වැඩ වර්ජනය බිඳ දැමීමට ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව විශ්ව විද්‍යාල වසා දමයි

Sri Lankan government shuts universities to break strike

By Kapila Fernando, 28 August 2012

මාස දෙකකට ආසන්න විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වර්ජනය බිඳ දැමීමේ අභිලාෂයෙන් වෛද්‍ය පීඨ හැර ශී‍්‍ර ලංකාවේ සියලූ විශ්ව විද්‍යාල වසා දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක පසුගිය අගෝස්තු 21 දින නියෝග කලේය.

විශ්ව විද්‍යාල 14 ක සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල 4,000 ක් පමන ආචාර්යවරුන් සියයට 20 ක වැටුප් වැඩිවීමක්, විශ්වවිද්‍යාලවල පහසුකම් නංවාලීම සහ අධ්‍යාපන වියදම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.8 සිට 6 දක්වා ඉහල දැමීමක් ඉල්ලා සිටිමින් පසුගිය ජූලි 4 දා සිට වැඩ වර්ජනයක නියැලී සිටී. මෙම වර්ජනය, ආන්ඩුව විසින් සිය ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ආචාර්යවරුන් අතර වර්ධනය වන විරෝධය මධ්‍යයේ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (විආසස) විසින් පසුගිය වසරේ මැයි මස සිට කැඳවනු ලැබූ තෙවන වැඩ වර්ජනයයි.

විආසසට "සැගවුනු දේශපාලන න්‍යාය පත‍්‍රයක් තිබේ” යන ආන්ඩුව පුන පුනා කල චෝදනාව මාධ්‍ය ප‍්‍රකාශයක් මගින් දිසානායක නැවත ප‍්‍රතිරාවය කලේය. "අපි අනුමාන කරන අයුරින් පාලන තන්ත‍්‍ර වෙනසකට තූඩු දෙන දේශපාලන අර්බුදයක් සහ අස්ථාවරත්වයක් නිර්මානය කිරීමට වැඩ වර්ජනය උත්සාහ කලේය” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කලේය. මෙය ආචාර්යවරුන්ගේ වර්ජනය මර්දනය කිරීමට ආන්ඩුව වඩවඩාත් දරුනු විධික‍්‍රම භාවිත කරනු ඇති බවට වු සියුම් සහ වක‍්‍ර තර්ජනයකි.

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දකුනු ආසියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරින් අඩුම වැටුප් ලබන්නන් වුව ද අමාත්‍යවරයා ස්ථිර ලෙසම වැටුප් වැඩිවීමක් ප‍්‍රතික්ෂේප කලේය. ඔහු ප‍්‍රකාශ කලේ ආන්ඩුව දීමනා සහ ගෙවීම් හරහා සියයට 36 සිට 83 ක වැටුප් වැඩිවීමක් ප‍්‍රදානය කොට තිබෙන බවයිි. කෙසේ වුවද, මෙම ගෙවීම් වැටුප් වලට ඇතුලත් කොට නොමැති අතර විශ‍්‍රම වැටුප් ගනනය කිරීමේදී එකතු කරනු නොලබයි.

පාර්ලිමේන්තුව තුල කථාකරමින් දිසානායක ඝෘජුවම ප‍්‍රකාශ කලේ "අපට වැටුප් වැඩිකල නොහැක” යනුවෙනි. උසස් අධයාපන වියදම් සඳහා වූ ඉල්ලීම ගැන ඔහු කිසිත් සඳහන් නො කලේය. ඕනෑම වැටුප් ඉහල දැමීමක් ”වෙනත් ප‍්‍රථිඵල ඇතිකරමින් ජාතික වැටුප් ව්‍යුහය තුල අසමානතාවයන් සහ අක‍්‍රමවත්භාවයන් නිර්මානය කල හැකිය” යනුවෙන් ඔහු ප‍්‍රකාශ කලේය.

වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව යටපත් කොට ඇති තම දිගුකාලීන වැටුප් ඉල්ලීම් සඳහා අනෙකුත් කම්කරු කොටස් පෙරට එතැයි ආන්ඩුව දක්වන භීතිය මෙයින් පිලිබිඹු වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් කොටි සංවිධානයට (එල්ටීටීඊය) එරෙහිව ගෙන ගිය යූද්ධය අතරතුරදී වෘත්තීය සමිති වල සහයෝගය ඇතුව වැටුප් කැටි කල අතර යුද කාර්යයට රුපියල් බිලියන ගනන් යෙදවීය. එල්ටීටීඊය පරාජය කිරීමෙන් හා 2009 ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නයක් ගැනීමෙන් අනතූරුව ආන්ඩුව අඛන්ඩ වැටුප් කැටිකිරීමක්, පෞද්ගලීකරනය සහ ඉන්ධන හා අනෙක් අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල ඉහල දැමීම ඇතූලූ කප්පාදු පියවරයන් කි‍්‍රයාවට නැංවීය.

එමෙන්ම උසස් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ න්‍යාය පත‍්‍රයක් ඉදිරියට දැමීම සඳහා අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන කප්පාදු කරමින් ආන්ඩුව හිතාමතාම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පරිහානියට ලක්වීමට ඉඩ හැරියේය. නිදහස් අධ්‍යාපන අයිතිය මත එල්ල වන මෙම ප‍්‍රහාරය කම්කරු පන්තිය හා දුප්පතුන් මත එල්ල වන සමස්ත ප‍්‍රහාරයේ කොටසකි.

ආන්ඩුව උසස් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ පනතක් සූදානම් කල නමුත් ඊට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන්ගෙන් එල්ල වූ පලල් විරෝධතාවයකට මුහුන දීමට සිදුවිය. ශිෂ්‍යයන්ගේ විරෝධතා දැක්වීමේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියට පහර දෙමින් 2010 ප‍්‍රකාශිත ඊනියා නවක වධ විරෝධී පනත උපයෝගී කරගෙන ශිෂ්‍යයන්ට එරෙහි දඩයමක් ආන්ඩුව විසින් මුදා හැරින. විශ්ව විද්‍යාල බලධාරීන් විසින් විශ්ව විද්‍යාල කීපයක ශිෂ්‍ය සංගම් විසුරුවා හලහ. සිසුන් සිය ගනනකගේ පන්ති තහනම් කෙරුනු අතර තවත් සංඛ්‍යාවක් අත් අඩංගූවට ගැනින.

ආන්ඩුව විශ්වවිද්‍යාල වලට ඇතලත් වීමට සුදුසුකම් සහිත ශිෂයයන් සඳහා ස්ථාන ලබා දීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු මෑත මාස කීපය තුල තවදුරටත් විරෝධතාවයන් පැන නැගින. විරෝධතාවයන්ට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නව ඇතුලත් වන්නන්ගේ ප‍්‍රවේශය කල් දැම්මේය. එමෙන්ම එය නව ශිෂ්‍යයන් සඳහා වූ ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂන නිපුනතා පාඨමාලා කප්පාදු කිරීමද කලේය.

ආන්ඩුව විශ්වවිද්‍යාල වසා දැමීමෙන් පසුව පසුගිය බ‍්‍රහස්පතින්දා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2,000 කට අධික ප‍්‍රමානයක් හා සිසුන් කොලඹදී පාගමනක් හා රැුස්වීමක් පැවැත්වීය. කෙසේ වුවද, විආසස නායකයන් සහ අනෙක් කථිකයන් ආන්ඩුව පෙරලා දැමීමේ කිසිදු අරගලයකට විරුද්ධ විය. ඒ වෙනුවට, භාන්ඩාගාරයේ දුබල පොරොන්දු වල පදනම මත එය පෙර දීත් කර ඇති පරිදි වෘත්තීය සමිතිය දැන් උත්සාහ කරමින් සිටිනුයේ වැඩවර්ජනය අවසන් කිරීමටය.

ආන්ඩුවට විරුද්ධ කිසිදු දේශපාලන අරගලයකට විආසසයේ සතුරුභාවය පෙන්වමින් සමිති සභාපතී නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප‍්‍රකාශ කලේය."අපේ ඉල්ලීම් දිනාගැනීම කිසිදු අයුරකින් ආන්ඩුව පරාජය කිරීමක් නොවේ”.

අපකීර්තියට පත් වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් මෙන්ම ආන්ඩුවට සහ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ විපක්ෂයට සහයෝගය දක්වන්නන්ගෙන් රැලිය සමන්විත විය. කථිකයන් අතර වැටුප් ඉහල දැමීම සහ අනෙකුත් ඉල්ලීම් සඳහා වූ පෙර අරගල පාවාදීම උදව් කොට ඇති ලංකා වෙලඳ සංගම් සභාපති බාලා තම්පෝ සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් ද ඇතුලත් විය.

තවත් විආසස නායකයෙක් වන දඹර අමිල තෙර ප‍්‍රකාශ කලේ 2005 දී ඔහු ආන්ඩුවට සහාය දක්වා ඇති බවත් නන්දිකඩාල් වැනි සටනක දී ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සමග සම්බන්ධ වූ බවත් ප‍්‍රකාශ කලේය. නන්දිකඩාල් යනු අහිංසක ද්‍රවිඩ වැසියන් දස දහස් ගනනින් මරා දැමුනු එල්ටීටීඊ යට එරෙහි ආන්ඩුවේ භටකල්ලි වල අවසන් ප‍්‍රහාරයන් කෙරෙහි යොමු වීමකි. විආසස විසින් එබඳු දක්ෂිනාංශික බලවේගයන් වැලඳ ගැනීම සේවය කරනුයේ කම්කරුවන් වර්ගවාදී රේඛා ඔස්සේ බෙදීමට සහ දේශපාලන ප‍්‍රශ්න දිය කර හැරීමටය.

විආසස නායකයන් දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපතිගේ සොහොයුරු වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග අසාර්ථක සාකච්ඡා පවත්වා ඇත. විආසස සභාපති දේවසිරි මාධ්‍යයට ප‍්‍රකාශ කලේ රාජපක්ෂ සමග බදාදා පැවති සාකච්ඡා "ඵලදායී” වූ බවත් මෙම සතියේදී වර්ජනය අත්හිටුවීමට හැකියාවක් තිබෙන බවත්ය.

වැඩවර්ජනය අවසන් කිරීම පිනිස ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීමට පසුගිය සිකුරාදා භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර හමුවීමට විආසස නායකයන් විසින් සැලසුම් කොට තිබුනි. වැඩ වර්ජකයින්ගේ සමහර ඉල්ලීම් ලැබුනු බවක් මවා පාමින් සමිති සාමාජිකයන් සන්සුන් කිරීමට එමගින් අදහස් කෙරුනි.

සිකුරාදා සමිති නායකයන් නොකැඳවූ ජයසුන්දර ඒ සඳහා හේතු ලබා දුන්නේද නැත. එබඳු ලිපියක් නිකුත් කලහොත් එය අරගලය පාවාදීමට ට කඩතුරාවක් පමනක් සපයනු ඇත. ආන්ඩුවේ වාර්තාව එබඳු පොරොන්දු නැවත නැවතත් කඩා දැමීමේ එකකි. ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අසීරුතාවයන්ට මුහුන දෙන එය ඒ වෙනුවට සිය පිලිවෙත්වලට එරෙහි කවර හෝ විරෝධයක් කඩා බිඳ දැමීමට පොලිස් රාජ්‍ය ක‍්‍රමවේදයන් ඉදිරියට දමා තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු හා සිසුන් වර්ජනය හා ඔවුන්ගේ ඉල්ලීම් පාවාදීමේ විආසසයේ ප‍්‍රයත්නයන් එකහෙලා ප‍්‍රතික්ෂේප කල යුතුයි. සමාජවාදී පිලිවෙත් හා කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා සටනේ පදනම මත තම අරගලයට සහාය පතා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරෙමින් තමන්ගේම ස්වාධීන ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට ආචාර්යවරු හා සිසුන් ගමන් කල යුතුය. සිසුන්ට ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලැබීමේ අයිතිය හා විශ්ව විද්‍යාලවල සේවයේ නියුතූ ආචාර්යවරුන්ට හා අනෙකූත් නියුක්තිකයන්ට මනා වැටුප් හා කොන්දේසි සහිත රැුකියා සහතික කරගත හැකි එකම මාර්ගය මෙයයි.

Share this article: