කප්පාදු හා යුද්ධය කරා ඔබාමාගේ පශ්චාත් මැතිවරන හැරී ගැනීම

Obama’s post-election pivot to austerity and war

12 November 2012

එක්සත් ජනපද මැතිවරනය දර්ශන පථයෙන් මැකී යත් ම, සෞඛ්‍යව ආරක්ෂනය හා අනෙකුත් සමාජ වැඩපිලිවෙලවල් සඳහා කෙරෙන විදයම්වලින් ඩොලර් ට්‍රිලියන ගනනක් කපා දැමීම කේන්ද්‍ර කරගත් අතිශයින් අපකීර්තිමත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු පාලක පන්තිය දැවැන්ත වේගයකින් ගමන් කරමින් සිටී.

මෙම වැඩපිලිවෙලේ පලමු අංගය වන්නේ ඊනියා "මූල්‍යමය කූටය” යි. අභිනවයෙන් තේරීපත් වූ කොන්ග්‍රසය ජනවාරී මාසයේදී වැඩ බාරගැනීමටත් පලමුව අවම වසයෙන් එය පාර්ශ්වීයව හෝ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මුලුමනින්ම ප්‍රවේශම් සහගත ආකාරයකින් භාෂාව තෝරාගෙන ඇත. "කූටයක” චිත්‍රය යොදා ගෙන ඇත්තේ හදිසි ව්‍යසනයක හැඟීමක් නිර්මානය කිරීමට ය. 2012 පෙබරවාරී මාසයේදී ෆෙඩරල් රිසව් බැංකු අධිපති බෙන් බර්නන්කෙ විසින් පලමුවරට මෙම වචනය භාවිතා කරන ලදී. දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ අලූත් ම මන්ත්‍රය මූල්‍යමය කූටය වන අතර සීඑන්එන් පුවත් සේවය මගින් අවසන් මොහොතට ඇති කාලය අවරෝහන ලෙස ගනන් කිරීම නොකඩවා යාවත්කාලීන කරමින් මෙය පරිසමාප්තියට පත් කරයි. පාලක පන්තිය දීර්ග කාලයක් තිස්සේ කි්රයාත්මක කිරීමට වලි කෑ පියවරයන් වෙනත් ආකාරයකින් කි්රයාත්මක කල නොහැකි තතු යටතේ අර්බුදකාරී වාතාවරනයක් පෙහෙනි කිරීම ඔස්සේ කි්රයාත්මක කිරීම මෙහි අරමුන යි.

මෙම කූටය කෘතීම නිර්මානයකි. ඔබාමා පාලන තන්ත්‍රයේ හා කොන්ග්‍රසයේ එකඟතාවයෙන් පැනවූ නීති මාලාවක ප්‍රතිපලයක් ලෙස සියලු ආදායම් තරාතිරම්වල පුද්ගලයන් වෙත බුෂ් යුගයේ ලබා දුන් බදු කප්පාදු මෙම වසර අවසානයේදී නිමා කෙරෙන අතර (සමාජ ආරක්ෂන වැඩසටහන් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා වන සෞඛ්‍ය වැඩ සටහනක් වන මෙඩිකේඩ්හැර- මිලිටරි හා අභ්‍යන්තර වියදම් ද අලලා ගත් සියලු අංශයන්ගේ කප්පාදු වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කරනු ඇත.

වසර අවසානයේ කල් ඉකුත්වීමට නියමිත අනෙකුත් පියවරවල්, විශේෂයෙන් ම දීර්ඝ කරනු ලැබූ මධ්‍යම රජයේ විරැකියා දීමනා ගැන මාධ්‍ය තුල වාර්තා වන්නේ නැත. රැකියා විරහිතයන්ට ලබා දෙන සොච්චම් දීමනා කැපීමේ අවශ්‍යතාව ගැන පක්ෂ දෙකම එකඟ ය.

මැනවින් සැලසුම් කරන ලදුව, "කූටයේ” දිනය මැතිවරනයට පසු දිනයක් ලෙස යොදා ගෙන ඇත්තේ ඡන්දය සමාජ කප්පාදු පිලිබඳව ජනමත විමසුමක් වීම වැලැක්වීමට සහ ධවල මන්දිරයේ හා කොන්ග්‍රසයේ පාලනය උසුලන්නේ කවරෙක් වුවද ඔවුන්ගේ ද්වීපාක්ෂික කප්පාදු වැඩපිලිවෙල නිදහසේ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීමටත් ය.

පහත සඳහන් අරමුනු දෙකක් සපුරාගැනීම ඉලක්ක කල ගිවිසුමක ශක්‍යතාවන් පිලිබඳව ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙපාර්ශව ම උදම් අනමින් සිටී: 1. මිලිටරිය මත කරන වියදම්වලට අත නොතබන අතරේ, ස්වයංක්‍රීය වියදම් කැපීම, මෙඩිකෙයා, මෙඩිකේඩ හා සමාජ ආරක්ෂනය ඉලක්ක කල කප්පාදු මගින් විස්ථාපනය කිරීම; 2. වැඩකරන ජනයා භුක්ති විඳින සහන අතුගා දැමීම හෝ පිරිහෙලීම සමග ඒකාබද්ධ වූ සංගත හා කේවල බදු රේට්ටු අඩු කිරීමක් අඩංගු කරගත් ”වර්ධන-හිතැති බදු ප්රතිසංස්කරනයක්” මගින් පෙරට යාම.

බුෂ් යුගයේ ධනවතුන් සඳහා කරන ලද බදු කප්පාදු කෙලවරකට ගෙන ඒම කැඳවුම් කෙරෙන මතයක් මැතිවරන උද්ඝෝෂනය අතරතුර ඔබාමා ඉදිරිපත් කලේ ය. මෙහි ප්‍රතිපලයක් වසයෙන් සුපිරි ආදායම් උපයන්නන් සඳහා බදු රේට්ටුවේ සාපේක්ෂව ලේෂ මාත්‍ර වැඩි කිරීමක් සිදු වනු ඇත. ධනවතුන් මත බදු නැංවීමෙන් ලැබෙන ජනප්‍රියතාව ගසා කමින්, "සමාන කැපකිරීම්” නමැති වහන්තරාවක් යටතේ සමාජ වැඩපිලිවෙලවල් වලපල්ලට යැවීමට පාලානාධිකාරිය වෑයම් කරමින් සිටී.

කෙසේවෙතත්, බදු රේට්ටු නාමිකව හෝ වැඩි කිරීමක් හෝ සිදු වෙන බවක් පෙනෙන්නට නැත. සාකච්ඡා පිලිබඳ තමන් "පූර්ව-විනිශ්චයකට” නොඑලැඹෙන බව ඔබාමාගේ සුපිරි මූලෝපායඥයෙකු වන ඩේවිඩ් ඇක්සෙල්රොඩ් 11 වෙනිදා කීවේ ය. පාර්ලිමේන්තුවේ රිපබ්ලිකානු කතානායක හවුස් ජෝන් බොහ්නර්ගේ අදහස් දැක්වීම් වර්නනා කරමින් ඇක්සෙල්රොඩ මෙසේ සඳහන් කලේ ය: "නිසැකව ම, මෙම ඇතැම් රිංගා යා හැකි තැන්ඇවිරීම මගින් අත්කරගත හැකි මුදල් තිබෙන අතර ඒවා ඤරේට්ටු නංවනවාට වඩා% අයවැය හි`ගය අවම කිරීමට යෙදවිය හැකිය. එබැවින් මෙම කර්තව්ය දෙස ධනාත්මක, සාධනීය ආකල්පයක් සියලූ දෙනාටම ඇති තාක් දුරට මෙය කිරීමට ඕනෑවටත් වඩා ක්රම පවතින බැව් මම සිතමි.”

අවසානයේදී එකඟ වී ඇති ගිවිසුමේ විස්තර කවරේ වුවද එය, මූල්‍යමය හා සංගත ප්‍රභූවේ ධනය වැඩි කරන අතරේ කම්කරු පන්තිය භුක්ති විඳින වැඩසටහන්වලට කෙරෙන ඓතිහාසික කප්පාදුවක් එය අඩංගු කර ගනු ඇත.

විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් ගත් කල, පාලානාධිකාරිය ඉරානයට එරෙහි නව යුද තර්ජනයක් සූදානම් කරන අතරේ සිරියාව තුල පාලන-මාරුව සඳහා වොෂිංටනයේ ධාවනය උත්සන්න කිරීමට වේගයෙන් හැරෙමින් සිටී. එහි ප්‍රථම පශ්චාත්-මැතිවරන විදෙස් පිලිවෙත් නිවේදනය තුලදී, පාලන තන්ත්‍රය නව සම්බාධක ඉරාන නිලධාරීන්ගේ මූනට දමා ගැසීය. එක්සත් ජනපදය හා එහි යුරෝපියානු සගයන්ගේ ක්රියාවන් මගින් දැනටමත් ව්‍යසනයට ඇද දමා තිබෙන සමස්ත ඉරානියානු ආර්ථිකය මත යෝධ සම්බාධක බලගන්වනු ඇති ද්වීපාර්ශවීය පනතක් සෙනෙට් සභාව හරහා ක්රියාවට දමමින් තිබේ.

චීනය හුදකලා කර ඉලක්ක කිරීමට පාලන තන්ත්‍රය එහි මෙහෙයුම උත්සන් කරමින් සිටින අතරේ, නොවැම්බර් 17 වෙනිදායින් ඇරඹෙන ජනාධිපතිවරයාගේ පලමු පශ්චාත්- මැතිවරන සංචාරය සිදු කරනු ඇත්තේ ආසියාවට ය.

මැතිවරනය හමාර වූ පලමු සතියේදි ම ඔබාමා යටතේ එලැඹෙන සිව් වසරේ තානය සකසා තිබේ. එසේ ම එය, ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ සීඝ්‍ර ඛාදනය ඉස්මතු කොට දක්වයි.

රටේ අනාගතය පිලිබඳව තීරනයක් ගැනීමට ඇමෙරිකානු මහජනතාවට ලැබෙන වටිනාම අවස්ථාව යැයි කියනු ලැබූ මැතිවරනවලදී පක්ෂ දෙකේම මැතිවරන උද්ඝෝෂනවලට ඩොලර් බිලියන ගනනක් වැය කරනු ලැබීය. ඒ අතර, පාලක පන්තියේ ඇත්ත සැලසුම් ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාගේ නීරස හා හිස් වාචාල පිටුපස වසන් කරනු ලැබීය. මැතිවරන අවසන්ව ඇති දැන් සංගත-මූල්ය ප්‍රභූවේ න්‍යාය පත්‍රය නිර්දය අදිටනකින් ඉදිරියට තල්ලූ කරමින් තිබේ.

ඔබාමා පාලානාධිකාරියේ පසුගිය සිව්වසරේ අත්දැකීම වැඩකරන ජනයාට අමතකව ගොස් නැත. නොවැම්බර් 06 වෙනිදින මැතිවරනයේ වඩාත් සැලකිය යුතු කාරනාව කෙරෙහි ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලැබුවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ම පමනි. එනම්, ප්‍රකාශ කල ඡන්ද ප්‍රමානයේ සුවිශේෂී පහත වැටීම සහ සියල්ලට ම ඉහලින් ඔබාමා සඳහා ප්‍රකාශිත ඡන්ද ප්‍රමානයේ තියුනු පහත වැටීම යි.

සියලුම ඡන්ද පත්‍රිකා ගනන් කිරීමෙන් අනතුරුව ඔබාමාගේ ඡන්ද ප්‍රමානය සිව් වසරකට ඉහත දී ඔහු ලැබූ ඡන්ද ප්‍රමානයට වඩා මිලියන 7 සිට 8 දක්වා ප්‍රමානයකින් පහත වැටී තිබෙනු ඇත. මෙම පහත වැටීම, 2008 වසරේදී රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ජෝන් මැකේන් ලැබූ ඡන්ද ප්‍රමානයට වඩා සමස්ත ඡන්ද ප්‍රමානය අඩුවෙන් ලැබූ රොම්නිට සහාය පල කිරීමේ ප්‍රතිපලයක් නොවේ. එයටත් වඩා, ජනගහනයෙන් පලල් කොටසක් ඡන්දයක් නොදීමෙන් පක්ෂ දෙකෙන් හා සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් පරත්වාරෝපන වීමත් ඔවුන්ගේ කලකිරීමත් ප්රකාශ කර ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම යටතේ හා පාලක පන්තියේ පිලිවෙත්වලට ප්‍රතිචාර වසයෙන්, මිලියන ගනනක් කම්කරුවන් හා තරුනයන්ගේ කලකිරීම වෛරය බවට පරිවර්තනය වනු ඇත. මෙම වෛරය කවරනම් දේශපාලන රූපකාරයක් ගනු ඇති ද ?

වෘත්තීය සමිතිවල සිට ලිබරල් හා ඊනියා-වාම සංවිධාන හා ප්‍රකාශන දක්වා වන ඩිමොක්‍රටික් හිතැති ආයතන සමූහය මෙම වර්ධනයන් මගින් සම්මුති ගන්වා තිබේ. ඔවුහු ඔබාමා යලිතේරී පත් වීම "ප්‍රගතිශීලිත්වය” සඳහා විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස ඔජවඩන අතර ඩිමොක්‍රටික් පක්ෂයෙන් කම්කරුවන් වියෝවීම දෙස බියෙන් හා සැකයෙන් බලා සිටිති.

ස්වාභාව ධර්මය මෙන් ම, දේශපාලනය ද රික්තයන් නොඉවසයි. සමාජවාදී ඉදිරි දර්ශනයේ හා සමාජවාදී සමානතා පක්ෂයේ වැඩ පිලිවෙලෙහි ශක්තිය වෛෂයික වර්ධනයන්ගේ තර්කනයට අනුරූපව පිහිටා තිබේ. මැතිවරන සමයේදී මැතිවරයෙන් පසු එලැඹෙන දේවල් පිලිබඳ සසප උද්ඝෝෂනය අනතුරු ඇඟවූවේ ය. පාලක පන්තිය තමන්ගේ ම ක්‍රම මගින් මෙම අනතුරු ඇඟවීමේ හා මාක්ස්වාදී ඉදිරි දර්ශනයේ නිවරද්‍යතාව විලක්ෂනය කරමින් තිබේ.

ජෝශප් ක්‍රිෂෝර්

Share this article: