එක්සත් ජනපද යුද අභ්‍යාස ඉරානය මත කෙරෙන ඊස්රායල ප්‍රහාරයක පෙරනිමිති පල කරයි

US war game foreshadows Israeli attack on Iran

By Peter Symonds, 21 March 2012

ඊයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් අනාවරනය කල පෙන්ටග‍නයේ මෑතම යුද අභ්‍යාසය පිලිබඳ තොරතුරු අවධාරනය කරන්නේ ඉරානයට එ‍රෙහි යුද්ධයක් සඳහා ඔබාමා පාලන තන්ත්‍රයේ පෙර සූදානම් පිලිබඳ දුරගිය ස්වභාවය හා තකතීරුකම යි. සාමාන්‍යයෙන් ඊස්රායලය ඉරානයට කරන පහර දීමක් පූර්ව ඇඟවුම් කල අභ්‍යාසයේ අවසන් නිගමනය වූයේ, “එබඳු පහර දීමක් එක්සත් ජනපදය ද ඈඳාගත් එමෙන්ම සිය ගනනක් ඇමෙරිකානුවන් මරනයට ලක් වනු ඇති පුලුල් පරිමානයේ කලාපීය යුද්ධයකට මෙහෙයවෙනු” ඇත යන්න යි.

එක්සත් ජනපදයේ මධ්‍යම මෙහෙයුම් ඒකකය විසින් දියත් කල දෙසතියක යුද අභ්‍යාසයේ අරමුන වූයේ, පර්සියානු ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද බලකායන් හා ටැම්පා, ෆ්ලෝරිඩා යන නගරවල පිහිටි එහි මෙහෙයුම් මධ්‍යස්ථාන අතර සන්නිවේදන හා සම්බන්ධීකරන කටයුතු පරීක්ෂා කර බැලීම යි.

“ඊස්රායලය මුල් වී දියත් කරනු ඇති ප්‍රහාරයක් කලාපය පුරාත් එහි සිටින එක්සත් ජනපද හමුදා වෙතත් දරුනු ප්‍රතිවිපාක ගෙන දිය හැකි යයි [ඇමෙරිකානු] නිලධාරීන්ට අනුව [එක්සත් ජනපද මධ්‍යම මෙහෙයුම් ප්‍රධානී] ජෙනරාල් මැටිස්, මෙම මස මුලදී අභ්‍යාසය අවසන් වූ අවස්ථාවේ දී සහායකයන්ට කියා ඇති බව” ටයිම්ස් වාර්තා කලේ ය.

මෙවැනිම “ඇතුලතට නැඹුරු වුනු (ඉන්ටර්නල් ලුක්)” [එනම්, එක්සත් ජනපද මධ්‍යම මෙහෙයුම් ඒකකයේ ප්‍රමුඛ යුද සැලසුම් අභ්‍යාසයක්] “එලැඹීමට නියමිත ඉරාක ආක්‍රමනය සඳහා ඔහුගේ බලඇනිවල සූදානම පිලිබඳ සුපරික්ෂා කර බැලීමට” 2002 දෙසැම්බර් මාසයේ දී මධ්‍යම මෙහෙයුම් ප්‍රධානී ටොමී ෆ්රෑන්ක්ස් විසින් යොදා ගෙන තිබුනේ යැයි ටයිම්ස් ලිපිය අනතුරු අඟවන ස්වරයෙන් සඳහන් කලේ ය. එයින් හරියට ම මාස තුනකට පසු 2003 මාර්තු මාසයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් එක්සත් ජනපද-පිටුබලය දුන් නීතිවිරෝධී ආක්‍රමනයක් දියත් කලේ ය. ඉරාක වැසියන් ලක්ෂ ගනනකගේ ජීවිත ද ඉමහත් ප්‍රමානයක් අතුගා දැමීම ද එම යුද්ධයේ වියදම විය.

ඒ අයුරින් ම මෑතම “ඉන්ටර්නල් ලුක්” අභ්‍යාසය ද හුදු මන:කල්පිතයකට වැඩි දෙයකි. එය පැවැත්වුනේ, ඉරානය පිලිබඳ එක්සත් ජනපදය හා ඊස්රායලය අතර ඉහල මට්ටමේ දේශපාලන හා මිලිටරි සාකච්ඡාවල ප්‍රවාහයක් මධ්‍යයේ ය. රටවල් දෙකම මිලිටරි ක්‍රියාවලියකට යාම පිලිබඳව පුන පුනා තර්ජනය කර තිබේ. පසුගිය සතියේ දී ටෙහෙරානයට යලි වතාවක් අනතුරු ඇඟවීමක් කරමින් ඔබාමා කීවේ, “මෙම ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගැනීම සඳහා අවස්ථාව ක්‍රමයෙන් පිරිහෙමින් තිබෙන” බවයි.

යෝග්‍යයැයි එය සිතන්නේ නම් ඉරානයට එරෙහිව මිලිටරි මෙහෙයුමක් දියත් කිරීමට ඊස්රායලය වෙත පවතින අයිතිය සඳහා එක්සත් ජනපද ජනාධිපතිගෙන් අනුමැතිය තමන් ලබා ගෙන තිබෙන බව, මෙම මාසය මුලදී ඔබාමා මුන ගැසුනු ඊස්රායල අගමැති බෙන්ජමින්නෙතන්යාහු පසුගිය සතියේ නෙසෙට් (ඊස්රායල පාර්ලිමේනතුව) වෙත කීවේ ය. “මෙම ආස්ථානය එක්සත් ජනපදය පැත්තෙන් ධනාත්මකව පිලිගනු ලැබ තිබෙන බව -විචක්ෂන ආකාරයකින් පවා- මම කියමි” යයි හෙතෙම කීවේ ය.

ඊයේ නෙ‍ෙසට් විදේශ සබඳතා හා ආරක්ෂක කමිටුව වෙත අදහස් දක්වමින්, ප්‍රහාරයක් දියත් කිරීම සඳහා අවස්ථාව ලඟා වෙමින් තිබේ යැයි සඳහන් කල ඊස්රායල ආරක්ෂක ලේකම් එහුඩ් බරක්, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඊස්රායලයට ඇති අවශ්‍යතාව පිලිබඳ අවධාරනය ක‍ලේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන “ක්‍රමයෙන් පරිනත තත්වයට සම්ප්‍රාප්ත වෙමින් ‘ප්‍රතිශක්ති කලාපයක්’ මතට නැඹුරු වෙමින්” ඇති බැව් ඔහු කියා සිටියේ ය.

පෙන්ටගන් යුද අභ්‍යාසය පිලිබඳ නිව් යෝක් ටයිම්ස් වෙත අදහස් දැක්වූ එක්සත් ජනපද නිලධාරීන් කීවේ, “එලැඹෙන වසර තුල ඉරානයට ඊස්රායල ප්‍රහාරයක් එල්ල වීමේ ශක්‍යතාව ඔවුන්ට පෙනීමට තිබෙන” බවයි. අනෙක් අය ඊටත් වඩා කෙටි කාලය රාමුවක් පිලිබඳ ඇඟවුම් ක‍‍ර තිබේ. “අප්‍රේල්, මැයි හෝ ජූනි මාසයේ දී ඊස්රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට හොඳටම ඉඩ තිබෙන බව තමන් විස්වාස කරන්නේ යැයි” එක්සත් ජනපදය ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා කියා ඇති බව පසුගිය මාසයේ වොෂිංටන් පෝස්ට්හි පලවූ ලිපියක් වාර්තා කලේ ය.

මෙම මිලිටරි තර්ජනය කිරීම්වල එක් මූලික අරමුනක් වන්නේ, -එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය, රුසියාව, චීනය හා ජර්මනිය යන - පී5+1 සමඟ පැවැත් වීමට නියමිත සාකච්ඡාවල දී ප්‍රමුඛ සහන අත් කර ගැනීම පිනිස ඉරාන පාලන තන්ත්‍රයට පීඩනය දැමීම යි. එහෙත් ඊස්රායල ආරක්ෂක ලේකම් බැරැක් සැලසුම් කර ඇති සාකච්ඡා පිලිබඳ දැනටමත් සැක පල කර ඇතිවාක් මෙන් ම එහි යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාවලිය මුලුමනින් ම නතර කිරීමට සම්බාධකවලින් ඉරානයට බලපෑමක් වනු නැත යන ඔහුගේ අදහස පුනරුච්ඡාරනය ක‍ලේ ය. “එසේ වනු දැකීමට අප කැමත්තෙමු, එහෙත් එය සිදුවේ ද යන්න ගැන මට සැක සිතේ,” යැයි සඳුදා ඔහු ප්‍රකාශ කලේ ය.

ඕනෑම ඊස්රායල ප්‍රහාරයක් පිලිබඳව ඊස්රායලය එක්සත් ජනපදයට එක්කෝ සුලු අනතුරු ඇඟවීමක් පමනක් කරනු ඇති බවත් නොඑසේ නම් එවැන්නක්වත් නොකරනු ඇති බවටත් නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මූලාශ්‍ර සඳහන් කලේ ය. ඊස්රායල හා ඇමෙරිකානු මිලිටරි නිලධාරීන් අතර ඇති සමීප සබඳතා හා ඊස්රායලය දැඩි ලෙස දේශපාලනික, මූල්‍යමය හා මිලිටරි අවශ්‍යතා සඳහා එක්සත් ජනපදය මත රැඳී තිබීම යන කාරනා සැලකූ කල එවැනි අදහස් පල කිරීම් සටකපට ඒවා ය. එවැනි ප්‍රහාරයකට සිය සම්බන්ධතාව ප්‍රතික්ෂේප කිරීම පිනිස ඔබාමා පරිපාලනය ප්‍රවේසම් සහගතව මොනයම් මැ හෝ ආකාරයක ඊස්රායල ප්‍රහාරයකින් ප්‍රසිද්ධියේ තමන් ඈත් කර ගනිමින් සිටී.

කෙසේ නමුත්, ඉරාන පාලන තන්ත්‍රය වොෂින්ටනයේ වගකීම් සහගතභාවය ගැන දැනුවත්ව සිටී. ටයිම්ස් මෙසේ සඳහන් කලේ ය: “සිදුවීම් දාමයක් යටතේ ඉරානය විස්වාස කරන්නේ, ඉරාන න්‍යෂ්ටික අඩවිවලට එරෙහිව එල්ල කරනු ඇති ඕනෑම ප්‍රහාරයක දී ඊස්රායලය හා එක්සත් ජනපදය හවුල් කරුවන් බවත් එබැවින් එම ප්‍රහාරයේ දී පර්සියානු ගල්ෆ් කලාපයේ රඳවා සිටින ඇමෙරිකානු මිලිටරි බලකායන් හවුල්කරුවන් ලෙස සලකන බව යැයි [එක්සත් ජනපද] නිලධාරීහු සඳහන් කලහ.”

එක්සත් ජනපදය හා එහි සගයන් සමඟ ඇතිවන ප්‍රමුඛ ගනයේ යුද්ධයක පූර්ව නිමිත්ත පිලිබඳ ඉතා පැහැදිලිව දැනුවත් ඉරාන තන්ත්‍රය ඊස්රායලය හා එක්සත් ජනපදය විසින් අවුලුවන යුද වාචාලවලට එහි ප්‍රතිචාරය මධ්‍යස්ථ තත්වයක පවත්වා ගෙන තිබේ. මොනයම් මැ හෝ ප්‍රහාරයකට එරෙහිව පෙරලා පහර දෙන බවට අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඊයේ අනතුරු ඇඟවූ නමුත් ඕනෑම ගැටුමක් උත්සන්න කිරීමට වෑයම් නොකරන බව කීවේ ය. “ඔවුන් අපට පහර එල්ල කරන මට්ටමට ම අපිත් පහර දෙනවා,” යයි ඔහු කීවේ ය. ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොමැති බවත් එවැන්නක් ගොඩ නැගීමට කිසිදු සැලස්මක් නැති බවත් කමේනි යලි ප්‍රකාශ ක‍ලේ ය.

මහජනතාව අතර බිය තීව්‍ර කිරීමටත් යුද්ධය සඳහා වාතාවරනයක් සකසා ගැනීමටත් එක්සත් ජනපදය හා ඊස්රායලය න්‍යෂ්ටික අවි නිර්මානය සඳහා ඉරානයේ සැලසුම් පිලිබඳ අනවරත ප්‍රචාරක ජාලයක් අඛන්ඩව දියත් කරති. න්‍යෂ්ටික අවියක් තැනීමට ඉරානය තීන්දු කර ඇතැයි යනුවෙන් එක්සත් ජනපද හෝ ඊස්රායල රහස් තොරතුරු සංස්ථාපිතයන් විස්වාස නොකරන බව සෙනසුරාදා නිව් යෝක් ටයිම්ස් පල කල ලිපියකින් පැහැදිලි කර තිබින.

ඇමෙරිකානු නිලධාරීන් ටයිම්ස් වෙත සඳහන් කලේ, න්‍යෂ්ටික අවි සෙවීම සඳහා ගෙන ගොස් තිබූ පර්යේෂනය 2003 වසරේදී අවසන් කරන ලද බවත් එය යලි ආරම්භ කර නොතිබූ බවත් ය. සාක්ෂි අතිශයින් ඒත්තු ගැන්වෙන සුලුයැයි එක් ජ්‍යෙෂ්ට නිලධාරියෙක් කරුනු දැක්වීය. “එම තක්සේරුව නියමට ගැලපෙනවා,” තවත් නිලධාරියෙක් කීවේ ය. ලිපිය සඳහන් කලේ, “ඊස්රායල දේශපාලන නායකයින් ක්ෂනික ආක්‍රමනකාරී මෙහෙයුමක් සඳහා පීඩනය යොදමින් සිටින අතරේ පවා එරට රහස් තොරතුරු සේවාව වන මොසාඩ්, ඇමෙරිකානු රහස් තොරතුරු අංශවල තක්සේරුවලට එකඟ වන” බවයි.

මෙම රහස් තොරතුරු ඇස්තමේන්තු ඊස්රායලයේ හා එක්සත් ජනපදය විසින් සූදානම් කරමින් පවතින යුද්ධයේ සාපරාධී ස්වභාවය විලක්ෂනය කරනවා පමනි. ඉරානයේ න්‍යෂ්ටික අවි පිලිබඳ මුසාවන් සමපාත වන්නේ 2003 වසරේ ඉරාක ආක්‍රමනයට පෙරාතුව බුෂ් පරිපාලනය ගෙන ගිය බේගල්වලට ය. ඉරාක ආක්‍රමනය පරිදි ම, ඔබාමා පරිපාලනය වෑයම් කරමින් සිටින්නේ මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ බලශක්ති ප්‍රභවවලින් පොහොසත් කලාප තුල එහි ආර්ථික හා මූලෝපායික ආධිපත්‍ය පවත්වා ගැනීමට ඇමෙරිකානු අභිලාෂයන්ට අනුකූල වන ටෙහ්රාන තන්ත්‍රයක් නිර්මානය කිරීමට ය.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය-මෙහෙයවන යුද්ධයක වපසරිය ඉරාක ආක්‍රමනය ද ඉක්මවා ගිය එකක් වනු ඇත. ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ඊස්රායල් හා එක්සත් ජනපද ප්‍රහාර ටෙහ්රානයේ න්‍යෂ්ටික වැඩ සටහන්වලට වසර තුනකින් පමන බාධා කරනු ඇතැයි යනුවෙන් එය නිගමනය කරන විට, පෙන්ටගනයේ මෑතම යුද අභ්‍යාසයේ ප්‍රතිපලය ඇඟවුම් කලේ දික් ගැස්සුන යුද්ධයක අවශ්‍යතාව යි. ඉමහත් විනාශයක් ඇති කිරීම පිනිස දිගු දුර බො‍්ම්බ, යලි ඉන්ධන ලබා දිය හැකි ගුවන් යානා හා නියත මෙහෙයුම් මිසයිල වඩා පුලුල් පරිමාන ප්‍රහාරවලදී යොදා ගනු ඇතැයි ටයිම්ස් සටහන් ක‍ලේය.

“පුලුල් පරිමාන කලාපීය යුද්ධයක දී” නියත ලෙසම හටගැනිය හැකි අනතුරු පිලිබඳ විස්තර කිරීමට ටයිම්ස් වෑයම් කලේ නැතත් එවැනි ඝට්ටනයක අවදානම් සීමාවන් දැනටමත් පැහැදිලි ය. මාස ගනනක් තිස්සේ, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් තුර්කිය, සවුදි අරාබිය හා ගල්ෆ් රාජ්‍ය, ඉරානයේ ප්‍රධානතම සග‍ෙයක් වන සිරියානු ජනාධිපති බසාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රය බලයෙන් පෙරලා දැමීමට පීඩනය යොදමින් සිටිති. ඉරානය සමඟ මොනයම් මැ හෝ යුද්ධයක්- එය ඊස්රායල ප්‍රහාරයකින්, ගල්ෆ් මුහුදේ නාවික සිදුවීමකින් හෝ වෙනත් කවර හෝ ව්‍යාජ හේතුවකින් ආරම්භ වුව ද - මැද පෙරදිග හා ජාත්‍යන්තර පරිමානයේ පලල් ගැටුමක් වෙතට ව්‍යාප්ත වීමේ තර්ජනය මතු කරයි.

Share this article: