ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පසලොස් වසරක් 1998-2013

Fifteen Years of the World Socialist Web Site: 1998-2013

14 February 2013

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝ ස වෙ අ) දිනපතා පල කිරීම අරඹා පසලොස් වන සංවත්සරය අද දින සලකුනු වෙයි. 1998, පෙබරවාරි 14 පටන් සතියකට දින පහක් නොකඩවා පල කරන ලද ලෝ ස වෙ අ 1999 අපේ‍්‍රල් මස පටන් නොවරදවා සතියකට දින හයක් ම පල කරන ලදී. ප‍්‍රථම මාස කිහිපය තුල දී එහි දෛනික පාඨකය සිය ගනනක් විය. ඉන් අවුරුදු 15 කට පසු අද ලෝ ස වෙ අ ලෝකයේ අතිශයින්ම පුලුල් ලෙස කියවනු ලබන අන්තර්ජාල සමාජවාදී ප‍්‍රකාශනය බවට පත්ව ඇත.

දල වශයෙන් 40,000 සිට 50,000 දක්වා පෞද්ගලික ප‍්‍රවේශකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට දිනපතා පිවිසෙති. බොහෝ දිනවල පාඨක සංඛ්‍යාව සැලකිය යුතු පරිද්දෙන් මෙය ඉක්මවයි. සංඛ්‍යාවටත් වඩා අර්ථභාරී වන්නේ පාඨකයන් පැතිර සිටින්නා වූ ඉමහත් භූගෝලීය පරිමාවයි. ලෝසවෙඅ පාඨකයෝ ලෝකයේ සෑම මහද්වීපයක ම රටවල් දුසිම් ගනනක සිටිති. භාෂා 19කට නොඅඩු ගනනකින් ලිපි පලකරන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සැබවින්ම ජාත්‍යන්තර ප‍්‍රකාශනයකි.

ලෝක සමාජ වාදී වෙබ් අඩවිය පලකිරීම විසිවන සියවසේ අවසාන වසර වලින් ඇරඹී විසිඑක්වන සියවසේ ප‍්‍රථම දශක දෙක දක්වා පැවත ඇත. එහි මුල් වසර වන 1998 දී ලිපි 1,540ක් පලකරන ලදී. 2012දී එම සංඛ්‍යාව 4,580 දක්වා ඉහල නැගිනි. දැන් ලොසවෙඅ අන්තර්ජාල ලේඛනාගාරයේ ලිපි 45,000ක් තරම් තිබේ. මෙය වනාහී සිත් කාවදින සංඛ්‍යාවකි, එසේ වුවද සැබවින්ම වඩාත් අත්‍යසාමාන්‍ය වන්නේ එම ලිපිවල පෘථුල විෂය පරිමාවයි.

ගතවූ පසලොස් වසර අඛන්ඩ වූ ද උග‍්‍ර වූ ද දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයේ සමයක් විය. මෙම සමය නිර්නය කල දේශපාලන සිද්ධීන් හා සමාජ සන්තතීන් නම්, 9/11 හා ඉන් ඉක්බිත්තේ එලඹි අධිරාජ්‍යවාදීන්ගේ ”ත‍්‍රස්ත විරෝධී යුද්ධය” සමග නව-විජිතකරනය යලි පන ගැසීම, ඇමරිකා එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිරාපත් වීම සහ චීනය හා ඇමරිකා එක්සත් ජනපදය අතර උග‍්‍ර වන ඝට්ටනය කේන්ද්‍ර කර ගත් භූදේශපාලනික ආතතීන් ගේ වර්ධනය, 1997 ආසියානු බිඳ වැටීම සමග ඇරඹුනු ගෝලීය ආර්ථික කම්පන මාලාව සහ ඉන් දශකයකට පසු ව එය කුලූගැන්වෙමින් එලඹුනු වෝල් වීදියේ බිඳ වැටීම, 2008 ආර්ථික බිඳවැටීම ට ප‍්‍රතිචාර වශයෙන් ධනේශ්වර පන්තිය ක‍්‍රියාත්මක කල නොනැවත උග‍්‍ර වන්නා වූ මෘග කප්පාදු ප‍්‍රතිපත්ති, ඊජිප්තුවේ විප්ලවය පුපුරා යාම සහ ලෝක පරිමාන ධනේශ්වර සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව කම්කරු පන්තිය දක්වන්නාවූ ප‍්‍රතිරෝධයේ ප‍්‍රාරම්භක ප‍්‍රකාශනයන් ය.

මේ සියලු සිද්ධි හා සන්තති ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අසමාන නිරවද්‍යතාවකින් හා අභිනිවේෂයකින් වාර්තා සහ විග‍්‍රහ කරනු ලැබ ඇත. සිදුවෙමින් පවත්නා දෙය සොයා බලා වාර්තාගත කිරීමට ද මාක්ස් වාදයේ අනුපමේය ආයුධ වන අපෝහක භෞතිකවාදී සහ ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂනය යොදා, සිදුවෙමින් පවත්නා දෙයෙහි සත්‍යය නිරාවරනය කර ලීමට ද එය දිවා ? යත්න දරා ඇත. එහි අර්ථය නම්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සිද්ධීන් විග‍්‍රහ කරනු ලැබුවේ ධනවාදයේ දිග හැරෙන ඉතිහාසය පිලිබඳව ද, ඉන් ජනනය කරනු ලබන පන්ති අරගලය පිලිබඳව ද එහි අනිවාරනීය ප‍්‍රතිඵලය වූ ලෝක සමජවාදී විප්ලවය පිලිබඳව ද සවිඥාතව ය යන්න යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කල ප‍්‍රථම දින පටන් එහි අරමුන වූ යේ කම්කරු පන්තිය තුල සමාජවාදී පන්ති විඤ්ඤානය වර්ධනය කිරීම යි. මේ සඳහා දවසේ ප‍්‍රමුඛ දේශපාලන සිද්ධීන් කෙරේ නිරන්තර හා අප‍්‍රතිහත උත්සුක භාවයක් පවත්වා ගෙනයාම අවශ්‍ය ය. එහෙත් කතෘ මන්ඩලයේ ද ලොව පුරා කැප වී යෙදී සිටින්නා වූ එහි ලේඛකයන් ගේ ද වැඩ කටයුතු දේශපාලන ගවේෂනය සහ විශ්ලේෂනය සඳහා පමනක් සීමා වූයේ නැත. ගත වූ අවුරුදු 15 තුල ලොසවෙඅ කලා සහ සංස්කෘතික ප‍්‍රශ්න පිලිබඳව ද පෘථුල ලිපි සපයා ඇත. සිනමාව, කලාව සහ සාහිත්‍යය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප‍්‍රතිපදානයන් සමග අවියෝජනීය ව බැඳී ඇති කරුනක් නම්, එය සමකාලීන ධනේශ්වර සමාජයේ සියලූ අංශයන් පිලිබඳ විවේචනාත්මක විප්ලවවාදී ආකල්පයක් විස්තාරනය කර ගැනීමයි. ලොසවෙඅ විද්‍යාත්මක පර්යේෂන ක්ෂේත‍්‍රයේ බොහෝ අංශයන්හි අර්ථභාරී වර්ධනයන් සුපරීක්ෂව අධ්‍යනය කොට, ඒවා මගින් සොබාදහම සහ සමාජය පිලිබඳ භෞතිකවාදී අවබෝධයක් වර්ධනය කර ගැනීමට සැලසෙන ඉඩකඩ නොපැකිල ග‍්‍රහනය කරගෙන ඇත.

බිහිවී ගතව ඇති අවුරුදු 15 ඇතුලත ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර විප්ලවවාදී සමාජ වාදයේ සාධිකාර ස්වරය ලෙස, ලෝකය පුරාම මහා අර්බුදයේ දුක්වේදනා සහගත සමයක සිදුවෙමින් පවත්නා දේවල අර්ථය පැහැදිලිකර දෙමින්, ම්ලේච්ඡත්වයට ඇදවැටෙමින් පවත්නා පරාගත ධනේශ්වර සමාජයට එරෙහිව සැබැවින්ම ප‍්‍රගතිශීලී හා එහෙයින් ම විප්ලවීය විකල්පයක් සොයා ගැනීම ට යත්න දරමින් සිටින්නා වූ කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට අත්‍යවශ්‍ය දේශපාලන සහ බුද්ධිමය මාර්ග දර්ශකය ලෙස, සේවය කොට ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර 15ක් තිස්සේ දිනපතා නිරන්තරව පලකල හැකි කරන්නා වූ ඉමහත් ශක්තිය පවත්නේ කොහි ද ? අපගේ ලේඛනාගාරය පරීක්ෂා කරන කල්හි තහවුරු වන පරිදි ‘කාලයාගේ පරීක්ෂණයෙන් සමත් වන්නා වූ ඉහල ප‍්‍රමිතියක දේශපාලන’ ආර්ථික සහ සමාජ විශ්ලේෂණයන් සහ අර්ථ කථනයන් බිහි කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමත්ව ඇත්තේ මක් නිසා ද ?

ලොසවෙඅ බලය සහ එහි ප‍්‍රශස්තවය නිෂ්පන්න වන්නේ එහි වැඩ කටයුතු අන් සියල්ලටමත් ප‍්‍රථමයෙන් විප්ලවීය මාක්ස්වාදී ව්‍යාපාරයේ මහා න්‍යායික සහ දේශපාලන සම්ප‍්‍රදායයන් මත දැනුවත්ව පදනම් වී තිබීම ම මත ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වනාහි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ක‍්‍රියා මාර්ගය සුරක්ෂිත කොට වර්ධනය කිරීම සඳහා දශක ගනනාවක් තිස්සේ කරන ලද අරගලයේ ප‍්‍රතිඵලය යි. ලොසවෙඅ ආරම්භ කරන කල්හි ජාත්‍යන්තර කමිටුවේ මූල්‍ය සම්පත් සත්තකින්ම ඉතා ස්වල්ප විය. එහෙත් දේශපාලන සහ බුද්ධිමය ප‍්‍රාග්ධනය වශයෙන් ගතහොත් අප ලෝක ව්‍යාපාරයේ සම්පත් අනුපමේය විය: එය සැබවින්ම අසීමිත විය. ලෝක සිද්ධීන් පිලිබඳ විග‍්‍රහය සඳහා ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලය පදනම් වූයේ ධනවාදය පිලිබඳ චිරස්ථායී මාක්ස්වාදී විශ්ලේෂනයේ ද විසිවෙනි ශත වර්ෂයේ ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨතම මුලෝපායඥයින් වූ ව්ලඩිමිර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි ගේ දේශපාලන චින්තනය මත වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිත්තේ සමාජවාදයේ අවසානය, මලගම සහ ධනවාදයේ අප‍්‍රතිහත ඓතිහාසික විජයග‍්‍රහනය නිවේදනය කල අශික්ෂිත ධනේශ්වර ප‍්‍රතිගාමී විජයග‍්‍රහනවාදයේ වාතාවරනයක් තුල ය. ඉතිහාසයේ සාවද්‍ය වර්තනය පිලිගත් ගනන් නැති දිරිසුන් මධ්‍යම පන්තික රැුඩිකලූනට එරෙහිව ලෙනින් ගේ ද ට්‍රොට්ස්කි ගේ ද දේශපාලන සහ න්‍යායික උරුමය මත පදනම් වූ ජාත්‍යන්තර කමිටුව දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදයේ ප‍්‍රතිගාමී භූමිකාව සෝවියට් සංගමය බිඳ දැමීමට මග පාදන සැටි පෙර දුටුවේ ය. අසාර්ථක වුයේ ස්ටැලින්වාදය සහ සකල ආකාර ප‍්‍රති-මාක්ස්වාදී ජාතික අවස්ථාවාදය යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විවාදකාමී ය, අශමනීය ව පක්ෂග‍්‍රාහී ය ය. එය තම විප්ලවවාදී අපේක්ෂා කිසි සේත්ම සඟවන්නේ නැත. එහි අරමුන වන්නේ - කොහොමටත් කල නො හැක්කක් වන - පරාගත ධනේශ්වර සමාජය ප‍්‍රතිසංස්කරනය කිරීම නොවේ. ලොසවේඅ සත්‍ය එහෙයින් ම විප්ලවවාදී ය. ඍජු ය; සම්මුති විරහිත; ය. සකල ආකාර ප‍්‍රති-මාක්ස්වාදය සහ ප‍්‍රති-සමාජවාදයට එරෙහි දේශපාලන ප‍්‍රහාරයේ දී සම්මුති විරහිත ය.

1990 ගනන් වල ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීමේ සැලැස්ම විස්තාරනය කර ගැනීමේ දී ජාත්‍යන්තර කමිටුව නව විප්ලවවාදී නැගිටීමක් ඇති කිරීමට හේතූ භූත වන සාධක තුනක් අනන්‍ය කර ගත්තේ ය:

ප‍ලමුවෙන් ම ධනවාදයේ ගෝලීකරනයෙන් පැනනගින ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිවිපාක විසින් නුතන ධනවාදයේ සාරභූත ප‍්‍රතිඝතිතාව - එනම් නිෂ්පාදන බලවේගවල ජාත්‍යන්තර වර්ධනය සහ ධනේශ්වර ජාතික රාජ්‍යයේ ආර්ථික යල්පැනීම අතර ඝට්ටනය - අනිවාරනීයව ම උත්සන්න කරනු ඇති බව;

දෙවනුව, ජාත්‍යන්තර කමිටුව ධනවාදයේ ගෝලීය ප‍්‍රසාරනය මගින් ඇති කරනු ලබන ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහාපරිමාන වර්ධනය සහ එ මගින් එහි විප්ලවවාදී විභවය වර්ධනය වීම; සලකුනු කර ගත්තේ ය.

තුන්වෙනුව, විශේෂයෙන් ම අන්තර් ජාලය හා සම්බන්ධිතව, නව සන්නිවේදන තාක්ෂනයක් පැනනැගීම ද එය විසින් ඓතිහාසිකව පෙර සිදු නොවූ විරු පරිද්දකින්, ජාත්‍යන්තර කම්කරු පන්තිය ලෝක ධනවාදයට ප‍්‍රති විරුද්ධව මූලෝපායිකව එක්සත් කල හැකි තත්වයක් උද්ගත ව තිබීම ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සාර්ථකත්වය විසින් 1998 එහි පදනම සැකසූ විශ්ලේෂනය සනාථ කරනු ලැබ ඇත.

ගතවූ පසලොස් වසර තුල ලොසවෙඅ අනුපමේය දේශපාලන වාර්තාවක් තහවුරු කර තිබේ. මෙම වැදගත් සංවත්සර උත්සවය සඳහා, අපි වෙබ් අඩවියට පිවිසෙන්නන් ට එහි සුවිසල් ලේඛනාගාරය තුල මං පෙත් සොයාගැනීමට උදව් වන විශේෂ ප‍්‍රදර්ශිත සම්පාදනය කරන්නෙමු. ප‍්‍රථම ප‍්‍රදර්ශිතය වනු ඇත්තේ වැදගත් ලිපිවල කාලවේදය සමාලෝචනයකි. අප අපේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගතවූ දශක එකහමාරේ මහා සිද්ධීන් කෙරේ අප දැක්වූ ප‍්‍රතිචාරය හදාරන ලෙස ය. වෙබ් අඩවිය මෙම සිද්ධීන් නිවැරදිව විශ්ලේෂනය කලේ ද යන්නත් කම්කරු පන්තිය කෙරේ සිය දේශපාලන වගකීම් ඉටු කලේ ද යන්නත් පාඨකයන්ම විසින් නිගමනය කරගනු ඇත යි අපේක්ෂා කරමු.

ගතවූ පසලොස් වසර තුල ලොසවෙඅ විසින් පෘථුලව විග‍්‍රහ කරන ලද විෂයන් හා ප‍්‍රයුක්තීන් පසුව එන ප‍්‍රදර්ශිතයන් විසින් වඩාත් සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත.

අපගේ මෙම සංවත්සර ප‍්‍රසංශනයේ කොටසක් හැටියට සමාජය, දේශපාලනය සහ සංස්කෘතිය පිලිබඳ තම මතයන් කෙරේ ලොසවෙඅ බලපා ඇත්තේ කුමන ආකාරයකට ද යන්න පිලිබඳ ප‍්‍රකාශන ඉදිරිපත් කරන ලෙස අපි අපගේ පාඨකයන්ට ආරාධනය කරමු. ගත වූ පසලොස්වසර තුල ලෝසවෙඅ විසින් තනනු ලැබ ඇති බලගතු න්‍යායික සහ දේශපාලන පදනම මත පෙර නුවූ විරු ලෙස බලවත් වූ ද පෙර නුවූ විරු තරම් ජාත්‍යන්තර පරිමාවකින් යුක්ත වූ ද නව විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයක් වැඞී එනු ඇත.

ඩේවිඩ් නෝර්ත්,

සභාපති, ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය.

Share this article: