ශී‍්‍ර ලංකාවේ උතුරු පලාත් සභා මැතිවරනය සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය

Socialist Equality Party manifesto for Sri Lankan provincial election

සමාජවාදී සමානතා පක්ෂය (ශී‍්‍ර ලංකාව), 2013 අගෝස්තු 20

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිත උතුරු පලාත් සභා මැතිවරනයේදී යාපනය දිස්ත‍්‍රික්කය සඳහා පක්ෂයේ දේශපාලන කමිටු සාමාජික පරමුතිරුඥානසම්බන්දර්ගේ නායකත්වයෙන් අපේක්ෂකයින් 19 ගේ කන්ඩායමක් ඉදිරිපත් කරයි. දෙමල, සිංහල හා මුස්ලිම් ජන කොටස් නියෝජනය කරන කම්කරුවන්, ධීවරයින්, ගෘහනීන් හා විශ‍්‍රාමිකයෝ පක්ෂයේ අපේක්ෂකයෝ වෙති.

ඉන්දු-ශාන්තිකර කලාපයේ වැඩෙන යුද්ධයේ අන්තරායට, ආන්ඩුවේ දරුනු කප්පාදු වැඩපිලිවෙලට හා එය ක‍්‍රියාවට නැගීම් වස් යොදාගන්නා මිලිටරි පොලිස් ක‍්‍රමෝපායන්ට එරෙහිව, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් වදින්නේ සසප පමනි. දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවල භේදකාරී වාර්ගික දේශපාලනයට හා උතුරේ පවත්වාගෙන යන මිලිටරි ග‍්‍රහනයට අපි එරෙහි වන්නෙමු.

ධනවාදය 1930 ගනන්වලින් මෙපිට මුහුන දෙන දරුනුම ගෝලීය අර්බුදයේ බලපෑමෙන් හා එයින් ගිනියම් කෙරෙන භූ-දේශපාලන ගැටුම්වලින් ශ‍්‍රී ලංකාව මිදී නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව දැනටමත් රැකියා, අත්‍යවශ්‍ය සේවා හා සහනාධාර කැපීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ක‍්‍රියා කරමින් සිටින අතර තව තවත් ජනතාවගේ ජීවන තත්වයන්ට පහර දීමට පියවර ගනු ඇත. තමන්ගේ ජල සැපයුම දූෂනය වීමට එරෙහිව වැලිවේරියේ දී උද්ඝෝෂනවල යෙදුනු ප‍්‍රදේශවාසීන්ට මෑතක දී හමුදාව විසින් වෙඩි තබා තිදෙනෙකු මරා දැමීමත්, කප්පාදු ක‍්‍රියාමාර්ගය සාමකාමීව ක‍්‍රියාත්මක නොවන බවට අනතුරු ඇඟවීමකි.

පලාත් සභා මැතිවරනයමත්, කලාපීය එදිරිවාදිකමවල කුනාටුව තුලට දිවයින ඇද ගනිමින් තිබෙන වාතාවරනයේ ප‍්‍රකාශනයකි. කලාපය පුරාවට සිටින සෙසු පාලකයන් මෙන්ම, රාජපක්ෂ ද යෙදී සිටින්නේ, චීනය මත සිය ආන්ඩුවේ ආර්ථික රඳා පැවැත්මත් බීජිනයට එරෙහිව "ආසියාවට හැරීම” යන එක්සත් ජනපදයේ ආක‍්‍රමනකාරී පිලිවෙත සමග පෙලගැසෙන ලෙසට වොෂින්ටනයෙන් කෙරෙන බලපෑමත් යන දෙක අතර අවදානම් ලෙස තුලනය වීමේ ව්‍යායාමයක ය.

ඉන්දියාවේ හා එක්සත් ජනපදයේ බලපෑම් හමුවේ, වසර විසි පහකට වැඩි කාලයකට පසුව පලමු වතාවට රාජපක්ෂ උතුරු පලාතේ මැතිවරනය කැඳවා ඇත්තේ කැමැත්තකින් නො වේ. එක් අතකින් දිවයිනේ දෙමල ප‍්‍රභූව වෙත කිසිදු සහනයක් සැලසීමට තරයේම විරුද්ධ සිංහල අන්තවාදීන් සැනසීම ද අනෙක් අතින් රට තුල ඇදී ගිය සිවිල් යුද්ධයට දෙන "දේශපාලන විසඳුමක” කොටසක් ලෙස දෙමල ජනතාව බහුතරයක් වන පලාත තුල මැතිවරනය පැවැත්විය යුතු බවට වොෂින්ටනයෙන් හා නව දිල්ලියෙන් කෙරෙන බලපෑම් ද අතරට ඔහු හසුවී සිටියි.

මෙරට දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කෙරෙහි එක්සත් ජනපදයට කිසිදු තැකීමක් ඇත්තේ නැත. රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය දුන් වොෂින්ටනය, 2009 දී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීම පිනිස මිලිටරියට ආධාර කලේය. ඉන් පසුව එක්සත් ජනපදය, රාජපක්ෂ චීනයෙන් ඈත්කර තැබීම සඳහා කොලඹ පාලනයේ යුද අපරාධ පිලිබඳව සීමිත විවේචන එල්ල කිරීම ආරම්භ කලේය.

මෙරට තුල එක්සත් ජනපදයේ රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීම්, ඉන්දු-පැසිෆික් කලාපය පුරා චීන බලපෑමට වල කපමින් යුද්ධය සූදානම් කිරීමේ මූලෝපායේ කොටසකි. පසුගිය සිව් වසර පුරා ඔබාමා පාලනය, එක්සත් ජනපදයේ සන්ධානයන් තරකර ඇති අතර කලාපයේ ආතතීන් උත්සන්න කරමින්, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව හා පිලිපීනය තුල නව මිලිටරි කඳවුරු ගොඩනඟා ඇත. එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුවන ඇෆ්ගනිස්ථාන වාඩිලෑම සමග එක්ව පකිස්ථානය තුල එල්ල කරන ඩ්‍රෝන් ප‍්‍රහාර අඛන්ඩව සිදුවේ. එක්සත් ජනපදයේ දිරිගැන්වීම් හමුවේ ඉන්දියාව, චීන-ඉන්දියානු දේශසීමා ගැටුම් අවුලුවමින්, චීනය කෙරේ වඩාත් ආක‍්‍රමනශීලී ආස්ථානයක් ගෙන තිබේ.

නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) යන ව්‍යාජ වාම සංවිධාන ද ඇතුලු කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතයම, චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සැලසුම් පිලිබඳව මුනිවත රකියි. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි විවිධ දෙමල ධනපති පක්ෂ, කොලඹ සමග බලය බෙදාගැනීමේ ගිවිසුමක් වන "දේශපාලන විසඳුමක්” සඳහා යොදන තම තුච්ඡ උපාමාරු සඳහා සහයෝගය ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් චංචනිකව එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ගේ කප්පිත්තෙකු ලෙස ඔසවා තබයි.

සසප මැතිවරන ව්‍යාපාරයේ අරමුන, මෙම නිහඬ කුමන්ත‍්‍රනය බිඳ, දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තිය සමග එකමුතුව, අධිරාජ්‍යවාදී යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහිව වැඩකරන ජනතාව හා තරුනයින් බලමුලු ගැන්වීමයි.

පලාත් සභා මැතිවරනය

ඒසා ප‍්‍රතිවිපාක ගෙන ආ මෙරට සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ද මැතිවරන ව්‍යාපාරය පුරා පවතින්නේ එවැනි ම පූර්න නිහඬතාවකි. රටේ හමුදාවෙන් අඩකටත් වඩා උතුරේ ස්ථානගත කර තිබෙන අතර මැතිවරනය දිනන්නේ කවුරුන් ද යන්න නොතකා, ජීවිතයේ සෑම අංශයක්ම වෙලාගෙන එය අඛන්ඩව පවත්වාගෙන යනු ඇත. පවුල් දහස් ගනනක් තවමත් සිටින්නේ කිසිදු සථිර නිවහනක් හෝ ජීවනෝපායක් නොමැති සරනාගතයින් ලෙස ය. පවුල් හාරදහසකටත් වඩා ජීවත් වන්නේ, ප‍්‍රමානවත් ආහාර, සෞඛ්‍ය පහසුකම් හෝ සිය දරුවන්ට පාසැල් නොමැති, හමුදාව විසින් පවත්වාගෙන යන සරනාගත කඳවුරු තුලය. ඉඩම් හෙක්ටෙයාර් දස දහස් ගනනක් මිලිටරිය හා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සඳහා කටුකම්බි වැටවලින් වෙන්කර ඇත.

ආන්ඩුව හා එහි සන්ධාන සහචරයින් සිය මැතිවරන ව්‍යාපාරය පදනම්කර ඇත්තේ බොරුව මත ය. මිලිටරිය කිසිදු යුද අපරාධයක් සිදුකල බව හෝ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝනය කල බවක් රාජපක්ෂ තරයේ ප‍්‍රතික්ෂේප කරයි. යුද්ධයේ නිමාවෙන් පසුව "සාමය හා සෞභාග්‍ය” ගෙන එන බවට දුන් ඔහුගේ පොරොන්දුව පරිපූර්න ප්‍රෝඩාවක් බව සනාථ කර තිබේ. විශේෂයෙන්ම සමපේක්ෂකයින් හා ආන්ඩුවේ හෙංචයියන් ද ඇතුලු ව්‍යාපාරික ප‍්‍රභූවේ කොටස්, ලාභ පොදිගසාගෙන සිටින අතර සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනතාවගේ ඉමහත් බහුතරයක් අත් දකින්නේ, තම ජීවන තත්වයන් කාබාසිනියා වන අයුරුය. ජීවන වියදම අහස උසට නගිද්දී ආන්ඩුව මුලුමනින්ම පාහේ වැටුප් කැටිකිරීමක් පනවා ඇත.

විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ආන්ඩුවේ වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රය සමග කිසිදු මූලික මතභේදයක් නැත. පක්ෂ දෙකම රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට හිස් මුදුනින්ම පිටුබලය දුන් අතර එහි යුද අපරාධ වසං කිරීමට නොකඩවා සහාය දෙති. තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රකින්නේ යයි එජාපය තොරොම්බල් කරන බොරුව - නසසප හා එසප ව්‍යාජ වම්මු වෙහෙස නොබලා පුම්බන මෙම බොරුව - කම්කරුවන් හා තරුනයින් විසින් පිලිකුලෙන් ප‍්‍රතික්ෂේප කල යුතුය. ආන්ඩුව මෙන්ම එජාපය ද සිංහල අධිපතිවාදයේ කර වටක් ගිලී සිටින අතර යුද්ධය ආරම්භ කර පවත්වාගෙන යාම වෙනුවෙන් එජාපය වගකිව යුතුය. ව්‍යාජ වම්මුන්ගේ දිගුකාලීන ක‍්‍රියාකලාපය වී ඇත්තේ, දේශපාලන බලය සඳහා අරගලයේ දී, පීඩිත ජනතාවන් ද තමන් වටා රැලි කර ගනිමින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම වැලැක්වීමයි.

විවිධාකාර දෙමල ධනපති පක්ෂ කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකරති. ඔවුන් සියල්ලෝම වැඩකරන ජනතාවන්ට ඒසා විනාශකාරී යයි තහවුරු වී ඇති දෙමල වාර්ගික දේශපාලනය මත දිගටම පදනම්ව සිටිති. එක් අතකින් නොමැතිනම් තවත් අතකින් ඔවුන් සියල්ලෝම, පලාත්බද ස්වෛරී භාවය මගින් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් බෙහෙවින් වැඩිදියුනු වනු ඇතැයි ද අඛන්ඩව සිදුවන ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කෙලෙසීම අවසන් වනු ඇතැයි ද යන බොරුව වපුරති. සත්‍යය නම්, මෙම පක්ෂ නියෝජනය කරන්නේ, කොලඹ පාලනය සමග බලය බෙදාගැනීමේ ගිවිසුමක් මගින් තම වරප‍්‍රසාද ආරක්ෂාකර ගැනීමට මාන බලන දූෂිත දෙමල ප‍්‍රභූවේ අවශ්‍යතාවන් ය.

යුද්ධයේ අවසන් වසරවල එල්ටීටීඊයේ හොරනෑව ලෙස කටයුතු කල දෙමල සන්ධානය දැන්, සහන සලසන මෙන් රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් කරන ලෙස එක්සත් ජනපදයට ද ඉන්දියාවට හා අනෙකුත් බලවතුන්ට ද කන්නලව් කරයි. ජාත්‍යන්තර පිටුබලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ටීඑන්ඒ, කොලඹ සංස්ථාපිතයේ සාමාජිකයෙකු වන, හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වූ සී. වී. විග්නේෂ්වරන් සිය මහ ඇමතිධුර අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇත. ඔහු සන්ඬේ ටයිම්ස් වෙත මෙසේ පවසා තිබුනි. "මේ විශේෂිත අවස්ථාවේදී, ආන්ඩුව සමගත්, ඉන්දියාව සමගත් විදෙස් රටවල් සමගත් ප‍්‍රශ්න සාකච්ඡුා කල හැකි පුද්ගලයෙකු එහි (මහ ඇමති ලෙස) සිටීම අවශ්‍යය.”

සිවිල් යුද්ධයේ පාඩම්

දශක තුනක පමන කාලයක් රට විනාශභාග් කල යුද්ධයේ දේශපාලන ශේෂ පත‍්‍රයක් සකසා ගැනීම අවශ්‍යය. ගැටුම ඛේදජනක වුවත් එය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ මූලික ප‍්‍රඥප්තියක් නොබිඳිය හැකි අයුරින් සනාථ කරයි. එනම්, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආප්ක්ෂාවන් මුදුන්පමුනුවාලීමට, පසුගාමී රටවල ධනේශ්වරය දක්වන පරම නොහැකියාවයි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම, සමාජවාදය සඳහාත්, කම්කරුවන්ගේ බලය පිහිටුවීම සඳහාත් වන ස්වාධීන විප්ලවවාදී අරගලයක කොටසක් ලෙස කම්කරු පන්තියට පැවරෙයි.

දශක ගනනාවක් තිස්සේ කොලඹ බලයට පත්වූ ආන්ඩු, වැඩකරන ජනතාව බෙදා, තමන්ගේ පාලනයට එල්ල වන ඕනෑම අභියෝගයක් මගහැරීම සඳහා දෙමල විරෝධී වෙනස්කම් කිරීම හා ජන ඝාතන යොදාගත්හ. එහෙත් යුද්ධයේ මාවත අනිවාර්ය වූයේ නැත. ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ භේදකාරී වර්ගවාදයට විරුද්ධව, ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත, ඉන්දියානු උප මහාද්වීපය පුරා ද මෙරට ද කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් වැදුනි. බීඑල්පීඅයි, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) තුලට දියවී යාමත්, 1964දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ‍්‍රීලනිප) ඇතුලු වීමෙන් පසුකාලීනව ලසසපයේ පරිහානිය හා පාවාදීමත්, කම්කරු පන්තිය තුල දැවැන්ත ව්‍යාකූලත්වයක් නිර්මානය කල අතර වර්ගවාදී දේශපාලනය ප‍්‍රචලිත වීමට මග හෙලි කලේය.

ශ‍්‍රීලනිප-ලසසප-කොප (කොමියුනිස්ට් පක්ෂය) දෙවන හවුල් ආන්ඩුව, බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කරමින් 1972 ව්‍යවස්ථාව ඇටවීමත්, රැකියා, අධ්‍යාපනය හා ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුල දෙමල විරෝධී වෙනස්කම් කිරීමත් මගින්, වාර්ගික ආතතීන් ගිනියම් කරනු ලැබින. සිය නිගාමී වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රයට පලවන ප‍්‍රතිරෝධයේ කඳවුර භේද භින්න කිරීමට, පසුව බලයට පත්වූ එජාපය මංමුලා සහගත ප‍්‍රයත්නයක නියැලෙමින්, එකකට පසුව තවෙකක් වශයෙන් දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන්ගේ පිහිට පැතූ අතර යුද්ධයේ ආරම්භය සලකුනු කල 1983 ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්ගෙන් එය කුලුගැන්වුනි. ශ‍්‍රීලනිප හා එජාප යන දෙපක්ෂයම, දස දහස් ගනනක් සිවිල් වැසියන්ගේ ජීවිත බිලිගත් රුධිරස්නානයක් සමග 2009දී නිමාවකට පත්වූ යුද්ධය, අතිශය නිර්දය ආකාරයෙන් පවත්වාගෙන ගියහ.

එල්ටීටීඊයේ පරාජය සිදුවූයේ මූලිකව ම එහි මිලිටරි බෙලහීනකම නිසා නොව, එහි දෙමල බෙදුම්වාදී ක‍්‍රියාමාර්ගයට ආවේනික දෝෂයන්ගේ ප‍්‍රතිවිපාකයක් ලෙසය. ආරම්භයේ සිටම එහි අරමුන වූයේ, ඉන්දියාවේ හෝ වෙනත් බලවතෙකුගේ ආධාරය ඇතිව රටේ උතුරේ හා නැගෙනහිරේ ධනේශ්වර රාජ්‍යයක් අටවා ගැනීමයි. පලාත් සභා ක‍්‍රමය පිහිටුවන ලද 1987 ඉන්දු-ලංකා ගිවිසුම, ඉන්දියානු ආන්ඩුව හා එහි "සාම සාධකයන්” කෙරෙහි විශ්වාසය තැබූ එල්ටීටීඊය හා අනෙක් සියලු සන්නද්ධ දෙමල කන්ඩායම් අන්තයට ම හෙලිදරව් කලේය. මුල සිටම නව දිල්ලියේ අරමුන වූයේ, ඉන්දියාව තුලම ද නොසංසුන්කම අවුලුවාලීමට තර්ජනය කල දෙමල සන්නද්ධ නැගිටීම මැඩ පැවැත්වීමයි. එහෙත් එල්ටීටීඊය, මෙම කටුක අත්දැකීමෙන් කිසිවක් උගත්තේ නැති අතර සහයෝගය සඳහා දිගටම ඉන්දියානු ධනේශ්වරය වෙත නෙත් යොමු කලේය.

එල්ටීටීඊය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අරගලය කල හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙත කිසිවිටෙකත් නැඹුරු නොවීය. කොලඹ ආන්ඩුවල අපරාධ වෙනුවෙන් සමස්තයක් ලෙස "සිංහල ජනතාව” වෙත දොස් පවරමින් ඔවුහු, සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමේ කුමන හෝ උත්සාහයකට තරයේ විරුද්ධ වූහ. සිංහල ජනතාව ඉලක්ක කරමින් ඔවුන් ඉවක් බවක් නැතිව එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර, කොලඹ සංස්ථාපිතයට කෙලින්ම සේවය කරමින්, වාර්ගික බෙදීම තවත් ගැඹුරු කලේය. සිය පාලනය යටතේ පැවති ප‍්‍රදේශයන්හිදී එල්ටීටීඊය, වඩවඩාත් නැඹුරු වූයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන් වෙත ය. එහි ප‍්‍රතිපල වශයෙන් 2009 වන විට ඔවුන්ගේ ආරක්ෂක පදනම් බිඳ වැටුනු තතු තුල දිවයින තුල හා ජාත්‍යන්තර කම්කරු පන්තියට කෙසේ වෙතත්, දෙමල ජනතාව වෙත ද කිසිදු ආයාචනයක් කිරීමට එල්ටීටීඊය අසමත් විය. ඔවුන්ට ඉතිරි වූයේ, ශ‍්‍රී ලංකා මිලිටරියට අනුබල දී ආධාර සපයා එය සන්නද්ධ කල බලවේගයන්ම වූ "ජාත්‍යන්තර ප‍්‍රජාව” වෙත නිරර්ථක ආයාචනා ඉදිරිපත් කිරීම පමනි.

බලයට පත්වූ සෑම කොලඹ ආන්ඩුවක්ම ගෙන ගිය ලේවැකි සිවිල් යුද්ධයට එක හෙලා විරුද්ධවී ඇත්තේ ද උතුරු නැගෙනහිරෙන් කොන්දේසි විරහිතව හමුදා ඉවත් කරන ලෙස කියා සිටියේ ද සසප පමනි. ජාත්‍යන්තර හා දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ හා ඊලම්හි සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලයේදී අපි, ජාතිකවාදයේ ද ස්වෝත්තමවාදයේ ද සියලු රූපාකාරයන්ට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා එක පැහැර සටන් වැද ඇත්තෙමු.

සසප මැතිවරන ව්‍යාපාරයට සහාය දෙන්න

අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස සසප සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි. අන් සියල්ලටත් වඩා අපගේ ව්‍යාපාරයෙහි අරමුන, සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයේදී, ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීනව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව බලමුලු ගැන්වීමයි.

පන්ති අරගල දැනටමත් පැන නගිමින් තිබේ. ආන්ඩුව වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කරන රාජ්‍ය අංශයේ කම්කරුවන්, පොහොර සහනාධාරය කැපීමට එරෙහිව ගොවීන් සහ ඉන්ධන මිල නැංවීමට එරෙහිව ධීවරයින් වෙතින් එල්ල වන මහජන ප‍්‍රතිරෝධයට, වැඩ වර්ජන හා විරෝධතාවන්ට මුහුන දී සිටී. විශ්ව විද්‍යාල සිසුහු නිදහස් අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව පෙලපාලි දක්වති. ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, විරෝධතා අවමංගත කිරීම හා භේද කිරීම පිනිස දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදය උසිගැන්වීමත්, දශක ගනනාවක් තිස්සේ ගොඩනගන ලද පොලිස් රාජ්‍ය පියවරයන් යොදා ප‍්‍රතිරෝධය තලා දැමීමත් ය.

සිය මූලික අයිතීන් රැකගැනීම සඳහා මෙරට වැඩකරන ජනතාවගේ අරගලය වනාහී ඊජිප්තුවේදී, තියුනුව ප‍්‍රකාශයට පත්ව ඇති කම්කරු පන්තියේ වැඩවර්ජන හා විප්ලවවාදී අරගල තුලින් පෙන්නුම් කෙරෙන වැඩෙන ජාත්‍යන්තර ප‍්‍රතිරෝධයක කොටසකි. කෙසේ වෙතත් ඒවායේ අධිෂ්ඨානය හා පරිමාව තිබිය දී ම, මෙම ආරම්භක පන්ති අරගල, කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ ප‍්‍රගාඪ අර්බුදය එලි දක්වා තිබේ. සවිඥානක විප්ලවවාදී නායකත්වයක් නොමැතිවීම හමුවේ, කම්කරු පන්තිය පසුපසට තල්ලු කර, ග‍්‍රීසියේ සිරිසා හා ඊජිප්තුවේ විප්ලවකාරී සමාජවාදීන් වැනි නානාප‍්‍රකාර ව්‍යාජ වාම සංවිධානවල පිහිටෙන්, පාලක පන්තීන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්ෂවලට සිය පාලනය රැකගෙන පවත්වාගෙන යා හැකිව තිබේ.

ශී‍්‍ර ලංකාව තුල සසප මැතිවරන උද්ඝෝෂනය වනාහී සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සමග ගෙනයන ඒකාබද්ධ අරගලයක කොටසක් වන්නේ ය. අන් සියල්ලටමත් ඉහලින් එහි අරමුන වන්නේ, කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ගොඩනැගිය යුත්තාවූ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී කි‍්‍රයා මාර්ගය පෙරට ගෙන යෑමයි.

සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ලසසපයේ පාවා දීමට එරෙහිව 1968 දී පිහිටුවන ලද්දේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී විද්‍යාත්මක කි‍්‍රයාමාර්ගය සහ ඉදිරිදර්ශනය - එනම්, ස්ටැලින්වාදයට සහ සකලාකාර ජාතිකවාදී අවස්ථාවාදයන්ට එරෙහිව විප්ලවවාදී මාක්ස්වාදය - සඳහා අරගලය පෙරට ගෙන යාමට ය.

අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ උද්ඝෝෂනයට සෑම ආකාරයෙන්ම සහයෝගය දෙන ලෙසයි.

සසප පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

* උතුරෙන් හා නැගෙනහිරෙන් හමුදා ඉවත් කරනු!

* ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම සඳහා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලය තුල සියලු පීඩිතයන් රැලි කරනු!

* එක්සත් ජනපද යුද ප‍්‍රයත්නය භංග වේවා! දකුනු ආසියානු හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා පෙරට!

* සසපට ඡන්දය දෙමින් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට එකතු වන්න!

Share this article: