සුපිරි ධනවත්තු හා සමාගම් බදු-ක්ෂේමභූමිවල ඩොලර් ටි‍්‍රලියන ගනන් සඟවති

Trillions hidden in tax havens by super-rich, corporations

ජුලියන් කීම්ලි විසිනි , 2013 මැයි 30

විමර්ෂනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (අයිසීඅයිජේ) මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ හෙලිදරව් කල තොරතුරු වලට අනුව, ලොව පුරා අසීමිත ලෙස ධනවත් බැංකු සහ සමාගම් විසින් ඩොලර් ටි‍්‍රලියන 32ක පමන ධනයක් විදේශ බදු-ක්ෂේමභූමි තුල සඟවා ඇත.

සඟවා ඇති ධනය බොහෝ කොටම මූල්‍ය වත්කම් හා බැංකු ගිනුම්වලින් සමන්විත වන අතර ප‍්‍රාසාද හා සංචාරක නැව් වැනි වත්කම් වලින් සමන්විතය. ඒවායේ අගය ලෝක දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 44ක ට නො එසේ නම් පොලෝ තලයේ වසන සෑම පුද්ගලයකුට ම ඩොලර් 4,600 බැගින් වන අගයකට සමවෙයි.

මෙය 2005දී පැවති ඩොලර් ටි‍්‍රලියන 11.5 සමග සසඳන කල තෙගුනයක වැඩිවීමකි. සෘජු සාක්ෂි නොමැතිව වුවත් බදුකරනයේ සාධාරනය සඳහා වන ක‍්‍රියාකාරී කන්ඩායම් කලින් ගනන් බලා තිබුනේ මෙම වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 20 ත් 30 ත් අතර වන බවටය.

කාන්දුවී ඇති මිලියන 2.5ක් පමන වන ලිපිගොනු ලෝක ආර්ථිකයේ බොහෝ කොටම රහසිගත කොටසක් පිලිබඳ තොරතුරු ප‍්‍රකාශයට ගෙනහැර දක්වයි. දූෂනය හා වගකීමට බැඳීම ගැන වාර්තා කරන සුපරීක්ෂාකාරී සංවිධානයක් වන අයිසීඅයිජේ විසින් වසරකට වැඩි කලක් කල පරියේෂනයකින් පසු ව ඉදිරිපත් කල පුලුල් පරාසයක විහිදුනු වාර්තාවක් තුලින් ලිපිගොනු විමර්ෂනය කර ප‍්‍රසිද්ධියට පත් කෙරුනි.

අයිසීඅයිජේ ප‍්‍රකාශ කරන පරිදි "කාන්දුවී ඇති ලිපිගොනු මගින් මුදල් හුවමාරු සංස්ථාගත කල දින වකවානු හා සමාගම් ද පුද්ගලයන් ද සම්බන්ධ කෙරුනු පුරුක් පිලිබඳ සාධක හා සංඛ්‍යා ලේඛන සම්පාදනය කරන අතර ධනවත් හා හොඳ සම්බන්ධකම් ඇති අයට බදු පැහැර හැරීමට ඉඩ සලසමින් හා පොහොසත් මෙන්ම දුගී ජාතීන්ගේ ද දුක් පීඩා හා ඔවුන් අතර දූෂනය පතුරුවා හරිමින්, විදේශගත මූල්‍ය රහස්‍යතා ආක‍්‍රමනකාරී ලෙස ලොව පුරා පැතිර ගොස් ඇති අයුරු ගෙනහැර දක්වයි.”

මුලු ගනන තක්සේරු කිරීම අපහසු වන නමුත් ඔවුන්ගේ වාර්තා මූලිකවම යොමුවී ඇත්තේ ආන්ඩුවලට ලැබිය යුතු බදු ආදායම් අහිමි වීම කෙරෙහිය උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ පුද්ගලයන් සහ බැංකු ධන සම්භාරයෙන් වැඩි පංගුව හිමි කර ගන්නා නමුත් බදු ආදායම් අහිමිවීම් මගින් දරුනු ලෙස පහර එල්ල වී ඇත්තේ පුලුල් ලෙස පැතිරුනු දුගීභාවයේ ගිලී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ය. තුන්වන ලෝකයේ දූෂිත ආන්ඩු නිලධරයෝ බදු පැහැර හරින්නන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටිති.

විශේෂයෙන් "මුදල් නැත” යන කාරනය උලුප්පා සාධාරනීකරනය කරන රුදුරු කප්පාදු වැඩ පිලිවෙලවල් ක‍්‍රියාත්මක කරමින් බදු ආදායම් අහිමි වීම පිලිබඳ කාරනය නීත්‍යානුකූල කරනු ලැබේ. මෙය බේගලයක් වනවාක් මෙන්ම ලෝක ධන කුවේරයන්ගේ උතුරා යන වත්කම් පෙර නොදුටු පරිමානයකට වැඩී ඇති බව අයිසීඅයිජේ මුදා හැර ඇති වාර්තා අනාවරනය කරයි.

කේමන් දූපත්, කුක්දූපත්, ලීක්ටෙන්ස්ටේන් සහ බර්මුඩා ද සමග බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත් ඇතුලු ඇතැම් ප‍්‍රධාන බදු-ක්ෂේමභූමි, සැඟවුනු වත්කම් ක්ෂේත‍්‍රයේ "අපි කේන්ද්‍ර” ලෙස විස්තර කෙරී ඇත.

සියලුම රටවල පාහේ සුපිරි ධනවත්තු මෙම විදේශගත බදු ක්ෂේමභූමිවල සේවාලාභින්ට අයත් වෙති. ඇමරිකානු බිලියනපතියන්ගේ සිට රුසියානු කතිපයාධිකාරීන්, හොංකොන්හි දේපල වැඩි දියුනු කරන්නන්, දූෂිත ආන්ඩුවල නිලධරයින් සහ මැරවර කල්ලි දක්වා කොටස් වලට මේවායේ සේවාලාභීත්වය ලැබී ඇත. හෙලි වූ ලේඛනවලට අනුව හුදෙක් පුද්ගලයන් ලක්ෂයකගේ දේපලවල වටිනාකම ඩොලර් ටි‍්‍ර‍්‍රලියන 10 ක් පමන වේ. සාමාන්‍ය ලෙස ගත්කල ලෝක ජනගහනයේ මෙම තුනී තීරුව එක් අයෙකු ඩොලර් මිලියන සියයක් බැගින් යටි මඩි ගසා ගෙන සිටියි.

ඩොයිෂ් බැංකුව, යූබීඑස්, ස්විස් පුද්ගලික බැංකුව කැරිඩන්, අයිඑන්ජී සහ ඒබීඑන් ඇමරෝ වැනි දැවැන්ත බැංකු ආයතන සිය සේවාලාභීන් සදහා විදේශගත සැගවුම් මධ්‍යස්ථානවල බදු මග හැරීමේ වැඩ සටහන් සැකසීමට ක‍්‍රියාශීලී ව වැඩ කර ඇත. හෙලිවී ඇති ලේඛන මගින් අනිශ්චිත ලෙස සම්බන්ධ කර ඇති ආකාරයට ජේපී මෝගන් බැංකුටව බදු පැහැර හැරීමේ යෝජනා ක‍්‍රම ගනනාවක් තුල බර්මියුඩා, බහමාස් සහ එබඳු තවත් "නිදන් දූපත්වල’’ ශාඛා පනහක් තිබේ.

පහත සඳහන් කරුනු ඇතුලත් කැපී පෙනෙන මගෝඩි පිලිබඳ දුසිම් ගනන් නිදසුන් අයිසීඅයිජේ විසින් සවිස්තර ව ඉදිරිපත් කෙරී ඇත.

x ස්වීඩ්න් ආන්ඩුවේ දැවැන්ත නය ප‍්‍රමානයක් පැහැර හැර සිටින නමුත් එරට දේපල ක්ෂේත්‍ර‍යේ ධන කුවේරයෙකු වන හැන් තුලින් ඩොලර් මිලියන 17ක පමන මුදලක් දකුනු පැසිෆික් කලාපය තුල සේප්පුගත කරඇත.

x පැරගුවාවේ ජනාධිපති අපේක්ෂක හොරාසියෝ මැනුවෙල් බැංකෝ එමම්බේ අයිතිකරු වන අතර දකුනු පැසිෆික් බදු-ක්ෂේමභූමි තුල රහසිගත මූල්‍ය ආයතන පවත්වාගෙන යයි. මැනුවෙල් හා බැංකෝ ඇමැම්බේ යන දෙපාර්ශවය ම මුදල් වංචා සම්බන්ධයෙන් මෑතක දී විමසුමට භාජනය කෙරුනි.

x මොහොතකින් මුදල් සැඟවීමට යොදාගත හැකි "ක්ෂනික” විදේශ සමාගම් පැය හතලිස් අටක් තුල නිර්මානය කිරීමේ ලා බීඇන්පී පැරිබාස් හා ක්‍රෙඩිට් ඇගි‍්‍රකොල් යන ප‍්‍රන්ස බැංකු දෙක විශේෂ සමත්කම් දක්වයි.

සමස්ත ක‍්‍රියාවලිය ම සාපාරාධීත්වයේ දුර්ගන්ධය විහිදුවනු ලැබුව ද වගකීමකින් තොර කුඩා රටවල් තුල ඇති දැවැන්ත ධන සම්භාරයන් නීත්‍යානුකුල රහසිගත භාවයෙන් යුතුව සඟවා තැබීම බොහෝ රටවල් විසින් සාපේක්ෂව පහසුවෙන් සිදු කරයි.

කොටස් වෙලඳාමේ යෙදෙන බිලියනපතියන් මෙන් ම පරිපූර්න මැර කල්ලි තමන් කොල්ල කෑ දේ එක ම තැනක සඟවා තැබීමෙන් මුලින් සඳහන් කල අයගේ සැබෑ ස්වරූපය පිලිබිඹු වෙයි. සත්තකින් ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල මැර නායකයින්ගේ මුදල් නීත්‍යානුකූල ව්‍යාපාරිකයින්ගේ තැන්පතු සමග එකට වෙලී පවතින නිසා දෙපාර්ශවය අතර බෙදීම් රේඛාවක් හඳුනා ගැනීම බොහෝ සෙයින් අසීරු බව අයිසීඅයිජේ පවසයි.

බදු පැහැර හැරීම පිලිබද කථාව එසේ වුවත් මුලුමනින් ම නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙම ධනයෙන් වැඩි කොටස ජනතාවට අත නොපෙවිය හැකි තැන්වල සඟවනු ලැබේ. ඇමරිකානු බිලියනපතියකු වන ජෝර්ජ් කයිසර් වටිනා උදාහරනයක් සපය යි. කයිසර් ඩොලර් බිලියන 3.4 ක වත්කමක් සහිත ජෝර්ජ් කයිසර් පවුලේ පදනම නම් බදුවලින් නිදහස් ලාභ නො ලබන ආයතනයක් ඇරඹීය. පුන්‍යායතනය ඩොලර් මිලියන 110කට ස්වභාවික ගෑස් පැටවුම් නෞකාවක් මිලට ගෙන කයිසර් ද පාලකයකු වන එක්සලරේට් එනර්ජි එල්එල්සී ආයාතනයට එහි පාලනය භාර දුනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කයිසර් තම ප‍්‍රාග්ධන බදු නිදහසින් ලාභයක් අත් කර ගනී.

අයිසීඅයිජේ පුලුල් ප‍්‍රතිචාරයක් ලබාගැනීමට බලාපොරොත්තු වූ නමුත් පොහොසතුන් විසින් බදු පැහැර හැරීම පිලිබඳ ව ආන්ඩු තම සාධනීය එකඟතාව ප‍්‍රකට කර ඇත. ප‍්‍රසිද්ධියට පත් මෙම ලේඛන මගින් සපයන ලද තොරතුරු පාදක කරගෙන මේ දක්වා කිසිවෙකුටත් විරුද්ධව චෝදනා එල්ල කර නැත. තව තවත් පැහැර හැරීම් නිත්‍යානුකූලත්වයේ නාමයෙන් කරගෙන යනු ලබයි.

පැහැරහරින්නන් අල්ලා ගැනීම සඳහා තමන් බදු ලේඛන තොරතුරු හුවමාරුව අරඹන්නේ යැ යි යුරෝපා රටවල් පහක් විසින් කෙරුනු නිවේදනය බොරු මවාපෑමකි. වාර්තාවේ සඳහන් කරුනු මගින් පැහැදිලි වන ආකාරයට බදු පැහැරහැරීම ව්‍යාපාරික ලෝකයේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයක් වන අතර එයට ආන්ඩුවල නිහඬ අනුමැතිය ලැබේ.

අයිසීඅයිජේට අනුව බි‍්‍රතාන්‍ය ආන්ඩුව තමන්ට අභිමත පරිදි විමර්ශනය කෙරෙමින් පවතින හෙලිවූ තොරතුරු විශාල ප‍්‍රමානයක් සතු ව ඇත.

බදු හා ආදායම් බලධාරීන් විදේශගත බැංකු ගනුදෙනු පිලිබඳ ප‍්‍රශ්නය නිදහස් මාධ්‍යවේදීන් වෙත පවරා තමන්ගේ පරීක්ෂන දියත් නො කලේ මන්ද යන ප‍්‍රශ්නය අයිසීඅයිජේ වාර්තාව නො විමසයි. සත්‍ය නම් ආන්ඩු විසින්ම රාජ්‍ය භාන්ඩාගාර වලින් නිමක් නැතිව බැංකුවලට මුදල් පොම්ප කිරීම මගින් සොරකමට ක‍්‍රියාශීලී ව අනුබල දෙන බවයි.

Share this article: