දකුනු අප්‍රිකානු පතල් කම්කරුවන්ගේ කැරැල්ලෙන් මතු කරන දේශපාලන හා ඓතිහාසික ප්‍රශ්න

Political and historical issues in the South African miners’ revolt

20 September 2012

මරිකානාහි ලොන්මින් පතලේ වැඩවර්ජනය කල පතල් කම්කරුවන් 34ක් ඝාතනය කිරීමත් ඔවුන් හා පාලක දකුනු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ඒඑන්සී) අතර පැතිරයන ගැටුමත් පෙන්නුම් කරන්නේ වාර්ගික හා ජාතිකවාදී දේශපාලනයේ ප්‍රතිගාමී ස්වභාවයයි.

සුලුතර සුදු පාලනය නිල වශයෙන් අවසන් කිරීමට බලකෙරෙමින් මිලියන ගනනක් ජනතාව මෙහෙයවුනු අරගලයේ පටන් වසර 18ක් ඉක්ම යද්දී දකුනු අප්‍රිකාවේ උග්‍ර සූරාකෑමට හසුව සිටින කම්කරුවන්, අන්තර්ජාතික පතල් හා ඛනිජ ව්‍යාපාරයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම පිනිස, යලි වතාවක් මෘග ලෙස මර්දනය කර ඝාතනය කර තිබේ. කෙසේ වෙතත් දැන් ඔවුන්ගේ පීඩකයින් වන්නේ, කලු ජනතාවගේ "විමුක්තිදායකයින්” ලෙස දිව්රුම් දුන් ඒඑන්සීය යි. ඔවුන් පසෙකින් එහි හවුල්කරුවන් ලෙස කටයුතු කරන දකුනු අප්‍රිකානු වෘත්තීය සමිති සම්මේලනය (සීඕඑස්ඒටීයූ) හෙවත් කොසාටු හා ස්ටැලින්වාදී දකුනු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය (එස්ඒසීපී) යි.

මරිකානා හා විශේෂයෙන්ම කැපී පෙනෙන කලු තරුනයින් 69දෙනෙකුට මරු කැඳවමින් 1960 මාර්තු 21දා ෂාපවිල්හි ඝාතනය වැනි ඇපාතයිඩ් වර්ගවාදය යටතේ ගනු ලැබූ පොලිස් රාජ්‍ය පියවරයන්ට සමානකම් දක්වමින් ජනාධිපති ජැකොබ් සූමා ගත් පියවර “වගකීම් විරහිත” යයි හෙලාදැකීමට ලක්වීම පුදුමයක් නොවේ.

එහෙත් පූර්ව හා පශ්චාත් ඇපාතයිඩ් දකුනු අප්‍රිකාව අතර එහි අඛන්ඩතාවය එම ලේවැකි සිද්ධියෙන් අවසන් නොවීය. කලු ජාතික බහුතරයේ නැගිටීම් තත්වය හමුවේ බලයට පත්වූ ඒඑන්සීය, පතල් ව්‍යාපාරයන්ට හා පතල් කම්කරුවන්ගේ ජාතික සමිති‍ෙය් (එන්යූඑම්) එහි හෙන්චයියන්ට එරෙහිව කම්කරුවන්ගේ කැරැල්ල මැඩීම පිනිස ඇපාතයිඩ් අවධියේ ආරක්ෂක නීති යොදාගනු ලැබීය.

පතල් කම්කරුවන්ට එරෙහිව ඒඑන්සීයේ මෘග ප්‍රහාරයට එන්යූඑම්, කොසාටු හා කොමියුනිස්ට් පක්ෂයේ පූර්න සහයෝගය හිමිවිය. ඔවුහු, ප්ලැටිනම් තීරයේ සිට රන් හා ක්‍රෝමියම් ක්ෂේත්‍රයන්ට පැතිර ගිය ක්ෂනික වැඩවර්ජනයන්ට එරෙහිව ඊටත් වඩා දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

ලොන්මන් කම්කරුවෝ සියයට 22 වැටුප් වර්ධකයක් පිලිගත් බව වාර්තා වුවත් වෙනත් තැන්වල වර්ජන තවමත් නතරවී නැත. ඇන්ග්ලෝ ඇමරිකානු පතලක් අසලදී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය රබර් උන්ඩ හා කඳුලු ගෑස් යොදාගත් බව 19දා වාර්තා විය.

පතල් කම්කරුවන්ට එරෙහි රුදුරු රාජ්‍ය මර්දනය, වර්ගය, ජාතිය හෝ අනෙකුත් ගනන් බැලීම් නොව දකුනු අප්‍රිකානු සමාජය තුල මෙන්ම ලෝකය පුරා ද පවතින මූලික බෙදුම් රේඛාව පන්තිය බව බලගතු ලෙස සනාථ කිරීමකි. ඒඑන්සීය හා එහි අනුචරයින් ඔවුන්ගේ සුදු පූර්වගාමීන්ට වඩා වෙනස් ලෙසකින් ක්‍රියා නොකලේ, පතල් කම්කරුවන්ගේ කැරැල්ල, පතල් ව්‍යාපාරයට පමනක් ‍ෙනාව ඔවුන්ගේ සමාජ පදනම් වලටම තර්ජනයක් වූ බැවිනි.

1994දී ඇපාතයිඩ් අවසන් කිරීමේ සාකච්ඡාවන්ට සම්බන්ධවූ ඒඑන්සීය, තම “කලු ආර්ථික බලය” පිලිබඳ ප්‍රතිපත්තිය මගින් පීඩාව අවසන් කර රැකියා අවස්ථා බහුල කර සියල්ලන්ගේම ජීවන තත්වයන් නඟා සිටුවන බවට පොරොන්දු වෙමින් ධනේශ්වර දේපොල සම්බන්ධතාවන්ගේ ආරක්ෂාව තමන් වෙත පවරා ගත්හ. මෙම දේශපාලන ප්‍රබන්ධය කොමියුනිස්ට් පක්ෂය විසින් හුවාදක්වන ලදී. ජාත්‍යන්තරවාදය හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිලිකෙව් කල බොහෝ වසර ගනනකට පෙර සිටම ඔවුන් අවධාරනය කලේ, ධනේශ්වර පදනම් මත වාරු වෙමින් කලු බහුතරයේ පාලනය පිහිටුවීම සඳහා කම්කරුවන් තම පන්ති අවශ්‍යතා යටපත් කල යුතු බවයි.

පසුගිය දශක දෙකක කාලය නිශ්චිතව ම තහවුරු කර ඇත්තේ, කෙතරම් රැඩිකල් හෝ "වාමාංශික” යයි කියා ගත්ත ද ජාතික ධනේශ්වරයේ පාලනයක් යටතේ කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍ර හා සමාජ අවශ්‍යතා සපුරාලිය නොහැකි බවයි. අධිකාරය හුවමාරුවීම යට, සුදු ජාතික සුලුතර පාලනය යටතේ ලාභ ගැරූ එම අන්තර්ජාතික හා දකුනු අප්‍රිකානු සමාගම්වලම අවශ්‍යතාවන්හි නොවෙනස් පැවත්ම සැඟව පැවතුනි.

ඒඑන්සීය, වෘත්තීය සමිති හා කොමියුනිස්ට් පක්ෂය, පශ්චාත් ඇපාතයිඩ් රාජ්‍යයට ඒකාග්‍රවීම තුලින්, දකුනු අප්‍රිකානු ධනේශ්වරයේ හා ගෝලීය ප්‍රාග්ධන‍යේ දේශපාලන නියෝජිතයන් ලෙස මුද්‍රාව තබාගත්හ. සමාගම් ඒවායේ අයිතියෙන් කොටසක් කලු නියෝජියන් අතට පත්කල යුතුය යන නියෝගය මගින් කලු ජනගහනය තුල තුනී තට්ටුවකට ධනවත් වීම සඳහා යාන්ත්‍රනයක් සපයනු ලැබිනි.

පසුගිය මාසයේ සිදුවීම් පෙන්නුම් කර ඇත්තේ, මෙම කලු ධනේශ්වරය, කම්කරු පන්තියට එරෙහිව ප්‍රචන්ඩ මර්දනය යෙදවීමේදී ඔවුන්ගේ සුදු අනුචරයින්ට වඩා මෘදු නොවන බවයි.

පන්ති පෙලගැස්ම පතල් කර්මාන්තයේ තරම් අන් කවර තැනකදී වත් මෙතරම් පැහැදිලි නැත. ප්‍රමුඛ කොමියුනිස්ට් පාක්ෂිකයෙක් හා ඒඑන්සීයේ අධිකරන ඇමති ජෙෆ් රඩිබි පසුගිය සති අන්තයේදී මරිකානා පතල් කම්කරුවන්ට එරෙහිව තවත් කඩාපැනීමකට මූලිකත්වය ගත්තේය. ඔහුට, දකුනු අප්‍රිකාවේ ධනවත්ම කාන්තාව ද මකාවු පතල් ව්‍යාපාරයේ ප්‍රධානියා ද වන බ්‍රිජට් රඩේබි නම් සිය බිරිඳ හරහා පතල් කර්මාන්තයේ අවශ්‍යතා සමග සමීප පවුල් සම්බන්ධතා ඇත. පතල් ව්‍යාපාරික ධන කුවේරයෙකු වන වන පැට්‍රිස් මොට්සෙපි ඔහුගේ මස්සිනාය. ඔහු 2011 දකුනු අප්‍රිකාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටින පුද්ගලයා ලෙස සන්ඩේ ටයිම්ස්හි දක්වා තිබුනි.

එන්යූඑම් හි ආරම්භකයා හා හිටපු ඒඑන්සී ප්‍රධාන ලේකම් සිරිල් රම්ෆෝසා රටේ ධනවත්ම ව්‍යාපාරිකයෙකි. ඔහු ලොන්මින්හි විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකි. සමාගමේ පතල්වල කොටස් හිමියෙකි.

තවත් බොහෝ දේ අතරින් මේ උදාහරන දෙකක් පමනි. මෙය සලකුනු කරන්නේ ඒඑන්සීය හා එහි හවුල්කරුවන්ට, කම්කරු පන්තිය සූරාකෑමේ සෘජු බැඳීමක් තිබෙන බවත් පහතින් එල්ල වන ඕනෑම තර්ජනයක් මැඬීම සම්බන්ධයෙන් ද්‍රව්‍යමය අවශ්‍යතාවන් සහිත බැඳීම් තිබෙන බවත්ය. එන්යූඑම් හා පතල් කම්කරුවන් අතර ගැටුමේ හේතුව මෙයයි.

මෙම බැඳීම් කිසිසේත්ම පතල් වලට පමනක් සීමාවී නැත. කම්කරු සමූහයාගේ තත්වයන් දැන් ඇපාතයිඩ් යටතේ පැවතියාටත් වඩා අන්තය. දකුනු අප්‍රිකාව ලෝකයේ සමාජ අසමානතාව අතින් ඉහලම තැනක ඇති රටකි. රටේ සමස්ත ආදායමින් සියයට 60ක් හිමිකර ගන්නේ ජනගහනයේ සියයට දහයක් විසිනි. පහලම සියයට 50කට හිමිවන්නේ ජාතික ආදායමෙන් සියයට 8ත් අඩු පංගුවකි. මිලියන 20ක් විරැකියාවට මුහුන දෙති.

පතල් කම්කරු වර්ජන දකුනු අප්‍රිකාව තුල මෝදු වෙමින් ඇති සමාජ හා දේශපාලන ආතතීන්ගේ අලුත්ම හා වඩාත් පුපුරන සුලු ඇගවීම්ය. ටයිම් සඟරාවට අනුව, මෙම වසර ඒඑන්සීය බලයට පත්වූ තැන් පටන් වීදි අරගල වැඩියෙන්ම දැකගත හැකිවූ වසරයි. "මෙම විරෝධතා වලින් බොහොමයක් ඒඑන්සීයට සම්බන්ධ පලාත් ආයතන එල්ල කරගත් ඒවාය. එම ආයතන වලින් වැඩි හරියක් දූෂිතය. ඒවා සපයන සේවාවන් බිඳවැටීමට එරෙහිව මෙම විරෝධතා හටගත්තේය.” සඟරාව පැවසීය.

"නීති විරෝධී” කාන්ඩ ගැසීම් තහනම් කිරීමේ සූමාගේ ප්‍රතිඥාව "යෙදෙනු ඇත්තේ කම්කරු අරගල සම්බන්ධයෙන් පමනක් නොවේ. සමහර විට දේපලට හානි කිරීම් ද ඇතුලු ප්‍රචන්ඬ ක්‍රියා සිදුවන සේවා සම්පාදනයට අදාල විරෝධතා ද ඊට ඇතුලත්ය.”

මෙහි ඇත්තේ හුදෙක් පුද්ගලික දූෂිතකම පමනක් නොවේ. මෙම තත්වයන් දකුනු අප්‍රිකාවට සුවිශේෂී වූවා ද නොවේ. පතල් කම්කරුවන්ට එරෙහිව පෙලගැසුනු බලවේග පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තියට කිසිදු ශක්‍ය ඉදිරිදර්ශනයක් නොමැති කමයි. ඓතිහාසිකව පීඩිත රටවලදී හෝ දියුනු රටවලදී හෝ සමාජවාදී විප්ලවය හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති කමයි.

මානව වර්ගයාගේ ඉතිහාසය වනාහි පන්ති අරගලයේ ඉතිහාසයයි, අවසාන වශයෙන් ආර්ථික සම්බන්ධතා තීරනය කෙරෙන්නේ එමගිනි, කම්කරු පන්තිය හා ධනේශ්වරය අතර නොපෑහියහැකි ගැටුමක් පවතින්නේය, යනු මාක්ස්වාදයේ මූලධර්මයන්ය. මෙම මූලධර්ම දකුනු අප්‍රිකාවේ පුපුරන සිදුවීම් තුලින් ලෝකයාගේ ඇස් ඉදිරිපිට සනාථ කෙරී තිබේ.

ගෝලීය පරිමාවකින් පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ යලි පැනනැඟීම මේ මගින් සලකුනු කරයි. ප්‍රමඛ ප්‍රශ්නය වන්නේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්වූ විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීමේ දැවෙන අවශ්‍යතාවයි.

ඒඑන්සීයේ පරිනාමය සලකුනු කරන්නේ, මහජනතාව මුහුන දෙන ප්‍රජාතන්ත්‍ර හා සමාජ කර්තව්‍යයන් ඉටුකිරීමෙහිලා ආර්ථික වශයෙන් අධිරාජ්‍යවාදය මත පදනම් වන ජාතික ධනේශ්වරය අසමත්ය යන ට්‍රොට්ස්කි කල අවධාරනයයි. මෙය සාක්ෂාත් කරගත හැක්කේ අධිරාජ්‍යවාදයට අවසන් තිත තබමින් ලෝක සමාජවාදය ගොඩනඟන ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස, කම්කරු පන්තියේ නායකත්වය යටතේ ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම මගින් පමනකි.

ජූලි හයිලන්ඩ්

Share this article: