බ්‍රෙනන් නම්කිරීම: වධකයන්ගේ හා ඝාතකයන්ගේ ආන්ඩුවක්

The Brennan nomination: A government of torturers and assassins

9 January 2013

"ඔහු අපගේ උත්සාහයන් දැඩි නීතිමය රාමුවක් තුලට කාවැද්දීමට කටයුතු කර තිබේ" යයි සඳුදා ධවල මන්දිරයේ ඊස්ට් රූම් වෙත පැමිනි අවස්ථාවේ දී ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කලේ ය. "අප නීතියට ගරුකරන ජාතියක් බව ඔහු අවබෝධ කර ගනියි. විවාද හා තීරන ගැනීමේ අවස්ථාවල දී ඔහු දුෂ්කර ප්‍රශ්න අසමින් උච්ච හා දැඩි ආස්තානයන් අවධාරනය කරයි" ඔබාමා තව දුරටත් සඳහන් කලේ ය.

ජනාධිපති විස්තර කරමින් සිටියේ, ජාතික ආරක්ෂාව හා ප්‍රති-ත්‍රස්තවාදය පිලිබඳ ඔහුගේ වර්තමාන උපදේශක ලෙස කටයුතු කරන හා ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ලෙස ඔහු විසින් දැන් නම්කරනු ලැබ සිටින ජෝන් බ්‍රෙනන් ගැනය. බ්‍රෙනන් ගේ "ඒකාග්‍රතාවය" හා "අප ඇමරිකානුවන් ලෙස අර්ථකථනය කරනු ලබන සාරධර්ම වලට කැපවීම" ද වගවර්නනා කලේ ය.

ඔබාමා විස්තර කරමින් සිටියේ රටේ ඝාතක ප්‍රධානියා ලෙස බ්‍රෙනන් ගේ භූමිකාව බව මෙම සාටෝප වාගාලාපයන් ගෙන් කෙනෙකුට සිතා ගැනීමට අපහසුවනු ඇත.ධවල මන්දිරයේ පැවති ඊනියා "ත්‍රස්ත අඟහරුවාදා" සැසිවල මුලසුන දැරීමෙන්, ජනාධිපතිගේ අනුමැතිය සදහා "ඝාතක ලැයිස්තු" සැකසීමෙන් හා නියමුවන් රහිත යානා විසින් කරනු ලබන දුරස්ථපාලක ඝාතනයන් අධීක්ෂනය කිරීමෙන් ඔහු, ඔහුගේ "ඒකාග්‍රතාවය" හා සාරධර්මවලට, නීතියට හා ප්‍රමිතීන්ට සිය කැපවීම ප්‍රදර්ශනය කර තිබේ.

"ශක්තිමත් නයිතික රාමුවක්" යනුවෙන් සඳහන් කරනු ලබන්නේ ගුවන් යානා මිසයිල් ප්‍රහාර මගින් මුලුමනින් ම වාගේ දෛනික පදනමක සිදුකල අවනීතික ඝාතනයන් "ක්‍රමානුකූලව සැලසුම් කිරීමේ" හා "සංවිධානය කිරීමේ" ක්‍රමයක් වන, ඔහු වර්ධනය කල ඊනියා "අපහරන ක්‍රමවේදය" ගැන ය. මිලිටරි හා ඔත්තුසේවා නිලධාරි කල්ලියක් විසින් වර්ධනය කල මෙම රාමුවට, තුන්වන රයික්ටාගය (ජර්මන් පාර්ලිමේන්තුව- පරි) කාලපරිච්චේදයේ හිට්ලර් නිකුත්කල නියෝග මෙන් "රටේ නීතීන්" සම්බන්ධයෙන් බොහෝ දේ කිරීමට තිබේ.

මෙය, 25 වසරක සීඅයිඒ මෙහයුම්කරුවෙකු වන බ්‍රෙනන් නම්කිරීමට ඔබාමා දැරූ දෙවන ප්‍රයත්නය වේ. අලුතින් තේරී පත් වූ ඩිමොක්‍රටික් ජනාධිපති, 2009 ඔහුගේ දිවුරුම් දීමෙන් පසුව, සීඅයිඒ ප්‍රධානියා ලෙස බ්‍රෙනන් පත් කිරීමට ඔහු ගත් තීන්දුව, පක්ෂය තුල හා පිටත ලිබරලුන්ගේ හා "වම්මුන්ගේ" බරපතල විරෝධයකට මුහුන දීමට සිදුවීම නිසා අතහැර දැමීමට බල කෙරුනි.

බුෂ් ආන්ඩුවේ පලමු වාරය තුල සීඅයිඒ අධ්‍යක්ෂ ජෝර්ජ් ටෙනට් ගේ කාර්යමන්ඩල ප්‍රධානියා හා ජාතික ප්‍රති-ත්‍රස්තවාදී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස සේවය කල හෙයින් එම කාලය තුල කෙරුන ඝාතන හා හිංසනයේ සිට අසාමාන්‍ය වධ දීම් දක්වාත් රට තුල නීතිවිරෝධී ඔත්තු බැලීම් යන දෙකරුනේ දී ම බ්‍රෙනන්ගේ සම්බන්ධය ගැඹුරින් ම ඇඟවුම් කෙරෙයි.

බුෂ් ආන්ඩුවේ "ත්‍රස්තයට එරෙහි ගෝලීය යුද්ධයේ" අඛන්ඩතාවය පුද්ගල ප්‍රකාශිත කරන බ්‍රෙනන් නම් කිරීම හා ඔබාමාගේ 2008 මැතිවරන පනිවුඩය වූ "බලාපොරොත්තුව හා වෙනස" සහ ඔහුගේ පුර්වගාමියාගේ අජූත ප්‍රතිපත්තිවලින් බිඳීමේ ඔහුගේ පොරොන්දුව අතර පරස්පර විරෝධය කොහෙත් ම වැදගැම්මකට නැත.

දැන්, සිව් වසරකට පසු, බ්‍රෙනන් නම්කිරීම, ලිබරලුන් හා "වාම" මාධ්‍ය තුලින් ගමන් කර, සෙනට් මන්ඩලය විසින් අනුමත කිරීමේ සන්තතිය තරනය කර යාම අ‍ෙප්ක්ෂා කල හැකි කමකට නැති තුනී විවාදයක් පැන නංවා තිබේ.

බ්‍රෙනන් සීඅයිඒ ප්‍රධානියා ලෙසත්, හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික චක් හැගෙල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියා ලෙසත් නම් කිරීම කෙරෙහි නිරූපක ප්‍රතිචාරයක් නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ අඟහරුවාදා කතුවැකිය තුල තිබුනි. ටයිම්ස් කතුවැකියේ ප්‍රථම භාගය කැපකර තිබුනේ මීට්පැකින් ව්‍යාපාරයේ උරුමක්කාරයා වූ ජේම්ස් හොමෙල්, එක්සත් ජනපද තානාපතිවරයෙකු ලෙස නම් කිරීම ගැන 1988 දී ඔහු කල සඳහනක් මත පදනම් ව, හැගෙල් ගේ "පුරුෂ සමලිංගික අයිතීන් පිලිබඳ අදහස් ප්‍රශ්නයට භාජනය වීම" කෙරෙහි සැලකිලිමත් වීමටය. හිංසනය, ගුවන් ප්‍රහාරක ඝාතන සහ වෙනත් අපරාධවලට බ්‍රෙනන් ගේ සම්බන්ධය අන්තිම ඡේදයට උඩින් ඡේදය දක්වා පහලට තල්ලු කර තිබුනි.

අද්‍යතන ඇමරිකාව තුල ලිබරල්වාදය වෙනුවෙන් ඉදිරියට යන දේශපාලන ප්‍රමුඛතාවයන් ගැන මීට වඩා හොඳ නිදර්ශනයක් සොයා ගැනීම දුෂ්කර වනු ඇත: එනම් එය ජනගහනයේ වඩාත් වරප්‍රසාදිත තට්ටුවලට සම්බන්ධ නිසා අනන්‍යතා දේශපාලනය කෙරෙහි එහි බැඳීම සහ රට තුල ප්‍රජාතන්ත්‍රික අයිතීන් හා විදේශයන් සම්බන්ධ එක්සත් ජනපද මිලිටරිවාදය ගැන නොතැකීමකි.

2009 දී බ්‍රෙනන් සීඅයිඒ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමේ තැත හෙලා දුටු නිව් රිපබ්ලික් පත්‍රයේ හිටපු කතෘ ඇන්ඩෲ සුලිවන්ගේ තීරු ලිපියක් එයාකාරම එලිදරව්කාරීය. ඩේලි බීස්ට් පත්තරයට ඔහු මෙසේ ලියුවේ ය: "එක් පසෙකින් හිංසනය අවසන්ව ඇති නිසා හා අනෙක් පසින් ඔහු ගුවන් ප්‍රහාරක වැඩපිලිවලට සම්බන්ධ හොඳ පුද්ගලයන්ගෙන් වඩා හොඳ අයෙක් නිසාත් ඔහුට මෙම අවස්ථාවේ නැඹුරු නොවෙමි"

"මිනිස්සු ‍වෙනස්වෙනවා" සුලිවන් තව දුරටත් සඳහන් කලේ ය. සත්තකින් ම, ඔවුන් එහෙමයි!

ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයන් අරාධානා නිසැකව ම එවන් වෙනස්වීම්වලට කඩිනම් වීමට උදව් කරනු ඇත. සංස්ථාපිතයේ ඉතා ධනවත් සමස්ත ලිබරලුන් තට්ටුවක් අධිරාජවාදයේ සහ එහි අපරාධවල විලිලජ්ජා නැති සමාජ ආධාරකයක් බවට පරිවර්තනය වී තිබේ. මෙය, ඔබාමා පාලනය යටතේ තීව්‍ර කෙරුන ගැඹුරු සමාජ මුල් සහිත සන්තතියකි.

බ්‍රෙනන් නම් කිරීම යලි වලෙන් ගොඩ ගැනීම, බුෂ් පාලනය යටතේ හිංසනය සහ සෙසු යුද අපරාධවලට වගකිව යුතු සියලු දෙනාට ඔබාමා පාලනය විසින් ආරක්ෂාව සැලසීම මගින් අනුග්‍රහය දක්වනු ලබයි. "පසුපස නොව; ඉදිරිය බලනු" යන දුෂ්ට මන්ත්‍රය යටතේ ඔබාමා සහ ඔහුගේ අධිකරන දෙපාර්තමේන්තුව සීඅයිඒ වධකයන් හෝ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ සිට පහලට ඒවා අධීක්ෂනය කල අයගේ ක්‍රියාකාරිත්වයන් පිලිබඳ පරීක්ෂා කිරීම පසෙකට දමා තිබේ. එමෙන් ම නීතිමය සහන ලබා ගැනීමට හෝ මෙම අපරාධවලට අදාල තොරතුරු ලබා දරන උත්සාහයන් අවහිර කිරීමට ඔවුහු නිරන්තරයෙන් මැදිහත් වෙති.

ඔබාමාගේ ධවල මන්දිරයේ අපරාධ බුෂ් යටතේ කෙරුන අපරාධ ඉක්මවා ගොස් ඇති අතර ඒවායේ හරි මැද බ්‍රෙනන් සිටින්නේ ය. ඔහු මෙහෙය වූ ගුවන් ප්‍රහාර මුලුමහත් ජනතාවන්, මූලිකව පාකිස්තානයේ නමුත්, දැන් වඩ වඩා යේමනයේ, සෝමාලියාවේ හා නිසැකව ම හැමතැනක ම එසේ සිදුවනු ඇත. ගුවන් ප්‍රහාර මගින් පාකිස්තානයේ එක ම සිවිල් වැසියෙක්වත් ඊට පෙර වසර පුරාම නොමල බව 2011 ජුනි මාසයේ විකාර සහගත ලෙස බ්‍රෙනන් සඳහන් කල නමුදු, එවැනි ප්‍රහාර වලට ගොදුරු වූ මිනිසුන්, ගැහැනුන් හා ලමුන් දහස් ගනනක් සිටින බව පාකිස්තාන ආන්ඩුව අවධාරනය කලේ ය.

එමෙන් ම, උසාවියක් තුල චෝදනා ඔප්පු කිරීම කෙසේ වෙතත්, කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව, ඇමරිකානු පුරවැසියන් අවනීතිකව ඝාතනය කිරීමට නියෝග නිකුත් කිරීමේ ඔබාමාගේ ආන්ඩුවේ හිතුවක්කාර බලය තුල බ්‍රෙනන් ප්‍රධාන උපදේශකයෙකු බවට පත්ව සිටී. නිව් මෙක්සිකෝවේ උපන් පූජක අන්වර් අල් - අව්ලාකි 2011 සැප්තැම්බර් මාසයේ ගුවන් මිසයිල් ප්‍රහාරයකින් ඝාතනය ඊට සති දෙකකට පසුව තවත් ඇමරිකානු පුරවැසියෙකු වූ අව්ලාකිගේ 16 හැවිරිදි පුතා යේමනයේ දී ඝාතනය කිරීමෙන් මෙම පිලිවෙත ක්‍රියාවට දැමුවේ ය.

2012 ඔබාමා යලි තේරී පත් වීමෙන් පසු, ඔහුගේ දෙවන පාලන කාලය තුල වඩා "ප්‍රගතිශීලී" න්‍යාය පත්‍රයක් ක්‍රියාවට දමනු ඇතැයි විවිධාකාර ලිබරලුන් සහ වම්මු සමපේක්ෂනය කල හ. නේසන් සඟරාව පසුගිය මාසයේ ලිවී ය "අපහසුවකින් තොරව යලි තේරී පත්වීමත් සමග ඔහුගේ දෙවන පාලන කාලය තුල වඩා නිර්භය වනු ඇතැයි අපි බලා පොරොත්තුවෙමු. වඩා ප්‍රගතිශීලී තැනැත්තන් ඇතුලත් කිරීම සඳහා ඔහු ඔහුගේ ආර්ථික උපදේශක කවයන් සහ කැබිනට් තනතුරුවලට පත් කිරීම් විවිධාංගකරනය කල යුතු ය."

බ්‍රෙනන් නම් කිරීමෙන් එවන් මුලාවන් ප්‍රවර්ධනය කල අය ඉටුකළ සාපරාධි භූමිකාව එලිදරව් කෙරෙයි. ඔහු දිව්රුම් දීමට පෙරාතුව වුව ද, ඇමරිකාවේ පාලක මූල්‍ය කතිපයාධිපතියන්ගේ හා එහි මිලිටරියේ සහ ඔත්තු සේවාවන් විසින් අනකරනු ලබන දේශපාලන න්‍යාය පත්‍රයක් ඔහුගේ දෙවන පාලන කාලය තුල ඔබාමා ක්‍රියාවට දමනු ඇතැයි තේරුම් ගැනීමට අපහසු වුයේ නැත. රට තුල කම්කරු පන්තියේ ජීවන තත්වයන් රුදුරු ලෙස කප්පාදු කිරීම හා විදේශයන් හි මිලිටරි මැදිහත්වීම් හා යුද අපරාධ එහි අක්ෂය වනු ඇත.

සමාජ කම්පනයන් අභිමුඛ කිරීමට පාලක පන්තිය සුදානම් වන නිසා, මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීම වඩා පුලුල් පොලිස් රාජ්‍ය බලතල උවමනා කරනු ලබයි. ප්‍රජාතාන්ත්‍රික අයිතීන්, රැකියා සහ සමාජ කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් හා එලඹෙන ඓතිහාසික අරගල සඳහා විප්ලවවාදී නායකත්වයක් සුදානම් කිරීම අවශ්‍යය.

බිල් වෑන් ඕකන්

Share this article: