ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හා සිරියාවට එරෙහි අධිරාජ්‍යවාදී ප‍්‍රහාරය

The International Socialist Organization and the imperialist onslaught against Syria

ඩේවිඩ් නෝර්ත් සහ ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2013 මැයි 11

පසුගිය මැයි 1 දා ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනයිසේෂන් හෙවත් අයි.එස්. ඕ. සංවිධානය, අධිරාජ්‍යවාදය විසින් බශීර් අල්-අසාඩ් ගේ පාලනතන්ත‍්‍රය ඉවත් කිරීම සඳහා මෙහෙයවනු ලබන කුමන්ත‍්‍රනයට සහය දෙන “සිරියානු විප්ලවයට සහයෝගය,” නමැති ප‍්‍රකාශයක් දේශපාලන වශයෙන් විසම සහ සැකකටයුතු වූ "සිරියානු, අරාබි, සහ ජාත්‍යන්තර කි‍්‍රයාකාරීන්” ගනනාවක අත්සන් සහිත ව නිකුත් කලේය.

මෙම ලියවිල්ලේ තරයේම ප‍්‍රතිගාමී හා දේශපාලන වශයෙන් නපුරු ස්වභාවය අරුත්සදිසිව ඉබේම පැහැදිලි වේ. අයි.එස්. ඕ ප‍්‍රකාශයේ අරමුන වන්නේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය විසින්, ප‍්‍රතිගාමී කුලී හමුදා වලට අවි දී සිය ඉත්තන් ලෙස යොදාගෙන, සිරියාවේ කරවන යුද්ධය "මානව අයිතිවාසිකම්” පිලිබඳ ව්‍යාජ වාම පිට කවරයක දවටා නරුම ලෙස ආවරනය කිරීම යි. එමගින් අයි.එස්. ඕ ප‍්‍රකාශය සිරියාවේ ඉස්ලාම්වාදී විපාර්ශවය ද මැද පෙරදිග එක්සත් ජනපද යුද අරමුනු ද යන දෙකේ ම ඇත්ත ස්වභාවය නිර්ලජ්ජිතව මුසාකරනය කරමින් බල දේශපාලනයේ ප‍්‍රචාරක අවියක් ලෙස කටයුතු කරයි.

මෙම ප‍්‍රකාශය නිකුත් කර ඇති මොහොත දේශපාලන වශයෙන් වැදගත්ය. ඒ වනාහි සිරියාව කෙලින් ම ආක‍්‍රමනය කොට දමස්කස් නුවර රූකඩ ආන්ඩුවක් ඇටැවීම සඳහා තම රටවල මහජන මතය නමා ගැනීමට ඇමරිකානු සහ යුරෝපීය මාධ්‍ය ගෙන යන ප‍්‍රචාරය උග‍්‍ර කෙරන තත්වයකි. මෙම ප‍්‍රකාශය නිකුත්වුනු දිනට පසුදින සිරියානු අගනුවර ට ඊස්රායෙල් ගුවන් ප‍්‍රහාර එල්ල විය.

පසු ගිය මාර්තුවේ මෙම ලියවිල්ල ට උපත දුන් වර්ල්ඩ් සෝෂල් ෆෝරම් සංවිධාන සැසියේ පසුබිම අපායේ දුගඳ වහනය කරයි. වර්ල්ඩ් සෝෂල් ෆෝරම් යනු රාජ්‍ය බුද්ධි අංශයන් හා බද්ධ ප‍්‍රධාන සංගත වලින් යැපෙන චින්තන පර්ෂදයන්ගේ ග‍්‍රහනයේ ක‍්‍රියාත්මක වන සංවිධාන සිය ගනනක "වාම” පෙරමුන යි.

ටියුනිස් හි පැවැත්වුනු වර්ල්ඩ් සෝෂල් ෆෝරම් සැසිය රාජ්‍ය බුද්ධි අංශ සේවකයන් සහ පිලිගත් ධනේශ්වර දේශපාලකයන් රොත්තක් සමග කරේ අත දමා ගෙන, කා බී අන්‍යොන්‍ය ආසක්තතා සහ මූලෝපායයන් සාකච්ඡා කිරීමට මධ්‍යම පන්තික ව්‍යාජ වාමයන් ට අවස්ථාවක් සපයා දුනි. ටියුනිස් රැස්වීම ට ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ සී.අයි.ඒ පෙරමුනක් ලෙස වාර්තාවක් ඇති එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (Agency for International Development) ද ජර්මනියේ ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකේ චින්තන පර්ෂද දෙක ද - එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ ෆ්‍රෙඩ්රික් ඊබට් පදනම සහ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍ර සංගමයේ (ක‍්‍රිස්ටියන් ඩිමොක‍්‍රටික් යුනියන්) කොන්රඩ් ඇඩෙනුවර් පදනම ද - සම්බන්ධ වූ හ. මෙම හමුවේ වෙසෙසින්ම මුල්තැන් ගත්තෙක් නම් ජර්මානු එස්පීඩීයේ ප‍්‍රමුඛ දක්ෂිනාංශික ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මෙයර් ය. මොහු ඇන්ජෙලා මර්කල්ගේ ආන්ඩුවේ විදේශ ඇමති හැටියට 2005 සහ 2009 අතර අවුරුදුවල සේවය කලේ ය.

ටියුනිස් රැස්වීම ඔබාමා පාලනාධිකාරය ද එහි යුරෝපීය සගයන් ද විසින් සිරියාවේ තම යුද්ධ සැලසුම උග‍්‍රකිරීම සඳහා "ජනතා” සහය මවා පෙන්වීමට යොදාගත් බව වටහා ගැනීමට ලොකු දේශපාලන අභිනිවේශයක් උවමනා නැත. අයිඑස් ඕ ප‍්‍රකාශය ඉටු කලේ ඉහත අරමුන ම ය.

අයිඑස් ඕ සංවිධානය මෙම ප‍්‍රකාශය සූදානම් කිරීමට පෙරාතුව එය සැකසීම සඳහා කල සාකච්ඡා වල විස්තර ඉදිරිපත් කරනු තබා එහි කතුවරුන් කවුරුන්දැයි නියම නම් එලි කරන්නේ වත් නැත. ලියවිල්ලට අත්සන් එක් කර ගත්තේ කෙසේදැයි යන්න පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නේ වත් නැත.

කවුරු කෙසේ සකස් කලත්, මෙම ලියවිල්ල වනාහි දේශපාලන නෙත් අඳ කිරීමේ, මගහැරීමේ, සහ ප‍්‍රයෝගයේ අභ්‍යාසයකි. අයිඑස් ඕ ප‍්‍රකාශය මෙසේ අරඹයි: "රටවල් 30 කට වැඩි ප‍්‍රමානයක බුද්ධිමතුන්, කලාකරුවන් සහ ක‍්‍රියාකාරීන් විසින් අත්සන් කරන ලද මෙම ලියවිල්ල ලෝකයා ට මතක්කර සිටින්නේ අද [සිරියාවේ] සිදුවෙමින් පවත්නා දෙය වනාහි ජනයාගේ නිදහස සහ උදාර බව සඳහා වූ මහජන විප්ලවයක් බව ය - ඒ හේතුකොටගෙන හැම අතින්ම සහයෝගය ලැබිය යුත්තක් බව ය.”

ඇත්ත වශයෙන්ම ලෝකයා ට "මතක්කරදිය” යුතු කරුනක් මෙහි ඇතිනම් ඒ වනාහි අවුරුදු දෙකක් තිස්සේ අධිරාජ්‍යවාදීන්ගේ සහය ලත් කුලී භටයන් සිරියාවේ ගෙනයන ලේවැකි ඝාතන රැල්ල, "නිදහස සහ උදාරබව” පසෙක තිබියේවා මොන යම්ම අකාරයක හෝ "මහජන විප්ලවයකට” නම් සමාන නොවන බවය.

වොෂිංටනය, එහි නැටෝ සහකරුවන්, සහ සෞදි හා ක්වතාරි රාජාන්ඩු සිරියාව තුල නිරතව සිටින්නේ අතිදක්ෂිනාංශික සුන්නි ඉස්ලාම්වාදී සේනාංක යොදාගෙන කරන ලේවැකි නිකායවාදී යුද්ධයක ය. එක්සත් ජනපද නිලධාරින් සහ මාධ්‍ය විසින් පිලිගනු ලැබ ඇති පරිදි සිරියානු විපක්ෂයේ යුදමය හී තුඩ ලෙස ක‍්‍රියාකරන්නේ එක්සත් ජනපදය ඉරාකය අල්ලා ගෙන සිටිද්දී තනන ලද ඉරාකයේ අල් කයිඩාවෙන් බිහිවූ ත‍්‍රස්තවාදී සංවිධානයක් වන මෑතදී අල් කයිඩා නායක අයමන් අල් සවාහිරි ට පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කල අල් නුස්රා සංවිධානය ය.

පසුගිය දෙසැම්බරය වන විට අල් නුස්රා සංවිධානය පමනක් ත‍්‍රස්ත බෝම්බ ප‍්‍රහාර 600ක් සිදුකර සිරියානු සිවිල් වැසියන් දහස් ගනනක් මරාදමා ඇති බව එක්සත් ජනපද ආන්ඩුව විසින් ම පිලිගනු ලැබ ඇත. තමන් ඇලෙප්පෝ නුවර අවට ඖෂධ කම්හල් ද ධාන්‍ය ගබඩා ද කොල්ලකා විනාශ කර දමන බව එම සංවිධානය විසින් ප‍්‍රමුඛ පුවත් මාධ්‍ය වලට කියා තිබේ. වසරකට පෙර හවුලා හි කරන ලද නිකායික ඝාතන බඳු ඝාතන වලට ඔවුන් වගකිව යුතුය. එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට අනුව ඛාන් අල්-අසාල් නගරයේ දුසිම් ගනනක් ජනයා ඝාතනය කල විෂ වායු ප‍්‍රහාරයට ද වගකිව යුත්තේ ඔවුන් ය.

ප‍්‍රමුඛ සුන්නි පූජක ෂෙයික් අද්නාන් අල්-අරුර් ගේ ලේ පිපාසිත දෙඩවිලිවලින් ප‍්‍රකාශිත වන්නේ එක්සත් ජනපදයේ ආධාර ලත් සිරියානු විපාර්ශවයේ නිකායවාදී දේශපාලනයයි. අසාද් පාලනයේ ඉහල නිල දරන්නන් අයත් සුලුතර අලවිවාදී නිකායට "දරුනු හා වේදනාකාරී දඬුවම්” දිය යුතු යයි කියන අල්-අරුර් විපාර්ශවයට එරෙහි අලවි නිකායිකයන් "අල්ලා දෙවියන්ගේ නාමයෙන් මස් මෝල ට දමා අඹරා බල්ලන්ට දමන්නෙමු” යි කියයි. "නිදහස සහ උදාරත්වය” ගැන අයි.එස්. ඕ. සංවිධානය කරන දෙඩවිලි ගැන කිව යුත්තේ එපමනයි.

නැගෙනහිර මධ්‍යධර ප‍්‍රදේශයේ ද ලෙවන්ට් හි ද සිදුවෙමින් පවතින දෙය නොමිනිය හැකි මහ ගැඹුරු අබිරහසක් නො වේ. සිරියාවේ යුද්ධය වනාහි ඇමරිකානු අධිරාජ්‍යවාදය, තම ගැත්තර, උග‍්‍ර ප‍්‍රතිගාමි ගල්ෆ් රාජ්‍ය පාලකයන්ගේ ද ආධාරයෙන් මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ දේශපාලනය තම උවමනාකම් වලට ගැලපෙන පරිදි සකසා ගැනීමේ ප‍්‍රචන්ඩ ප‍්‍රයත්නයෙන් පැන නගින්නකි. 2001 දී ඇෆ්ඝනිස්තානය ද 2003 ඉරාකය ද ආක‍්‍රමනය කිරීමෙන් පසුව වොෂින්ටනය විසින් අටවන ලද නව යටත් විජිතවාදී පාලන තන්ත‍්‍ර විසින් වඩා පැහැදිලිව සංකේතවත් කරනු ලැබූ මෙම ප‍්‍රහාරය ලක්ෂ ගනන් ජීවිත බිලි ගෙන ඇත. මෙම ප‍්‍රහාරයේ කොටසක් ලෙස බුෂ් පාලනයේ නිලධාරීන් සකස් කරගත් ‘ඇක්සිස් ඔෆ් ඊවල්’ (නපුරේ අක්ෂය) ලැයිස්තුවට ඇතුලත් කර ගත් රට වලින් එකක් වන සිරියාවට එරෙහිව දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු තුවක්කු එල්ල ව පවතී.

දත්විලිස්සා බොරු කියන අයිඑස් ඕ සංවිධානය, මැදපෙරදිග එක්සත් ජනපද ආක‍්‍රමනය ප‍්‍රගතිශීලිය යි පෙන්වීමට උත්සාහ කරමින් මෙසේ ලියයි. "සිරියාව තුල කෙරෙන අරගලය ප‍්‍රාදේශීයව ද ලෝකය පුරාද නිදහස උදෙසා කෙරෙන්නා වූ අරගලයේ ම අංශයකි. එය පීඩනයට සහ ඒකාධිපතිත්වයට එරෙහිව කැරලි ගසා නැගී සිටින බහ්රේනියානුවන්, ඊජිප්තුවාසීන්, ටියුනීසියානුවන්, ලිබියානුවන්, යේමනින් ද ඇතුලු ජනයා ගේ අරගලවලින් වෙන් කල නොහැක්කකි.”

මේ වනාහි වංචනික වචනය. අයිඑස් ඕ ප‍්‍රකාශය "සිරියාවේ සිද්ධීන් ප‍්‍රාදේශියව ද ලෝකය පුරාද නිදහස උදෙසා කෙරෙන්නා වූ අරගලයේ ම අංශයකි” යන්න සංයුක්ත ලෙස පැහැදිලි කිරීමට උත්හාහ දරන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය යේමනයේ නැගී සිටින කැරලිකරුවන් මරාදමමින් නිතිපතා ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කරයි. සිරියාවට එරෙහි ප‍්‍රහාරයට මුල්‍ය ආධාර සැපයීමේ මූලික කි‍්‍රයාකලාපයක් ඉටුකරන ගල්ෆ් කෝපරේෂන් කවුන්සිල්හි පාලන තන්ත‍්‍රයන් විසින් ම බහරේනයේ විරෝධතාවන් නිර්දය ලෙස මර්දනය කරනු ලැබේ .

සිරියාවේ සිද්ධීන් ඊජීප්තු විප්ලවයට සමාන කිරීම වනාහි කුනුහරුපයකට නො අඩු දෙයකි. ඊජිප්තුවේ මහජන ව්‍යාපාරය සැබෑ විප්ලවයක සියලු ලක්ෂන දරා සිටියේ ය. ප‍්‍රාරම්භක ජනතා විරෝධතා මහා වැඩ වර්ජනයක් කරා වර්ධනය වූයේ මුබාරක් ඉවත් කිරීම ද වැඩ කරන ජනයාට යහපත් ජීවන තත්වයන් ද ඉල්ලමිනි. විප්ලවවාදී ව්‍යාපාරය විරෝධතා සහ ස්ට‍්‍රයික් සටන් තුල මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ජනයා ඒකාබද්ධ කලේ ය. ව්‍යාපාරයේ ජනප‍්‍රිය සහ ප‍්‍රගතිශීලී ස්වභාවය පිලිබඳ නොවරදින සලකුන වූයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එහි පැවති විරුද්ධත්වයි. විරෝධතාවන් මැඩීමට මුබාරක් දැරූ ප‍්‍රයත්නයන්ට ඔබාමා පාලනාධිකාරය ආධාර කලේ ය. එක්සත් ජනපද ආන්ඩුව සිය ප‍්‍රතිවිප්ලවවාදී උපායෙහි මාරුවක් කරමින් පැරනි ඒකාධිපතිත්වය වෙනුවට මුස්ලිම් සහෝදරත්වයට සහයෝගය දෙන්නට පටන් ගත්තේ මුබාරක් ගලවාගත නොහැකි බව තේරුම් ගත් කල්හි පමනි.

අයිඑස් ඕ සංවිධානය විසින් දෙන ලද උදාහරන වලින්, සිරියාවේ අරගලයට සමාන්තරයක් වන්නේ එකක් පමනි. දැන් හොඳටම පැහැදිලිව පවත්නා පරිදි 2011 ලිබියානු විපාර්ශවයේ වැඩ කටයුතු, සිරියාවට මැදිහත්වීම උරගා බැලීම සඳහා කරන ලද පරීක්ෂනයක් විය. දැන් සිරියාවේ මෙන්ම එකල්හි ලිබියාවේ දී ද එක්සත් ජනපදය සහ එහි නැටෝ සහකරුවෝ මුඅම්මර් ගඩාෆිගේ පාලනය පෙරලා දමා ඔහු මරාදැමීම සඳහා විවිධ ත‍්‍රස්තවාදී කන්ඩායම් අවි දී සන්නද්ධ කලහ. එම කුමන්ත‍්‍රනයේ ප‍්‍රතිඵලය වූයේ ලිබියානු ජනතාවට "නිදහස සහ උදාරත්වය” ලබාදීම නොව මුලුමහත් ලිබියානු සමාජයම වනසා දැමීමක් හා සැබවින්ම සමාන තත්වයකි.

එයට පෙර 2011 ලිබියානු යුද්ධයේ දී මෙන්ම, සිරියානු යුද්ධයේ දී ද පැනනැගී ප‍්‍රාරම්භක ජන විරෝධතා අභිබවා සිය පාලනයට ගත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, තමන් හා කලක් තිස්සේ ගැටෙමින් පැවති දේශීය පාලන තන්ත‍්‍රයට එරෙහිව ආක‍්‍රමනික යුද්ධයක් සඳහා ඒවා ව්‍යාජ හේතුවක් ලෙස යොදාගත්තේය. මෙම යුද්ධ දෙකේදී ම වොෂින්ටනයේ ප‍්‍රමුඛ ඉත්තන් ලෙස කටයුතු කලේ අල් කයිඩාවට පක්ෂපාති සුන්නි නිකායික කොටස් ය. ඒ ලිබියාවේදී ඉස්ලාමික් ෆයිටිං ගෘප් නම් කන්ඩායම් ද සිරියාවේ අල් නුස්රා පෙරමුන ද වේ.

අයිඑස් ඕ ප‍්‍රකාශය යථාර්තය විකාර ලෙස විකෘති කරන කතිකාවක් ගොතාගෙන ඇත. එය මෙසේ ලිය යි: "මෙය වනාහි දෙරා නගරයේ ලමයින් සහ නගරවල තරුනයින්, ගම්බද ගොවියන් සහ සිරියාවේ නැත්තන් හා අතර මං වූවන් විසින් අරඹනු ලැබූ කැරැල්ලකි. ඔවුහු රාජ්‍යයේ මෘග මර්දනයට සාමකාමීව මුහුන දෙමින් පෙලපාලි සහ වාඩි ලා ගැනීම්වල ට සම්බන්ධ වූ හ. එවක් පටන් ම සිරියානු පාලන තන්ත‍්‍රය මෙම අහිංසා ව්‍යපාරය යුද්ධයට තල්ලු කර දැමී ය. එහි විපාකයක් වශයෙන් තරුනයෝ ප‍්‍රථම වතාවට ආත්මාරක්ෂාව සඳහා සන්නද්ධ වූ හ.”

මේ වනාහි පශ්චාත් නූතනවාදී අපබ‍්‍රංසයකි. අයිඑස් ඕ සංවිධානය මෙම අතිශයින් ම විකාර යෙදුම මගින් උත්සාහ කරන්නේ ඔවුන් ගේ ත‍්‍රස්ත බෝම්බ ගැසීම් හුදෙක් "අනිකේ නිෂේධනයක්” යයි කියාපාමින් අල් නුස්රාවේ මිනීමරු වැඩකටයුතු වලට සුවඳ කැවීමට ය.

යුද්ධය පිලිබඳ අයිඑස් ඕවේ ඉදිරිපත් කිරීම මුලුමනින් ම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රචාරයකි. සිරියාව තුල විරුද්ධ පාර්ශ්වය "යුද්ධයට බැසීම” අසාද් තන්ත‍්‍රයේ ක‍්‍රියාවන්ට දක්වන ලද ප‍්‍රතිචාරයේ අතිරේක දෙවන මට්ටමේ පියවරක් නොව විදේශීය හාම්පුතුනට එකඟ වූ පරිදි උත්සන්න කිරීමේ හා තන්ත‍්‍රය වෙනස් කිරීමේ වැඩ පිලිවෙලේ කේන්ද්‍රීය මූලාංගය යි.

ජස්ර් අල්-ෂුගෝර්හි දී 2011 ජූනි මස මුල විපාර්ශ්වය එල්ල කල ප‍්‍රහාරය සිදුවුයේ තුර්කියේ අන්ටාල්යාහි දී එක්සත් ජනපද ආධාර උපකාර ලත් විපාර්ශ්වීය කවුන්සිලය අටවා දින දෙකකට පසුව ය. කවුන්සිලය 2012 පෙබරවාරියේ දී අලෙප්පෝවල දී සිය ප‍්‍රධාන මෙහෙයුම ආරම්භ කලේ ත‍්‍රස්තවාදී බෝම්බයකිනි. එක්සත් ජනපද ජාතික ඔත්තු සේවා අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් එය අල්කයිඩාව පිටට පවරාලූ අතර එක්සත් ජනපද ඩ්‍රෝන් යානා සිරියාවට ඉහලින් පියාසර කිරීම පිලිබඳ වාර්තා ආවේ ඒ වහා ම ය. මැයි 10 වැනි දා කාර් බෝම්බ හා මැයි 25 හවුලා සංහාරයෙන් ඇරඹුනු 2012 සරත් සමය අවසානයේ දී දමස්කස් නුවර විපාර්ශ්වය ඇති කල ප‍්‍රහාරයෙන් පසු එක්සත් ජනපද ඔත්තු සේවා විපාර්ශ්වය සන්නද්ධ කරන බව නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය තහවුරු කලේ ය.

එතැන් පටන් සිරියානු විරුද්ධ පාර්ශ්වයේ ප‍්‍රචන්ඩ බව ද සීඅයිඒ හා එහි මිතුරන්ගෙන් එය ලබන ටොන් දසදහස් ගනන් ආධාර ද්‍රව්‍ය ද රහසක් වූයේ නැත. එහෙත්, මෙම අනුග‍්‍රහය තිබියදී වුව අසාද් පහකිරීම තමන්ට කර ගත නොහැකි බව විපාර්ශ්වය ඔප්පුකර ඇත. ඉන් පෙන්නුම් කෙරෙන්නේ විපාර්ශවයේ අන්ත දක්ෂිනාංශික ජිහාඩ්වාදී දේශපාලනය ට මහජන සහායක් නැත යි යන්නය.

බෂාර් අල්-අසාද් නායකත්වය දරන්නේ සිරියානු කම්කරු පන්තියට එරෙහි ගනන් නැති ආරාධයන්ට වග කිවයුතු වූ මර්දන තන්ත‍්‍රයකට ය යන්න නිසැකය. මැද පෙරදිග අන් සියලු පෙර-යටත් විජිත රටවල මෙන් සිරියාවේ දී ද, සමාජය සැබවින් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ප‍්‍රති ව්‍යුහකරනය කිරීමට ධනේශ්වරය අසමත් වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිර්දය ලෙස පාගා ලූ අර්ධ බොනපාර්ට්වාදී, ඒකාධිපති පාලනයන් පිහිටුවීමට මග පෑදුවේ ය. සමාජවාදී දේශපාලනයේ මූලික සිද්ධාන්තයක් වන්නේ මෙම පාලනයන් පෙරලා දැමීම කම්කරු පන්තියේ කර්තව්‍යය බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජවාදය සඳහා අරගලය මොන ම කොන්දේසියක් යටතේ වුව අධිරාජ්‍යවාදී බලවතුනට ද ඔවුන්ගේ බැලයන්ට ද පවරාදිය නොහැකි ය.

සිරියාව සම්බන්ධයෙන් සමාජවාදී ඉදිරිදර්ශනය ඓතිහාසිකව ප‍්‍රවිෂ්ටවන්නේ එ රටේ පීඩිත, පෙර -යටත් විජිත ස්වභාවයෙනි. රට යුද්ධයට ඇද දමන වාර්ගික කන්ඩායම් මුල්බැස ඇත්තේ සිරියාව ද ඇතුලත් මැද පෙරදිග - ඔටෝමන් අධිරාජ්‍යය පලමුවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය විසින් කුට්ටි කොට බෙදා ගැනීම තුල ය. මෙම ආතතීන් පරාජය කොට සියලු දෙනා සඳහා සෞභාග්‍ය සහතික කිරීමට සම්පත් ආරක්ෂා කිරීමේ කර්තව්‍යය සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදය සඳහා මැද පෙරදිග ජනතාවගේ එක්සත් අරගලයක් මගින් පමනි. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පැහදිලි කරන පරිදි අධිරාජ්‍යවාදයට එරෙහිව අරගලයේ ප‍්‍රධාන කාර්යභාරය කම්කරු පන්තිය ට පැවරේ.

එවැනි අරගලයක් වනාහි සිරියාව, ඉරාකය, ඊස්රායලය, ඊජිප්තුව හා අරාබි අර්ධද්වීපය තුල කම්කරු පන්තිය සකල වාර්ගික, ආගමික, සීමා කපාගෙන විප්ලවවාදීව එක්සත් කොට කලාපයේ තෙල් ආදායමෙන් වැඩි ම පංගුවේ ඒකාධිකාරය දරන පර්සියානු බොක්කේ ප‍්‍රතිගාමී රාජාන්ඩු පෙරලා දැමීම සහ අධිරාජ්‍යවාදී ආක‍්‍රමන තර්ජනය පරාජය කිරීම සඳහා ඇමරිකානු හා යුරෝපීය කම්කරු පන්තිය හා එක්ව කරන පොදු අරගලයක් වන්නේ ය.

සිරියාව තුල ඉස්ලාමීක විපාර්ශ්වය හා වොෂිංටනයේ එහි ආධාරකරුවන් සමග එක්ව පෙලගැස්ම මගින් අයිඑස් ඕව මෙම සියලු අරගලයන් කෙරේ තම හතුරුකම ප‍්‍රදර්ශනය කර යි. එමගින් එය කරන්නේ විපාර්ශ්වයේ හාම්පුතුන්ගේ, එනම් පර්සියානු බොක්කේ රාජකීයන් හා උන්ගේ එක්සත් ජනපද හා යුරෝපීය අධිපතියන් ගේ වරප‍්‍රසාද ආරක්ෂා කිරීම සහ විපාර්ශ්වයේ සංහාරයන් හා දක්ෂිනාංශික ප‍්‍රචාරයන් විසින් ගිනි අවුලුවනු ලබන කලාපයේ නිකායික ආතතීන් උග‍්‍ර කිරීම ය. අයිඑස් ඕ ව සේවය කරන ආසක්තතා වනාහි කිසිසේත්ම ප‍්‍රගතිශීලී ඒවා නො වේ, ප‍්‍රතිගාමී ඒවා ය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද්ධ ධාවනයේ පිටිපස තිබෙන න්‍යායපත‍්‍රය මැයි 6 වැනි දා වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ කතුවැකියක් නො සඟවා විදහා දැක්වුනි. "ක්ෂනික ඉලක්කය වනු ඇත්තේ ජන ඝාතක අවි පැතිරීම සීමා කිරීමට ය, නමුත් ඉතාමත් වැදගත් මූලෝපායික ඉලක්කය වනු ඇත්තේ කලාපයේ අපගේ ප‍්‍රධාන සතුරා වන ඉරානය පරාජය කිරීම යි. අඩු වශයෙන් කෙටි කාලයේ දී දමස්කසය තුල ජිහාඩ්වාදී (උදාහරන, අල්කයිඩා) ජයග‍්‍රනයක අවදානම ම සැබවින් ම පවත්නා නමුත් තුර්කිය හා ඊස්රායලය ලවා එය මර්දනය කර ගත හැකිය.”

වෙනත් වචනවලින් කිවහොත්, ජර්නලය දකින්නේ සිරියාව තුල ඉස්ලාම්වාදීන්ගේ ජයග‍්‍රහනය වොෂින්ටනයේ ප‍්‍රධාන මූලෝපායික ඉලක්කය දෙසට ගනු ලබන පියවරක් ලෙස ය. ඉරාන තන්ත‍්‍රයේ පරාජය හා තෙල්වලින් පොහොසත් මැද පෙරදිග තුල සම්පූර්න එක්සත් ජනපද අධිකාරිය ස්ථාපිත කිරීම යි. ඒ සියල්ලට පලමුව මෙම අධිකාරය ක‍්‍රියාවට යොදවනු ඇත්තේ අසාද්ට සහාය දක්වා ඇති රුසියාව හා චීනය යන වොෂින්ටනයේ භූ-දේශපාලනික පසමිතුරන්ට එරෙහිව ය. සිරියානු යුද්ධය යටින් මෙම ජාත්‍යන්තර ගැටුම් නොපවතින බව කියා සිටින අයිඑස් ඕ සංවිධානය තමන් සහය දක්වන්නේ විප්ලවයකයට යයි කියා සිටී.

අයිඑස් ඕව අධිරාජ්‍යවාදීන් සමග තම විවෘත මිත‍්‍රත්වය හෑල්ලු කොට දැක්වීමට උත්ප‍්‍රාසාය යොදාගැනීමට තතනයි: "සිරියානු විප්ලවය උඩුයටිකුරු ලෝකයකට මුහුන දී ඇත. රුසියාව, චීනය හා ඉරානය වැනි අරාබියේ මිතුරන් යයි කියන ආන්ඩු ජන ඝාතනයට හවුල් වී ඇති අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හෝ නිදහසට කිසි දා සහාය නොදුන් ආන්ඩු, විශේෂයෙන් ම එක්සත් ජනපදය හා එහි ගල්ෆ් මිතුරෝ විප්ලවයේ සහායට මැදිහත් ව සිටිති.”

නැත. "උඩු යටිකුරුව” පවතින්නේ අයිඑස් ඕවේ විශ්ලේෂනය ය. වෝල් වීදිය ද, පෙන්ටගනය ද, ප‍්‍රධාන තෙල් සමාගම් හා පර්සියානු ගල්ෆ් ශීක්ධානිවල ඔටුනු පැලැන්ඳන් ද විප්ලවයක් සඳහා සටන් නොකරන බව පැහැදිලි කිරීම ඇත්ත වශයෙන් ම අවශ්‍ය ද? මධ්‍යම පන්තියේ වෙනත් ව්‍යාජ වාම සංවිධාන විශාල සංඛ්‍යාවකගේ පරිනාමයට අනුකූලව අයිඑස් ඕව ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තීන්දු කරන ලද දේශපාලන මාවතක් අනුගමනය කිරීම සිදුවන්නට බැරි එතරම් දුරස්ථ කාරනයක් ද?

මෙම ලියවිල්ලේ අත්සන්කරුවන් පිලිබඳ කාරනය ද පවතී. අප මේ වන විටත් සටහන් කර ඇති පරිදි මෙම විසම කන්ඩායම එක්රැුස් කර ගත්තේ කෙසේ ද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන් තුල ඔවුන් දේශපාලන ගනිකා වෘත්තියට කොටුවුනේ කෙසේ ද යන්න අයිඑස් ඕව පැහදිලි කරන්නේ නැත.

තරික් අලී, ගිල්බර්ට් අක්කර්, ෂෙරී වුල්ෆ් හා මයිකල් ලෝවි වැනි අත්සන් කරුවන්ගෙන් සමහරෙකුට දකුනට ගමන් කරන ව්‍යාජ වාම පක්ෂවල ප‍්‍රතිගාමී දේශපාලන කූටෝපාය සමග දීර්ග සම්බන්ධයකම් ඇත. කෙසේ නමුත්, අත්සන් කර ඇති බොහෝ දෙනා මානව හිමිකම් නැමති ව්‍යාජ ධජයට ආකර්ෂනය කර ගෙන ඇති බව නිසැක ය. ඔවුන් මෙයට අත්සන් කලේ අඩුවශයෙන්, එය කියවන්නේ වත් නැතිව සිරියාව තුල සිදුවන්නේ කුමක් දැ යි කිසිදු බැරෑරුම් වැටහීමකින් තොර ව විය හැකි ය. එවැනි එක් එක් පුද්ගලයන් මෙම ප‍්‍රතිගාමී යුද-පක්ෂ ප‍්‍රචාරක උත්සාහය සමග සිය සන්ථවය ගැන යලි සලකා බැලිය යුතු අතර ඔවුන් සිය අත්සන් ලේඛනයෙන් ඉවත් කර ගත යුතු ය.

අයිඑස් ඕව සම්බන්ධයෙන් ගතහොත්, එය සිරියාවට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනකාරී යුද්ධය සඳහා ආධාර ගොනු කිරීමට මුසාවාද හා මෘදු පද යෙදා ගනිමින් සිරියානු මහජනතාවට එරෙහිව සිදු කෙරෙමින් පවතින දේශපාලන අපරාධවල දී අධිරාජ්‍යවාදයේ අත්ගෙඩියක් ලෙස මුලුමනින් හා අනිවාරනීයව එලිදරව් වී ඇත. සිරියානු මහජනතාවට එරෙහිව සිදු කෙරෙමින් පවතින දේශපාලන අපරාධවල දී සහකරුවකු වන එය අධිරාජ්‍යවාදයේ ඍජු සහාපරාධියෙකි.

Share this article: