පිටු.

[66] භූගෝලීයකරනය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය, කම්කරු මාවත ප‍්‍රකාශන, 1999 මැයි, 112 පි.

[67] ඉහත කෘතිය, 112-13 පිටු.

[68] එම කෘතිය, 118 පි.

Share this article: