ප්‍රසිද්ධ දේශනය

කලාව හා ජීවිතය

දේශක: පානිනී විජේසිරිවර්දන

නොවැම්බර් 11, පෙ.ව 10.00 ට,

කුරුනෑගල වයි.එම්.බී.ඒ. ශාලාවේදී

සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයත් එහි ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙන යන වැඩ කටයුතු වල ආබද්ධ කොටසක් ලෙස මෙම දේශනය පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කලා විචාරකයන් විසින් ඉදිරිපත් කෙරෙන කලා න්‍යායන් හා විචාර මිනුම් දඬු නැතහොත් නිල කලා න්‍යායන් බොහෝ විට පදනම් වන්නේ විඤ්ඤානවාදී පද්ධතීන් මත වන අතර එමගින් කලාව ජීවිතයෙන් වෙන් කරනු ලබයි.

කලාව සම්බන්ධයෙන් මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානය මෙයට හාත්පසින්ම විපරීත වේ.

කලාව වනාහි පරිකල්පන රූප ආධාරයෙන් සුවිශේෂී සංවේදනමය හා බුද්ධිමය ආකාරයකියන් ජීවිතය ඥානනය කිරීමක් ද මිනිසාගේ සමාජ පැවැත්ම මත මුලුමනින්ම රඳා පවතින ඥානනයක් ද වෙයි.

මෙම අපෝහක භෞතිකවාදී දෘෂ්ටි ආස්ථානය මත පාදකව කලාව සහ ජීවිතය අතර පවත්නා අභේද්‍ය සම්බන්ධතාව පිහිටුවීම මෙම දේශනයේ අරමුනයි.

සමාජවාදී සමානතා පක්ෂය

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ

Share this article: