එක්සත් ජාතීන්ගේ සමුලූවේදී නෙතන්යාහුගේ යුද ප‍්‍රකෝපකරනය

Netanyahu’s war ultimatum at the UN

1 october 2012

පසුගිය බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය හමුවේ ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවැත් වූ යුදවාදී හා ප‍්‍රකෝපකාරී දෙසුම අවධාරනය කරන්නේ ඉරානයට එරෙහිි අප‍්‍රකුපිත ප‍්‍රහාරයක් සඳහා කෙරෙන සැලසුම් වඩාත් දුරදිග ගොස් ඇති බව යි.

නොවැම්බරයේදී පැවැත්වෙන එක්සත් ජනපද මැතිවරනවලින් අනතුරුව එලැඹෙන මාස හතරත් නවයත් අතර කාලය යුද්ධයක් දියත් කිරීමට පෙර ලබා දෙන අවසන් කාලවකවානුවක් ලෙස නෙතන්යාහු විසින් නම් කලේ ය. ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන විනාශ කිරීම, යුද්ධය දියත් කිරීමට ඔහු මවා පෑ කාරනාව විය. ගිනිගත් සේවනූලක් සහිත බෝම්බයක දල රූපයකට ඇඟිල්ල දික් කරමින් ඔහු මෙසේ කීවේය. "එලැඹෙන වසන්තයේදී හෝ බොහෝවිටම ග‍්‍රීස්ම සෘතුවේදී වත්මන් මධ්‍යස්ථ බලගැන්වීම් නිමාවට පත් කරමින් බලගැන්වීම් රේට්ටු ඒවායේ අවසන් අදියර කරා ලඟා වෙනු ඇත... ඉරානය බෝම්බයක් නිපදවීමට අත්‍යවශ්‍ය වන පරමානුක බලගැන්වීමේ දෙවන අදියර නිමා කිරීමට ප‍්‍රථම මෙහි රතුඉර සටහන්ව තිබිය යුතුය.”

මේ නම් තම යුරේනියම් බලගැන්වීමේ වැඩ වැඩසටහන අත්හැර දැමීමට හෝ එසේ නැතිනම් ඊස්රායලයෙන් හා එක්සත් ජනපදය වෙතින් කෙරෙන දැවැන්න පලිගැනීමකට මුහුන දීමට සූදානම් වෙන ලෙස ඉරානයට කෙරුනු අවසන් නිවේදනයකි. ඉරානයට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් පමා කරමින් සිටීම ගැන ඔබාමා පාලන තන්ත‍්‍රය විවේචනය කල නෙතන්යාහු, එක්සත් ජනපදය හා ඊස්රායලයේ එකමුතුබව ඔහුගේ එක්සත් ජාතීන්ගේ දේශනය තුලින් මැනවින් පෙන්නුම් කලේ ය.

"ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහනට තිත තැබීමේ” අරමුන "ඩිමොක‍්‍රටියන් මෙන් ම රිපබ්ලිකානුවන් ද" එකට ඒකාබද්ධ කරන බව, ඔහු සඳහන් කලේ ය. ජනාධිපති බැරැක් ඔබාමා මහා මන්ඩලය ඇමතීමෙන් දින දෙකකට අනතුරුව ඔහුගේ කතාව පැවත් වූ නෙතන්යාහු මෙසේ කීවේ ය: "න්‍යෂ්ටික වසයෙන් සන්නද්ධ ඉරානයක් යන්න පසෙකට දමා තිබිය හැකි අභියෝගයක් නොවේ... ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කරගැනීමෙන් වැලක්වීමට අප කල යුතු දෑ එක්සත් ජනපදය සිදු කරනු ඇත.”

එලැඹෙන වසරේදී යුද්ධයක් දියත් කිරීමට වොෂිංටනයෙන් පැහැදිලි පොරොන්දුවක් ලබා ගැනීම ස`දහා හුවමාරු වසයෙන් එක්සත් ජනපද මැතිවරනවලට පෙරාතුව ඉරානයට එරෙහි ඊස්රායල ප‍්‍රහාරයක් සඳහා තමා බලාපොරොත්තු වෙතැයි යන හැඟීම ඇති කිරීමට නෙතන්යාහු වෑයම් කලේ ය.

ඊස්රායලයේ හා එක්සත් ජනපදය යන දෙරටේම විදෙස් පිලිවෙත්වල සාපරාධී ස්වභාවයට ඔහුගේ දේශනය දෙස් දෙයි. පලස්තීනයේ නීති විරෝධී වාඩිලා ගැනීම් දිගටම පවත්වා ගෙන යන හා එහි සාපේක්ෂ කෙටි ඉතිහාසයේ ගමන් ම`ග තුල සියලූම අසල්වැසි අරාබි රාජ්‍යයන්ට ප‍්‍රහාර එල්ල කර තිබෙන ඊස්රායලය ගොදුර ලෙස ද කිසිම දිනෙක ඊස්රායලයට ප‍්‍රහාර එල්ල කර නොමැති ඉරානය ආක‍්‍රමනිකයා ලෙස ද ඔහු ඉදිරිපත් කලේ ය.

ඊස්රායලය විසින් සංඛ්‍යාවෙන් 400ක් වන න්‍යෂ්ටික යුද අවි නීති විරෝධීව නිපදවා ඇති තතු තුල සහ න්‍යෂ්ටික අවි වැඩි නොකිරීමේ ගිවිසුම අත්සත් කිරීම ප‍්‍රතික්ෂේප කර ඇති තතු යටතේ ගිවිසුමේ කොන්දේසිවලට යටත්ව මුලූමනින් ම නිත්‍යානුකූලව සිදු කෙරෙන පරමානු බලගැන්වීමේ වැඩසටහනක් අත්හැර දමන්නැයි ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියේ ය. සාමකාමී සිවිල් අරමුනු උදෙසා න්‍යෂ්ටික බලය සංවර්ධනය කරමින් සිටීය යන, ඉරානයේ කරුනු දැක්වීමට එරෙහිව එකදු සාක්ෂියක්වත් ඊස්රායලය හෝ, එක්සත් ජනපදය හෝ ජාත්‍යන්තර න්‍යෂ්ටික බල අධිකාරිය හෝ ඉදිරිපත් කර නැත. ඉරානය න්‍යෂ්ටික අවි නොදරන බවත් එවැනි අවි තැනීමට තීන්දු කර නැති බවත් එක්සත් ජනපදය පිලි ගනියි.

එක්සත් ජනපදයත් ඊස්රායලයත් එකාබද්ධව සූදානම් කරමින් පවතින යුද්ධය ආක‍්‍රමනකාරී යුද්ධයකි, එනම්, 1930 ගනන් හා 40 ගනන්වලදී තෙවන නාසි රයිකයේ පිලිවෙත වසයෙන් විවෘතවම පිලිගත් හා නියුරෙම්බර්ග් පරීක්ෂන මන්ඩලවලදී යුද අපරාධයක් ලෙස ගර්හාවට ලක්ව ඇති "වැලක්වීමේ යුද්ධයකි.” මෙය එක්සත් ජාතීන්ගේ පදනම් ලියවිල්ලෙන් ම ඉවත් කර තිබේ.

නෙතන්යාහුගේ කතාවෙන් අනතුරුව, ඔහු හා ඔබාමා ඉරානයට තර්ජනය කිරීමේ තම මූලික එකඟතාව ප‍්‍රකාශයට පත් කලෝ ය. රිපබ්ලිකානු පක්ෂ ජනාධිපති අපේක්ෂක මිට් රොම්නි දේශනය වග වර්නනා කලේ ය.

තමා, ඔබාමා සමග "කදිම දිර්ඝ සාකච්ඡාවක්" පැවැත් වූ බවත් අනතුරුව "රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමග මුහුනට මුහුන සාකච්ඡාවක්" පැවැත් වූ බවත් ඊස්රායල අගමැතිවරයා 29 වන දා ඊස්රායල මාධ්‍යට ප‍්‍රකාශ කලේ ය. "අපගේ කන්ඩායම් ඉහලම අධිකාරීන් මුනගැසෙමින් සිටිති. විවේචකයන් සිතනවාට වඩා, වඩාත් ගැඹුරු එකඟතාවන්ට එලැඹීමට එක්සත් ජනපදයටත් ඊස්රායලයටත් හැකි බව මම විස්වාස කරමි,”යි ඔහු පැවසීය.

මෙකී ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ, ඔබාමා පාලන තන්ත‍්‍රය රිපබ්ලිකානුවන්ගේ ද්වි-පාර්ශික සහාය ද ලැබ ඇමෙරිකානු මහජනතාවට වහංගු කල පොරොන්දුවලට බැඳී ඇති බවයි. සමස්ත මැතිවරන උද්ඝෝෂනය ම දියත් කර තිබෙන්නේ ඉරානයට එරෙහි යුද්ධයක් පිලිබඳව මෙන් ම එක්සත් ජනපදය, ඉරානය හා ලෝකයටම එහි ඇඟවීම් පිලිබඳ මොනයම් ම හෝ බැරෑරුම් සාකච්ඡාවකින් තොරවය.

මැදපෙරදිග තුල සිදු කෙරෙන තවත් යුද්ධයක් මගින් එවන් ව්‍යසනයකට තමා ඇද දැමීම වෙනුවෙන් ඇමෙරිකානු මහජනතාව තුල පවතින පලල් මහජන විරුද්ධත්වය හමුවේ පක්ෂ දෙක හා මාධ්‍යය විසින් පවත්වා ගෙන නිහඬතාවේ කුමන්ත‍්‍රනයක් පවතී.

ඒ අතර ම, එක්සත් ජනපදය, ඊස්රායලය හා ඔවුන්ගේ මිත‍්‍ර රටවල් මිලිටරි ප‍්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් පර්සියානු ගල්ෆ් කලාපයේ යුද අභ්‍යාස සිදු කරමින් සිටී. පසුගිය 27 වෙනි දා රටවල් 25ක නාවික බලකායන්, ගල්ෆ් කලාපය තුල මේ දක්වා පැවත් වූ දැවැන්ත ම මිලිටරි අභ්‍යාසයට සම්බන්ධ වෙමින් දින 12ක යුද පූර්ව රංගනයක් නිමාවට පත් කලෝ ය. එක්සත් ජනපදය සමග බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් හා අනෙකුත් රටවල් යුද සේනාවට ඇතුලත් වූහ.

මෙම මාසයේදී, එක්සත් ජනපදය හා ඊස්රායලය විසින් ඉරානය හා සිරියාවට එරෙහිව ගෙන යන පූර්ව යුද රංගයක් ද ඇතුලත් යුද අභ්‍යාස පවත්වනු ඇත. ඊස්රායල පුවත්පතක් වන මාරිව්ට අනුව යුද අභ්‍යාසය, ”අවසන් පූර්ව රංගනය” ලෙස නම් කෙරෙනු ඇත.

විවිධ පුවත්පත් වාර්තාවන්ට අනුව, එක්සත් ජනපද ප‍්‍රහාරය පටුව ඉලක්ක කෙරුන කෙටි එකක් වනු ඇත. ”ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති, බුද්ධි මධ්‍යස්ථාන හා රේඩාර් සංකීර්න” විනාශ කිරීමේ එල්ලයෙන් කෲස් මිසයිල සිය ගනනක් ආරම්භක වසයෙන් දියත් කිරීමෙන් ආරම්භ වන එක්සත් ජනපද සැලසුම් ගැන කතා කිරීමට එක්සත් ජනපද ආරක්ෂක උපදේශක තෝමස් ඩොනිලන් ඊස්රායලයට කැඳවූ බව, අගෝස්තු මාසයේදී ඊස්රායල පුවත්පත් වාර්තා කලේ ය. මෙයින් අනතුරුව බී-52 බෝම්බ හෙලීම් යානා මගින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සියල්ලම මත බන්කර්-නාශක බෝම්බ ප‍්‍රහාර මාලාවක් දියත් කරනු ඇත.

වොෂිංටන් ඩීසී හි බලගතු මිලිටරි හා බුද්ධි මන්ඩල කවය වන මූලෝපායාත්මක හා ජාත්‍යන්තර අධ්‍යන මධ්‍යස්ථානය පසුගිය මාසයේදී ඉරානය මත කෙරෙන එක්සත් ජනපද ප‍්‍රහාරයක් සිදුවිය හැකි පරිමාව පිලිබඳ දීර්ඝ විශ්ලේශනයක් ප‍්‍රසිද්ධ කලේ ය. ඉරානයේ ප‍්‍රධාන න්‍යෂ්ටික බලප‍්‍රදේශවලට අමතරව බෝම්බ හෙලීමට ඉඩ තිබෙන මිසයිල මධ්‍යස්ථාන අටක් හා කාර්මික හා පර්යේෂන මධ්‍යස්ථාන දොලහක් වාර්තාව ලැයිස්තු ගත කලේ ය.

එක්සත් ජනපදය හෝ ඊස්රායලය එවැනි ප‍්‍රහාරයකට පරමානුක අවිවල පිහිට පැතීමේ සැබෑ අනතුර පවතී. ඊස්රායලය, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යැයි වාර්තාවන සිය සබ්මැරීන් බලකාය විශාලනය කර ඇති බවට එක් පුවත්පත් වාර්තාවක් සඳහන් කලේ ය.

ඉරාන ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කෙරුනු, ඉරානයට එරෙහි එක්සත් ජනපද ප‍්‍රහාරයක ඇ`ගවීම් පිලිබ`ද මෑතම වාර්තාවකට අත්සත් තැබූ කීප දෙනෙක්, මොනයම්ම හෝ මිලිටරි ප‍්‍රහාරයටක පෙරාතුව ප‍්‍රසිද්ධ සාකච්ඡ‍ාවක් ඉල්ලමින් සැප්තැම්බර් 30 වෙනි දින වොෂිංටන් පෝස්ට් හි කොලමක් ප‍්‍රසිද්ධ කලෝ ය. එක්සත් ජනපදයේ මධ්‍යම අන දෙන ඒකකයේ හිටපු ප‍්‍රධානී විශ‍්‍රාමලත් අද්මිරාල් විලියම් ෆැලන්, හිටපු රිපබ්ලිකානු සෙනෙට් සභික චුක් හැගල්, හිටපු ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් සභික ලී හැමිල්ටන්, සහ එක්සත් ජනපද අන දෙන ඒකකයේ හිටපු තවත් අනදෙන නිලධාරියෙකු වූ විශ‍්‍රමලත් නාවික ජෙනරාල් ඇන්තනි සිනි යන අය කොලමේ ලේඛකයන්ට ඇතුලත් විය.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට කෙරෙන එක්සත් ජනපද ප‍්‍රහාරයක් එක්සත් ජනපද බිම්ගත බලකායන්ගේ යෝධ දිගේලි කිරීමක් වෙතට ක්ෂනිකව වර්ධනය වෙමින් "සිරියාව, හිස්බුල්ලා, පලස්තීනුවන් හා අනෙකුත් අරාබි රාජ්‍යයන් හා ත‍්‍රස්තවාදී කල්ලි ඇතුලත් කරගත්” කලාපීය යුද්ධයක් බවට පුපුරා යා හැකි බවට කොලම අනතුරු ඇඟවීය.

ඇෆ්ගනිස්ථානය, ඉරානය හා ලිබියාවට අනතුරුව යලි වතාවක් ඇමෙරිකානු මහජනතාව ප්‍රෝඩාකාරී ව්‍යාජෝක්තීන් හා මුසාවාදවල පදනම මත සාපරාධී යුද්ධයක් වෙතට තල්ලු කරමින් තිබේ. මේ වතාවේ එය එල්ල කොට ඇත්තේ, පූර්ව යුද ඉලක්කවලට වඩා කීප ගුනයකින් වැඩි ජනගහනයකට එරෙහිව සහ සමස්ත මැදපෙරදිග කලාපය හා මධ්‍යම ආසියාව පුරා වඩාත් පුපුරන සුලූ, එනම්, සමාජයීය, ජාතික, ආගමික, නිකායික-- ආතතීන්වල කොන්දේසි යටතේ ය.

විසිඑක්වන ශත වර්ෂයේ පූර්ව යුද්ධවලදී මෙන් ම, සැබෑ යුද අනතුර වහංගු කරමින් පවතී. ඉරානය ඉලක්ක කර ඇත්තේ එහි න්‍යෂ්ටික වැඩපිලිවෙල නිසා නොව, එහි යෝධ තෙල් සංචිත හේතුවෙන් ද මැදපෙරදිග හා මධ්‍යම ආසියාව තුල එක්සත් ජනපද ඒකාධිකාරිය පවත්වා ගැනීමට පවතින විශාලතම කලාපීය අවහිරය ඉරානය යැයි ඇමෙරිකාව කල්පනා කරන බැවිනි. තමන්ගේ ගෝලීය ආර්ථික බිඳවැටීම මග හරවා ගැනීම පිනිස ලෝක තෙල් සංචිතවල ඒකාධිකාරී පාලනය පවත්වා ගනිමින් තම ප‍්‍රධාන ප‍්‍රතිවාදීන්ගේ, පලමුව හා ප‍්‍රමුඛව චීනයේ තත්වය දුර්වල කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටී.

තමන්ගේ ඇස්වලට වැලි ගසමින් කුමන්ත‍්‍රනය කරමින් තිබෙන යුද ආක‍්‍රමනය හා ජනවිලෝපනය සඳහා කෙරෙන සැලසුම් පිලිබඳ දැනගැනීමට ඇමෙරිකානු මහජනතාවට අයිතියක් තිබේ. ආන්ඩුවෙන් හා ප‍්‍රධාන මහව්‍යාපාරික ජනපති අපෙක්ෂකයින් දෙදෙනාගෙක් ඒ පිලිබ`ද තක්සේරුවක් ඔවුහු ඉල්ලා සිටිය යුතුය.

යුද වැද්දන් නතර කිරීමටත් හා ඔවුන් නිරායුධ කිරීමටත් ශක්‍ය එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය යි. යුද්ධයට එරෙහිව සටන් කිරීම, යුද්ධය හා මර්දනය වගාදිගා කරන ධනවාදී පද්ධතිය කෙලවර කිරීමට දැවැන්ත සමාජවාදී හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගීම ඉල්ලා සිටී.

බැරී ගේ‍්‍ර

Share this article: