ගෝලීය ධනවාදී අර්බුදය වෙලඳ පොල ගැති ප‍්‍රතිසංස්කරනවලට චීනය තල්ලූ කරයි

Global capitalist crisis drives China’s pro-market reform

2013 ජුනි 5

ගෝලීය ප‍්‍රාග්ධනයට රාජ්‍ය අංශයේ ආර්ථිකය විවෘත කිරීමේ ඉලක්කය ඇතුව ජනාධිපති සී ජින්පින්ග් සහ අගමැති ලී කෙකියාන්ග් විසින් මෙහෙයවන චීන කොමියුනිස්ට් පක්ෂය වෙලඳ පොල ගැති ප‍්‍රතිසංස්කරනයන්ගේ තෙවන රැල්ල නිවේදනය කොට තිබේ.

”වෙලඳ පොල පාදක ප‍්‍රතිසංස්කරනයන් ගැඹුරු කිරීමට සියුලූ ආකාරයේ උත්සාහයන් දරන” බවට සහතික වෙමින් සුපැහැදිලි පනිවිඩයක් ලී පසුගිය මාසයේ සිය යුරෝපීය සංචාරයට පෙරාතුව ස්විට්සර්ලන්ත පුවත්පතකට නිකුත් කලේය. ජාතික ප‍්‍රතිසංස්කරන සහ සංවර්ධන කොමිසම ද ආයෝජන ව්‍යාපෘති සඳහා කඩිනම් අනුමැතිය, පොලී සහ විනිමය හුවමාරු අනුපාත ලිබරලීකරනය සහ සියල්ලටමත් වඩා මුල්‍ය, බලශක්ති සහ විදුලි සංදේශ වැනි රාජ්‍ය ආයතන තුල පෞද්ගලික ආයෝජනවලට ඉඩ ලබා දීම ඇතුලූ යෝජනාවන් ඉදිරිපත් කර තිබේ. මේ සරත් සෘතුවේ මෙම ප‍්‍රතිපත්තිය සීසීපී යේ මධ්‍යම කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගෝලීය ආර්ථික අර්බුදය මගින් මුදාහල තීව‍්‍ර වන ආර්ථික සහ භූ දේශපාලනික ආතතීහු ප‍්‍රතිසංස්කරන පිටුපසින් ඇති ධාවක බලයෝ වෙති. යුරෝපය සහ එක්සත් ජනපදය තුල ක‍්‍රියාවට දමන දරුනු පටි තද කිරීමේ පිලිිවෙත්, වැටුප් කැපීම් සහ දැවැන්ත රැුකියා නොමැති කමින් පීඩා විඳින කම්කරුවන්ගේ මිල දී ගැනීමේ හැකියාව දුබල කිරීමත්, අධි සුරාකනු ලබන චීන ශ‍්‍රමය මගින් නිෂ්පාදිත ලාබ පාරිභෝගික භාන්ඩ සඳහා වූ ගෝලීය ඉල්ලූම අඩුවීමත් නිසා චීන අපනයන වෙලඳපොල කඩා වැටී ඇත.

චීනයේ අපනයන පාදක වර්ධන උපායමාර්ගය අසාර්ථක වී ඇත. එහි ආර්ථිකය පවත්වාගෙන යාමට හැකිවුයේ 2008 දී බීජීනය ඩොලර් බිලියන 650ක උත්තේජක පැකේජයක් ලබා දීමෙන් පසුව දැවැන්ත නය ප‍්‍රසාරනයක් මගින් පමනි. එහි ප‍්‍රතිපලයක් ලෙස සිදුවූ බැංකු නයවල හදිසි වැඩිවීම පලාත් ආන්ඩුවල නය ඩොලර් ටි‍්‍රලියන 200 දක්වා නැගීම, ලාබ රේට්ටු කප්පාදු කිරීම සහ චීන බැංකු පද්ධතියේ ගෙල සිරකරන නිවාස බුබුලක අසාමාන්‍ය උද්ධමනයක් ඇති කරමින් සම්පුර්න වියදම ඩොලර් ටි‍්‍රලියන ගනනක් බවට පත්ව තිබේ.

ලාභ නය අධිගලනය නොතකා වර්ධනය දිගටම මන්දගාමී තත්වයක පවතියි. මේ වසරේ එය සියයට 7 කින් පහල වැටෙනු ඇතැයි ගනන් බැලේ. මෙය විරැුකියා වර්ධනය පාලනය කිරීමට අත්‍යාවශ්‍ය යැයි සීසීපීය විශ්වාස කරන අවම අගය වන සියයට 8 වඩා පහල අගයකි.

ඔබාමා පරිපාලනයේ ”ආසියාවට හැරී ගැනීම” සමග චීනය මිලිටරිමය වශයෙන් වර්ධනය වීම පාලනය කිරීමේ ආක‍්‍රමනශීලි මෙහෙයුම්වල යෙදී සිටින වොෂිංටනයේ පීඩනයට ද ෂි-ලි නායකත්වය මුහුන දෙයි. චීනයේ ආර්ථික සහ තාක්ෂනික වර්ධනය තුලින් බටහිර ෆැසිපික් කලාපය තුල වොෂිංටනයේ ආධිපත්‍යයට අභියෝග කිරීමට පෙර එය සතුරු මිලිටරි සංධාන සහ කඳවුරු හරහා චීනය වට කිරීම ඉලක්ක කරයි.

කෙසේ වුවද, කම්කරු පන්තිය මත නිදහස් වෙලඳ පොල ප‍්‍රහාර එල්ල කිරීම එජ අධිරාජ්‍යවාදයට හා සීසීපී නිලධරය එකඟ විය හැකි එක අංශයකි. සීසීපී නිලධාරීන්ට සහ බහු ජාතික සංගතවලට චීනය තුල නිෂ්පාදනය වේගවත් කිරීමට සහ ලාභ ඉහල දමා ගැනීමට අවශ්‍ය ය. ජාත්‍යන්තර ව්‍යාපාර ඉන්දියාවට සහ වියට්නාමයට නිෂ්පාදනය මාරු කිරීමට තුඩු දුන් 2010 හොන්ඩා මෝටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජන මාලාව විසින් සීසීපීයට ලබා දීමට බල කෙරුන වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් චීන පාලක කවයන් අතර වර්ධනය වන අතෘප්තියක් ද ඇත.

පසුගිය වසරේ ලෝක බැංකුව සමග එක්ව ලි සකස් කල චීනය 2030 නම් වාර්තාවක යෝජිත කටයුත්තක් වන චීනයේ විශාලතම ආයතන 120 ”රාජ්‍ය ඒකාධිකාරය” බිඳ දැමීම එක්සත් ජනපදයේ ප‍්‍රධාන ඉල්ලීමකි. ඩොලර් ටි‍්‍රලියන ගනන් සතු බලශක්තිය, විදුලි සංදේශ සහ දුම්රිය පද්ධතිය වැනි මූලෝපායාත්මක අංශවල රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය සීසීපී යේ ඉහලම නිලධාරීන්ට මෙන්ම වෝල් වීදියේ ආයෝජන බැංකු වල සිය ව්‍යාපාරයක කොටස් කරුවන්ට ද දැවැන්ත ධන නිධානයක් වනු ඇත.

පෞද්ගලික අංශයේ කොටස් වෙලඳ පොලේ හෝ රාජ්‍ය අංශයට අයත් වත්කම් සහ සම්පත් මත සමපේක්ෂනයේ නිරත ආයෝජන බැංකු විධායක නිලධාරීන් ලෙස කටයුතු කරන වත්මන් සහ හිටපු සීසීපී නායකයන්ගේ ලමුන්ට නව පෞද්ගලීකරනය තුල දැවැන්ත වත්කම් හිමිකර ගැනීමට හැකිවනු ඇත.

මෙම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට දමන සී සහ ලී 1980 ගනන් වල ඩෙන් ෂියා ඕපින් යටතේ සිදුකල ධනේශ්වර පුනස්ථාපනයේ දී සීසීපී ය ඇතුලත මතුවූ පරපෝෂිත ”රතු රදල පැලැන්තියේ” හොඳම නියෝජිතයෝ ය. සී ධනේශ්වර පුනස්ථාපනයෙන් පසුව ධනය සහ බලය සමුච්ඡුය කරගත් ඉහල නිලධාරීන්ගේ පූර්ව පරපුරේ ”කුමාර පැලැන්තියේ” දරුවෙක් වන ෂී නියෝජනය කරන්නේ චීනය තුල වඩාත්ම වෛරී භාවයට පත් සමාජ කුලකයන්ගෙන් එකකි.

නිදහස් වෙලඳපොල ආර්ථිකඥයෙකු වූ ලී යිනින්ගේ ගෝලයෙකු වන ලී කෙකියාන්ග් මිලියන දහස් ගනනින් රැුකියා විනාශභාවයට ඇද දැමූ පෞද්ගලීකරනයේ අවසාන රැුල්ල සාධාරනීකරනය කරනු ලැබූ 1990 ගනන් වල නිල මූලධර්මය ගෙන ඒමට උදව් කලේ ය.

සීසීපී නිලධරය සමග සමීපව බැඳී ඇති චීනයේ ව්‍යාපාරික ප‍්‍රභූව ඔවුන්ගේ ධනය සමුච්ඡුය කරගත් ඉතිරිව පවතින රාජ්‍ය ව්‍යුහයන් ද බිඳ දැමීමට උත්සාහ දරමින් සිටී. නිදහස් වෙලඳපොල ප‍්‍රතිපත්ති වඩ වඩා කම්කරුවන් සූරාකෑමට සහ ඉහල ලාභ අනුපාතයන්ට ඉඩ සලසනවා පමනක් නොව: ඔවුන් චීනය තුල ගොඩනගා ඇති පෞද්ගලික ධනය සඳහා ස්ථාවර නෛතික පදනමක් ද ලබා දෙනු ඇත.

එබඳු ප‍්‍රතිපත්තියකට අනුගතවීම මගින් සීසීපී ය කම්කරු පන්තිය සමග ගැටුමක් නිර්මානය කරගනිමින් සිටී. වැඩි නිෂ්පාදනයක් සඳහා පීඩනයන්, වැටුප් කැපීම් සහ ඉහල විරැුකියාව දැනටමත් වැඩවර්ජකයන් සහ පොලීසිය අතර නිරන්තර ගැටුම් වලට මග පාදා ඇත. අලූත්ම වාර්තා වලට අනුව ඊනියා ”බහුජන සිදුවීම්” වසර 2006 දී 90,000 සිට 2010 දී 180,000 දක්වා දෙගුන වී ඇත.

බටහිර මාධ්‍යයට ලියමින් සීසීපී ය තමන් පෙර දකින අන්තරායන් පැහැදිලි කරයි. ආන්ඩුව කිසියම් ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය වැරැුද්දක් සිදු කලහොත් ”විප්ලවයක් පැන නොනගිනු ඇතැයි කිසිවකුටත් සහතික විය නොහැක. ඇරත්, ජාතික පරිමාන කලබගැනි මගහැරිය හැකි වුවද තවමත් ප‍්‍රාදේශීය වශයෙන් සමාජ ආතතිය ඉහල යමින් පවතින බව පෙනේ. මෙම පිපිරීම් කලමනාකරනය කිරීමට පාලක පක්ෂය අසමත් වුවහොත් ඔවුන් හිමබෝලයක් මෙන් විප්ලවයක් තුලට ඇදී යනු ඇත” යි සීසීපී මධ්‍යම පක්ෂ පාසලේ හිටපු උප ප‍්‍රධානියකු වන ඩෙන්ග් යුවාන් ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතට ලියුවේ ය.

කම්කරු පන්තියේ මතුවන විප්ලවවාදී අරගලයන් ඇඟවීම් 1949 විප්ලවයෙන් පසු ”තනි රටක් තුල සමාජවාදය ගොඩනැගීමේ” සීසීපීයේ ස්ටැලින්වාදී ඉදිරිදර්ශනයේ ඓතිහාසික බංකොලොත් කමට සාක්ෂි දරනු ඇත. අවසාන විග‍්‍රහයේ දී ශ්‍රේෂ්ට මාක්ස්වාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන් අයුරින් කිසිම තනි රටක් ඇතුලත සමාජවාදය ගොඩනැගීමට සම්පත් සොයාගැනීම කල නොහැකි දෙයක් වන නිසා 1970 සමාජ ගැටුම් සහ කම්කරු පන්තියේ අරගල මධ්‍යයේ සීසීපී නිලධාරී තන්ත‍්‍රය ධනවාදය පුනස්ථාපනය කලේය.

බටහිර ප‍්‍රාග්ධනයට ගැටගැසීම මගින් ලෝක ආර්ථිකයට ප‍්‍රවේශ වීම මත පදනම්ව නිර්මානය කල සමාජයට ද දශක තුනකට පසු එහි ම පරස්පර විරෝධයන් මගින් වල කැපී ඇත. සීසීපී ය විදේශයන් දෙස බලන විට එක්සත් ජනපදය සහ එහි පාර්ශ්වයන් සමග ඉහල යන යුද අනතුර පෙනෙන අතර රට තුලදී කම්කරු පන්තියේ අතෘප්තියේ සහ විප්ලවයේ ඉහල යන තර්ජනය දකියි.

තීරනාත්මක කාර්යය වනුයේ බංකොලොත් ධනේශ්වර පර්යායට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ඒකාබද්ධ එමෙන්ම දේශපාලනික වශයෙන් ස්වාධීන අරගලයක් වර්ධනය කිරීමයි.

චීන කම්කරුවන්ට වෙලඳපොල ගැති ප‍්‍රතිසංස්කරන විවේචනය කරන හෝ චීනය නව අධිරාජ්‍යවාදය විසින් පරාජය කිරීම පිලිබඳව අනතුරු අඟවන සීසීපී යේ විවිධ ව්‍යාජ වාම හෝ ”ගතානුගතික” කන්ඩායම් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ඔවුන්මත් පදනම් වී සිටිනුයේ සමාජවාදී ආස්ථානයක් මත නොව: ප‍්‍රතිගාමී ආර්ථික ජාතිකවාදයක් මත ය. සීසීපී නායකයන්ගේ පවුල් ප‍්‍රධාන හිමිකරුවන් වනු ඇති දකුනු කොරියාවේ ඇති සැම්සුන්ග් හියුන්ඩායි බඳු විශාලතම රාජ්‍ය ව්‍යාපාර ජාතික ශූරයන් බවට පරිවර්තනය කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

චීන කම්කරුවන් අවම සේවා කොන්දේසි සහිත කර්මාන්තශාලා වල සුරාකෑමේ, කාලකන්නි භාවයේ සහ යුද්ධයේ, කොටින්ම කියතොත් ධනවාදයේ සහ ජාතික රාජ්‍ය පද්ධතියේ මූලය අවසානයකට ගෙන ඒමට ඇමරිකාවේත් ආසියා ෆැසිපික් කලාපයේ සහ ලෝකය පුරාමත් ඔවුන්ගේ පන්ති සහෘදයන් සමග එක්ව සටන් කරමින් ස්වාධීනව මැදිහත් විය යුතුය. මෙහි අර්ථය නම් සමාජවාදය සඳහා ගෝලීය අරගලයක කොටසක් ලෙස සීසීපී රෙජීමය පරාජය කොට අව්‍යාජ කම්කරු ආන්ඩුවක් ස්ථාපනය කිරීමට වූ විප්ලවවාදී හැරී ගැනීමයි.

එබඳු අරගලයක් භාරගැනීමේ ශක්‍යතාව ඇති දේශපාලන නායකත්වයක් වර්ධනය කිරීමට ගත යුතු අත්‍යවශ්‍ය පියවර වන්නේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ චීන ශාඛාව ගොඩනැගීමයි.

ජෝන් චෑන්

Share this article: