සිරියාව තුල එක්සත් ජනපද අල්කයිඩා හවුල හා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ප්‍රෝඩාව

The US-Al Qaeda alliance in Syria and the fraud of the war on terror

2013 සැප්තැම්බර් 6

සිරියාවට එරෙහිව එක්සත් ජනපද ආක්‍රමනයට සහාය දක්වමින් හමුදා බලය යොදා ගැනීමේ යෝජනාව සඳහා අනුමැතිය ලබාගැනීම පිනිස, ඔබාමා පාලනාධිකාරයේ ඉල්ලීම මත කොන්ග්‍රස් කාරක සභා දෙක හමුවේ, මෙම සතියේ දෙවතාවක දී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිරියාව තුල එක්සත් ජනපදය ඇවිස්සූ සිවිල් යුද්ධය තුල අල් කයිඩා හා එහි කල්ලි විසින් ඉටු කරනු ලබන කැපී පෙනෙන කාර්යභාරය පිලබඳ ප්‍රශ්නය පැත්තකට දමනු ලැබුවේ, “විරුද්ධ පාර්ශ්වය පෙන්නුම් කරන සංයමය අතින් එය වඩ වඩාත් කැපී පෙනෙයි.” යනුවෙන් අවධාරනය කරමිනි.

දශකයක් තුල දෙවන වතාවට ජනඝාතක අවි හා අල් කයිඩා පිලිබඳ මුසාවාද මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යුද්ධයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටී. 2003දී සදාම් හුසේන් තන්ත්‍රය පෙරලීමට වොෂින්ටනය ඉරාකය ආක්‍රමනය කලේ එය සන්තකව ජනඝාතක අවි ඇති බව හා ඒවා අල් කයිඩාවට භාරදීමට සූදානම් ය යන ප්‍රකාශය පදනම් කර ගෙන ය. එවැනි ආයුධ පැවතුනේ නැති අතර ඉරාක තන්ත්‍රයට අල් කයිඩාවේ සතුරෙකු ද විය.

දැන් , අවුරුදු දහය හමාරකට පසුව ඔබාමා පාලනාධිකාරය සිරියාවට එරෙහිව යුද්ධයක් සූදානම් කරමින් සිටින්නේ අගෝස්තු 21 දමස්කස්වලට පිටත එල්ල කලා යයි කියන රසායනික අවි ප්‍රහාරය ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව පිට පටවන, ගොතන ලද ඔත්තු සේවා වාර්තාවක් පාදක කර ගෙනය. ඊනියා “කැරලිකරුවන්ගෙන්” අල් කයිඩාව නියෝජන කරන්නේ නොවැදගත් සුලුතරයක් බවත්, එම පාර්ශවය පාලනය කරන්නේ “මධ්‍යස්ත ප්‍රජාතන්ත්‍රවාදීන්” විසින් බවත්, වංචනිකව ප්‍රකාශ කරමිනි. නැවතත් මෙම ප්‍රකාශ දෙක ම බොරු ය.

අසාද්ගේ ආරාධනය මත සිරියාවට පැමිනි එක්සත් ජනපද අවි නිරීක්ෂකයන් ඔවුන්ගේ කටයුතු ආරම්භ කල අගෝස්තු 21දින ම ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරය එල්ල කරන ලද්දේ “කැරලිකරුවන්” විසින් යැයි විශ්වාස කිරීමට සෑම හේතුවක් ම ඇත. සිරියානු ආන්ඩුවේ හමුදා විසින් මිලිටරි පරාජයේ අද්දරට තල්ලු කෙරුනු ඔවුන්ට එවැනි සිදුවීමකින් හැමදෙයක් ම අත්කරගත හැකිව තිබුන අතර අසාද් තන්ත්‍රයට තිබුනේ හැමදෙයක් ම අහිමිවීමට ය.

අසාද් විරෝධී හමුදා ගැන කෙරීගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ගත් විට, ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ප්‍රකාශයට විරුද්ධවීමට රොයිටර් ප්‍රවෘත්ති සේවයට බලකෙරුනි. ඔහුගේ “මධ්‍යස්ථ සිරියානු විරුද්ධ පාර්ශ්වීය කන්ඩායම් අනුහසින් වැඩෙමින් පවතී යන ප්‍රසිද්ධ තක්සේරුව, ඉස්ලාම් අන්තවාදීන් බොහෝ සෙයින් කුරිරුම හා හොඳින් ම සංවිධානය වූ කැරලිකාර කන්ඩායම් ලෙස පවතී යයි ප්‍රකාශ කරන එක්සත් ජනපද හා යුරෝපීය ඔත්තු සේවා ආරංචි මාර්ග සමග නොපෑහෙන බව පෙනේ” යයි එය ප්‍රකාශ කලේ ය.

04දා කෙරී “කැරලිකරුවන්ගේ” ප්‍රජාතන්ත්‍රවාදී සත්ගුනයන් වර්නනා කරද්දී, ඉහල භූමිය අල්ලා ගනිමින් හා නිරායුද සිවිල් ජනාවාස හා පල්ලිවලට ෂෙල් වෙඩි දමමින් හා නිකායික රුධිරස්නානයක තර්ජනය ගෙන එමින් ජිහාඩ් මිලීෂියා හමුදා ඩමස්කස්වලට උතුරේ ක්‍රිස්තියානි ගම්මානයක් වන මාලුලා අල්ලා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති.

එහෙත් මෙය, අසාද් තන්ත්‍රය පෙරලා දැමීමේ හා මැද පෙරදිග දේශපාලන සිතියම නැවත සකස් කිරීමේ එල්ලය සහිතව වොෂින්ටනය හා එහි සහචරයින්ගේ ආයුධ හා අරමුදල් සමග සිරියාව තුලට රිංග වූ එක්සත් ජනපද සහාය ලත් ඉස්ලාමීය හමුදා විසින් ගෙනයන ලද ගිනිය නොහැකි කෘරකම්වලින් මෑත ම එක පමනි. ඍජු එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක තදියමට ප්‍රධාන හේතුව වන්නේ සටන් බිම්වල දී අත්විඳි පරාජය හමුවේ සිය උත්සාහය සුනුවිසුන වී යාම මෙන්ම සිරියානු ජනතාව කෙරෙන් ඔවුන් කෙරෙහි පලවන වැඩෙන විරෝධය හා පිලිකුල යි.

අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරුනු මෑත වීඩියෝවක් ඉස්ලාමීය සටන්කරුවන්ගේ අපරාධ වාර්තා කර ඇත. අපි අපගේ පාඨකයින්ට අනතුරු අඟවමු: ඔබ නරඹන්නේ එක්සත් ජනපදය වසින් බලයට ගෙන ඒමට වැඩ කරමින් සිටින එහි මිතුරකු සේ ක්‍රියාකරන දූෂිත සංවිධානයක අපරාධයි.

අලාවිට් සුලුතරයේ සාමාජිකයින් වී‍මේ “අපරාධය” ‍හේතුකොටගෙන ට්‍රක් රථ රියදුරන් තිදෙනෙකු පාර අයිනේ මරා දමන සිදුවීමක් ද මෙයට ඇතුලත් ය. (එක් රියදුරෙකු ඝාතකයන්ට පවසන්නේ,“අප උත්සාහ ගන්නේ ජීවත්වීමට යමක් උපයා ගන්නටයි” යනුවෙනි)

කතෝලික පූජකයෙකුගේ හිස ගසා දමීම ද එයට ඇතුලත් ය. “කැරලිකරුවන්ගේ” කඳවුරෙන් කලකිරී පලා ගිය අයෙකු මෑතක දී සිරියාවෙන් පිටතට හොරෙන් ගෙන එන ලද තවත් වීඩියෝවක් පෙන්වන්නේ සිරකරුවන් ලෙස අල්ලා ගැනුනු අනාරක්ෂිත සිරියානු සොල්දාදුවන් සමූලඝාතනය කිරීමකි.

යුද්ධයට සහාය පිනිස මහජන මතය හැඩගැස්වීමට තම සහාය කැපකරන (බැසයන සාර්ථකත්වයක් සහිත) සංගත පාලිත මාධ්‍ය තුල මෙම ම්ලේච්ඡත්වයන් විශාල වශයෙන් වාර්තා නො වේ. මෙම “කැරලිකරුවන්ගේ” කැපී පෙනෙන කෘරත්වය අවධාරනය කල විට කෙරී හා යුද්ධයේ අනෙකුත් උදව්කරුවන් දැඩිව පවසන්නේ “රැඩිකලීකරනය” වැලක්විය හැක්කේ එක්සත් ජනපද බෝම්බ දැමීමෙන් පමනක් බව යි.

සිරියාවට එරෙහිව “මානවවාදී” ප්‍රහාරයක් යෝජනා කරන දේශපාලඥයින් හා මාධ්‍ය පන්ඩිතයින් සියලු දෙනා එක්සත් ජනපද බෝම්බ දැමීම සඳහා යුක්තිකරනයක් වසයෙන්, එරට සිවිල් යුද්ධයේ ඇස්තමේන්තු ගත විපතට පත්වූවන් 100,000කගේ පිටුපස සැඟවෙති. මෙම යුද්ධය සිරියාව මත බලෙන් පටවන ලද්දේ ඇමරිකාව හා අනෙකුත් බටහිර බලවතුන් විසින් බව ඔවුන්ගෙන් කිසිවෙක් නොපිලි ගනී. ඔවුන් වසන් කරන්නේ තන්ත්‍රික වෙනස සඳහා වන මෙම සටන් බිමේ ඔවුන්ගේ බලය ලත් ගැත්තරයින්, එනම් ඉස්ලාමීය මිලීෂියා හමුදා, සංහාරයන්ගෙන් වැඩි ප්‍රමානයකට වගකිව යුතු ය යන කරනය යි.

අසාද් විරෝධී කන්ඩායමක් වන මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂනායතනයට අනුව මෙම මරනවලින් සියයට 40ක් සිරියානු සොල්දාදුවන් හා ආන්ඩු පාක්ෂික මිලීෂියා භටයින් ය. මෙම ෆැසිස්ට් ඝාතක කල්ලි කොපමනක් සිවිල් වැසියන් ඝාතනය කර ඇත් දැ යි දැනගත නො හැකි නමුත් ඔවුහු අලාවිට්ස්වරුන්, ක්‍රිස්තියානුවන්, කුර්දීන් හා අනෙකුත් සුලුතරයන් මෙන් ම අනාගමික සුන්නි මුස්ලිම්වරුන් මත අඛන්ඩව ප්‍රහාර එල්ල කරති.

මෙම කන්ඩායම්වල අපරාධ පිලිබඳව බොරු කීමට කෙරී බැඳී සිටින්නේ ඇයි? නොපවතින “මධ්‍යස්ථ විරුද්ධ පාර්ශ්වයක්” හා “නිදහස් සිරියානු හමුදාවේ” හිස් කටුව අසාද් තන්ත්‍රයට එරෙහිව සටන් කරන නියම බලවේග ලෙස ඔහු මවාපාන්නේ ඇයි?

මෙම බොරු එල්ල වන්නේ, එක්සත් ජනපදයට හා එහි ඔත්තුසේවා ඒජන්සිවලට අල්කයිඩා හා එහි අනුබද්ධ කල්ලි සමග කිට්ටු සම්බන්ධයක් පැවතීමේ යතාර්ථය වසන් කිරීමට ය. මෙය අලුත් දෙයක් නො වේ. මැද පෙරදිග හා ඉන් එහා වාම ජාතිකවාදී හා සමාජවාදී ව්‍යාපාර මර්දනයට වොෂින්ටනය සාම්ප්‍රදායිකව දක්ෂිනාංශික ඉස්ලාමීය කන්ඩායම් යොදා ගත්හ.1953දී ඉරානයේ මොසාඩෙක් ආන්ඩුව පෙරලා දැමීම හා 1965 ඉනිදුනීසියාව තුල සීඅයිඒ සහාය ලත් මිලිටරි කුමන්ත්‍රනයට හා ජන සංහාරය තුල දී එක්සත් ජනපදය එවැනි හමුදාවල පිහිට පැතූ හ.

මෙම හමුදාවන්ගෙන් ඉතාමත් ප්‍රසිද්ධ අල් කයිඩාව 1980 ගනන්වල ඇෆ්ගනිස්තානය තුල සෝවියට් පක්ෂ තන්ත්‍රයට එරෙහිව එක්සත් ජනපදය අනුබලය දුන් යුද්ධය අතරතුර දී සීඅයිඒ සංවිධානය හා පකිස්තානු ඔත්තුසේවා විසින් නිර්මානය කරන ලද අතර, උදව් හා අරමුදල් සපයන ලද්දේ සෞදි රාජාන්ඩුව විසිනි.

සිරියාව තුල වර්තමාන හවුල මගින් ඔප්පු කෙරෙන මෙම බැඳීම්වල අඛන්ඩත්වය බොහෝ දේ පැහදිලි කර යි. උදාහරන වශයෙන්, එක්සත් ජනපද ඔත්තු සේවා හොඳින් ම දැන සිටි අල්කයිඩා සාමාජිකයින් 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීමේදී එක්සත් ජනපදයට නිදහසේ පැමින ක්‍රියාත්මක වීමට ඔවුන්ට හැකියාව ලැබී තිබු‍නේ කෙසේ ද? එමෙන් ම, ප්‍රයෝජනවත් බව වියකෙමින්, හෙම්බත් වූ පුද්ගලයෙක් වී සිටිය දී ඔසාමා බින් ලාඩන් දඩයම දියත් කල වොෂින්ටනය ආරක්ෂාවේ ඒකාන්ත අඩුවක් ගෙන හැර පෑවේ ඇයි?

සිරියාවට එරෙහිව ලඹදෙන එක්සත් ජනපද ආක්‍රමනකාරී යුද්ධය අවධාරනය කරන්නේ, එක්සත් ජනපද ප්‍රචාරයට විරුද්ධව පල වන තොරතුරු හිතාමතාම වසන් කරන වහල් මාධ්‍ය විසින් උදව් කෙරුනු හා අනුබල දෙන වොෂින්ටනයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අනුස්මරනීය ප්‍රෝඩාව යි. මෙම වසර දොලහක යුද්ධයේ ප්‍රධාන ජයග්‍රහනය වූයේ ඉරාකය, ලිබියාව,හා දැන් සිරියාව වැනි අනාගාමික තන්ත්‍රයන් පෙරලා දැමීම යි, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලකාර හමුදාව ලෙස සේවය කරන අල් කයිඩාවට හා ෆැසිස්ට්වාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ශක්තිමත් කිරීමට මෙම ආන්ඩු විරුද්ධ වූහ.

අද සිරියාව තුල මෙන් ම ලිබියාව තුල දී ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සහචරයින්, ඉස්ලාමීය මාග්‍රෙබ් හා ඒ සමාන කන්ඩායම් තුල ක්‍රියාත්මක අල් -කයිඩාවරුන් සන්නද්ධ කරමින් පුහුනු කරමින් හා ඔවුන්ට ගුවන් සහාය සපයමින් පාලන තන්ත්‍ර ද වෙනස සාර්ථක කර ගැනීමට ඔවුන් ‍යොදා ගත්හ. අද සිරියාව තුල මෙන් ම “මානවවාදය” මත යුක්ති සහගත කෙරුනු එම ආක්‍රමනයන් දහස් ගනනක් ඝාතනය කල අතර රටවල් නෂ්ඨාවශේෂ කලේ ය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා සෞදි ඔත්තුසේවා ප්‍රධානී මෙන් ම වොෂින්ටනය හා රියාද් අතර සම්බන්ධයේ ප්‍රධාන පුරුක වන බන්දාර් බින්-සුල්තාන් කුමරු අතර හමුවේ දී, අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ උපකරනයක් ලෙස මෙම ත්‍රස්තවාදීන් යොදා ගන්නා ආකාරය පිලිබඳ අශිෂ්ට ප්‍රකාශනයක් දැක ගත හැකි විය. හමුව පිලිබඳ කාන්දු වූ පිටපතක් අනුව, සිරියාව තුල තන්ත්‍ර වෙනසට රුසියානු එකඟතාවය සඳහා හිලව් වශයෙන් බන්දාර් ඔවුන්ට පිලිගැන්වීමට උත්සාහ කලේ, තෙල් හා ගෑස් පමනක් නො ව ලබන වසරේ දි රුසියාවේ සෝචිහි පැවත්වීමට නියමිත “ශීත ඔලිම්පික් තරඟය (චෙච්නියානු ඉස්ලාම්වාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින්) ආරක්ෂා කිරීමට සහතිකයකි.”

අල් කයිඩාව ප්‍රයෝජනයට ගනිමින් සිරියාව තුල අපරාධකාරී එක්සත් ජනපද ආක්‍රමනයක් සහ කලාපීය පමනක් නො ව ලෝක යුද්ධයක් ගිනි ඇවිලවීමට තර්ජනය කරන ඍජු හා අප්‍රකෝපිත මිලිටරි ප්‍රහාරයකට හැරීම හෙලිදරව් කර ඇත්තේ, ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය, සාපරාධිත්වයේ පතුලටම කිඳා බැස ඇති බවයි.

බිල් වෑන් ඕකන්

Share this article: