ඊජිප්තුවේ කම්කරු පන්තිය බලය සඳහා!

For workers’ power in Egypt!

30 January 2013

ඒකාධිපති හොස්නි මුබාරක් 2011 පෙබරවාරි 11 නෙරපා දැමීමේ දෙවන සංවත්සරය එලඹෙද්දී ඊජිප්තියානු කම්කරු පන්තිය යලි වතාවක් විප්ලවවාදී අරගලවලට පිවිස සිටිති. මුස්ලිම් සහෝදරත්වයේ ජනාධිපති මොහම්මඞ් මුර්සි විසින් මෙහෙයවන පොලිසිය හා ඊජිප්තු හමුදාවේ කොටසක් විසින් කරනු ලබන මාරක ප‍්‍රහාරයන් නොතකමින් ඊජිප්තුවේ නගර මහජන විරෝධතාවලින් සලිතවෙමින් තිබේ.

ඊජිප්තු ධනේශ්වරය සහ ඔවුන්ට පිටුබලය සපයන වොෂින්ටනය හා යුරෝපයේ අගනුවරවලට තර්ජනය කරනු ලබන විප්ලවවාදී තත්වය සාරාංශගත කරමින් වර්තමාන නැගිටීම ”රාජ්‍ය බිඳ වැටීමකට තුඩුදෙනු ඇත”යි ආරක්ෂක ඇමති ජනරාල් අබ්දුල් ෆාටා අල්-සිසි විවෘතවම ප‍්‍රකාශ කලේ ය.

විරුද්ධත්වය කුඩු කිරීමේ හා එය ලේ විලක ගිල්ලවීමේ අරමුන ඇතිව මිලිටරිය කෙලින් ම ඊට මැදිහත්වීමට තර්ජනය කරයි.

2011 කම්කරු පන්ති නැගිටීමට පාලක පන්තියේ ආරම්භක ප‍්‍රතිචාර වශයෙන් දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොරොන්දු කටුක අත්දැකීම් විසින් එලිදරව් කරනු ලැබ ඇත. "විප්ලවයේ අති මූලික දේශපාලන සන්තතිය, සමාජ අර්බුදයෙන් පැනනගින ගැටලූ සමූහයක් විසින් ඇති කරනු ලබන අනුක‍්‍රමික අවබෝධයකින්; එනම් එකකට පසු එකක් වසයෙන් එලඹෙන සමීපවීම්වල විධික‍්‍රමයකින් සමන්විත වන” බව ලියොන් ට්‍රොට්ස්කි ඔහුගේ සුප‍්‍රසිද්ධ රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල සඳහන් කලේ ය.

මුබාරක් තන්ත‍්‍රයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ දේශපාලන බලවේග කම්කරු පන්තිය තම දෙවසරක අරගලය තුල, කිරා මැන බලමින් හා පරීක්ෂාවට ලක් කරමින් සිටී.

"මහජනතාවගේ හමුදාවක්” ලෙස ඊජිප්තියානු හමුදාව කම්කරුවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ අයිතීන් ලබා දෙනු ඇතැයි මුලදී බලාපොරොත්තු තිබුනි. එවන් අපේක්ෂාවන් ක්ෂනිකව ම බිඳ වැටී තිබේ. වොෂින්ටනයේ අනුග‍්‍රහය ලබන හා හමුදා නිලධරයේ අවශ්‍යතාවයන් නියෝජනය කරන මුබාරක්ගෙන් පසු බලයට පත් වූ හමුදා ජුන්ටාව ක්ෂිනිකව ම වර්ජන තහනම් කිරීමට හා

මුබාරක්ගේ වැටීමෙන් පසු පැවති ප‍්‍රථම මැතිවරනයේ දී මුස්ලිම් සහෝදරත්වය බලයට පත් විය. යන්තම් සය මසක් ඉක්ම යාමත් සමග මුස්ලිම් සහෝදරත්වයේ ප‍්‍රතිගාමී ස්වභාවය ඊජිප්තියානු මහ ජනතාව ඉදිරියේ එලිදරව් වුනි. පසුගිය ගී‍්‍රෂ්ම සෘතුවේ බලය ගැනීමෙන් පසුව එය මුබාරක්ගේ කම්කරු පන්ති විරෝධී අධිරාජ්‍ය ගැති පිලිවෙත් දිගටම පවත්වාගෙන ගියේය. පාන් සහ තෙල් සඳහා සහන කැපීමට මුරුසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා කරමින් සිටී. එවන් ඒවා මර්දනය කිරීමට පටන් ගත්තේය. කප්පාදුවක් කම්කරු පන්තියට විනාශය කටිනු ඇත. ගාසා තීරයේ පලස්තීනුවන් මර්දනය කිරීමට හා එක්සත් ජනපදය මෙහෙයවන සිරියාවේ යුද්ධයට ද මුස්ලිම් සහෝදරත්වය සහයෝගය දී ඇත.

මුස්ලිම් සහෝදරත්වය කෙරෙහි මොහමඞ් එල්බරාඩේ විසින් නායකත්වය දෙන ජාතිය ගලවා ගැනීමේ පෙරමුන (එන්එස්එෆ්) තුල සිටින පාලක පන්තියේ ලිබරල් කන්ඩායම්වල නාමික විරුද්ධත්වයට පරම වසයෙන් ම මහජනයාට දිය හැකි කිසිවක් ම නැත. මුබාරක් යුගයේ ඔහු සමග ඉතා සමීපව කටයුතු කල අමර් මවුසා වැනි නිලධාරීන් මෙන් ම වාෆ්ඞ් සහ ටගම්මු වැනි පක්ෂ ද එන්එස්එෆ්ට ඇතුලත් ය.

ඊජිප්තුව තුල දේශපාලන බලවේගවල පෙල ගැස්ම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය අක්ෂයක් වන, මහජනතාවගේ ආර්ථික හා සමාජ ආසක්තයන් ආමන්ත‍්‍රනය කිරීම පසෙක තිබීයේවා, අතිමූලික ප‍්‍රජාතන්තී‍්‍රය කාර්තව්‍යයන්වත් සම්පුර්න කිරීමට හැකියාව හෝ උත්සුකයක් ඇති ධනේශ්වර කන්ඩායමක් ආර්ථිකව පසුගාමී සහ පුර්ව යටත් විජිත රටවල නැති බව සනාත වීමකි. ධනපති පර්යාය රැුකීමට කැප වූ හා අධිරාජ්‍යවාදයට යටත් වූ, ධනේශ්වරයේ සියලූ කන්ඩායම් සමාජ විරුද්ධත්වයට ප‍්‍රතිචාර දැක්වුයේ මර්දනයෙන් හා ආඥාදායකත්වයෙනි.

ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ පලවූ විශ්ලේශනයක මෙම කරුන අවධාරනය කෙරෙයි. ඊජිප්තුව තුල ගැඹුරුවන ආර්ථික අර්බුදය හා විදේශ මූල්‍ය මත රටේ රඳා පැවැත්ම හා මුස්ලිම් සහෝදරත්ව ආන්ඩුවේ අඩමාන තත්වය ගැන ලේඛක අමර් අද්ලි මෙසේ සටහන් කරයි. "එහෙත්, එන්එස්එෆ් (ජාතිය ගැලවීමේ පෙරමුන), විශාලතම විපක්ෂ සභාගය, බෙහෙවින් ම වාරු වී සිටින්නේ නාගරික හා ඉහල මධ්‍යම පන්තිය මතය. පෙරමුනේ දේශපාලන වේදිකාව තත්‍ය සමාජ හා ආර්ථික ස්තරයන්ගෙන් සමන්විත වන්නේ නැත” යි අද්ලි ලියයි..

නිස්සාර ඊජිප්තියානු ජාතිකවාදයෙන් මුස්ලිම් සහෝදරත්වයේ ඉස්ලාම්වාදය අභිමුඛ කිරීමට උත්සාහ කරන අතර එන්එස්එෆ් ට ස්වාධීන කි‍්‍රයාමාර්ගයක් නැත. පිරිහෙමින් තිබෙන ආර්ථික තත්වය නිසා, කප්පාදු පිලිවෙත් සඳහා අතිශයින් ම සීමිත විකල්පයන් සහිත, පෙරමුනේ ආස්ථානය බෙහෙවින් ම අවස්ථාවාදී සහ දෘෂ්ටිමය වශයෙන් ව්‍යාකූල බව අද්ලි නිරීක්ෂනය කරයි.

ඊජිප්තුවේ කම්කරු පන්තිය ධනේශ්වර ප‍්‍රභූවේ සියලූම කන්ඩායම් සමග වඩ වඩා ප‍්‍රචන්ඩ ස්වරූපයක් ගන්නා ඍජු ගැටුමකට එලඹෙමින් සිටී. මෙම කොන්දේසි යටතේ සුවිශේෂ ප‍්‍රතිගාමී භූමිකාවක් ඉටු කරන්නේ "වාම” සුලූ ධනේශ්වරය විසිනි.

ධනේශ්වර සංස්ථාපිතයේ කක්ෂය තුල මෙහෙයවෙන සංවිධානවලින් ප‍්‍රධාන එක වන්නේ විප්ලවවාදී සමාජවාදීන් (ආර්එස්) ය. "ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක්” සැලසීම සම්බන්ධයෙන් පලමුව හමුදා ජුන්ටාවට ප‍්‍රශංසා කිරීමෙන් පසුව, ආර්එස් ඊ ලඟට මුර්සිගේ තේරී පත්වීම "ඊජිප්තියානු ජනතාව ලද සැබෑ ජයග‍්‍රහනයක්” යයි සැමරී ය. මුර්සිගේ ප‍්‍රතිවිප්ලවවාදී භූමිකාව එලිදරව් වනවිට එන්එස්එෆ් ප‍්‍රවර්ධනය කිරීමට හා විපක්ෂ ලිබරල් ධනේශ්වරයේ උපදේශකයන් ලෙස සේවය කිරීමට ආර්එස් මාරු විය.

විප්ලවවාදී සමාජවාදීන් විසින් මැත දී නිකුත් කල, වාම වචන බහුල තත්වානුකුලතාවාදී දේශපාලනයෙන් දැඩිව සැරසුන ප‍්‍රකාශය එහි සාරභූත භූමිකාව ගැන ප‍්‍රකාශනයක් ලබා දෙයි. මුබාරක්ගේ පිලිවෙතම දිගටම පවත්වා ගෙන යාම ගැන මුස්ලිම් සහෝදරත්වය සහ මුර්සි විවේචනය කිරීමෙන් පසුව- කලින් මුස්ලිම් සහෝදරත්වයට දුන් ඔවුන්ගේම සහයෝගය පිලිබඳ බලගතු එලිදරව්වකි- බලය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් කෙරහි එහි දෘඪතර විරුද්ධත්වය පැහැදිලි කිරීමට ආර්එස් පෙරට යයි.

ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටසක් වෙනුවෙන් කතාකරන ආර්එස් ධනේශ්වර පක්ෂවලට උපදෙස් දීමට ඉදිරිපත් වෙයි. "මුබාරක්ගේ පිලිවෙත් අනුගමනය කිරීමෙන් මුස්ලිම් සහෝදරත්වය එහි මිනීවල හාරා ගැනීම” ගැන ඔව්හු වැලපෙති.

ඔවුහු තවදුරටත් මෙසේ කියති: අවාසනාවකට එන්එස්එෆ් පැරනි පාලන තන්ත‍්‍රයේ ඉතුරුපහදු කොටස් එහි සාමාජිකත්වයට ඇතුලත් කර ගැනීම මගින් වරදක් කලේ ය. මෙම "ඉතුරු පහදු” (මුබාරක් ආඥාදායක්ත්වයේ) "විප්ලවයට එරෙහිව ඔවුන්ගේ සමාජ හා දේශපාලන පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධය” ඊජිප්තු පාලක පන්තිය හා ඇමරිකානු අධිරාජ්‍යය වෙනුවෙන් ඉමහත් මෘග තත්වයකින් යුතුව රට පාලනය කල පාලන තන්ත‍්‍රයකට සම්බන්ධ වූවන් ගැන ආර් එස් කතා කරන්නේ ඒ ආකාරයට ය.

ඔවුන්ගේ ඉදිරිදර්ශනය සමාප්ත කරන ඡේදයක ආර්එස් මෙසේ ලියයි: "එහි සාමාජිකත්වය සුද්ධ කිරීම සඳහා පෙරමුන තුල සටන් කරන ලෙස විප්ලවවාදී තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිම.” එනම් ධනේශ්වර සභාගය හුනු පිරියම් කර ඔපවත් කලයුතුය.

අනතුරුව ඔවුන් "පාන්, සමාජ සාධාරනත්වය, නිදහස සහ මානව ගරුත්වය සඳහා වූ විප්ලවයේ අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා අව්‍යාජ විප්ලවවාදී පෙරමුනක් ගොඩනැගීම සඳහා සියලුම විප්ලවවාදීන්ට අප සමග එකතු වන්න” යි කැඳවුම් කරයි.

ආර්එස් උපදේසය ධනේශ්වර දේශපාලන සංවිධානයක් ගොඩ නැගීම සඳහා මිස කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් නොවේ. ඔවුන්ගේ වාචාල ප‍්‍රකාශ තුල සමාජවාදය, ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම හෝ බලය සඳහා කම්කරු පන්තියේ ස්වාධීන සංවිධාන ගොඩ නැගීම ගැන කිසිවක් නැත.

පවතින සියලූම දේශපාලන පක්ෂවල බන්කොලොත්කමට යටින් පවතින්නේ මෙයයි: ඔවුන් විප්ලවයට කටින් බතල හිටවන නමුදු ධනේශ්වර දේපල මත පාදක වන ඔවුන්ට දේශපාලන බල රූපාකාරයන්ගේ මූලික වෙනසක් අවශ්‍ය නැත.

ඊජිප්තු විප්ලවයේ සමාජ සහ දේශපාලන තර්කනය තුලින් මූලික කර්තව්‍යයන් දෙකක් මතු කෙරෙයි.

කම්කරු පන්තියේ ස්වාධීන බල සංස්ථා පිහිටුවීම පලමු වැන්නයි. කම්කරු පන්තියේ හා පීඩිත මහා ජනතාවගේ සටන් සංවිධාන සම්බන්ධ හොදම උදාහරන වන්නේ 1917 විප්ලවයේ දී බලය අල්ලා ගත් රුසියානු කම්කරු පන්තිය තහවුරු කල සෝවියට් සභාය. කම්කරු පන්තියට ධනේශ්වර රාජ්‍ය මත වාරු වී සිටිය නොහැකිය. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ පදනම් බවට පත් වන්නාවූ තමන්ගේම සංවිධාන රූප ඔව්හු වර්ධනය කල යුත්තා හ.

බලය සඳහා අරගලය තුල දී මෙම කම්කරු සංවිධානවලට අවශ්‍ය මග පෙන්වන මූලෝපාය සම්පාදනය කල හැකි විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කිරීම දෙවැන්නයි.

2011 ජනවාරියේ දී එහි ආරම්භයේ සිට අද එය පැමින තිබෙන සංධිස්ථානය දක්වා වූ ඊජිප්තු විප්ලවයේ සමස්ත අත්දැකීම විසින් සනාත කරනු ලැබ ඇත්තේ හුදෙක් වීරත්වය හා විප්ලවවාදී උද්වේගය පමනක් ම නායකත්වයේ අර්බුදය විසඳීමට සමත් නොවන බවය. ධනේශ්වර මුස්ලිම් සහෝදරත්වයෙන්, ජාතිය ගලවා ගැනීමේ පෙරමුනෙන් හා සුලූධනේශ්වරය අතර සිටින ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් ස්වාධීන වූ තමන්ගේම පක්ෂයක් සහ කි‍්‍රයාමාර්ගයක් කම්කරු පන්තියට අවශ්‍යය.

රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් හා ආර්ථික ජීවිතයේ සමාජවාදී ප‍්‍රතිසංවිධානයකින් තොරව ඊජිප්තු කම්කරු පන්තියට ඔවුන්ගේ උත්සුකතාවයන් හා අභිලාෂයන් සාක්ෂාත් කර ගත නො හැකි බව දෙවසරකට පෙර එය ආරම්භ වූ තැන් පටන් ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අවධාරනය කර තිබේ. මෙම ඉදිරිදර්ශනය සනාත වී තිබේ. දවසේ තීරනාත්මක කර්තව්‍යය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩ නැගීමට උරදෙන ලෙස අපි ඊජිප්තු කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජොහැන්නස් ස්ටෙම් සහ ජෝශප් කිශෝර්

Share this article: