2013 දී මැද පෙරදිග

The Middle East in 2013

12 January 2013

මැද පෙරදිග කම්කරු හා පීඩිත ජනතාවෝ ලේ වැකි නිකායවාදී යුද්ධයන්ට, රාජ්‍ය මර්දනයට හා අඛන්ඩව උග‍්‍රවන දරිද්‍රතාවයට ඇද වැටීමේ තත්වයකට මුහුනපා සිටිති. සියලූ දේම රඳා පවතින්නේ 2011 ආරම්භ වූ විප්ලවවාදී නැගිටීම යලි පනගැන්වීම මත නමුත් එය මෙවර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අවශ්‍යතාවයන් ප‍්‍රකාශයට පත් කරන ක‍්‍රියාමාර්ගයක් මත පදනම් විය යුතු ය.

මැද පෙරදිග සියලූම පන්තීන් ප‍්‍රධාන බලවතුන්ගේ පිටුබලය ද ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පොදු කැමැත්තක් දක්වන්නේය යන "අරාබි වසන්තය” සමග බැඳී තිබුනු පටු මිත්‍යාවන් පසුගිය වසර දෙක තුල විනාශ වී ගොසින්ය.

2013 ආරම්භ වූයේ පේටි‍්‍රයට් මිසයිල කාන්ඩ හයක් තුර්කි-සිරියානු දේශසීමාවට යැවීම සමගිනි. එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් විසින් හිතාමතා අවුස්සන ලද නියාකවාදී සිවිල් යුද්ධයට ඔවුන්ගේ සෘජු මැදිහත්වීමක් අද්දර ලෝකය සිටින බවට මෙය මනා උදාහරනයකි.

බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ලෙබනන්, ජොර්දාන් හා ඊස්රායලය ස්ථානගත කර තිබෙන දස දහස් ගනනක් සේනාවන්ට හා සිරියානු භූමියේ ක‍්‍රියාත්මක වන විශේෂ බලකා සහ බුද්ධි බලකා සොල්දාදුවන්ට සහාය පිනිස මිසයිල සමග අමතරව සෙබලූන් 1,200 කට ආසන්න සංඛ්‍යාවක් යොදවන ලදි. ඇමරිකා එක්සත් ජනපදයට, බි‍්‍රතාන්‍යට හා ප‍්‍රන්සයට අයත් යුද නැව් දැන් සිරියාව අවට මුහුදේ රඳවා ඇත. වොෂිංටනය සමග වැඩ කරන තුර්කිය හා ගල්ෆ් රාජාන්ඩු විසින් සිදු කරන ඕනෑම මැදිහත්වීමකට සහාය පිනිස මෙම බටහිර මිලිටරි සේනාංක ගොඩනගා තිබේ.

සෘජු මිලිටරි ප‍්‍රකෝපකරනයක් සිදු නොකලත්, මුස්ලිම් සහෝදරත්වය හා අල් කයිඩා වර්ගයේ ජභාට් අල්-නුස්රා වැනි ව්‍යපාර හරහා සුන්නි කැරලිකාරීත්වයකට දායකවීම මගින්, බටහිර බලවේග නරකම අපරාධ වලට සම්බන්ධවී සිටිති. මෙම මිලිටරි උසිගැන්වීම්වල ප‍්‍රතිඵලය ලෙස දසදහස් ගනනක් මියගොස් හා තුවාල ලබා ඇති අතර සිරියානු ආර්ථිකය හා යටිතලය විනාශ වී ඇත.

සම්පූර්න ජන කන්ඩායම් අලලා ගත් යුගෝස්ලාවියානු වර්ගයේ ඝාතන තර්ජන, වාර්ගික සුද්ධ කිරීම් වැනි නිකායවාදී සිවිල් යුද්ධ තර්ජනයක යථාර්ථය පිලිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා බල කෙරී ඇත. එහෙත් මෙම පිලිගැනීම යොදාගනු ඇත්තේ මැදිහත්වීමක් යුක්තිසහගත කරන තර්කයක් ලෙස පමනි. ප‍්‍රධාන ජනමාධ්‍ය ඍජු යුද ප‍්‍රචාරනයේ පෙරමුනකට මඳක් ඉහලින් වැඩ කරන අතර එක්සත් ජනපදය හා අල් කයිඩාව අතර ඇති සන්ධානය ගැන නොතකා හරිමින්, පලමුව අසාද් තන්ත‍්‍රය රාසායනික සහ බැලිස්ටික් ආයුධ පාවිච්චි කිරීමට තිබෙන සූදානම ගැනත් පසුව ඒවා විරුද්ධවාදී බලවේග අතට පත්වීම මගින් උද්ගතවිය හැකි භයානක තර්ජනය ගැනත් දඟර මාවතක් අනුගමනය කරති.

අසාද් තන්ත‍්‍රයේ ඇද වැටීමෙන් නිදහස උදා නොකරයි. එය විස්ථාපනය කරනු ඇත්තේ, අලාවයිට්ස්වරුන්, ක‍්‍රිස්තියානුන් හා අනෙකුත් සුලූ කන්ඩායම්වලට එරෙහි පලිගැනීම් සිදු කරනු ඇති ම්ලේච්ඡ තන්ත‍්‍රයකිනි. රාජ්‍යය, වාර්ගික කලාප වලට කැඩී යාම මගින් අවසන් වනු ඇත. ලිබියාව අනතුරු ඇඟවීමකි. එරට අගමැති අලි සෙයිඩන් මෙම සතියේදී තර්ජනය කලේ තීරනාත්මක තෙල් සැපයුම් අල්ලා ගැනීම සඳහා විරුද්ධවාදී කල්ලි අතර ගැටුම් ඉදිරියේ "රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා බලය යොදවන” බවටය.

මැද පෙරදිග අධිකාරය තහවුරු කර ගැනීම සඳහා දිගුකාලීන ඇමරිකානු උත්සාහයන්ගේ ප‍්‍රධන අංශය අසාද් ඇද දැමීමය. තම ප‍්‍රධාන කලාපීය සහකරුවන් වූ ටියුනීසියාවේ බෙන් අලි හා ඊජිප්තුවේ හොස්නි මුබාරක් 2011 දී ඇද වැටීමට ප‍්‍රතිචාරයක් ලෙස මෙම උත්සාහය නාටකාකාරව උත්සන්න කෙරුනි. ලිබියාවේ දී ක‍්‍රියාත්මක කල ප‍්‍රහාරාත්මක මිලිටරි මැදිහත්වීම වැනි දේ සමග සුන්නි අරාබි රාජ්‍යයන් සහ ශියයිට් මූලධර්මවාදී ඉරානය සහ එහි සහකරුවන්ට එරෙහි ව්‍යාපාරයන් සමග සන්ධානයක් තහවුරු කර ගැනීම එක්සත් ජනපද පිලිවෙතයි. එහි අරමුන ඩැමැස්කසයේ හා ටෙහෙරානයේ තන්ත‍්‍ර මාරුවක්, කලාපය පුරා බෙදුම්වාදයන් තහවුරු කිරීම මගින් කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනයවීම වැලැක්වීම සහ සමාජ විප්ලවයට එරෙහි කඳවුරු ලෙස ඉස්ලාම්වාදීන්ගේ අධිකාරය නගා සිටුවීමයි.

මෙම අරමුන සඳහා, වොෂිංටනය සිරියානු විරුද්ධ පක්ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍ර ප‍්‍රදානය කරන අතර බහරේනයේ, යේමනයේ, සවුදි අරාබියේ සහ අනෙකුත් තැන් වල තම සහකරුවන්ගේ විරුද්ධවාදීන් මර්දනය වෙනුවෙන් පෙනී සිටියි. මෙම ක‍්‍රියාදාමය තුලදී, එම තන්ත‍්‍රයන් දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් එක්සත් ජනපදය මත රඳා සිටීම තහවුරු කර ගැනීම වොෂිංටනයේ අරමුනයි. එනම් ටෙහෙරානයේ, මොස්කෝවේ හා බීජිනයේ කලාපීය අරමුනුවලට එරෙහිව කන්ඩායමක් ලෙස ක‍්‍රියා කිරීම යි.

මේ සඳහා, මුබාරක් යටතේ ඇති කරගත් කොන්ත‍්‍රාතුවක් අනුව ඔබාමා පරිපාලනය එම්1ඒ1 ඒබ‍්‍රහම් යුද ටැංකි 200 හා එෆ්-16 ප‍්‍රහාරක ගුවන් යානා 20 සපයමින් සිටී. මේ මාසෙය්දී වොෂිංටනය ලෙබනනයට තවත් අතිරේක එම්113 පුද්ගල සන්නද්ධ යුද ටැංකි 200 ක්ද සැපයීම මගින් හමුදාවේ සම්පූර්න ශක්තිය ඒපීසීඑස් 1,200 දක්වා ඉහල නැංවින. මෙහි ප‍්‍රකාශිත අරමුන වූයේ, "දේශසීමා ආරක්ෂා කිරීම සහ අභ්‍යන්තර ස්ථාවරත්ය” සඳහා සන්නද්ධ සේනාංක වල හැකියාව ශක්තිමත් කිරීමයි.

ඉරානයට එරෙහිව දැන් පනවා ඇති සම්බාධක මගින් රට අස්ථාවර කර සහ අඩපන කර ඇත. අත්‍යවශ්‍ය තෙල් අපනයන සියයට 55 කින් කඩා වැටී ඇති අතර ඉරාන මුදලේ වටිනාකම ඇද වැටී ඇත. එහෙත්, ඊස්රායලය එක දිගටම මිලිටරි ප‍්‍රහාරයක තර්ජනය එල්ල කරයි.

ඒකාධිපති තන්ත‍්‍රයන්ට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වයකට මුහුන නොදුන් එකදු රටක් හෝ මැද පෙරදිග නැත. එහෙත් කොතැනකවත් තම දේශපාලන අධිෂ්ඨානය තහවුරු කර ගැනීමට කම්කරු පන්තියට හැකිව නැති අතර ඔවුන් පාලක කල්ලියේ විරුද්ධ කන්ඩායම් වන ඉස්ලාම්වාදීන්, ජාතිකවාදීන් හෝ ලිබරලුන් අතර හිරවී සිටී. මෙයට අභියෝග නොකලහොත්, සිරියාවේ නිර්මානය කර ඇති නිකායවාදී නපුරු සිහිනය ඉරාකයේ, ජෝර්දානයේ, ලිබියාවේ, ලෙබනනයේ සහ තුර්කියේ ප‍්‍රතිනිර්මානය වනු ඇත.

මුබාරක් පෙරලා දැමීම සඳහා මූලික තල්ලූව ආවේ කම්කරු පන්තියෙන්ය. එය සිදුවූයේ, මුබාරක් තන්ත‍්‍රය විසින් දශක ගනනාවක් ගෙනගිය සමාජ හා දේශපාලන මර්දනයට එරෙහිව මිලියන සංඛ්‍යත කම්කරුවන් අරගලයට පිවිසීමත් සමග ය. එහෙත් අද, ඊජිප්තුවේ මිලියන 80ක ජනගහනෙයන් සියයට 25ක් තියුනු දරිද්‍රතාවයේ ගිලී ඇති අතර, උද්ධමනය අහස උසට නගිමින් ඇති අතර ජනාධිපති මොර්සි ලෝක මුල්‍ය අරමුදෙල් උපෙදස් මත දැවැන්ත වැටුප් කප්පාදුවක් ක‍්‍රියාත්මක කිරීමට අර අඳිමින් සිටී.

නව දේශපාලන හා ආර්ථික සැකැස්ම තුල, සහෝදරත්වය සහ මිලිටරිය පසෙකින් තම තත්වය තහවුරු කර ගැනීම අරමුනු කර ගත් නව ලිබරල් ධනපති විරුද්ධ පාර්ශ්වය මේ සම්බන්ධව කිසිදු තැකීමක් නොකරයි. මැද පෙරදිග වත්මනදී ක‍්‍රියාත්මක වන සෑම ධනපති විරුද්ධ පාර්ශවයකම මූලික අරමුන මෙයයි. එනම් කම්කරුවන් සූරාකෑම සඳහා තමන්ගේ අයිතිය තහවුරු කර ගැනීම හා බටහිර බලයන්, අන්තර් ජාතික සමාගම් සහ බැංකු සමග තම සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමයි.

කලාපයේ කම්කරුවන් හා තරුනයින් ඉදිරියේ ඇති මූලික දේශපාලන කර්තව්‍ය නම් පාලන තන්ත‍්‍රයන්ට එරෙහිව මෙන්ම ඔවුන්ගේ ධනපති විරුද්ධවාදීන් සහ එහි අධිරාජ්‍යවාදී මිලිටරි හා මූල්‍ය දායකයන්ටත් එරෙහිව ඒකාබද්ධ සමාජවාදී ව්‍යාපාරයක් මතු කර ගැනීමය. කම්කරු පන්තියේ අරමුන විය යුත්තේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වූ තමන්ගේම ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩ නගමින් දුගී ගොවීන් හා පීඩිත මධ්‍යම පන්තික ස්තර බලමුලුගන්වා ගනිමින්, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක් සඳහා සටන් වැදීමයි.

තම ආන්ඩුවල හා මැද පෙරදිග පාලක කල්ලි වල කොල්ලකාරී අරමුනු වලට එරෙහිව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරුවන් තමන්ට කල හැකි සියල්ල කල යුතුය. මේ සඳහා, එක්සත් ලේකම් මන්ඩලයේ හා ජාත්‍යන්තර සමාජවාදීන්ට අනුබද්ධ විවිධාකාර ව්‍යාජ වම්මුන්ගෙන් සෑදී සුලු ධනපති පක්ෂවලට ඍජුව එරෙහි විය යුතු අතර නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතු වේ. මෙම ව්‍යාජ වම්මුන්ගේ අරමුන නේටෝවේ යුද බලයේ සහාය ඇතිව සීඅයිඒ ඒජන්තයන්, තන්ත‍්‍රයන්ගේ පැරනි සාමාජිකයන් හා ඉස්ලාම්වාදීන්ගෙන් සමන්විත අධිරාජ්‍ය ගැති තන්ත‍්‍රයන් බලයට ගෙන ඒමේ ඒජන්තයින් ලෙස කටයුතු කිරීමයි.

"දනිස් වේව්ලන අධිරාජ්‍ය විරෝධය” පිලිබඳ හෙලා දැකීම් එක්සත් ජනපද ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයන්ගේ කවයන් වල දැන් ඉතා ජනප‍්‍රිය ය. මිලිටරි මැදිහත්වීම් වලට විරුද්ධ වන්නන් හෙලාදකින අතර ඒ, "තමන්ට ලබාගත හැකි සෑම උදවුවක්ම ගැනීමට අධිෂ්ඨානවත්” හා "පලමුව ලිබියානු හා දැන් සිරියානු විප්ලවවාදී ජනතාවගේ පැහැදිලි ඉල්ලීම් හා අවශ්‍යතාවන් සමග නොඑකඟ” වෙතියි යන්න මතය.

මෙම ප‍්‍රවනතා සියල්ල දැන් අධිරාජ්‍යවාදී ප‍්‍රතිගාමීත්වයේ කඳවුරට තුරුල්වී ඇත. කම්කරු පන්තියේ, යුද විරෝධී ව්‍යාපාරයට නායකත්වය දීමේත්, අධිරාජ්‍යවිරෝධී සහ සමාජවාදී නිසග අවශ්‍යතාවයන්ට ප‍්‍රකාශනයක් දීමේත් වගකීම දැන් පැවරී ඇත්තේ හතරවෙනි ජාත්‍යන්තර‍ෙය් ජාත්‍යන්තර කමිටුව වෙතය.

ක‍්‍රිස් මාස්ඩන්

Share this article: