වෘත්තීය සමිති, ව්‍යාජ වම හා දකුනු අප්‍රිකානු ජනඝාතනය

The unions, the pseudo-left and the South Africa massacre

24 August 2012

පන්ති අරගලයේ ගෝලීය පරිමාන නැඟීම හමුවේ දකුනු අප්‍රිකාවේ මරිකානාහි ලොන්මින් පතලේ වැඩවර්ජනය කරමින් සිටි කම්කරුවන් 34කු ඝාතනය කිරීම, දකුනු අප්‍රිකාව හා ජාත්‍යන්තරය තුල නිල වෘත්තීය සමිතිවල භූමිකාව තියුනු ලෙසින් හෙලිදරව් කර ඇත.

දැන් ලේ ගංගාවක් මගින් පතල් කම්කරුවන් හා අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් (ඒඑන්සී) ආන්ඩුව සමග කිට්ටුවෙන් හවුල්ව සිටින දකුනු අප්‍රිකානු වෘත්තීය සමති සම්මේලනයේ කේන්ද්‍රීය සංරචකයක් වන පතල් කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතියෙන් (එන්යූඑම්) වෙන් කර යි. එන්යූඑම් රාජ්‍ය මර්දනයේ හා ඝාතනයේ උපකරනයක් ලෙස එය විසින් ම හෙලිදරව් කර ඇත.

යෝධ පතල් හිමිකරුවන්ට එරෙහිව කම්කරු පන්ති වෛරයේ පිපිරීම ඔවුන් නියෝජනය කරනවා යයි උපකල්පිත සංවිධානය සමග ඍජු ගැටුමකට කම්කරුවන් මෙහෙයවා ඇත. ඝාතනයෙන් පසු එන්යූඑම් ප්‍රධාන ලේකම් ප්‍රාන්ස් බලේනි, සියලු ම කම්කරුවන්ට ආපසු වැඩට යන ලෙස හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ප්‍රචන්ඩත්වයේ අපරාධකාරයන් හා මිනීමරුවන් මත කඩාපනින ලෙස ඉල්ලුවේ ය. එන්යූඑම් අනුව අපරාධකාරයන් හා මිනීමරුවන් කම්කරුවන් ම ය.

කම්කරු පන්තිය හා එන්යූඑම් අතර ගැටුම මරිකිනාවලින් නතර නොවේ. පතල් කර්මාන්තයේ මයින්වෙබ්.කොම් ජාලය මෑත දී මෙසේ ලිවීය. "මෙහි විශේෂයෙන් ම කරදරකාරී දෙය නම්, සම්ප්‍රදායානුකූල පතල් වෘත්තීය සමිති සංස්ථාපිතය කෙරෙහි විශ්වාසයක් නැති බව ඉඟි කරමින් පතල් කම්කරුවන් එන්යූඑම් ඉක්මවා යමින් සිටීම යි. එන්යූඑම්, පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් දේශපාලන පක්ෂයේ ගැත්තෙකු ලෙස, එනම් නව දකුනු අප්‍රිකානු සංස්ථාපිතයේ කොටසක් ලෙස දකින බව පෙනෙන්නට තිබේ.”

බලවේගයන්ගේ මෙම බැඳීම - වෘත්තීය සමිති, සංගත හා ආන්ඩුවේ වලිග බවට පත්වීම- පරිමාවෙන් ජාත්‍යන්තර ය. පාලක පන්තිය සමාජ ප්‍රතිවිප්ලවයේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගෙනයනවාක් මෙන් ම මෙම දක්ෂිනාංශික , සංගත ගැති සංස්ථාවන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්තියේ කැරලි ගැසීම ද එසේ ම ය.

යුරෝපයේදී වෘත්තීය සමිති විසින් නිලවශයෙන් අනුමත කරන ලද වෘත්තීය ක්‍රියාවන්ගේ සීමාවෙන් බේරී ඇති කොතනක හෝ අරගල මර්දනය කිරීමේ දී වෘත්තීය සමිති ආන්ඩුව සමග හවුල් වී ඇත. 2010 දී ස්පාඤ්ඤ ගුවන් ගමන් පාලකයන්ගේ වැඩවර්ජනය අතරතුර, වෘත්තිය සමිති හා ඒවායේ දේශපාලන මිතුරන්ගේ සහාය ඇතිව ආන්ඩුව වර්ජනය බිඳීමට හමුදාව කැඳවී ය.

එක්සත් ජනපදය තුල, දැන් ඔබාමා පාලනය විසින් වේගවත් කෙරෙන රැකියා හා ප්‍රතිලාභ වලට එල්ල කරන සංගත ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැදීමට කම්කරුවන් උත්සාහ කරනවා මෙන් ම පසුගිය වසර දෙක පුරා ඒඑෆ්එල්-සීඅයිඕවට විරුද්ධව සැලකිය යුතු අරගල පිපිරී ඇත.

2010දී ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානාපොලිස්හි කම්කරුවෝ ප්‍රාදේශීය රැස්වීමකින් වෘත්තීය සමිති විධායකයන් පලවා හරිමින්, එක්සත් ඔටෝ කම්කරුවන්ගේ සමිතිය සහාය දුන් සියයට 50 වැටුප් කප්පාදුවක් ප්‍රතික්ෂේප කලහ. කම්කරුවන්ගේ කොටසක් රැකියා හා වැටුප් ආරක්ෂා කිරීමේ අරගලයක් සංවිධානය කිරීමට ස්වාධීන සාමාජික කමිටුවක් පිහිටවූහ. මාස කීපයකට පෙර, කැලිෆෝනියාවේ ප්‍රීමොන්ට්හි නුමී කම්හල වැසීමට සහාය දුන් යූඒඩබ්ලිව් නිලධාරීන්ට එරෙහිව කැරැල්ලකට සමාන අයුරින් කම්කරුවෝ නැගීසිටියහ.

යන්තම් පසුගිය සතියේ, බලයෙන් පැට වූ අතිකාල හා පේලි දෙකේ වැටුප් හේතුවෙන් කෝපයට පත් මිචිගන් හා ක්‍රයිස්ලර් ඩන්ඩී ඇන්ජින් කම්හලේ කම්කරුවෝ, යූඒඩබ්ලිව් කලමනාකරනය පුදුමයට හා උදහසට පත්කරමින් ප්‍රාදේශීය ගිවිසුමකට එරෙහිව ඡන්දය දුන්හ. ඉලිනොයිස්හි ජොලීට් කැටපිලර් කම්කරුවන්ගේ වර්ජනය තුල මෙන් වෘත්තීය සමිති පාලනය යටතේ වර්ජනය පුපුරා ඇති මෙහි ද කම්කරුවෝ වෘත්තීය සමිතිය ඔවුන් හුදකලා කිරීමට හා පරාජය කිරීමට වැඩකරති යි යන කාරනය ක්ෂනිකව වටහාගත්හ.

මෙම සිදුවීම් වෘත්තීය සමිතිවල ස්වභාවය පිලිබඳව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද විශ්ලේෂනය බලගතු ලෙස සනාථ කලේ ය. 1993දී සමාජවාදී සමානතා පක්ෂයේ පුරෝගාමියා වන වර්කර්ස් ලීගය, නිෂ්පාදනයේ ගෝලීයකරනය හා පශ්චාත් යුද සමාජ පර්යාය විසින් යටපත් කෙරුනු ජාතිකවාදී හා ධනේශ්වර ගැති ඉදිරිදර්ශනයන් තුල වෘත්තීය සමිතිවල පරිහානිය මුල්බැසගත් බව විස්තර කලේ ය. "සෑම රටක ම නිලධාරීවාදී සංවිධානවල කාර්යභාරය කම්කරුවන්ට සහන සැලසීම සඳහා හාම්පුතුන්ට හා ආන්ඩුවට බලපෑම් දැමීමේ සිට ප්‍රාග්ධනය ආකර්ෂනයකර ගැනීම සඳහා හාම්පුතුන්ට සහන සැලසීම්වස් කම්කරුවන්ට බලපෑම් දැමීම කරා පරිවර්තනය වී ඇත.”

වෘත්තීය සමිති මරිකානාහි දී කම්කරුවන්ට බපලෑම් දැමීමේ සිට විවෘත, ප්‍රචන්ඩ මර්දනය දියත් කිරීම කරා මාරු වී ඇත. එසේ ඉල්ලා සිටින අවස්ථාවන්හිදී යුරෝපයේදී ද එක්සත් ජනපදයේ හා ඉන් ඔබ්බෙහි ද ඔවුන් ඒ ආකාරයෙන් ම ක්‍රියා කරනු ඇත.

මෙම ආයතනයන්ගෙන් නිදහස්වීමට කම්කරුවන් දරන උත්සාහය, සංගත ප්‍රභූවේ පමනක් නො ව "වාම” හෝ සමාජවාදීන් ලෙස පවා මවාපාන මධ්‍යම පන්තික සංවිධානවල ද සාහසිකත්වය අවුලුවාලයි.

දින හතරක නිශ්ශබ්දතාවයකින් පසු එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය දකුනු අප්‍රිකාවේ ඝාතනය පිලිබඳව අගෝස්තු 12දා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක් මෙයට අනුරූප ය. කම්කරුවන් සමග නරුම ලෙස පක්ෂපාතිත්වය මවාපෑමෙන් හා එන්යූඑම් විවේචනය කිරීමෙන් පසුව කම්කරුවන් මෙම ආයතනවල ග්‍රහනයෙන් මිදීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට තමන් තදින් ම විරුද්ධ බව අයිඑස්ඕ පැහදිලි කර යි. අයිඑස්ඕව එන්යූඑම්වේ ප්‍රතිවාදී, වඩා රැඩිකල් පතල් කම්කරුවන් හා ඉදිකිරීම් වෘත්තීය සමිති සංවිධනය (ඒඑම්සීයූ) පවා විවේචනයට ලක් කර යි.

"සැකයකින් තොරවම, අප්‍රිකානු කම්කරු ව්‍යාපාරයේ එකිනෙකට වෙනස් පිල් අතර තියුනුවෙන විසංවාදය පිලිබඳව පතල් හිමියන් ප්‍රීතියෙන් කුල්මත් වෙයි” යනුවෙන් අයිඑස්ඕ ලිය යි. "එමෙන් ම මේ වේලාවේ දී පතල්හිමියන් උසිගැන්වීමට බලාපොරොත්තුවන භේදකාරිත්වය අවුසස්සන උපාමාරු තුලට ඒසීඑම් නායකයෝ ඇද වැටී තිබේ.”

සැබවින් ම වෘත්තීය සංගම් අතර "තියුනුවන විසංවාදය” සමාගම් ප්‍රමෝදයට පත් නොකෙරෙන නමුත් ඔවුන්ගේ එන්යූඑම් මිතුරා පාලනය අහිමි කර ගනිති යි මංමුලාසහගතව හා බියට පත් වෙති. බේදකාරිත්වය, නම් එන්යූඑම්ට කම්කරු පන්තිය වෙතින් පලවන විරෝධය වැලක්වීමට තමන් ද අධිෂ්ඨාන සහගත බව අයිඑස්ඕ පැහදිලි කර යි.

දකුනු අප්‍රිකානු අමන්ඩ්ලා සඟරාවෙන් උපුටා ගෙන අයිඑස්ඕ නැවත පලකල හවුල්කරුවෙකුගේ ලිපියක් "අයතාර්ථවත් ඉල්ලීම් ” ඉදිරියට දැමීම හා "එහි සාමාජිකයන්ගේ ප්‍රචන්ඩත්වය හෙලාදැකීමට අසමත්වීම” ගැන ඒඑම්සීයූවට චෝදනා කර යි. ඔවුන්ගේ මරන සඳහා කම්කරුවන්ම දෝෂාරෝපනයට ලක් විය යුතු ය. මන්ද, යහපත් වැටුප් සඳහා ඔවුන්ට සාහාසික ආශාවක් ඇති බැවිනි.

දකුනු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන සමග කිට්ටුවෙන් බැඳුනු අමන්ඩ්ලා සඟරාව තව තැනක මෙසේ ලිය යි, "වැටුප් සාකච්ඡා සම්පූර්න වූ විට වෘත්තීය සමිතියක කාර්යභාරය කම්කරු බලකායේ සෙසු කම්කරුවන්ට තීරනය සම්ප්‍රේෂනය කිරීම” යි. එමෙන් ම කම්කරුවන් චෝදනාවකින් තොරව ම මෙම "සම්ප්‍රේෂනය” පිලිගනිති යි බලාපොරොත්තු වේ.

අයිඑස්ඕව හා එහි ජාත්‍යන්තර සමචින්තකයෝ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත, උදාසීන හා ප්‍රතිගාමී කොටස්වලට කතාකරති. ඔවුන්ට නම් වෘත්තීය සමිති යනු වාසිදායක රැකියා උල්පතක් හා කම්කරු පන්තිය මත සංවිධානාත්මක හා දේශපාලන පාලනය පවත්වාගෙන යාමට- හා ඒ අනුසාරයෙන් ධනවාදයට එරෙහි ඕනෑ ම අරගලයක් වැලක්වීමේ- යාන්ත්‍රනයක් යන දෙක ම වෙයි.

වෘත්තීය සමිති විධායකයන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ බලාපොරොත්තු මොනවා වුවත් වෛෂයික අර්බුදය දශලක්ෂ සංඛ්‍යාත මහජනයා වෙනත් මාවතක් ඔස්සේ, එනම් අරගලයේ නව සංවිධානයක් ගොඩනැගීම දෙසට හා සමාජවාදී ප්‍රතිපත්ති දෙසට මෙහෙයවමින් තිබේ. දකුනු අප්‍රිකාව තුල ලේ වැකි සිදුවීම් පන්ති පරාසයන් හෙලිදරව් කර ඇති අතර ඒවා සමස්ත ජාත්‍යතන්තර කම්කරු පන්තිය සඳහා මූලෝපායාත්මක අත්දැකීම් ගෙන එයි.

ජෝසප් කිෂෝර් විසිනි

Share this article: