ඇමරිකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රපාතය පිලිබඳ ජාවාරම

The fiscal cliff deal

3 January 2013

"රාජ්‍ය මූල්‍ය ප්‍රපාතය "යනුවෙන් නම් කරනලද බදු ඉහල දැමීමේ ද වියදම් කැපීමේ ද කඩයිම කල්දමාගනිමින් පසුගිය අඟහරුවාදා කොන්ග්‍රසය සම්මත කරගත් පනත ආබාධිතයන්ගේ ද දුප්පතුන්ගේ ද සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම දීමනා ඇතුලු සමාජ සහන වැඩ පිලිවෙල ට දරුනු පහර වැලක් එල්ල කිරීමට එක්සත් ජනපදයේ මහා පක්ෂ දෙක ට ද මාධ්‍යයන් ට ද සන් කරනු ඇත.

එම පනතින් සිදුකර ඇති කුටුම්බයන්ගෙන් ඉහලම සියයට 0.7 ක් වූ ආදායම් බද්දේ සුලු වැඩිකිරීම යොදා ගෙන තිබෙන්නේ 1930 ගනන්වල සහ 1960 ගනන්වල සිදුකරනලද මූලික සමාජ ප්‍රතිසංස්කරනයන්ට එල්ල කෙරෙන මහපහර වසන් කිරීම සඳහා ය. ධවල මන්දිරය ද කොන්ග්‍රස් මන්ඩලයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල නායකත්වයන්ද අතර ඇති කරගනු ලැබුනු මෙම ද්විපාක්ෂික ජාවාරම යුද වියදම් සහ දේශීය වියදම් ඩොලර් බිලියන 110ක් කපාහැරීම මාස දෙකකින් කල් දම ගෙන ඇත. මෙය ෆෙඩරල් ආන්ඩුවට නය ගතහැකි නීතිමය සීමාව ඉහල දැමිය යුතු වූ ද ෆෙඩරල් ආන්ඩුවේ කටයුතු වලට මුදල් සැපයීම නීතිමය වශයෙන් අනුමත කරන 'අඛන්ඩතා යෝජනාව ' කාලසීමාව ගෙවීයාමට නියමිත වූ ද මාර්තු මාසයේ දී අලුත් අර්බුද කඩයිමක් සලකුනු කරයි .

මූල්‍ය පනත ප්‍රශ්නයේ බදු අංශය විසඳා ලූ පසු , වෛද්‍ය ආධාර ක්‍රම සහ සමාජ සංරක්ෂන ක්‍රම ඇතුලු සමාජ වියදම් දැවැන්ත ලෙස කපාදමා, ' රාජ්‍ය මූල්‍ය ප්‍රපාතය' පැන යා යුතු යයි සංගත පාලිත මාධ්‍ය බලකරනු ඇත.

මහජනතාව රවටා පාලනය පවත්වා ගෙනයාම සඳහා බොරු කඩයිම් පනවාගෙන අර්බුද මවා පෙන්වීම ඇමරිකානු පාලක ප්‍රභුවේ මූලික උපක්‍රමයක් බවට පත්ව ඇත. ඊනියා මූල්‍ය ප්‍රපාත පනත විවාදයට ගත් තැන පටන් ම නරුම නාටකයක් වී ය. ඉන් පෙන්නුම් කලේ මහජනතාවගේ අවශ්‍යතා සපයාලීමට දේශපාලන පද්ධතිය අසමත් වීම පමනක් නොව එය මූල්‍ය නිලමක්කාරය ට කොතරම් යටත් ද යන්න ද වේ.

ජනතාවගේ සැබෑ උවමනා එපාකම් හෝ අදහස් තූට්ටුවකටට්වත් ගනන් නොගන්නා ඊනියා මහජන මතයක් නිර්මානය කිරීමට මාධ්‍ය වැඩට බැස ගැනීම මෙම පිලිවෙලේම කොටසකි. මෙවන් කප්පාදු වලට ජනගහනයෙන් ඇති මහත් වැඩි සංඛ්‍යාවක් විරුද්ධ බව මතවිචාරනයන්ගෙන් දැනටම තහවූරුව තිබෙන තතු තුල පසුගිය බදාදා උදෑසන වනවිට "හිඟ හා සමාජ වියදම් කප්පාදු කරන බරපතල පියවරක් ගැනීමට කොන්ග්‍රස් මන්ඩලය අසමත් වීම ගැන " මහජන විරෝධය උග්‍රව වැඩී එමින් පවතින්නේ යයි " මාධ්‍ය විසින් කතා කිරීම අරඹා තිබුනි.

නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් මෙම පනත සම්මත කිරීමෙන් පසු අඟහරුවාදා ඔබාමා කල කතාවේදී ඩිමොක්‍රටික් පක්ෂයේ කුහක කම ඔබාමාගේ පචයකින්එලිදරව් විය : "මගේ ජනාධිපතිවරන ව්‍යායාමයේ කේන්ද්‍රීය ප්‍රස්තුතයක් වූයේ පොහොසතුන්ට වඩාත් වාසිත් මධ්‍යම පන්තික ඇමරිකානුවන්ට අවාසිත් ලබාදුන් බදු පිලිවෙත වෙනස්කිරීම ය. අද රෑ අපි එය ඉටු කෙරුවෙමු ” යයි ඔහු කී ය.

පනත කරන්නේ බුෂ් පොහොසතුන්ට ලබාදෙනලද ආදායම් බදු කැපීම තවදුරටත් තහවුරු කිරීම ය. පනත මෙයට පිටින් යතොත් ඒ ඩොලර් 450,000 කට වැඩි වාර්ෂික ආදයමක් ලබන්නාවූ කුටුම්බයන්ගේ ආදායම් බද්ද සොච්චමකින් වැඩිකිරීම පමනි. මෙම පනත ප්‍රාග්ධන ලාභ සඳහා ද ලාභාංශ සඳහා ද බදු සියයට විස්ස මට්ටමේ රඳවා තබයි. දේපල බද්ද ඩොලර් මිලියන පහක් ලබන පුද්ගලයන්ට ද මිලියන දහයක් ලබන ජෝඩු වලට ද සීමා කෙරේ. තව අවුරුදු දහයක් ගතවන විට මෙම සීමාව උද්ධමනය සැලකිල්ලට ඩොලර් මිලියන 15 දක්වා ඉහල දමනු ලැබේ.

2001 ට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් අඩු මට්ටමකට, බදු පහත දමා ඇති මෙම ක්‍රමය ධනපතියන්ට ‍ෙදන ලද මහ වාසියකි. ඒ සමග ම, මෙම මූල්‍ය ප්‍රපාත එකඟතාවය සමාජ සුරක්ෂක ගෙවීම් ක්‍රමයේ බද්ද සියයට දෙකකින් කපයි. මේ අනුව වසරකට ඩොලර් 50,000 ක් උපයන දර්ශික පවුලකට 2013 දී අමතර ඩොලර් 1,000 ක් මධ්‍යම ආන්ඩුවට ගෙවීමට සිදුවෙයි.

මෙඩිකෙයර් - වෛද්‍ය ආරක්ෂන සහ සමාජ ආරක්ෂන වැනි සහන වැඩපිලිවෙලට නොනවතා පහර දීමට තමා කැපවී ඇති බව ඔබාමා යලිත් අවධාරනය කලේ ය. මෙඩි කෙයර් "අපගේ අයවැය හිඟයේ බරපතලම හේතුව ය" යි ප්‍රකාශ කල ඔහු එම වැඩ පිලිවෙල " ප්‍රතිසංස්කරනය " කරන්න ට පොරොන්දු විය. "අපට අහෝසි කරදැමිය හැකි වෙනත් පලක් නැති රාජ්‍ය වියදම් ද තිබෙන " බව ඔහු කීය. මේ අතර " අලුත් අවුරුද්දේ යෝජනා කර තිබුනු වියදම් කැපීම ද බදු ඉහල දැමීම ද මූල්‍ය ප්‍රපාත ජාවාරම මගින් කල් දැමීම නිසා මහ ආන්ඩුවේ හිඟය ඩොලර් මිලියන 4කින් ඉහල නගිනු ඇති බව කොන්ග්‍රස් අයවැය . කාර්යාලය වාර්තා කර ඇත.

"මුල්‍ය අසාර්ථකත්වයක් " යන නමින් යුතු එක ලිපියක් පාලක පන්තිය තුල පවත්නා චින්තනය පැහැදිලි කරයි.

ඔහු පටන් ගන්නේ ම ඇමරිකානු "සුභ සාධක රාජ්‍යය " නඩත්තු කරගත නොහැකි තත්වයක් උදාවී ඇතැයි කියමිනි. මෙම "නාස්තියට" කරගහන්නේ කවුද ?

නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ඩේවිඩ් බ්රුක්ස් පලකල "තවත් මුල්‍ය අසාර්ථකත්වයක් " නම් ලිපියක් පාලක පන්තියේ චින්තනය පැහැදිලි කරයි. ඔහු පටන් ගන්නේ ම ඇමරිකානු "සුභ සාධක රාජ්‍යය " නඩත්තු කරගත නොහැකි තත්වයක් උදාවී ඇතැයි කියමිනි.

සෞඛ්‍ය පහසුකම් ලබාගෙන ඒවා පාවිච්චි කිරීම මගින් විශ්‍රාමිකය තම ජීවිත ඕනවට වඩා දික්කරගැනීමේ බලාපොරොත්තු ඇතිකර ගැනීම ගැන ඔබාමා ඔවුන්ට දොස්පවර යි . " වැඩිහිටියන් සඳහා වියදම් කිරීමට සිදුවීම නිසා තරුනයන්ට සහ දිලින්දන්ට වියදම් කිරීමට තිබෙන සල්ලි නාස්තිවීම නිසා තදබල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන ඇති කිරීමට සිදු වී තිබේ යයි" යි ඔබාමා ලියයි. මෙහි තේරුම නම් " දුප්පත් කම උරගා පමනක් සැපයෙන්නක් බවට මෙඩි කෙයර් ක්‍රමය පත් කිරීම ය.

"අන්තිමේදී අප දොස් කිවයුත්තේ තමන්ට ලොකු වියදම් කරගනිමින් තම දරුවන් සහ මුනුබුරන් ගේ කර උඩට බර පටවන්නට තීන්දු කර සිටින ඇමරිකානු ඡන්ද දායකයන්ට ය."

ඔහු ට අනුව වයස්ගත විශ්‍රාමිකයන් ගේ මේ 'කුනු කමට' හොඳම උදාහරනයක් නම් තමන් ගෙවනවාට වඩා ඩොලර් 234,000ක් මෙඩි කෙයාර් ක්‍රමයෙන් නොමිලේ ලබාගන්නා දර්ශික මෙඩි කෙයාර් ජෝඩුවකි.

ඔබාමා ගේ මෙම ආක්‍රොෂය පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනතාව ට එරෙහිව එක්සත් ජනපද සංගත -මූල්‍ය ප්‍රභූව කෙතරම් මුර්ගත්වයකින් මෙහෙය වී ඇත්තේ ද යන්නයි. ඇමරිකානු පාලක ප්‍රභුව එරට වැඩකරන ජනතාව පසුගිය සියවසේ දිනාගත් සමාජ ප්‍රතිසංස්කරන ආපසු හැර වීමට ඕනෑම දෙයක් කිරීමට ඉන් අඟවනු ලබයි.

බැරී ග්‍රේ

Share this article: