යුරෝ කලාපයේ විරැකියාව නව වාර්තා පිහිටුවද්දී, එක්සත් ජනපදයේ පුද්ගල ආදායම් හැකිලී යයි

Unemployment hits new record in euro zone, personal income plummets in US

By Barry Grey, 2 March 2013

මේ සතියේ නිකුත් වූ ආර්ථික දත්ත, ලෝක ආර්ථිකය තවදුරටත් දුබල වෙමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ජීවන තත්වයන් තව තවත් පහත වැටීම සලකුනු කලේ ය.

යුරෝපයේ, චීනයේ හා එක්සත් ජනපදයේ විරැකියාව, නිෂ්පාදන කටයුතු, ආර්ථික වර්ධනය හා යුරෝපයේ පුද්ගල ආදායම් පිලිබඳ වාර්තා, සමස්ත ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වයක් හා විරැකියාව ද දුප්පත්කම ද වැඩී යාමක් සලකුනු කලේ ය. එය, යුරෝපීය සංඟමය විසින් ගනු ලැබූ නව පියවරයන් හා එක්සත් ජනපදයේ ඔබාමා පාලනය සමාජ වියදම් හා රාජ්‍ය අංශයේ රැකියා හා වැටුප් කැපීමත් සමග සමපාත විය. මෙම පියවර, ආර්ථික කඩාවැටීම හා දැනටමත් දශ ලක්ෂ ගනන් කම්කරුවන්ට කියා නිමකල නොහැකි පීඩාවන් ගෙන දී ඇති පන්ති යුද්ධයේ පිලිවෙත්හි පුලුල් වීමක් සලකුනු කරයි.

යුරෝස්ටැට් යන යුරෝපීය සංගමයේ සංඛ්‍යා ලේඛන ආයතනය 01දා වාර්තා කලේ, රටවල් 17න් යුත් යුරෝ කලාපයේ විරැකියාව පසුගිය දෙසැම්බරයේ පැවති සියයට 11.8 සිට ජනවාරියේ දී සියයට 11.9 වශයෙන් නව වාර්තාවක් තබා ඇති බව යි. සමස්තයක් ලෙස රටවල් 27න් යුත් යුරෝපීය සංඟමයේ නිල සංඛ්‍යා ලේඛන අනුව දෙසැම්බරයේ පැවති විරැකියා අනුපාතය ජනවාරියේ දී 10.8 දක්වා ඉහල ගොස් තිබේ.

නිල සංඛ්‍යයාව අනුව, ජනවාරියේ දී 200,000න් ඉහල ගිය යුරෝ කලාපයේ රැකියා විරහිතයන් සංඛ්‍යාව මිලියන 19ක් පමන වේ. ජනවාරියේ දී 222,000න් ඉහල නැඟි සමස්ත යුරෝපීය සංඟමයේ රැකියා නොමැති කම්කරුවන් මිලියන 26.2කි. ශ්‍රම වෙලඳපොලෙන් හැලී ගොස් තිබෙන මිලියන ගනනක් මිනිසුන් ගනන් නොගන්නා තතු තුල, සැබෑ තත්වය මෙම දැවැන්ත සංඛ්‍යාවන්ගෙන් පෙන්වනවාට වඩා නරක ය.

ඉහල ම සංඛ්‍යා වාර්තා වන්නේ, සියයට 27ක් වන ග්‍රීසියේ ය. ඒ ලඟින් ම යන ස්පාඤ්ඤයේ එය සියයට 26.2කි. ඉතාලියේ විරැකියා අනුපාතය සියයට 11.7කට නැඟුනේ, 1992 පටන් රටේ නරක ම විරැකියා මට්ටම සලකුනු කරමිනි.

යුරෝපයේ තරුන විරැකියාව පවතින්නේ අවපාත මට්ටම්වල ය. යුරෝ කලාපය තුල එම අනුපාතය, 2012 ජනවාරියේ තිබූ සියයට 21.9 සිට 2013 ජනවාරි වන විට 24.2 දක්වා වැඩි වී තිබේ. සමස්තයක් ලෙස යුරෝපීය සංඟමයේ අවුරුදු 25ට අඩු අය අතර විරැකියා අනුපාතය සියයට 22.4 සිට 23.6 දක්වා ඉහල ගියේ ය.

ග්‍රීසියේ තරුන විරැකියා අනුපාතය සියයට 59.4ක් දක්වා මවිතකර මට්ටමකට ඉහල ගොස් තිබේ. ස්පාඤ්ඤයේ එය සියයට 55.5ක් ද ඉතාලියේ 38.7ක් ද වේ.

දැවැන්ත ගෝලීය බැංකු හා ආරක්ෂන අරමුදල්වල ඒජන්තයින් ලෙස කටයුතු කරන යුරෝපීය සංඟමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපීය මහ බැංකුව විසින් එක දිගට පැනවූ කප්පාදු පියවර අඩංගු පැකේජ යොමු වී තිබුනේ වඩාත් ම ව්‍යසනකාරී විරැකියා අනුපාත සහිත රටවල් වීම අහම්බයක් නොවේ.

පෙබරවාරියේ දී යුරෝපයේ බොහෝ කොටසක නිෂ්පාදන කටයුතුවල සැලකිය යුතු පසුබෑමක්, 01දා වෙන වෙන ම නිකුත් කල වාර්තාවලින් පෙන්නුම් කලේ ය. සමස්තයක් වශයෙන් යුරෝ කලාපයේ කම්හල් කටයුතු පිලිබඳ තක්සේරු, පෙර මාසයේ පැවති ඒකක 47.9 (ඒකක 50කට අඩුවෙන් පෙන්වන ඕනෑ ම වාර්තාවකින් හැකිලීමක් ඇඟවුම් කරන) නොවෙනස්ව පැවතියේ ය. නිෂ්පාදනයේ අඛන්ඩ හැකිලීමක් වාර්තා වූ 19 වන මාසය ‍මෙයින් සලකුනු විය.

ජර්මනියේ සංඛ්‍යාව තරමක් ඉහලින් පැවතුනු නමුත් ඉතාලියේ දී එය, 47.8 සිට 45.8 දක්වා තියුනු ලෙස පහත වැටුනි. ජනවාරියේ ඒකක 50.5ක්ව පැවති එක්සත් රාජධානියේ කම්හල් කටයුතු 47.9 දක්වා වැටීම වඩාත් කැපී පෙනෙන පිරිහීම යි. එය නැඟීමක් පිලිබඳ අර්ථශාස්ත්‍රඥයින්ගේ පුරෝකථනයන්හි සමතුලනයකි. එක්සත් රාජධානියේ කම්හල් වැටුප් ලේඛනයන්හි වසර තුනකට වැඩි කාලයක් තුල සිදු වූ වේගවත් ම පිරිහීම එය විය.

පෞද්ගලික අංශයට දෙන යුරෝ කලාපයේ නයෙහි හැකිලීම, ජනවාරියේ නවවන මාසයටත් දිග්ගැස්සුනු බව පෙන්නුම් කරන යුරෝපීය මහ බැංකුව නිකුත්කල වාර්තාව, යුරෝපයේ ඒකරාශී වන බිඳ වැටීමේ තවත් ඇඟවුමකි. 2012 වසරේ එම මාසයේ පටන් නයෙහි වැටීම සියයට 0.9ක් විය.

එක්සත් ජනපද වානිජ්‍ය දෙපාර්තමේන්තුව පෙබරවාරි 28දා, එරට ආර්ථික‍ය කලින් පැවති රක්ත හීනතාවෙන් පල්වෙන තත්වයකට පැමින ඇතැයි අඟවමින්, සිව් වන කාර්තුවේ දල දේශීය නිෂ්පාදිතයෙහි (දදේනි) වර්ධනය පිලිබඳ තම තක්සේරුව රින 0.1 සිට ධන 0.1 දක්වා ඉහලට සංශෝධනය කලේ ය. එක්සත් ජනපදයේ 2012 වසරෙහි දදේනි වර්ධනය වූයේ, විරැකියා අනුපාතය සැලකිය යුතු තරමින් පහතට ගෙන ඒමට අවශ්‍ය තරමට බෙහෙවින් අඩු, සියයට 2.2න් පමනි.

සියයට 14.8ක වාර්ෂික අනුපාතයකින් ෆෙඩරල් රාජ්‍ය පිරිවැය පහත වැටෙද්දී තුන්වන කාර්තුවට වඩා ආර්ථික වර්ධනය තියුනු ලෙස පහත වැටීමේ ප්‍රධාන සාධකය වූයේ ආන්ඩුවේ කප්පාදුව යි.

සමාජ අර්බුදයේ ගැඹුර පිලිබඳ බෙහෙවින් කැපී පෙනෙන ඇඟවුම කරන ලද්දේ, 1993 ජනවාරියේ පටන් පුද්ගල ආදායමේ සියයට 3.6ක් වූ ලොකු ම මාසික වැටීම ජසුගිය ජනවාරියේ ඇතිව තිබෙන බව සටහන් කරමින් එක්සත් ජනපද වානිජ්‍ය දෙපාර්තමේන්තුව 01දා නිකුත් කල වාර්තාව යි.

බදු සැලකිල්ලට ගත් කල පුද්ගල ආදායමේ කඩා වැටීම වාර්තාගත සියයට 4.0කි. නිෂ්පාදනයේ, භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයේ, සේවා නිමැවුම් කර්මාන්තයේ හා ආන්ඩුවේ ආයතන යන සියල්ලේ ම වැටුප් සඳහා දරන ලද පිරිවැය පෙර මාසයේ සිට ජනවාරි කරා එන විට පහත වැටී ඇති බව වාර්තාව කියා සිටියි.

කම්කරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම සංඛ්‍යා පිලිබඳ බියුරෝව පෙබරවාරි 26දා නිකුත් කල තවත් වාර්තාවකට අනුව, එක්සත් ජනපද කර්මාන්තකරුවන් විසින් සිදු කල දොට්ට දැමීම් පසුගිය මාසයේ දී ඉහල ගියේ ය. ආරම්භක විරැකියා සහන ඉල්ලීම් 43,068ක් සටහන් විය.දෙසැම්බරයේ සිට සියයට 22ක වැඩිවීමක් වූ මෙය, තොග පිටින් දොට්ට දැමීම් 357ක ප්‍රතිපල විය.

ගෝලීය කඩා වැටීම ලෝකයේ දෙවන ලොකු ම ආර්ථිකය වන චීනයට ද පහරදී ඇත. චීනයේ නිෂ්පාදන කටයුතු පිලිබඳව නිකුත්වූ වෙන වෙන ම වාර්තා දෙකකට අනුව වර්ධන වේගයේ කැපී පෙනෙන වෙනසක් ඇතිව තිබේ. නිල ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරියේ දී මාස පහක් තුල දැක්වෙන දුබල ම මට්ටම වූ ඒකක 50.1 විය. එය ජනවාරියේ පැවතියේ ඒකක 50.4 ලෙස ය.

එච්එස්බීසී හෝල්ඩිංග්ස් හා මාකිට් ඉකොනොමික්ස් විසින් වෙන ම කල තක්සේරුවකට අනුව, එම දර්ශකය ජනවාරියේ පැවති 52.3 සිට සිව් වසරක පහත ම අගය වූ ඒකක 50.4කට ඇද වැටුනි.

Share this article: