ශ‍්‍රී ලංකාවේ උතුරු පලාත් සභා මැතිවරනයේ සසප අපේක්ෂකයා එක්සත් ජනපදයේ යුද තර්ජනය හෙලා දකියි

සිරියාවට අත නොතබනු!

SEP candidate in Sri Lanka denounces US war threat
Hands off Syria!

පරමු තිරුඥානසම්බන්දර් විසිනි, 2013 සැප්තැම්බර් 04

සමාජවාදී සමානතා පක්ෂය සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ හා එහි අනුචරයින්ගේ යුද සැලසුම් හෙලා දකියි. මෙම කුඩා, පීඩිත හා අර්ධ සංවර්ධිත රටට පහර දීමේ එක්සත් ජනපද යුද සැලසුම්වලට විරුද්ධව නැගිී සිටින ලෙස සසප ශ‍්‍රී ලංකාව ද ඇතුලූ දකුනු ආසියාවේ හා ලෝකය පුරා කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිරියාවට පහර දෙන බවට කරන තර්ජනය මගින් එක්සත් ජනපදය, ජාත්‍යන්තර මැරයෙක් ලෙස ක‍්‍රියා කරයි. ඉරාකයට එරෙහි යුද්ධය සඳහා 2003දී බුෂ් පාලනය විසින් යොදාගත් ”ජන ඝාතක අවි” පිලිබඳ බොරු කඩතුරාව දෝංකාර නංවන මුසාවාද ගොන්නක් යුද්ධය නිල වශයෙන් යුක්තිසහගත කිරීම පිනිස මුදාහැර තිබේ.

සිරියාවට එරෙහි යුද්ධය, ඉරානය ආක‍්‍රමනය කිරීමේ ද රුසියාව හා චීනය ද ඇද ගන්නා පුලූල් යුද්ධයක් බවට පත්වීමේ ද හැකියාව ගැබ්කර ගනියි. එය සමස්ත ලෝකයේම මානව සංහතියට තර්ජනයකි. එක්සත් ජනපදයේ අරමුන ලෝක බලශක්ති සැපයුම හා යුරේසියානු භූ ස්කන්ධයේ අධිකාරය හිමිකර ගැනීමයි. මෙය කල හැක්කේ කලාපයේ හෝ ජාත්‍යන්තරව එහි ආධිපත්‍යයට එල්ල වන ඕනෑම අභියෝගයක් මකා දැමීමෙන් පමනි.

එක්සත් ජනපදය විසින් ඉරාක යුද්ධයේ දී නැවත නැවතත් වයිට් ෆොස්ෆරස් හා අවම කල යුරේනියම් භාවිතාකර තිබීමේ කාරනය සැලකිල්ලට ගන්නා කල, රසායනික අවි භාවිතය පිලිබඳව ලෝකයට දේශනා පැවැත්වීමට ඔබාමාට කිසිදු සාධාරන අයිතියක් ඇත්තේ නැත. තව ද එක්සත් ජනපදය අනුබලය දෙන, අල් කයිඩාවට සම්බන්ධ කොටස් ද ඇතුලූ, ජනාධිපති බෂර් අල් අසාද් තන්ත‍්‍රය සමග සටන් වැදී සිටින විපක්ෂ හමුදා, එක්සත් ජනපදයේ මූලිකත්වය ගන්නා ආක‍්‍රමනයකට කඩතුරාව සැකසීම පිනිස, මීට පෙර ද රසායනික අවි පාවිච්චි කල බවට සාක්ෂි පවතී.

සිරියාවේ ඊනියා විප්ලවය, එ නමට ගෑවෙන්නේවත් නැත. එක්සත් ජනපදය හා එහි ගල්ෆ් අනුචරයෝ, ඉරාකයේදී හා ලිබියාවේදී කලාක් මෙන්ම, අසාද් තන්ත‍්‍රය පෙරලා දමා එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ රූකඩ පාලනයකින් විස්ථාපනය කිරීම පිනිස ජිහාඞ්වාදීන්, හිටපු මිලිටරි නිලධාරීන් හා සීඅයිඒ ඔත්තුකරුවන්ට අරමුදල් සපයති. අසාද් සමග ගනුදෙනු බේරාගැනීම සිරියාවේ කම්කරු පන්තියේ මිස ඇමරිකානු හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ කර්තව්‍යයක් නො වේ.

පස් අවුරුද්දක් තිස්සේ දිගට ඇදෙන ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ, තීරනාත්මක ලක්ෂ්‍යයකට පැමින තිබෙන එක්සත් ජනපදයේ සමාජ ආතතින් ද එරට බුද්ධි අංශවල නීති විරෝධී ඔත්තු බැලීම් කෙරෙහි පලවන විරුද්ධත්වය ද වෙනතකට හැරවීම සඳහා උපයෝගී කර ගැනීම පිනිස එක්සත් ජනපදයට යුද්ධය අවශ්‍යව ඇත.

ඔබාමාගේ ආසියාවට ”හැරීම” යටතේ එක්සත් ජනපදය චීනය වටලමින්, එරට සිය ගෝලීය ආධිපත්‍යයට බාධකයක් බවට පත්වීම වැලැක්වීමට ක‍්‍රමානුකූලව කටයුතු කරමින් සිටියි. මේ තතු හමුවේ සිරියාවට එරෙහි යුද්ධය, මැද පෙරදිග පමනක් නොව සමස්ත ලෝකයම ගිනි ඇවිලවීමේ තර්ජනය මතු කරයි.

අධිරාජ්‍යවාදී බලවතුන් මානව වර්ගයා පලමු ලෝක සංග‍්‍රාමයට ඇද දැමීමෙන් වසර 90කට පමන හා දෙවන ලෝක යුද්ධය පිපිරී යාමෙන් වසර 75කට පමන පසුව මනුෂ්‍ය වර්ගයා, කියා නිම කල නොහෙන ප‍්‍රතිවිපාක ඇති කිරීමට සමත් තෙවන ලෝක යුද්ධයේ තර්ජනයට මුහුනට මුහුනලා පිහිටයි.

ලේ වැකි යුද්ධයන්ගේ, යටත්කරලීමේ හා ඩ්‍රෝන් ඝාතනවල දශකයකට වැඩි කාලයකට පසුව, එක්සත් ජනපදයේ ද බි‍්‍රතාන්‍යයේ ද සමස්ත ලෝකයේ ද ජනතාව, තවත් අධිරාජ්‍යවාදී යුද්ධයකට ගැඹුරින්ම සතුරුව සිටිති. දැනටමත් යුද්ධය සඳහා තීන්දු ගෙන සිටින ඔබාමා පාලනාධිකාරය අවුල් වියවුල් කල බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඡුන්දය පිටුපස ඇත්තේ මෙයයි. එහෙත් ලෝක ජනතාවට යුද්ධය නැවැත්වීම පිනිස පාර්ලිමේන්තු, එක්සත් ජනපද කොන්ග‍්‍රසය හෝ එක්සත් ජාතීන්ගේ මන්ඩලය මත විශ්වාසය තැබිය නොහැකි ය.

සාමාන්‍ය ජනතාවගේ පිටුපසින් දකුනු ආසියානු කලාපය දැන්, එක්රොක්වන අධිරාජ්‍යවාදී යුද්ධයේ මෙම කුනාටුව තුලට ගිලගනිමින් තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, චීනය සමග බැඳීම් බිඳ දමන ලෙසට එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලවතුන් කරන බලපෑමට හසුව සිටියි. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයට පිටුබලය දීමෙන් පසුව ඔවුහු, ඔහුට පීඩනය දැමීම පිනිස කුහක ලෙසින් යුද අපරාධ පිලිබඳ ප‍්‍රශ්නය අල්ලාගෙන සිටිති.

ඉන්දියානු කොන්ග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුත් මන්මෝහන් සිංගේ ආන්ඩුව ද එක්සත් ජනපද-ඉන්දියානු මූලෝපායික හවුලේ කොටසක් ලෙස, සිරියාවට එරෙහි වොෂින්ටනයේ යුද්ධය සමග පෙලගැසෙන ලෙසට යෙදෙන බලපෑමට හසුව සිටියි.

අධිරාජ්‍යවාදී යුද්ධය නතරකල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද ව්‍යායාමයට එරෙහිව මහජන විරෝධතා හා වෙනත් වර්ගයේ ප‍්‍රතිරෝධයන් සංවිධානය කරන ලෙස මම මෙරට හා දකුනු ආසියාව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලමි.

යුද්ධයට එරෙහි අරගලය, රැුකියා හා ජීවන තත්වයන් විනාශ කරන ධනපති ආන්ඩුවල කප්පාදු පියවරයන්ට ද ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන් උදුරා ගැනීමට ද එරෙහි සටන පමග බද්ධ කල යුතුය. සියල්ලටත් වඩා කම්කරු පන්තියට අවශ්‍ය කෙරෙන්නේ, පන්ති සූරාකෑමට ද අධිරාජ්‍යවාදී මර්දනයට ද අවසන් තිත තබන, ධනේශ්වර ක‍්‍රමය සමාජවාදයෙන් විස්ථාපනය කිරීම අරමුනු කරගත් විප්ලවකාරී මහජන දේශපාලන පක්ෂයකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකාවේ සසප ද ලෝකය පුරා එහි සහෝදර පක්ෂ ද ඇතුලූ එහි ශාඛා, මෙම අරගලය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලූ ගැන්වීමට සටන් වදියි.

Share this article: