ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ ජාත්‍යන්තර සාකච්ඡා ඇනහිටී

International talks stall on Iran’s nuclear program

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2013 නොවැම්බර් 11

ඉරානය හා P5+1 කන්ඩායම( එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය,රුසියාව, චීනය හා ජර්මනිය) අතර සාකච්ඡා 10දා උදෑසන බිඳ වැටුනේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් මත දිග්ගැසෙමින් ඇති ගැටුම මුල්කරගෙන ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ අන්තර්වාර එකඟත්වයකට ලඟාවීමකින් තොරව ය. නියමිත දින දෙකක සාකච්ඡා 09දා දක්වා දීර්ග කර තිබූ අතර එකඟත්වයකට පැමිනෙනු ඇතැ යි පූර්වාපේක්ෂාවෙන් විදේශ ඇමතීන් ජිනීවා බලා ගුවන්ගතවූ නමුත් විය හැකි පරිදිම ප්‍රන්සය ගිවිසුමකට ඉඩ නොදුන්නේ ය.

එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයින් ඉරානය එහි බොහොමයක් න්‍යෂ්ටික වැඩසටහන් නතර කල යුතු යි එක දිගට ම බල කරනු ලැබුවේ, ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ දරන්නේ යයි චෝදනා කරමිනි. සාකච්ඡාවල විස්තර ප්‍රසිද්ධ කර නොමති අතර වාර්තා වන පරිදි සියයට 20 මට්ටමට යුරේනියම් සුපෝෂනය කිරීම, යුරේනියම් සුපෝෂනය සඳහා සූක්ෂ්ම අයිආර්-2 ගෑස් කේන්ද්‍රාපසාරක භාවිත නොකිරීමට හා ආක් හි එහි විශාල ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය සක්‍රීය නො කිරීමට සූදානම් බව ඉරානය ප්‍රසිද්ධ කර ඇත. න්‍යෂ්ටික අවි නිපදවීමට කිසි දු සැලැස්මක් නොමති බව ඉරානය නැවත නැවතත් අවධාරනය කර ඇත.

ඉරාන සාකච්ඡා කරුවන් ප්‍රතිචාර වශයෙන් බලාපොරොත්තු වන්නේ තෙල් අපනයනය අඩකින් අඩු කරමින් සහ උද්ධමනය හා විරැකියාව ඉහල යවමින් රටේ ආර්ථිකය දුබල කර ඇති, එක්සත් ජනපද නායකත්වයෙන් ක්‍රියාත්මක කර තිබෙන සම්බාධකවලින් සහනයකි. ඉරානයේ තෙල් හා බැංකු යන අංශ මත පවත්වාගෙන යන දන්ඩනීය පියවර ලිහිල් කිරීම ඔබාමා පාලනාධිකාරය ප්‍රතික්ෂේප කල නමුත් විදේශ ගිනුම් තුල ඇවිරුනු එහි තෙල් ඉපැයුම්වලට ප්‍රවේශ වීමට සහ වටිනා ලෝහ, පෙට්‍රල් රසායනික හා මොටෝ රිය අමතර කොටස් හුවමාරුවට ඉඩදීමට කැමත්ත පල කලේ ය.

ඊස්රායල් ආන්ඩුව යෝජිත ගිවිසුම හෙලා දුටුවේ සම්බාධක ඉවත් කිරීමට පෙරාතුව ඉරානය සියළු ම න්‍යෂ්ටික වැඩිදියුනු කිරීම් නවතා දැමිය යුතු අතර න්‍යෂ්ටික පහසුකම් ඉවත් තල යුතු යයි අවධාරනය කරමිනි. ගාර්ඩියන් පුවත්පතට අනුව ඔබාමා 09දා සවස ගිවිසුමට විරුද්ධ නොවන ලෙස ඊස්රායල් අගමැති පොලඹවා ගැනීමේ අදිටනින් ඔහු සමග සාකච්ඡා කලේ ය. නමුත් ගිවිසුමට එරෙහිව නෙතන්යාහු, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලොන්දේට දුරකථනයන් කරමින් නොකඩවා මැදිහත් විය

වාර්තාවන පරිදි ප්‍රන්සය ගිවිසුමට බාධා කලේ ය. විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් ගුවන් විදුලි මධ්‍යස්ථානයකට පැවසුවේ පැරීසිය “මෝඩයකුගේ සෙල්ලමක්” පිලිනොගන්නා බව යි. සාකච්ඡාවල විස්තර ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතු ය යන විධිවිධානයක් උල්ලංඝනය කරමින් ෆේබියස් දැඩි නව පියවර සාකච්ඡා කලේ ය, එනම් ඉරානය සියයට 20ක් ශක්තිමත් කල යුරේනියම් සිය රටින් පිට කල යුතු අතර අරක් (නගරයකි) ප්‍රතික්‍රියාකාරකය ඉදිකිරීම අත්හිටවිය යුතු ය. මේවා ඉරානයට පිලිගත නො හැකි බව ඔහු දනී. විතැන්වීමට ප්‍රන්සය ගත් තීරනය පිලිබඳව අදහස් දක්වමින් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙකු ගාර්ඩියන් පත්‍රයට පැවසුවේ මෙසේ ය: “මෙය ගල්ෆ් කලාපයේ ප්‍රන්ස ආසක්තයන් සහ මෙම මස මැද ඔලොන්දේ ඊස්රායලයට යාම හා එම සංචාරය දුස්ස්වප්නයක් බවට හැරීමට අවශ්‍ය නැත යන කාරනය හා සම්බන්ධ ය.”

P5+1 සාකච්චා වටය තුල ආතතීන් අවධාරනය කරන්නේ, න්‍යෂ්ටික ප්‍රශ්න පිලිබඳ සාකච්ඡා පිටුපස සියලු ම ප්‍රධාන බලවතුන්ගේ ආර්ථික හා මූලෝපායාත්මක උත්සුකයන් පරදුවට තැබී ඇතැයි යන කාරනය යි. රුසියානු විදේශ ඇමති ජිනීවා වෙත පැමිනියේ මන් දැ යි පැහැදිලි කරමින් ඔහුගේ නියෝජ්‍ය ඇමති සර්ගෙයි ර්යබ්කෝව් පැවසුවේ, “ සමහර රටවල ගැඹුරින් මුල්බැසගත් උත්සුකතාවන්ට බලපාන බොහෝ ප්‍රශ්න තිබේ” යනුවෙනි. ටෙහෙරානය සමග ගිවිසුමකට එලඹියහොත් කිසි ම බලවතෙකු පසෛකට තල්ලුවී යාමට කැමති නොවනු ඇත.

තව ද, 1979 ඉරාන විප්ලවය මගින් එක්සත් ජනපද ගැති ම්ලේච්ඡ නායකයා වු ෂා රේෂා පාලවී එලවා දැමීමෙන් අනතුරු ව, දශක තුනකට වඩා වැඩි කාලයක් පැවති අඛන්ඩ වෛරයෙන් පසුව ඉරානය සමග එක්සත් ජනපද ප්‍රතිසන්ධානය මැද පෙරදිග පුරා සම්බන්ධතාවන් වෙනස් කරනු ඇත. ඉරානය කලාපීය පසමිතුරෙකු ලෙස දකින ඊස්රායලය හා සෞදි අරාබිය යන ඇමරිකන් මිතුරන් දෙදෙනා ම එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ උත්සුකයන්ට විඳවන්නට සිදුවේ යැයි භීතියෙන් සිටිති. ප්‍රන්සය ද ඇතුළු සියලු ප්‍රධාන බලවත්තු මොන යම් හෝ නව පිලිවෙලක් තුල තත්වයක් ලබාගැනීම සඳහා පොරකමින් සිටිති.

නොවැම්බර් 20වැනිදා ජිනීවාහි දී තවදුරටත් සාකච්ඡා පැවත්වීමට නියමිත ය. ඉරාන විදේශ ඇමති ජාවඩ් ෂරීෆ් ප්‍රතිඵල පිලිබඳව හොඳම මුහුන පෙන්වමින් මෙසේ ප්‍රකාශ කලේය. “පැහැදිලි ලෙස ම රටවල් හය අතර දෘෂ්ටීන්ගේ වෙනස්කම් තිබිය හැකි නමුත් අප එකට වැඩ කරමින් සිටින අතර නැවත හමු වූ විට බලපොරොත්තු සහගත ව එකඟතාවකට ඒමට අපට හැකි වනු ඇත.”

කෙසේ නමුත්, වොෂින්ටනය සමග යලි සමගිවීමක් සඳහා යෙදෙන පීඩනයට හසුව සිටින නව ඉරාන ජනාධිපති හසන් රූහානි 10දා ඉරාන පාර්ලිමේන්තුවට පැවසුවේ, ඔහුගේ ආන්ඩුව තර්ජන වලින් පසුබැස්සවිය නොහැකි බව යි. “අප සමග සාකච්ඡා කරන පාර්ශ්වකරුවන්ට වචනයෙන් හා ක්‍රියාවෙන් පවසා ඇත්තේ තර්ජන, සම්බාධක, අපහාස හා අසාධාරන භාෂාව මොන ම තත්වයක් යටතේ වත් සාර්ථක නොවනු ඇති බව යි.” ඔහු අවධාරනය කලේ න්‍යෂ්ටික සුපෝෂනය නොකරන ගිවිසුම යටතේ, ඉරාන භූමියේ යුරේනියම් සුපෝෂනය කිරීමේ සිය අයිතීන් ඇතුලු ඉරානයේ “රතු ඉරි” ඉක්මවා නොයන බව යි.

යෝජිත ගිවිසුමට ප්‍රන්සයේ විරුද්ධත්වය පිලිබඳ ප්‍රවෘත්තියට ඉරාන මාධ්‍යය ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙනි. දැඩි මතධාරී කේහාන් පත්‍රෙය් කතුවැකියක් “ජිනීවා සාකච්ඡාවල දී ප්‍රන්සයේ විදේශ ඇමතිගේ නින්දිත හැසිරීම හා සියොන්වාදී තන්ත්‍රය වෙනුවෙන් ඔහු කල ප්‍රකාශ” හෙලා දුටුවේ ය. මෙම පුවත්පත ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අල් කමේනිට කිට්ටුවෙන් සම්බන්ධ අතර, ඔහු සාකච්ඡා සමග ඉදිරියට යාමට රෝහානිට සුදුසු අනුමැතිය දී තිබුනි.

10දා ජිනීවා හි දී එන්බීසී ප්‍රවෘත්ති සේවයේ “මීට් ද ප්‍රෙස්” වැඩසටහනට කතා කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කෙරී, ප්‍රන්සය සමග මොනයම් හෝ භේදයක් පිලිබඳ මතය ප්‍රතික්ෂේප කලේ ය. “මම කියන්නට කැමතියි ජාතීන් කීපයකට — ප්‍රන්සයට පමනක් නො ව අපටමත් හා අනෙක් අයටත් — අවශ්‍ය නම් දැඩි භාෂාව අප සතුව ඇති බව. වැඩි දෙයක් ප්‍රදානය නො කර හෝ වැරද්දක් සමග පැටලිය හැකි දියාරුවන යමක් නොකිරීමට අපට අවශ්‍ය වුනා” යයි ඔහු පැවසුවේ ය.

ඊස්රායලය හා එක්සත් ජනපද කොන්ග්‍රසය තුල ගිවිසුමේ විරුද්ධවාදීන්ට කෙරී මෙසේ සහතික වීමට ද උත්සාහ කලේ ය: “මෙය යහපත් ගිවිසුමක් විය යුතු යි, නැත්නම් ගිවිසුමක් නොවන්නේ යැයි අප අත්‍යන්තයෙන් ම අධිෂ්ඨාන සහගත යි... පසු ගිය දින දෙක තුල මෙහි දී අප ගිවිසුම අවසන් නො කලේ, අප එකිනෙකා සමග බැඳී ඇති නිසාත්, ඊස්රායලය හා සෙසු ලෝකයා මෙහිදී ඉල්ලන සහතික සැපයීම සිදුවනු ඇතැයි අප විශ්වාස කල නිසාත්ය.”

සාකච්ඡාවලින් පසු, නෙතන්යාහුට හා ඔහුගේ ඇමතියන්ට උපදෙස් දීම පිනිස එක්සත් ජනපදයේ නියෝජිත වෙන්ඩි ෂර්මන් ඉස්රායලයට ගිය අතර එහි දී ඔහුට ලැබෙන්නට ඉඩ ඇත්තේ ඇල්මැරුනු පිලිගැනීමකි. 10දා කැබිනට් රැස්වීමක් අමතමින් ඊස්රායල් අගමැති ප්‍රකාශ කලේ “අයහපත් ගිවිසුමක්”, එනම් එහි පවතින න්‍යෂ්ටික පහසුකම් රඳවා ගැනීමට ඉරානයට අවසර දෙන ගිවිසුමක් වැලක්වීමට තමන්ගේ සියලු ම ශක්තිය යොදවන බව යි. ගුවන්විදුලි සාකච්ඡාවක දී, ආර්ථික ඇමති නෆ්ටාලී බෙනට්, ලබන සතියේ ජිනීවා සාකච්ඡා ඇරඹීමට පෙර ගිවිසුමට එරෙහිව උද්ඝෝෂනය කරන ලෙස එක්සත් ජනපදයේ හා අනෙකුත් රටවල යුදෙව් සංවිධානයන්ගෙන් ඔහු ඉල්ලා ඇති බව හෙලිකලේ ය.

තවදුර සම්බාධක ප්‍රමාද කරන ලෙස ඔබාමා පාලනාධිකාරය කොන්ග්‍රසයෙන් කල ඉල්ලීම නොතකා සෙනෙට් සභා විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති රොබට් මෙනෙන්ඩෙස්, මන්ත්‍රී මන්ඬලය මේ වන විටත් සම්මත කර ඇති නීති මත “ඉදිරියට යන” බව සෙනෙට් සභාවට ඉඟි කලේ ය. ජිනීවා සාකච්ඡා මධ්‍යයේ 2015දී ඉරානයේ සියලු තෙල් අපනයන මුලුමනින් ම අවහිර කිරීමට ඉඩ ඇති රුදුරු නව සම්බාධක දෙසට වන ඕනෑ ම පියවරක් ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයට වල කපනු ඇත.

Share this article: