ජපානයේ මුදල් යුද්ධය

Japan’s currency war

26 January 2013

ජපානයේ නව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ (එල්පීඩී) ආන්ඩුව ප‍්‍රහාරාත්මක ජාතික වැඩ පිලිවෙල පෙරමුනු දෙකක ක‍්‍රියාත්මක කිරීමේ සටන පටන් ගෙන ඇත. මිලිටරි ප‍්‍රසාරනය සඳහා පැනවී තිබුනු ව්‍යවස්ථාමය විලංගු ඉවත් කර ඊට ගැලෙපන පරිදි ජපානයේ ප‍්‍රතිවාදීන්ගේ වියදමින් තම අපනයන වර්ධනය කිරීමේ අරමුනෙන් යෙන් මුදල අවප‍්‍රමානය කෙරෙන පිලිවෙත් ඒකපාර්ශවීය ව කි‍්‍රයාවට දැමීමට පටන් ගෙන ඇත.

අගමැති ශින්සෝ අබී ගේ දැඩි පීඩනය යටතේ, ජපන් මහ බැංකුව (ජමබැ) 22දා ප‍්‍රකාශ කලේ, එක්සත් ජනපද ෆෙඩරල් බැංකුවේ "ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම” අනුව යමින් සුරැකුම්පත් හා අනෙකුත් වත්කම්, අනියමිත ලෙස (open-ended) මිලට ගැනීම් හරහා ඉලක්ක කරන උද්ධමන අනුපාතිකය "හැකි පලමු අවස්ථාවේදීම” සියයට එකේ සිට දෙක දක්වා පුලුල් කරන බව ය.

කෙසේ වෙතත්, මුල්‍ය ලිහිල් කිරීම් පිලිබඳ අදහස් කෙරෙහි ප‍්‍රතිරෝධයක් දැක්වූ මහ බැංකුව, බැඳුම්කර මිලදී ගැනීම ලබන වසරේ ජනවාරි දක්වා කල් දැම්මේ ය. මුල්‍ය වෙලඳ පොලවල් ඊට අනුරූපී ව ප‍්‍රතිචාර දක්වමින් ඇබේ ගේ නව මුල්‍ය පිලිවෙත බලාපොරොත්තුවෙන් පසුගිය වසරේ නොවැම්බරයේ සිට ඇමරිකානු ඩොලරය ට එරෙහි ව යෙන් මුදලේ වටිනාකම සියයට 12 න් පහත හෙලූ අතර ජමබැ නිවේදනයෙන් පසුව යෙන් මුදල සඳහා ඉහල ලංසු තැබී ය. තව ද, දැනට සිටින ජමබැ අධිපති ලබන මාර්තුවේදී විශ‍්‍රාම යාමට නියමිත බැවින් අලුතෙන් ප‍්‍රධානියෙකු පත්කිරීමේ අවස්ථාව ද ඔහුට හිමිව තිබේ.

මහ බැංකුව "වඩා ත් එඩිතර මුල්‍ය ලිහිල්කිරීමක් දෙසට තැබූ පියවරකැ යි” අබේ එම තීන්දුව වර්නනා කලේ ය. කෙසේ වෙතත්, මෙය අවසාන පියවර නො වේ. පසුගිය මාසයේ මැතිවරන උද්ඝෝෂනය පුරා අබේ අනතුරු ඇඟවූයේ, ජමබැ ට තම මුල්‍ය පිලිවෙත කි‍්‍රයාත්මක කිරීම ට බලකිරීම සඳහා, අවශ්‍ය නම්, නව නීති සම්පාදනය කරන බව යි.

ජමබැ වේ තීන්දුව, තරගකාරී අවප‍්‍රමානයකිරීම වටයන් මාලාවක් - විනිමය යුද්ධ ය - මුදා හැරිය හැකි ය යි, ජපානයේ ආර්ථික ප‍්‍රතිවාදීන් ගේ ක්ෂනික විවේචනයන් ට තුඩු දුනි. අනෙක් රටවල් මෙය අනුගමනය කලෙහාත්, "ප‍්‍රතිඵලදායී ආතතීන් පාලනය කිරීම පිලිබඳව ශුභවාදී වීම අමාරු” යයි එංගලන්ත මහ බැංකුවේ අධිපති මර්වින් කිංග් ප‍්‍රකාශ කලේය. තීන්දුව "අප සියලු දෙනාටම පීඩා කල හැකි සර්පිලයන් නිර්මානය කල හැකි” යයි අනතුරු ඇඟවූ ජර්මනියේ පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මයිකල් මයිස්ටර්, ජපානයේ ගමන් මග වෙනස් කිරීම සඳහා ජී20 කන්ඩායමේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ට ඉඟි කලේ ය.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය ට ප‍්‍රකාශයක් කරමින්, ජපන් ආර්ථික ඇමති අකිරා අමාරි, ජමබැ වේ "ස්වාධීනත්වය තැතිගන්වන ආකාරෙයන් උල්ලංඝනය” කිරීම ගැන සැලකිල්ල යොමු කල ජර්මන් බුන්ඩස් බැංකුවේ අධිපති ජෙන්ස් වයිඩ්මන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කලේ ය. චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් අමාරි සඳහන් කලේ "යුරෝ කලාපයේ ස්ථාවර හුවමාරු අනුපාත මගින්, තම අපනයනයන් සඳහා බොහෝ ප‍්‍රතිලාභ ලබා ඇති රට ජර්මනිය යි. ඔහු සිටින්නේ විවේචන එල්ල කල හැකි තැනක නොවේ.”

අබේ ආන්ඩුවේ පිලිවෙත් ක‍්‍රියාවට නැගෙන්නේ නරක අතට හැරෙන ආර්ථික අර්බුදය මගිනි. 1980 ගනන් අග, සමපේක්ෂනාත්මක දේපොල බුබුල පුපුරායාමෙන් ඇති වූ දිග් ගැස්සුනු ආර්ථික පල්වීම, 2008 ලෝක මුල්‍ය අර්බුදයත් සමග ආරම්භ වූ ගෝලීය ආර්ථික කඩාවැටීම සමග අන්තර්ඡේදනය වී ඇත. පොදු වැඩ සටහන් මගින් වර්ධනයට තල්ලුවක් දීමට එක දිගට දැරූ ප‍්‍රයත්නයන් අසාර්ථක විය. ප‍්‍රතිඵලය වී ඇත්තේ දැරිය නොහැකි රාජ්‍ය නය කන්දරාවකි. දියුනු ධනපති රටක ඇති ඉහලම මට්ටම වන මෙය අද එරට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 240 කි.

මෙම ආර්ථික කුනාටුවෙන් බේරීමට ජපානයට හැකියාව ලබාදෙන එක් කරුනක් නම්, එහි විශාල වෙලඳ අතිරික්තය යි. එහෙත්, පසුගිය වසර දෙක තුල වෙලඳ පරතරය තියුනු ලෙස හිඟයක් කරා පරිවර්තනය විය. 2012 දී, ජපානය අත් දුටු විශාල ත ම වෙලඳ හිඟය ට එරට මුහුන දුනි. සමස්තයක් ලෙස අපනයනයන් සියයට 5.8 කින් ද නැගෙනහිර චීන මුහුදේ දූපත් සම්බන්ධ මතභේද හේතුකොටගෙන චීනයත් සමග ඇති වූ තියුනු ගැටුම අතර තුර චීනයට කෙරෙන අපනයන සියයට 15.8 කින් ද කඩා වැටුනි. ෆුකුයාමා න්‍යෂ්ටික ඛේදවාචකයත්, න්‍යෂ්ටික බල ශක්ති මධ්‍යස්ථාන වසා දැමීමත් සමග අපනයන, විශේෂයෙන්ම බලශක්ති අපනයන, ඉහල ගියේ ය.

ජපානයට ම ආවේනික ආර්ථික දුර්වලතා එලිදරව් වී ඇත. ජාතික සම්පත් හිඟ දූපත් ජාතියක් ලෙස, ජපාන ධනවාදය සැමවිටම අපනයන වෙලඳ පොල මත ත්, ලාභ අමුද්‍රව්‍ය මත ත් බරපතල ලෙස රැඳී ඇත. අබේ ආන්ඩුවේ ආක‍්‍රමනකාරී මුල්‍ය පිලිවෙත් හා නැවත ආරම්භ කරන ලද ආර්ථික උත්තේජක ක‍්‍රියාවන් වටා ඇති මංමුලාව 1930 ගනන් වල අර්බුදය කෙරෙහි ජපානය දැක්වූ ප‍්‍රතිචාරය දෝංකාර නංවයි.

අපනයනයන් ගේ නාටකාකාර වැටීමෙන් හා මහා අවපාතයෙන් දැඩි ලෙස පහර කෑ 1931 දෙසැම්බරයේ දී පත් වූ ආන්ඩුව, යෙන් මුදල ට රන් පිටුබලය සැපයීම නතර කර, රාජ්‍ය වියදම්, විශේෂයන්ම මිලිටරිය ට කරන වියදම්, වැඩි කර, ව්‍යාපාර සඳහා උත්තේජනයක් සැපයීමට පොලී අනුපාත කප්පාදු කලේ ය. එක්සත් ජනපද ඩොලරය ට සාපේක්ෂ ව සියයට 60 කින් හා පවුමට සාපේක්ෂ ව සියයට 40 කි න් යෙන් මුදල කඩා වැටුනි. බි‍්‍රතාන්‍යයේ ඩේලි ටෙලිග‍්‍රාෆ් පත‍්‍රයට ලියමින් ව්‍යාපාර අටුවාකරු අම්බ්‍රෝස් ඊවානස්-ප්රිට්චාර්ඩ් "තම කාලය තුල පලමුවෙන් ම නීති පොත ඉරා දමා තම දේශය මහා අවපාතයෙන් ගොඩ ගත්, 1930 ගනන් මුල මුදල් ඇමති කොරිහියෝ ටකහාෂී යටතේ සිදු වූ දෙයෙහි අනුරුවක්” ලෙස අබේ ගේ පිලිවෙත් පැහැදිලි කලේ ය. තව ද ඔහු සඳහන් කලේ, "1932 සිට 1936 දක්වා ලෝකයේ වඩා ත් ම සාර්ථක [ආර්ථික] පිලිවෙත් වල පුරෝගාමියා ජපානය බව ට විරුද්ධවන්නේ අතලොස්සකි. ප‍්‍රයෝගයවූයේ දැඩි ව පහර දී සියලු ආකාරයේ උත්තේජන ඒකාබද්ධ කිරීමයි. ඒ හැම එකකින්ම අනෙකා බැහැර කිරීමයි.”

මෙම ඊනියා "සාර්ථකත්වය” ලඟාකර ගත්තේ දැවැන්ත වියදමකිනි. භූ-දේශපාලනික ආතතීන් තියුනු ලෙස වැඩි දියුනු කල අසල්වැසියා හිඟමනට ඇද දමනු යන සියලු අධිරාජ්‍යවාදී බලවතුන් අනුගමනය කල වැඩසටහන සමග ටකහාෂි ගේ පිලිවෙත් සමපාත වුනි. තව ද, රට තුල කම්කරු පන්තියට එරෙහි පොලිස් රාජ්‍ය මර්දනය සමග ද විදේශයන් හි වෙලඳ පොල විවෘත කර ගැනීම සඳහා හා අමු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මිලිටරි ප‍්‍රචන්ඩත්වය සමග ද ජපන් ආර්ථික වැඩ පිලිවෙල අත්වැල් බැඳ ගත්තේ ය. ජපානය විසින් 1931 මැන්චූරියාව හා 1937 චීනය ආක‍්‍රමනය කිරීම, 1941 දී පැසිෆික් යුද්ධය පුපුරා යාමට කොන්දේසි සකස් කල අතර කම්කරු පන්තියට ඛේදජනක ප‍්‍රතිවිපාක ගෙන දුනි.

අද, අබේ ආන්ඩුව එවැනි ම අන්තරාදායක ජාතිකවාදී ආර්ථික පිලිවෙත් හා යුදවාදයේ මිශ‍්‍රනයක් අනුගමනය කරන අතර එරට තනිවී ද නැත. ඔබාමා පරිපාලන යේ සීමාරහිත ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම හා ආක‍්‍රමනශීලි ලෙස චීනය කොටු කිරීම සඳහා "ආසියාව වෙත හැරීම” ජාත්‍යන්තර මුල්‍ය යුද්ධය වර්ධනය කිරීම සඳහා අබේ ට තමන්ගේ ම වෙඩි මුර නිකුත් කිරීමටත්, නැවත මිරිටරීකරනය කරා හැරීමට ජපානය ට තල්ලුව ද සපය යි. ඇමරිකාව මූලිකත්වය ගත් මැද පෙරදිග නව විජිත වාදී යුද්ධයෙන් දශකයක ට පසුව හා අප‍්‍රිකාව බෙදා ගැනීම සඳහා ආරම්භවී ඇති ක‍්‍රියාවලිය යටතේ තම ආර්ථික හා මූලෝපායාත්මක අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් මිලිටරියක අවශ්‍යතාවය ගැන ජපන් පාලක පන්තිය නිගමන උකහා ගනියි.

වඩාත් විනාශකාරී ලෝක යුද්ධයක් දෙස ට වන මෙම රූටා යාම සමග අත්වැල්බැඳගෙන සෑම රටක ම විෂඝෝර ජාතිකවාදය ඇවිස්සීම සිදුවෙමින් තිබේ. එය, ලාභ පද්ධතිය අවසන් කරන, ලෝකය ප‍්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ගනනාවකට බෙදී තිබීම අවසන්කරන හා සමස්ථයක් ලෙස මනුෂ්‍යවර්ගයාගේ සමාජ අවශ්‍යතාවයන් සපුරාලන ලෝක පරිමාන සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් තහවුරු කිරීම සඳහා වූ අරගලය තුල ඒකාබද්ධ කරන ජාත්‍යන්තර කම්කරු පන්තිය යුද්ධය වැලැක්විය හැකි එකම බලවේගය යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: